ගොල්ගි දේහ
ගොල්ගි දේහ (ගොල්ගි සංකීර්ණ හා ගොල්ගි උපකරණය)[1] යනු සූන්‍යෂ්ටික සෛලවල ඇති ඉන්ද්‍රිකාවකි. මෙය 1897දී කැමිලෝ ගොල්ගි නම් විද්‍යාඥයා විසින් මුල්වරට නිරීක්ෂණය කරන ලදී. සෛල ප්ලාස්මීය පූරකය තුළ, බොහෝවිට න්‍යෂ්ටිය ආශ්‍රිතව පිහිටයි.
සෙෙල ජීවවිද්‍යාව | |
---|---|
සත්ව සෙෙලය | |
ව්‍යුහය
සංස්කරණයඒකක පටලයකින් වටවූ තරලයකින් පිරුණු කුහරමය පැතලි මඬලාකාර මඩි එකක් මත එකක් පිහිටීමෙන් ගොල්ගි දේහ සෑදී ඇත. එම මඩි අතර ක්ෂුද්‍ර නාලික සහ ක්ෂුද්‍ර සූතිකා පවතී. එමගින් ඊට ස්ථායිතාවයක් ලැබී ඇත. ප්‍රසාරණිත පර්යන්ත ආශයිකා නම් වේ. ගොල්ගි දේහ කීපයක එකතුව ගොල්ගි සංකීර්ණ නමින් හැඳින්වේ.
ගොල්ජි සංකීර්ණයේ උත්තල මහුනත හා අවතල මුහුණත ලෙස මුහුණත් දෙකක් පවතී.ඒවා සිස් මුහුණත හා ට්‍රාන්ස් මුහුණත ලෙසද හඳුන්වයි.සිස් මුහුණත රළු අන්ත:ප්ලාස්මීය දෙසට යොමු වෙමින් එයින් පැමිණෙන ආශයිකා ලබා ගන්නා අතර ඒවා ස්‍රාවී ආශයිකා අංකුර ලෙස පැණනැගී ට්‍රාන්ස් මුහුණතෙන් වෙනත් දිශාවකට ගමන් කරයි. ස්‍රාවී සෛලවල ගොල්ගි දේහ බහුලව දැකිය හැකිය.
මූලාශ්‍ර
සංස්කරණය- ^ Pavelk M, Mironov AA (2008). The Golgi Apparatus: State of the art 110 years after Camillo Golgi's discovery. Berlin: Springer. ISBN 3-211-76309-0.