උදය ගම්මන්පිල ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලඥයෙක්, තාක්ෂණධරයෙක් මෙන්ම නිර්මාංශි පරිසරවේදියෙකි.ව ෘත්තියෙන් පරිඝනක ඉංජිනේරුවෙක් මෙන්ම නීතිඥයෙක්ද වන ඔහු හිටපු බස්නාහිර පළාත් අමාත්‍යවරයෙකු මෙන්ම, බුද්ධ සාසන හා ආගමික කටයුතු පිලිබඳ හිටපු කැබිනට් ආමාත්‍යවරයෙක්ද වෙයි. 2015 අගෝස්තු 17 වන දින පැවති මහමැතිවරණයේදී කොලඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 198,818 ක් ලබා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තේරී පත්වු ඔහු පවිතුරු හෙළ උරුමය දේශපාලන පක්ෂයේ නායකයා ලෙසද කටයුතු කරයි. [1]

උදය ගම්මන්පිල
පාර්ලිමේන්තු මන්ත්‍රි
පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2015 සැප්තැම්බර් 1 – 2020 මාර්තු 3
බස්නාහිර පළාත් අමාත්‍ය
තනතුර දරමින්
2009 මැයි – 2014 නොවැම්බර්
සභාපති-මධ්‍යම පරිසර අධිකාරිය
තනතුර දරමින්
2007 ජුනි – 2009 පෙබරවාරි
පුද්ගලික තොරතුරු
උපත
උදය ප්‍රභාත් ගම්මන්පිල

6 පෙබරවාරි 1970 (1970-02-06) (වයස 54)
නාවලපිටිය, ලංකාව
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයපිවිතුරු හෙළ උරුමය
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
(2017 – Present)
එක්සත් ජනතා නිදහස් සන්ධානය
(2009 – 2020)
උගත් ශාස්ත්‍රාලයD S සේනානායක විද්‍යාලය, කොළඹ
මොනෑෂ් විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා නීති විද්‍යාලය
වෘත්තියපරිඝනක ඉංජිනේරු, නීතිඥ, විශ්වවිද්‍යාල කථිකාචාර්‍ය
වෙබ් අඩවියudayagammanpila.com [1]

මුල් අවධිය සහ අධ්‍යාපනය සංස්කරණය

උදය ගම්මන්පිල සිය ජන්ම ලාභය ලබන්නේ 1970 වර්ෂයේ පෙබරවාරි 6 වන දින නාවලපිටියේදීය.විදුහල්පතිවරුන් වූ තම දෙමාපියන්ගේ ගුරුහරුකම් සෙවණේ හැදුනු වැඩුනු ඔහු කුඩා කල සිටම අධ්‍යාපනයට හපන්කම් දැක්වීය. 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ශ්‍රී ලංකාවෙන්ම තුන් වැනියා ලෙස සමත් වන උදය ප්‍රභාත් ගම්මන්පිල ශිෂ්‍යයා, කොලඹ ඩි.එස් සේනානායක විද්‍යාලය සිය ද්වීතීක අධ්‍යාපනය සඳහා තෝරා ගත්තේය.

1988 දී උසස් පෙල විභාගයෙන් ලංකාවේ පළමුවැන්නා ලෙස සමත් වුණු උදය ගම්මන්පිල මහතා ඔස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් ලබා දුන් ශිෂ්‍යත්වයක් දිනා මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පරිගණකවේදි උපාධිය හැදෑරීමට ඇතුළු විය. 1993 දී සිව්වන වසරේ අධ්‍යාපනය ලබන අතරේ විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීමක්ද ඔහුට ලැබිණි.

1994 වසරේදී නැවත ශ්‍රි ලංකාවට පැමිණිමෙන් පසු , ඔස්ට්‍රේලියා – ලංකා සමූහ ව්‍යාපාරයේ ආධුනික කළමනාකරුවෙකු ලෙස සේවයට එක්වන ඔහු ඉන් වසර දෙකකට පසු එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරි තනතුරට පත් විය. ඒ අතරතුර නීතී විද්‍යාලයට ඇතුලත්ව නීතිය හදාරන උදය ගම්මන්පිල මහතා 2003 වසරේදී නීති විභාගය සමත්ව නීතිඥයෙකු ලෙස ද දිවුරුම් දෙන ලදී.

