ශුද්ධවූ ජෝන් ක්‍රිසොස්ටොම් තුමා

(ජෝන් ක්‍රිසොස්ටොම් වෙතින් යළි-යොමු කරන ලදි)


ජෝන් ක්‍රිසොස්ටොම් (ප. 347 – 14 සැප්තැම්බර් 407)[5] යනු වැදගත් මුල් සභා පියතුමෙකු වූ අතර කොන්තන්තිනෝපල් අගරදගුරුතුමා වශයෙන් සේවය කලේය. ඔහුගේ ධර්මදේශනා සහ ප්‍රසිද්ධ කථනය, ශාසනානුකූල සහ දේශපාලන යන දෙවගයේම නායකයන් විසින් බලය දුර්භාවිතය[6] එතුමා විසින් හෙළා දැකීම, ඔහුගේ ඩිවයින් ලිටර්ජි ඔෆ් සෙන්ට් ජෝන් ක්‍රිසාස්ටොම්, සහ එතුමාගේ ශ්‍රමණවාදී සංවේදීතාවන් පිළිබඳව එතුමා ප්‍රසිද්ධ විය. එතුමා සඳහා භාවිතා කෙරෙන Χρυσόστομος (ක්‍රිසොස්ටොමොස්, ඉංග්‍රීසි පන්නයට හැරවූ විට ක්‍රිසොස්ටොම්) නම් ගුණාංග වාචකයෙහි අර්ථය ග්‍රීක භාෂාවෙන් "රන්වන්-මුඛයක්-ඇත්තා" යනුවෙන් වන අතර එතුමාගේ කීර්තිමත් වාග් චාතුර්යය හුවාදක්වයි.[1] [7] ක්‍රිසොස්ටොම්තුමා ආදි ක්‍රිස්තියානි සභාවෙහි වඩාත් බහුප්‍රජ කතුවරයන් අතරින් එක්අයෙකු වූවත්, ඇලෙක්සැන්ඩ්‍රියාවෙහි ඔරිජන්[8] සහ හිපෝහී ඔගස්ටීන්[9] යන දෙදෙනාම ක්‍රිසොස්ටොම්තුමා අභිබවා ගියහ.


ජෝන් ක්‍රිසොස්ටොම් තුමා
ජෝන් ක්‍රිසෝස්ටොම්තුමාගේ බයිසැන්ටියානු මොසැයික් චිත්‍රයක්
අයියා සොෆියා වෙතින්
උපතප. 347[lower-alpha 1]
ඇන්ටියෝක්
(වර්තමානයෙහි ආන්ටාක්යා, හතායි, තුර්කිය)
මරණය14 සැප්තැම්බර 407
(වයසප. 58)[1]
කොමානා පොන්ටුස් ප්‍රදේශයෙහි
(වර්තමානයෙහි ගුමෙනෙක්, තෝකාත්, තුර්කිය)[1]
ගරු කරනු ලබනුයේ
ශුද්ධවර භාවයට එසවූයේපූර්ව-සාංගමික
මංගල්‍යය දින
ලාක්ෂනික ගුණාංගශුභාරංචි පොතක් හෝ ලේඛ්‍ය පත්‍රයක් දරාගෙන, ආශිර්වාද කරමින් දකුණත ඔසවා සිටින රදගුරුතුමෙක් ලෙසින් සැලකෙයි. නිරාහාර ශීලයෙහි යෙදීම නිසා වැහැරුණු සිරුරක් සහිත, පුළුල් නලලක් සහිත, කළු කෙස් සහිත තට්ටයක් ඇති සහ නිකටෙහි කුඩා රැවුලක් සහිත අයෙකු ලෙසින් එතුමා නිරූපණය කෙරෙයි. සංකේත: මීවදය, සුදු පරෙවියෙක්, තැටියක්, බයිබලයක් මත කාලිස් පාත්‍රය, පෑන සහ තීන්ත කුප්පිය[තහවුරු කර නොමැත]
අනුග්‍රාහකත්වයකොන්ස්තන්තිනෝපලය, අධ්‍යාපනය, අපස්මාරය, දේශකයෝ, මහජන කථිකයෝ,[3] ධර්මදේශකයාs[4]

