පෙරදිග ඕර්තඩොක්ස් සභාව

පෙරදිග ඕතඩොක්ස් දේවස්ථානය


පෙරදිග ඕතඩොක්ස් සභාව ලොව දෙවන විශාලතම කිතුනු නිකාය යි. එහි අනුගාමිකයන්ට අනුව එය යේසුස් වහන්සේ සහ එතුමාගේ අනුගාමිකයන් විසින් ස්ථාපිත කළ නිකාය ම වේ. මෙය දාර්ශනිකව සමාන අදහස් ඇති පැවිදි සමාජ කිහිපයක එකතුවක් වන අතර එහි මුලසුන අභ්‍යන්තරික විශ්වාසය සහ දේවස්ථානයේ සම්ප‍්‍රදායෝ රැකීම අරමුණු කරගත්, ස්වාධීන බිෂොප්වරුන්ගෙන් සැදුම්ලත් දේවගැති සභාවක් මගින් හොබවයි. අපෝස්තලික පරම්පරාව නම්වූ ක‍්‍රමවේදයක් තුල සියලූ ඕතඩොක්ස් බිෂොප් වරුනට තම පෙළපත අපෝස්තුලූ දොලොස්දෙනාගෙන් අයෙකු දක්වා සලකුනු කළ හැක.

පෙරදිග ඕතඩොක්ස් විශ්වාසයනට අනුව ඕතඩොක්ස් නිකාය පහත ලක්ෂණ වලින් සමන්විත වේ.

· එය යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ සහ අපෝස්තුලූවරු විසින් පිහිටුවන ලද මුල්ම නිකායයි. මෙහිදී අනෙකුත් දේවස්ථාන (උදා ඔරියන්ටල් ඕතඩොක්ස් රෝමානු කතෝලික අසිරියන්) වලටද තම පෙළපත නීත්‍යානුකූලව අපෝස්තුලූවරු දක්වා සටහන් කළ හැකිය. එයට හේතුව මේ සියලූ නිකාය මුලින්ම එක් නිකායක් ලෙස, ශුද්ධවූ කතෝලික සහ අපෝස්තලික දේවස්ථානය නමින් පැවති හෙයිනි. ඕතඩොක්ස් වරු දකින ආකාරයට මුලින්ම අසිරියන් වරු 451 පැවති එපසස් හි කවුන්සලයේ දී පල්ලියෙන් වෙන්වූ අතර ප‍්‍රාචීන ඕතඩොක්ස් 451 පැවති කැල්සිඩන් කවුන්සලයේ දී ද රෝමානු කතෝලිකයෝ 1054 දී ද වෙන්විය.

· එය මුල් කිතුනුවන්ට අපෝස්තුලූවරුන් විසින් වසර 2000කට පමණ ඉහත ලබාදුන් ඉගැන්වීම් සහ සම්ප‍්‍රදා සුරක්ෂිත කරන නිකායයි.

· එය සත්‍ය සංරක්ෂණය කරමින් සියලූ නව අදහස් හා මතවාද දැනට ස්ථාපිත විශ්වාස සහ ක‍්‍රියාකාරකම් සමග ගැලපීම සිදුකරයි. එහිදී පැහැදිලි සහ නිසිලෙස ප‍්‍රකාශ වූ මතවාද පිළිගැනෙන අතර මුල් ඉගැන්වීම් සමග මතවාදී ලෙස නොගැලපෙන අදහස් ප‍්‍රතික්ෂේප කරයි.

· නව තෙස්තමේන්තුවේ සංරක්ෂකයෝ සහ සම්පාදකයෝ මොවුන් වෙති. එහි අඩංගු කරුණු පල්ලියේ අනුගාමිකයන් වෙනුවෙන් රචනය වී ඇති අතර මේ වන විටත් ස්ථාපිත මතවාද තහවුරු කරයි.

පෙරදිග ඕතඩොක්ස් අනුගාමිකයෝ තමුන්ව පෙරදිග නමින් හඳුන්වා නොගන්නා අතර තම ප‍්‍රදේශය අනුව ග‍්‍රීක, රුසියානු හෝ වෙනත් ජාතියකට අයත් ඕතඩොක්ස් වරු ලෙස හෝ පල්ලිය, ඕතඩොක්ස් පල්ලිය, බයිසැන්තින් පල්ලිය ලෙස හඳුන්වා ගනිති. මේ සියලු දේවස්ථාන එක් සාමුහික කොට්ඨාසයක් නියෝජනය කරයි. ඕතඩොක්ස් කිතුණුවෝ තම විශේෂණ ලෙස "කතෝලික" හෝ "එක් ශුද්ධ වූ කතෝලික සහ අපෝස්තලික දේවස්ථානය" යන්න ව්‍යවහාර කරන අතර එමනිසා ඇතැම් ලේඛණ වල මෙය කතෝලික දේවස්ථානය ලෙස ද ව්‍යවහාර වී තිබේ. නියම ඕතඩොක්ස් දහමට අනුව පල්ලිය හෝ කතෝලික පල්ලිය යන්න ප‍්‍රාදේශික දේවස්ථානය හැඳින්වීම පිණිස යෙදෙන අතර එම බිෂොප් වරයා, උපස්ථායක වරු සහ සත්ප‍්‍රසාදය සඳහා සහභාගි වන පිරිස මෙයට ඇතුලත් වේ. එම නිසා පෙරදිග ඕතඩොක්ස් පල්ලිය යනු ප‍්‍රායෝගික හෝ ක‍්‍රියාකාරී ප‍්‍රකාශනයක් විනා සෙද්ධාන්තික එකක් නොවේ. එසේම එමනිසා මෙයට බහු වචනයෙන් ඕතඩොක්ස් පල්ලි ලෙස ව්‍යවහාර කිරීමද සිදුකළ හැකිය.

බොහෝ ඕතඩොක්ස් ආගමිකයන් පෙරදිග ඕතඩොක්ස් පල්ලිය ආමන්ත‍්‍රණය සඳහා "ඕතඩොක්ස් කතෝලික කොමියුනය" යන වදන භාවිතය ප‍්‍රිය කරති.

පෙරදිග යුරෝපයේ, බටහිර ආසියාවේ සහ උතුරු අප‍්‍රිකාවේ පිහිටි වෙනත් පෞරාණික දේවස්ථාන කිහිපයක් ම ඕතඩොක්ස් යන නාමය භාවිත කළද ඒවා මෙහි සඳහන් පෙරදිග ඕතඩොක්ස් නිකායෙන් වෙනස් වේ.

http://en.wikipedia.org/wiki/Eastern_Orthodox_Church

භාභිර සබැඳි

සංස්කරණය

ඕර්තතොඩොක්ස් සභාව