ඇෆ්ගනිස්තානයෙහි ස්ත්‍රී දූෂණය

ස්ත්‍රී දූෂණය, ඇෆ්ගනිස්තානයෙහි ප්‍රධාන ප්‍රශ්නයකි. මානව අයිතිවාසිකම් සංවිධාන බොහෝ ගණනක් විසින් රටෙහි ස්ත්‍රී දූෂණ නීති සහ ඒවායෙහි බලාත්මක කිරීම විවේචනයට ලක් කරති.

අර්ථදැක්වීම සංස්කරණය

ස්ත්‍රී දූෂණය යනු, සාමාන්‍යයෙන් ලිංගික සංවාසය හෝ අනෙකුත් ආකාරයෙහි ලිංගික ප්‍රවේශනය ඇතුළත් වන ලිංගික අඩන්තේට්ටම් වර්ගයක් වන අතර එම තැනැත්තාගේ එකඟතාවය නොමැතිව යම් තැනැත්තෙකුට එරෙහිව මෙම වරද සිදු කෙරෙයි.

පැවැත්ම සංස්කරණය

ඇෆ්ගන් ස්වාධීන මානව අයිතිවාසිකම් කොමිසම (AIHRC) පරිදී, 2013 වසර වන විට, ඇෆ්ගනිස්තානයෙහි කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ තිබුණි. කන්‍යාභාවය කාන්තාවකට ගෞරවයක් ලෙස සලකන ලද අතර, කාන්තාවක් ගර්භනී බවට පත්වූවද, දූෂකයා විසින් ඇය විවාහ කර ගැනීමෙහි අවස්ථා විරල වෙයි. මෙලෙසින් කාන්තාවක් "අශුද්ධ" වීම නිසා දඬුවම් ලබන්නීය. බලධාරීන් විසින් මෙවන් අවස්ථා අනාචාරය ලෙසින් සලකති.

ඇෆ්ගන් නීතිය සංස්කරණය

2018 වන විට, ඇෆ්ගනිස්තානය සඳහා නායකත්වය සැපයූවේ ජනාධිපති අෂ්රෆ් ගානි විසිනි.[1] 2015 වන විට, ස්ත්‍රී දූෂණ වින්දිතයන් හෝ අවදානම් කණ්ඩායම් හෝ වෙත සෘජු අවධානය ලක් කෙරෙන හෝ ඔවුන් ආරක්ෂා කරන හෝ කිසියම් නීතියක් ඇෆ්ගනිස්තානයෙහි නොතිබුණි. 2009 වසරෙහිදී ඇෆ්ගන් ජනාධිපති හමිඩ් කර්සායි යටතේ ෂියා පවුල් නීතිය ඇෆ්ගනිස්තානය විසින් බලාත්මක කලද, ඇෆ්ගනිස්තානයෙහි ස්ත්‍රී දූෂණය යනු අපරාධයකි.

පවතින සංඛ්‍යානයන් සහ අපකීර්තිය සංස්කරණය

ඇෆ්ගනිස්තානය තුල ස්ත්‍රී දූෂණය යනු අපරාධයක් වන අතර නෛතික වශයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වුවද, වාර්තා වීම ප්‍රයෝගික වශයෙන් ඉතා විරල වන්නේ, ඔවුන් එය වාර්තා කලහොත් කාන්තාවන් ලක් වන මහත් අවදානම නිසාය.

ඇෆ්ගනිස්තානය වෙත සෝවියට් ආක්‍රමණය සංස්කරණය

ඇෆ්ගන්-සෝවියට් යුද්ධය අතරතුර මුජහිඩීන් සොයමින් රට තුල ගුවන් සංචාරයෙහි යෙදෙන විට, සෝවියට් හමුදා විසින් ඇෆ්ගන් කාන්තාවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගියහ.

  1. "ඔෆිස් ඔෆ් ද ප්‍රසිඩන්ට් ඔෆ් ඇෆ්ගනිස්තාන්". ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය. සම්ප්‍රවේශය අප්‍රේල් 22, 2018.