පෙරදිග ඕර්තඩොක්ස්, නැගෙනහිර ඕර්තඩොක්ස්, කතෝලික, එංගලන්ත, සහ ලූතරයානු සභා මෙන්ම වෙනත් සමහර සභා විසින්ද එතුමා ශුද්ධවරයෙකු ලෙසින් ගරු බුහුමනට පාත්‍ර වෙයි. බයිසැන්ටියානු කතෝලිකයන් හා සමගින් නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව විසින්, එතුමාට ශුද්ධවූ සභා-ප්‍රධානින් තිදෙනා අතරින් (මහා බැසිල් සහනැසියාන්සුස් හී ග්‍රෙගරි සමගින්) එක්අයෙකු ලෙසින් විශේෂ ගරුත්වයක් දක්වති. නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව විසින් ජෝන් ක්‍රිසොස්ටොම්තුමාගේ මංගල්‍යය දිනය ලෙසින් සලකන්නේ සැප්තැම්බර 14, නොවැම්බර 13 සහ ජනවාරි 27 යන දිනයන්ය. රෝමානු කතෝලික සභාව විසින් එතුමා සභා වියතෙක් ලෙසින් සැලකෙයි. එතුමා මිය ගිය දිනය තුලදී ශ්‍රී කුරුසියේ විජයග්‍රහණ මංගල්‍යය පවත්වන බැවින් (සැප්තැම්බර් 14), පොදු රෝමානු දිනදසුන විසින් 1970 වසරෙහි සිට එතුමා සමරන්නේ පෙර දිනයෙහිය, සැප්තැම්බර 13; 13වන සියවසෙහි සිට 1969 වසර දක්වා ජනවාරි 27 දිනදී ඔවුන් එසේ කලේ එතුමාගේ දේහය කොන්ස්තන්තිනෝපලය දක්වා සංක්‍රමණය කෙරුණු දිනය සිහිපත් කිරීමටය.[10] එංගලන්ත සභා අගරදගුරු බලප්‍රදේශයන් සහ ලූතරයානු සභා ඇතුළු අනෙකුත් බටහිර සභා අතරින් සමහරක් එතුමා සිහිකරනුයේ සැප්තැම්බර් 13 දින වන අතර, අනෙකුන් ජනවාරි 27 දින සමරති. එංගලන්ත සභාවෙහි සහ එපිස්කෝපල් සභාවෙහි දිනදසුන් විසින් ජෝන් ක්‍රිසොස්ටොම්තුමා සමරන්නේ සැප්තැම්බර් 13 දිනදීය.[11][12] කොප්ටික සභාව විසින්ද එතුමා සාන්තුවරයෙක් ලෙසින් පිළිගනියි (මංගල්‍යය දිනය 16 චෝත් සහ 17 හතෝ).[13]

චරිතාපදානය සංස්කරණය

මුල් දිවිය සංස්කරණය

ජෝන් තුමා 347 වසරෙහි උපන්නේ ඇන්ටියෝක් හිදීය.[14] [15] විවිධ ප්‍රාඥයෝ එතුමාගේ මව ඇන්තූසා මිථ්‍යා දෘෂ්ටිකයෙක් ලෙසින් හෝ ක්‍රිස්තියානිකරුවෙකු ලෙසින් හෝ හඳුන්වති. [16] එතුමාගේ පියා උසස් නිලයක් දැරූ හමුදා නිලධාරියෙකි. ඔහුගේ උපතෙන් සුළු කාලයකට පසුව ජෝන් තුමාගේ පියා මිය ගිය අතර ඔහු ඇතිදැඩි කෙරුණේ ඔහුගේ මව විසිනි. එතුමා ප්‍රසාද ස්නාපනය කෙරුණේ 368 වසරෙහි හෝ 373 වසරෙහි වන අතර හිස් මුදුන මුඩු කොට පාඨකයෙක් (සභාවෙහි සුලුතර තේවා ධුර අතරින් එකකි) ලෙසින් පත් කෙරිණි. සමහරවිට පැවසෙන්නේ ඔහු වයස අවුරුදු දහයක් වූ විට නයෙකු විසින් දෂ්ඨ කිරීමට ලක්වූ හෙයින් එයින් ඇතිවූ ආසාදනයකට ලක්වූ බවයි.[lower-alpha 2]