මුල්කාලීන දේශපාලන ජීවිතය සංස්කරණය

කොටි ත්‍රස්තවාදය පරාජය කළ යුතුය; පරාජය කළ හැකිය“ යන තේමාව යටතේ සිහළ උරුමය නමින් සිංහල දේශපාලන පක්ෂයක් ආරම්භ කළ අවස්ථාවේ ඔහු එහි සමාරම්බක සමාජිකයෙක් විය. 2001 වසරේදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් ධූරයට පත්වන උදය ගම්මන්පිල මහතා පසුව එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ධූරයට පත් විය. 2004 දී භික්ෂුන් වහන්සේලාගේ ආගමනයත් සමඟ පක්ෂයේ නම ජාතික හෙළ උරුමය ලෙස වෙනස් විමේන් පසුවද එහි ආරම්භක පරිපාලන ලේකම්වරයා හා නීති උපදේශකවරයා වූයේ උදය ගම්මන්පිල තරුණ නිතීවේදීයාය.

2007 වසරේදී ජනාධිපතිවරයා විසින් ඔහුව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී. එම වසරේ අගෝස්තු මස ජනාධිපතිවරයා විසින් උතුරු-නැගෙනහිර අර්බූදයට විසඳුම් සෙවීමට පත් කළ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද උදය ගම්මන්පිල මහතා කටයුතු කලේය.

2009 වර්ෂයේදී, බස්නාහිර පළාත් සභාවට තරග කිරීම සඳහා ඔහු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති දූරයෙන් ඉල්ලා අස්විය. අනෙකුත් අපේක්ෂකයන් රජයේ නිලතල වල බලපරාක්‍රමයෙන් රජයේ සම්පත් යොදා ගනිමින් මැතිවරණයට තරඟ කරද්දි උදය ප්‍රභාත් ගම්මන්පිලයන් ස්වෙච්චාවෙන්ම සිය තනතුරෙන් ඉවත්වුයේ සියලු දේශපාලඥයන්ට ආදර්ශයක් වෙමිනි. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පෝස්ටර්, පොලිතින් සහ රතිඤ්ඤා වලින් තොර සැබෑ පරිසර හිතකාමි මැතිවරණ ව්‍යාපාරයක් වු අතර ජයග්‍රහණයෙන් පසු උදය ගම්මන්පිල මහතා බස්නාහිර පළාතේ කෘෂිකර්ම, වාර්මාර්ග, කර්මාන්ත සහ පරිසර ඇමති වරයා ලෙස දිව්රුම් දෙන ලදී.


දේශපාලන දිවියේ කඩයිම් සංස්කරණය

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස සංස්කරණය

2007 වසරේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්වු උදය ගම්මන්පිල මහතාගේ මඟපෙන්විමෙන් ක්‍රියාවට නැංවුනු වැඩසටහන් අතර පිලිසරු කසල කළමනාකරන ව්‍යාපෘතිය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතයෙන් ඉන්ධන නිපදවීමේ ව්‍යාපෘතිය ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ මෙන්ම ජනතාවගේද ප්‍රශංසාවට ලක්විය.

බස්නාහිර පළාත් කෘෂිකර්ම, වාර්මාර්ග, කර්මාන්ත සහ පරිසර ආමත්‍යවරයා ලෙස සංස්කරණය

කෘෂිකාර්මික කටයුතු යාන්ත්‍රීකරණය කිරීම හරහා කෘෂි කර්මාන්තයේ ඵලදායීතාවය වැඩි කිරීම අරමුණු කරගත් ගොවිරිය අරුණ වැඩසටහන යටතේ රුපියල් මිලියන ගනනක් වටිනා අත් ට්‍රැක්ටර් ඇතුලු ගොවි උපකරන ගෝවින්ට ලබාදීමට ඔහු කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කලේය.බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ජනතාවට උසස් ප්‍රමිතිගත සේවාවක් ලබාදෙන්නට ඔහු නායකත්වය ගත්තේය. එහි ප්‍රථිපලයක් ලෙස 2013 වසරේදී ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් පිරිනැමෙන ISO 9001-2008 තත්ත්ව සහතිකයෙන් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත සහ පරිසර අමාත්‍යාංශය පිදුම් ලැබු අතර, ඒ එම ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද පළමු පළාත් අමාත්‍යාංශය මෙන්ම ආණ්ඩුවේ දෙවන අමාත්‍යාංශය ලෙස බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉතිහාසයට එක් කරමිනි

පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙක් ලෙස සංස්කරණය

2015 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ උදය ගම්මන්පිල මහතා සිය පලමු පාර්ලිමේන්තු මැතිවරණයෙදීම මනාප ඡන්ද 198,818 ක් ලබාගෙන සන්ධානයේ කොළඹ දිසාවේ දෙවැන්නා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වු අතර, එවකට පැවති රජය විසින් රණවිරුවන් හා සංඝයාවහන්සේලා සිරගත කිරීමට එරෙහිව මෙන්ම MCC වැනි ගිවිසුම් වලට එරෙහිව විපක්ෂය දියත් කල විරෝධතා ව්‍යාපාර රාශියකට ඔහු සිය නායකත්වය ලබා දුන්නේය.

2014 මැතිවරණ ව්‍යාපාරය සංස්කරණය

2014 වසරේ ඔහුගේ මැතිවරණ ව්‍යාපරය ජනතාවගේ සුවීශේෂි අවධානයට ලක්විය. ව්‍යාපාරිකයින්ගෙන් ආධාර ලබා ගෙන මැතිවරණ ව්‍යාපාරයක් කිරීමෙන් දේශපාලකයින් ව්‍යාපාරිකයින්ගේ රූකඩ බවට පත් වන බව ප්‍රකාශ කල ඔහු තම මැතිවරණ ව්‍යාපාරය සඳහා රුපියල් සීයකින් දායක වන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. මැතිවරණයෙන් පසු සිය ආදායම් වියදම් ගිණුම් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළ උදය ගම්මන්පිල මහතා ඊට අදාළ බැංකු ප්‍රකාශන, ලදුපත් වැනි සියළුම සාක්ෂි, ස්වයං විගණනයක් කළ හැකි අයුරින් ප්‍රසිද්ධ කලේය.

මහින්ද සුළඟ දේශපාලන ව්‍යාපාරය හා 2019 ජනාධිපතිවරණය සංස්කරණය

2015 ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වීමෙන් පසු ඔහුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේය. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන මහත්වරු සමග එක්ව ඒ සඳහා මහින්ද සුලඟ දේශපාලන ව්‍යාපාරය ගොඩ නංවා රටපුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමටද ඔහු කටයුතු කලේය.

2019 ජනාධිපතිවරණ සටනේ ඉදිරිපෙල නායකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය දායකත්වය මුල සිටම ලබා දුන් උදය ගම්මන්පිල මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකාරි දේශපාලනයට රැගෙන ඒමටද මුල්වු අයෙක් ලෙස සැලකෙයි.

කතුවර උදය සංස්කරණය

පුවත්පත් වලට නිරතුරුව ලිපි සපයන ලේඛකයෙකුද වන උදය ගම්මන්පිල මහතා 2002 සිට ලංකාදීප පුවත්පතට සිංහල බසින් ප්‍රදීපය යන නමින් ද 2012 සිට සිලෝන් ටුඩේ පුවත්පතට ඉංග්‍රීසි බසින් ගාඩ් පෝස්ට් යන නමින් ද සතිපතා තීරු ලිපි පලකරනු ලබයි. 2015 ජනවාරි 8වැනි දින බලයට පැමිණි ආණ්ඩුව වෙනස්කර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම දක්වා වූ තිරය පිටුපස කතාව අන්තර්ගත “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකය” කෘතිය ඔහු විසින් ලියා පලකරන ලද නවතම ග්‍රන්ථයයි.

මූලාශ්‍ර සංස්කරණය

  1. "(adaderana)". ada derana. 2015-08-27. සම්ප්‍රවේශය 2012-09-28.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=උදය_ගම්මන්පිල&oldid=555410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි