අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් ඒ සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්‍යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ් වී ඇත. මේ නිසාද අධ්‍යාපනයට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු වී ඇත. විවිධ දාර්ශනිකයන් විසින් විවිධාකාර දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්‍යාපනය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට ඇත.

reading
පංති කාමරයේ ඉගැන්වීම, අධ්‍යයන අන්තර්ගතය තුළ දේශපාලන අන්තර්ගතයන් ඇතුළත් කිරීම හෝ සිසුන්ට ඉගැන්වීම සඳහා ඔවුන්ගේ භූමිකාව අනිසි ලෙස භාවිතා කරන ගුරුවරුන් සිතීමේ නිදහස සහ විවේචනාත්මක චින්තනය අපේක්ෂා කරන අධ්‍යාපනයේ අරමුණු වලට පටහැනිය.

අධ්‍යාපනය යන්න මුලින්ම බි ආවේ ලතින් භාෂාවෙනි. (e-ducere, educo) පිටතට ඇදල ගැනීම යන අර්ථය e-ducere තුළ ඇත. සෑම පුද්ගලයකු සතුවම විභව ශක්තියක් ඇති බව පවසයි. අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන් ඇදගැනීමයි. වර්තමානයේ මේ අගය 5% හෝ 10% යැයි පැවසේ.

අධ්‍යාපනය යනු, යම්කිසි හැකියාවන් ගොන්නක් විධිමත් ලෙස ඉගැන්විම හා ඉගෙනගැනීමයි. තවත් විදර්ශනාත්මක කිවහොත්, අධ්‍යාපනය යනු දැනුම, සුභවාදී චින්තනය සහ ඥාණය ඛෙදාහදා ගැනීමයි. පාරම්පරිකව සංස්කෘතියක් ඉදිරියට ගෙනයාම ද අධ්‍යාපනයේ ප්‍රතිඵලයකි. පුද්ගලයෙකු ගේ සහජ දක්ෂතාවයන් ඉස්මතු කිරීමත්, ඒවා මනාව ඔපමට්ටම් කොට ඔහුට එහි වටිනාකම එකතු ගැන්වීමත් අධ්‍යාපනයයි.

අධ්‍යාපනයේදී සිදුවන්නේ විවිධ ඉගැන්වීම් ක්‍රම යොදාගැනීමකි. මනෝ විද්‍යාත්මක දාර්ශනික, පරිගණක ආශ්‍රිත, භාෂාමය, ස්නායුමය සහ සමාජමය ක්‍රමෝපායන් අධ්‍යාපනයේදී යොදා ගැනේ.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති විවිධ අර්ථකථනසංස්කරණය

  • අධ්‍යාපනය යනු දැනුම ඒකරාශී කරන ක්‍රියාවලියකි.

සොක්‍රටීස් පවසා ඇත්තේ උසස්ම දෙය දැනුම බවයි.දැනුම ඇත්තා උසස්ම පුද්ගලයාය. එය ලබන්නේ අධ්‍යාපනයෙනි.

  • අධ්‍යාපනය යනු වර්ධනීය ක්‍රියාවලියකි.

අධ්‍යාපනය යනු වර්ධනීය, යාවජීව ක්‍රියාවලියක් බව ජෝන් ඩුවී පවසයි. පුද්ගලයා හා පරිසරය අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් ගොඩනැගෙද්දී ඒ හා ගොඩනැගෙන අත්දැකීම් වල ප්‍රතිඵලයක් ලෙස වර්ධනය සිදුවේ.

  • අධ්‍යාපනය යනු සංස්කෘතික සම්ප්‍රේෂණ ක්‍රියාවලියකි.

සමාජයේ සාමාජිකයකු වශයෙන් මිනිසා විසින් අත්පත් කරගනු ලබන දැනුම කුසලතා,සදාචාරය ආදි සියලුම දේ සංස්කෘතියයි. මිනිසාගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති මෙකී සංස්කෘතිය එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවක් දක්වා සම්ප්‍රේෂණය කරන්නේ අධ්‍යාපනය ඉවහල් කරගෙකය.

  • අධ්‍යාපනය තුලින් හදවත, හිස සහ හස්තය යන තුනම (Head, Heart, Hand) සංවර්ධනය කල යුතුය.

අධ්‍යාපනයේ අරමුණු සහ පරමාර්ථසංස්කරණය

පරමාර්ථයක් යනු කිසියම් විධිමත් ලෙස සැකසුණු ක්‍රියාවලියකින් අවසානයේ ඉටුකර ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිඵලයයි. පුළුල් සංකීර්ණ අරථයක් ගැනීම පරමාර්ථයේ ලක්ෂණයයි. මේ නිසාම එය ඉටුකර ගැනීම ඉතා දුෂ්කරය. පරමාර්ථය කරා යාමට නම් ඒවා සරළ කරගත යුතුය. ඒ සඳහා ගොඩනගාගන්නා වූ සුවිශේෂී ප්‍රකාශය අරමුණු ලෙස හැඳින්වේ. සුවිශේෂී බව,මැනිය හැකි බව , ළඟාවියහැකි බව ආදිය අරමුණක සුවිශේෂී ලක්ෂණ වේ. එක් පරමාර්ථයක් සඳහා අරමුණු කීපයක් පැවතිය හැක.

අධ්‍යාපන පරමාරථ සහ අරමුණු රටින් රටට වෙනස් වේ. එසේ වන්නේ රටක අධ්‍යාපන අරමුණු සහ පරමාර්ථ ගොඩනැගෙන්නේ එහි ඇති සමාජ ආර්ථීක දේශපාලන ජාතික ප්‍රතිපත්ති වලට අදාළ වීමයි. අධ්‍යාපන පරමාර්ථ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඒවාද පවතී. ඒ අතරින් යුනෙස්කෝව ප්‍රධාන වේ. එහි පරමාර්ථය වූයේ ජාත්‍යන්තර සාමය හා අවබෝධය ඇතිකරලීමයි. මීට අමතරව දිවිපැවැත්ම සඳහා අධ්‍යාපනය නමින් වාර්තාවක්ද පිහිටුවීය.

අධ්‍යාපනයේ අරමුණු පිළිබඳව කතාකරද්දී ඩෙලෝ වාර්තාවද පිළිගත් එකකි. ළමයින්ගේ විභව ශක්තිය මතුකරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය. මෙහිදී මූලික මූලධර්ම 6ක් යටතේ සාකච්ඡා කරයි.

  1. අධ්‍යාපනය යනු මූලික මිනිස් අයිතිවාසිකමකි.
  2. විධිමත් අධ්‍යාපනය පමණක් නොව නොවිධිමත් අධ්‍යාපනයද වැදගත් වන බව
  3. කවර අධ්‍යාපනයක වුවද තිබිය යුතු මූලික ලක්ෂණ ඇති බව (සාධාරණත්වය, අදාළත්වය, විශිෂ්ටත්වය)
  4. අධ්‍යාපනය යනු ගැඹුරින් සිදුකළ යුතු දෙයකි. යම් යම් රටවල ආර්ථික, දේශපාලන, සාමාජික වශයෙන් සුවිශේෂී කරුණු තිබුණද ජාත්‍යන්තර ප්‍රජාව එකඟ වූ වටිනාකම් පිළිගත යුතුයි.(ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් )

මීට අමතරව,

    1. දැනගැනීම සඳහා ඉගෙනීම
    2. යමක් කිරීම සඳහා ඉගෙනීම'
    3. එකට ජීවත්වීම සඳහා ඉගෙනීම
    4. දිවිපැවැත්ම සඳහා ඉගෙනීම

ආදි ප්‍රධාන කුළුණු 4ක් පිළිබඳව මේ වාර්තාව අවධානය යොමුකරයි.