නගරය තුල ඔහුගේ මවගේ ආභාෂමය බලපෑම් නිසා, ජෝන් තුමා ඔහුගේ අධ්‍යාපනය ඇරඹුවේ මිථ්‍යාදෘෂ්ඨික ගුරුවරයෙකු වූ ලීබනියුස් යටතේය. . [17] වාගලංකාරය පිළිබඳ අභිවෘත්තියක් සඳහා අවශ්‍ය කුසලතා ලීබනියුස් වෙතින් අත්කර ගත් ජෝන් තුමා , ග්‍රීක භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ මනාපයක්ද ඇති කර ගති. [18] අත්‍යන්තයෙහිදී එතුමා නිතීඥයෙකු විය.

ගරු බුහුමන සහ ශුද්ධත්වයට එසවීම සංස්කරණය

1908 වසරෙහිදී දසවන පයස් පාප්වහන්සේ විසින් එතුමා ධර්ම දේශකයන්ගේ රැකවල් සාන්තුවරයා ලෙසින් නම් කරන ලදි.[4]

ආශ්‍රිත සංස්කරණය

සටහන් සංස්කරණය

  1. ජෝන් තුමාගේ නියත උපන් දිනය ප්‍රශ්න සහගත වන අතර, බොහෝ විට 344 සිට 349 දක්වා කාල වකවානු භාවිතා වන අතර, භාවිතයෙහි සීමා 340 සහ 350 වසර ලෙස පැනවෙයි (කෙලී 296). ක්‍රිසෝස්ටොම් තුමාගේ ඉතාමත් මෑත චරිතාපදානයෙහිදී, මුල් කිතුනු සභා පියවරුන්ගේ දූත මෙහෙවර පිළිබඳ අග‍්‍රගණ්‍ය දේව ධර්ම ප්‍රාඥයෙකු වන ජේඑන්ඩී කෙලී විසින්, සාක්ෂි සහ සාහිත්‍ය මූලාශ්‍ර සමාලෝචනයෙන් පසුව, පවතින සියළු සාක්ෂිවලට ගැලපෙන දිනය ලෙසින් 349 වසර භාවිතා කිරීමට රුචිකත්වයක් දක්වන අතර, රොබට් කාටර් ද එයට එකඟත්වයක් දක්වයි. බලන්න කෙලී, ගෝල්ඩන් මවුත්: ද ස්ටෝරි ඔෆ් ජෝන් ක්‍රිසෝස්ටම්: අසෙටික්, ප්‍රීචර්, බිෂප්, ග්‍රෑන්ඩ් රැපිඩ්ස්, එම්අයි: බේකර් ඇකඩමික්, 1998: මුල් ප්‍රකාශය ඉතාකා: කෝනල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1995), පි. 4 අලි. 12; esp. 296–298 පාසිම්. ක්‍රිසොස්ටොම් තුමාගේ මුල් දිවිය පිළිබඳව බොහෝ ඉතා මෑත ප‍්‍රතිනිර්මාණ තුලදී අනුගමනය කෙරුණු සමගාමී විශ්ලේෂනයක් සඳහා, රොබට් කාටර්, "ද ක්‍රොනොලජි ඔෆ් සෙන්ට් ජෝක් ක්‍රිසොස්ටොම්ස් අර්ලි ලයිෆ්", ට්‍රැඩිෂියෝ 18:357–64 තුල (1962) බලන්න. බොහෝවිට පැරණි සාහිත්‍ය මූලාශ්‍ර තුල ඇති, විකල්ප අදහස් පිළිබඳ සාකච්ඡාවක් සඳහා, විශේෂිත ලෙසින් ජී. එට්ලින්ගර්, ට්‍රැඩිෂියෝ 16 (1960), පිටු. 373–80, ජොන් ඩිමොෂියර්, "La valeur historique du dialogue de Palladius et la chronologie de saint Jean Chrysostome", Mélanges de science religieuse, 8:51–56 (1951) බලන්න. කාටර් විසින් එතුමාගේ උපත සිදුවූ වසර ලෙසින් 349 වසර දක්වයි. මෙයද බලන්න Script error: The function "harvard_citation_no_bracket" does not exist.
  2. Script error: The function "harvard_citation_no_bracket" does not exist. රුචියක් දක්වන්නේ ක්‍රිසොස්ටොම්තුමාගේ ප්‍රසාද ස්නාපනය වූයේ 368 වසරෙහි බව සැලකීමට වන අතර එන්සයික්ලොපීඩියා ජුඩේකා රුචියක් දක්වන්නේ පසුකාලීන දිනයක් වන වසර 373 සඳහාය.