අධ්‍යාපන ප්‍රවර්ධන අරමුණු

ජෝශප් චිමොම්බො (Joseph Chimombo)  විස්තර කර ඇති අන්දමට අධ්‍යාපනය යනු ක්‍රමවත් ප්‍රතිපත්ති ලේඛයක භූමිකාවක් ඉටු කරන අතර ක්‍රමයෙන් අපට නොදැනීම දියුණු වෙමින් පවතින රටවල ස්මාජ විපර්යාසයක් හා ආර්ථික සංවර්ධය ආරම්භ කර ඇත. එසේම අධ්‍යාපය විසින් මහජන ඉරණම වෙනස් වී ඇති බවද ඔහු පවසයි. පාරිසරික, සමාජයීය මෙන්ම ආර්ථික කරුණු සම්බන්ධයෙන් ද විශේෂ අවධානක් යොමු කරමින් 2015 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී එළි දක්වන ලද "2030  තිරසාර සංවර්ධන අරමුණු "  ඇතුළත් වාර්තාවහි අධ්‍යාපනය දෙස නව කෝණයකින් බලා අධ්‍යාපන ප්‍රවර්ධන අරමුණු ඉදිරිපත් කර ඇත. එහි සදහන් තිරසාර සංවර්ධන අරමුණු 17ක් අතරින් සිවුවැන්න අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇත.

සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින ලෝකයේ ක්‍රි.ව. 1909 සිට මේ දක්වා ළමුන් පාසල හැර යාමේ ප්‍රවණතාවය අවම වී ඇති අතර සිසුන් පාසල් යාමේ ප්‍රවණතාවයෙහි පැහැදිලි වර්ධනක් පෙන්නුම් කරයි.එහෙත් ඊට පෙර දී පිරිමි දරුවන් සුළු ප්‍රමාණයක් පමණක් පාසල් ගොස් අධ්‍යාපනය ලබා තිබුණ ද 20 වන ශත වර්ෂයේ ආරම්භයත් සමග ලෝකයේ ළමා ජන ගහණයෙන් බහුතරයක් මොනයම් හෝ අධ්‍යාපන ක්‍රමයක් යටතේ ඉඉගෙනුම ලැබූහ.

2016 වසර වන විට ලෝක ළමා ජනගහනයෙන් 91% ක පිරිසකට විධිමත් ප්‍රාථමික අධ්‍යාපනයක් ලැබීම සදහා අවස්ථාව ලැබී ඇත.එහෙත් අද වන විට ලෝකය පුරා ඇති වී තිබෙන අධ්‍යාපනික අර්බුදයට  (learning crisis) හේතු වී ඇත්තේ පාසල් යන සිසුන් ප්‍රමාණයෙන්ද වැඩි කොටසක් ඉගෙනුම් කටයුතු ක්‍රමවත් ව සිදු නොකිරීමයි. ලෝක බැංකුව විසික් නිකුත් කළ දත්ත වාර්තාවක් පෙන්වා දෙන්නේ අඩු හෝ මධ්‍යම ආදායම් ලාභී රටවල්වල සිසුන්ගෙන් 53% ක් ප්‍රතිශතයක් ප්‍රාථමික පාසල් කාලය නිම වන විට ද ඉතාමත් සරල පාඩමක් වුවද තනිව කියවා අවබෝධ කර ගැනීමට නොහැකි මට්ටක පසු වන බවයි.

පසුගිය දශකය පුරාවටම ක්‍රියාත්මක වූ මිලේනියම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මිලේනියම් සංවර්ධන අරමුණු (Millennium Development Goals) අට අතර ද ගෝලීය ප්‍රාථමික අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් අවස්ථාව හිමි වී තිබුණි. අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනු ලබන මූල්‍යාධාර සුරක්ෂිත කිරීමට නිශ්චිත විධිවිධාන නොමැති වීම, ගෝලීයව අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිට බාධා කරන ප්‍රධාන සාධකයක් බවට පත් වී ඇත. විදෙස් සංවර්ධන ආයතනය (Overseas Development Institute ) විසින් පෙන්වා දෙන පරිදි අධ්‍යාපනය සදහා මූල්‍යාධාර රැස් කර ගැනීමේදී  මුහුණ දෙන ප්‍රධාන අභියෝග වන්නේ පරිත්‍යාගශීලින්ගේ ප්‍රමුඛතා ගැටුම්, අරමුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් වන අක්‍රමිකතා හා ඒ සදහා ලැබෙන මහජන සහය අවම වීමයි. තවද විනිවිදභාවය පිළිබඳ ජාත්‍යන්තර සංසංවිධානක් වන Transparency International ආයතනය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන අල්ලස් හා දූෂණ අප්‍රිකා මහද්වීපයේ ප්‍රාථමික අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති ප්‍රධානතම අවහිරතාව බව පෙන්වා දෙයි.  එසේම ගෝලීය වශයෙන් ගුණාත්මක අධ්‍යාපනක් සදහා වන ඉල්ලුම හා අවශ්‍යතාවය අපේක්ෂිත මට්ටමක නොතිබීම ද ගැටලුවකි.දීර්ඝකාලීනව අධ්‍යාපනයේ නියැලීමට වඩා කෙටි කාලයකින් අධ්‍යාපනය අතහැර මුදල් ඉපයීම කෙරෙහි බොහෝ දෙමාපියන් සිය දරුවන්ව යොමු කරන්නේ ආර්ථික ගැටලු හමුවේ ඔවුන් අසරණ වී ඇති බැවිනි. තවද ඔවුන්ට අධ්‍යාපනයේ ඇති වටිනාකම හෝ එයින් ලබා ගත හැකි ඵල  ප්‍රයෝජන පිළිබඳවද ඔවුන්ට අවබෝධයක් නොමැත.

අධ්‍යාපනයේ විවිධ ස්වරූපසංස්කරණය

වත්මන් සමාජයේ විවිධ අධ්‍යාපන ආයතන පවතී. පාසල, පවුල, මිත්‍ර සමූහ, විශ්ව විද්‍යාල, පුස්තකාල, කාර්මික විද්‍යාල, මාධ්‍ය ආයතන, ආදිය පුද්ගලික සබඳතා මෙන්ම සමාජ සබඳතා සඳහාද විවිධ සමාජ වටිනාකම් එකතුකිරීමටද උපකාරී වෙයි. මේ ආයතනවල ව්‍යුහය, පරිපාලනය ආදි ය සලකා බලා එය කොටස් 3කට බෙදා දක්වයි.

  1. විධිමත් අධ්‍යාපනය
  2. අවිධිමත් අධ්‍යාපනය
  3. නොවිධිමත් අධ්‍යාපනය

විධිමත් අධ්‍යාපනයසංස්කරණය

විධිමත් ආයතන තුළින් ලබන අධ්‍යාපනයයි. ප්‍රාථමික අංශයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පූර්ණ කාලීනව කෙරෙන අධ්‍යාපනයයි. (උදා: පාසල, විශ්ව විද්‍යාලය)

අනුපිළිවෙලින් ව්‍යුහගතවූ කාල ක්‍රමාණුගතව ශ්‍රේණිගත වූ අධ්‍යාපනය පද්ධතියකි.

ශාස්ත්‍රීය - ප්‍රාථමික පාසැලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය

තාක්ෂණික - තාක්ෂණික හා වෘත්තීය පුහුණු කටයුතු සිදු කරන ආයතන

විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය

අතීතයේ දී කිසියම් ආබාධයක් සහිත පුද්ගලයනට සාමාන්‍ය පරිදි අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් නොලැබිණි. ආබාධයක් සහිත පුද්ගලයන් පිටපිට ම අධ්‍යාපන ආයතන වලින් ප්‍රතික්ෂේප වීම නිසා විශේෂ අධ්‍යාපන උපදේශකවරුන් හෝ චිකිත්සකයන් ඔවුන්ට ශාස්ත්‍රීය දැනුම ලබා දෙන ලදී. එවැනි විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට අධ්‍යාපනය ලබා දුන් පුද්ගලයන් විසින්ම විශේෂ අවශ්‍යතා අධ්‍යාපන ක්‍රමය සදහා මූලික අඩිතාලම දමන ලදී. එහිදී ඔවුන් දළ චාලක හැකියා වර්ධනය , සියුම් චාලක හැකියා වර්ධනය, හසුරු කුසලාතා වර්ධනය වැනි ක්‍රියාකාරකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන තිබේ. අතීතයේ දී විවිධ ආබාධ හෝ ව්‍යාකූලතා සහිත සිසුන්ට පමණක් සීමා වූ විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය වර්තමානයේ දී ඉගෙනුම් දුබලතා හා චර්‍යාමය ගැටලු සහිත සිසුන් ඉලක්ක කර ගනිමින් ද පවත්වා ගෙන යනු ලබයි .