උපහරණ සංස්කරණය

  1. 1.0 1.1 1.2 බවර් 1910.
  2. "නෝටබල් ලූතරන් සේන්ට්ස්". Resurrectionpeople.org. 16 මැයි 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 ජූලි 2019.
  3. ක්‍රොවෙල්, තෝමස් ජේ., "අ පේට්‍රන් සේන්ට් ෆො පබ්ලික් ස්පීකර්ස්", ආලිංටන් කැතලික් හෙරල්ඩ්, සැප්තැම්බර 7, 2016
  4. 4.0 4.1 "ක්‍රිසොස්ටොම්, ජෝන්", ඇන් එපිස්කෝපල් ඩික්ෂනරි ඔෆ් ද චර්ච්, එපිස්කෝපල් සභාව
  5. ජෝන් තුමාගේ නියත උපන් දිනය ප්‍රශ්න සහගත වන අතර, බොහෝ විට 344 සිට 349 දක්වා කාල වකවානු භාවිතා වන අතර, භාවිතයෙහි සීමා 340 සහ 350 වසර ලෙස පැනවෙයි (කෙලී 296). ක්‍රිසෝස්ටොම් තුමාගේ ඉතාමත් මෑත චරිතාපදානයෙහිදී, මුල් කිතුනු සභා පියවරුන්ගේ දූත මෙහෙවර පිළිබඳ අග‍්‍රගණ්‍ය දේව ධර්ම ප්‍රාඥයෙකු වන ජේඑන්ඩී කෙලී විසින්, සාක්ෂි සහ සාහිත්‍ය මූලාශ්‍ර සමාලෝචනයෙන් පසුව, පවතින සියළු සාක්ෂිවලට ගැලපෙන දිනය ලෙසින් 349 වසර භාවිතා කිරීමට රුචිකත්වයක් දක්වන අතර, රොබට් කාටර් ද එයට එකඟත්වයක් දක්වයි. බලන්න කෙලී, ගෝල්ඩන් මවුත්: ද ස්ටෝරි ඔෆ් ජෝන් ක්‍රිසෝස්ටම්: අසෙටික්, ප්‍රීචර්, බිෂප්, ග්‍රෑන්ඩ් රැපිඩ්ස්, එම්අයි: බේකර් ඇකඩමික්, 1998: මුල් ප්‍රකාශය ඉතාකා: කෝනල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1995), පි. 4 අලි. 12; esp. 296–298 පාසිම්. ක්‍රිසොස්ටොම් තුමාගේ මුල් දිවිය පිළිබඳව බොහෝ ඉතා මෑත ප‍්‍රතිනිර්මාණ තුලදී අනුගමනය කෙරුණු සමගාමී විශ්ලේෂනයක් සඳහා, රොබට් කාටර්, "ද ක්‍රොනොලජි ඔෆ් සෙන්ට් ජෝක් ක්‍රිසොස්ටොම්ස් අර්ලි ලයිෆ්", ට්‍රැඩිෂියෝ 18:357–64 තුල (1962) බලන්න. බොහෝවිට පැරණි සාහිත්‍ය මූලාශ්‍ර තුල ඇති, විකල්ප අදහස් පිළිබඳ සාකච්ඡාවක් සඳහා, විශේෂිත ලෙසින් ජී. එට්ලින්ගර්, ට්‍රැඩිෂියෝ 16 (1960), පිටු. 373–80, ජොන් ඩිමොෂියර්, "La valeur historique du dialogue de Palladius et la chronologie de saint Jean Chrysostome", Mélanges de science religieuse, 8:51–56 (1951) බලන්න
  6. විල්කෙන් 2013.
  7. විජිලියස් පාප්වහන්සේ, කන්සටිට්‍යුෂන් ඔෆ් පෝප් විජිලියස්, පිටුව. 553
  8. මැක්ගුකින්, ජෝන් ඇන්තනී (2004). ද ලයිෆ් ඔෆ් ඔරිජන් (පමණ. 186–255). ලුවිස්විල් කෙන්ටකි: වෙස්ට්මිනිස්ටර් ජෝන් නොක්ස් මුද්‍රණාලය. p. 26. ISBN 9780664224721.
  9. නයිසීන් ඇන්ඩ් පෝස්ට්-නයිසීන් ෆාදර්ස්: හි ක්‍රිස්ටියන් ක්ලැසික්ස් අතීරියල් ලයිබ්‍රරි අනුවාදය තුල ක්‍රිසොස්ටොම් තුමාගේ ලියැවිලි. ක්‍රිසොස්ටොම් තුමාගේ වෙළුම් හයක් හා සංසන්දනය කෙරෙනු ඔගස්ටීන්තුමාගේ වෙළුම් අට.
  10. "කලෙන්ඩාරියුම් රොමානුම්" (ලතින් බසින්). Typis Polyglottis Vaticanis. 1969. pp. 102–103. සම්ප්‍රවේශය 8 අගෝස්තු 2019.
  11. "ද කැලැන්ඩර්". ද චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 27 මාර්තු 2021.
  12. "ජෝන් ක්‍රිසොස්ටොම්, බිෂොප් ඇන්ඩ් තියෝලොජියන්, 407". ද එපිස්කෝපල් චර්ච් (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-07-19.
  13. Coptic synaxarium සංරක්ෂණය කළ පිටපත 2009-03-27 at the Wayback Machine
  14. ඩොනල්ඩ් ඇට්වෝටර්. "සෙන්ට් ජෝන් ක්‍රිසොස්ටොම් – ආච්බිෂොප් ඔෆ් කොන්ස්ටැන්ටිනෝපල්". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා ඔන්ලයින්. එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 11 අගෝස්තු 2020.
  15. "සෙන්ට් ජෝන් ක්‍රිසොස්ටොම් – ආච්බිෂොප් ඔෆ් කොන්ස්ටැන්ටිනෝපල්". දි ඕර්තඩොක්ස් ෆේත් – ලයිව්ස් ඔෆ් ද සේන්ට්ස්. ඇමරිකාවෙහි ඕර්තඩොක්ස් සභාව. සම්ප්‍රවේශය 11 අගෝස්තු 2020.
  16. එන්සයික්ලොපීඩියා ජුඩේකා විසින් ඇය විස්තර කෙරෙන්නේ මිථ්‍යා දෘෂ්ටිකයෙක් ලෙසිනි. පොලීන් ඇලන් සහ වෙන්ඩි මෙයර් විසින් රචිත, ජෝන් ක්‍රිසොස්ටෝම් (පිටුව. 5), තුල ඇය විස්තර කෙරෙන්නේ ක්‍රිස්තියානිකරුවෙකු ලෙසිනි.
  17. කැමරන්, ඇව්රල් (1998) "එඩියුකේෂන් ඇන්ඩ් ලිටරසි කල්චර්" කැමරන්, ඒ. සහ ගාන්සී, පී. (සංස්.) ද කේම්බ්‍රිජ් එන්ෂන්ට් හිස්ට්‍රි: වෙළුම XIII ද ලේට් එම්පයර්, ක්‍රි.ව. 337–425. කේස්බ්‍රිජ්: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, පිටුව. 668 තුල.
  18. විල්කන් 2004, p. 5.