අවිධිමත් අධ්‍යාපනයසංස්කරණය

ජීවත්වීමේදී අප නොදැනුවත්වම ලබන අධ්‍යාපනයයි. (උදා: රූපවාහිනියෙන්, සමාජ ආශ්‍රයෙන්) අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික තැපෑල, දුරකතන, කෙටි පණවුඩ

දෛනික අත්දැකීම් සහ අධ්‍යාපනික ආභාෂයෙන් මෙන්ම ඔහු වටා ඇති පරිසරය තුළින්(පවුලෙන්, අසල්වැසියන්ගෙන්, සේවා ස්ථානයෙන්, ක්‍රීඩා පිටියෙන්, වෙළඳපලෙන්, පුස්ථකාලයෙන් හා ජනමාධ්‍ය තුළින් ) ආකල්ප, සාරධර්ම කුසලතා හා දැනුම අත්කර ගත හැකි යාවජීව ක්‍රියවලියකි. මෙය සංවිධානය නොවූවකි.

නොවිධිමත් අධ්‍යාපනයසංස්කරණය

සුවිශේෂී කණ්ඩායමක් ඉලක්ක කරගෙන සුවිශේෂී අරමුණක් සඳහා මේ අධ්‍යාපන ක්‍රමය ලබාදේ. (උදා: රූපලාවන්‍ය පාඨමාලා, Computer, තාක්ෂණික පාඨමාලා)

මේ අධ්‍යාපනය වර්තමානයට ඉතාම අත්‍යවශ්‍ය අංශයක් ලෙස දැක්වේ. නැතිවම බැරි අධ්‍යාපන ක්‍රමයකි. මෙයින් බිහිවන්නේ කුසලතාවන් වැඩිදියුණු කරගත් පිරිසකි. මේ මගින් සමාජයට විශාල සේවාවක් ඉටුවේ.

  • විධිමත් අධ්‍යාපන අවස්ථා නොලද එමෙන්ම විධිමත් අධ්‍යාපනයෙන් කලින් ඇදවැටුණු පුරවැසියන් සඳහා අධ්‍යාපන අවස්ථා සැලසීම
  • කුසලතා රහිත එමෙන්ම අර්ධ වශයෙන් කුසලතා රහිත වැඩකරන ජනතාව වෙනුවෙන් පුළුල් පරාසයක විහිදුණු කුසලතාවන් ලබාදීම
  • විධිමත් අධ්‍යාපන පද්ධතියෙන් ලබාගත් දැනුම කුසලතා වැඩිදියුණු කරගැනීමට උදවුවීම
  • නවෝත්පාදනයන්ට අවස්ථාව සැලසීම

නොවිධිමත් අධ්‍යාපනයට කාලීන වශයෙන් වැඩි වැදගත්කමක් පවතී. එය විධිමත් අධ්‍යාපන ක්‍රමයේ විකල්ප ක්‍රමයක් ලෙස බිහිවිය.

විශේෂිත කණ්ඩායමක් ඉලක්කකොටගෙන ඉගෙනීමේ අරමුණු එල්ලේ මෙහෙයවීමට අපේක්ෂිත පුළුල් ක්‍රියාදාමයක අංගයක් වශයෙන් විධිමත් පද්ධතියෙන් පරිබාහිරව සංවිධානය වූ අධ්‍යාපනික ක්‍රියාදාමයකි.

උදා : දේශණ, වැඩමුළු, සම්මන්ත්‍රණ, අත්පත්‍රිකා 

මේවාද බලන්නසංස්කරණය

Education

https://en.m.wikipedia.org/wiki/Education

"https://si.wikipedia.org/w/index.php?title=අධ්‍යාපනය&oldid=489308" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි