උත්තරන්
උත්තරන් (අර්ථය: ප්‍රතික්ෂේපිත, දිරාපත් වූ, ඉවත ලූ / හින්දි: उतरन) යනු ඉන්දියාවේ කලර්ස් ටීවී නාලිකාව මගින් විකාශය කරන ලද සෝප් ඔපෙරාවකි. එය සතියේ දිනවල විකාශය විය.
උත්තරන් | |
---|---|
ප්‍රභේදය | නාට්‍ය ප්‍රේම කථා |
රචනය කලේ | අජේ අසීම් අරෝරා කුමාර් අභිෂේක් |
අධ්‍යක්ෂණය කලේ | කේතන් දුබේ |
රඟපෑම | ටිනා දත්තා රෂාමි දේසායි |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 01 |
කථාංග ගණන | 1549[1] |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | කල්‍යාන් ගුහා රූපාලි ගුහා |
ස්ථානය(න්) | මුම්බායි |
නිෂ්පාදන සමාගම | ෆිල්ම් ෆාම් ඉන්ඩියා |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කලර්ස් ටීවී |
මුල් ධාවනය | 1 දෙසැම්බර් 2008 | – 16 ජනවාරි 2015
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
මෙම කතාමාලාව දෙමළ බසින් හඬකවා සින්දු භෛරවී ලෙස රාජ් ටීවී ඔස්සේ විකාශය විය. 2016 ජූනි 4 දින එය නිමා වන තෙක්ම TRP සටහන්වල ප්‍රමුඛත්වයක් හිමි කරගැනීමට එය සමත් විය.
කථා පුවත
සංස්කරණයඋත්තරන් කථාව ගෙතී ඇත්තේ වෙනස් සමාජ පසුබිම් දෙකක් සහිත මිතුරියන් දෙදෙනකු වටායි: එනම් සේවිකාවකගේ දියණියක වූ ඉච්ඡා (ටීනා දත්තා) සහ ධනවත් ජෝගි තාකුර්ගේ දියණිය වූ තපස්‍යා (රෂාමි දේසායි) ය. ඔවුහු දෙදෙනාම වීර් (නන්දිශ් සන්ධු) සමග ප්‍රේමයෙන් බැඳෙති. තපස්‍යා වීර් සමග විවාහ වීමත් සමග ඔවුහු සතුරන් බවට පත්වෙති. (සැබවින්ම වීර් පෙම්කළේ ඉච්ඡාටයි) පසුව වීර් ඉච්ඡා සමග නැවත විවාහ වන අතර තපස්‍යා, රතෝර් සමග විවාහ වීමෙන් පසු ඔවුහු නැවත මිතුරියන් බවට පත් වෙති. පසුව ඉච්ඡා මිය යයි. අනතුරුව මෙම කතාමාලාව මගින් ඔවුන්ගේ දරුවන් වන මීති සහ මුක්තාගේ කථාපුවත නිරූපණය වෙයි. [2]
චරිත නිරූපණය
සංස්කරණය- ටිනා දත්තා, ඉච්ඡා වීර් සිං බූන්දෙලා / මීති ලෙස
- රෂාමි දේසායි, තපස්‍යා රඝුවේන්ද්‍ර ප්‍රතාප් රතෝර් ලෙස
- ශ්‍රීජිතා දේ, මුක්තා විෂ්ණු කාශ්‍යප් ලෙස
- ගෞරව් චොප්රා, රඝුවේන්ද්‍ර ප්‍රතාප් රතෝර් ලෙස
- මෘනාල් ජයින්, ආකාශ් අවිනාශ් චැටර්ජී ලෙස
- අජේ චෞධරි, විෂ්ණු කාශ්‍යප් ලෙස
- අයුබ් ඛාන්, ජෝගි තාකූර් ලෙස
- ප්‍රගති මෙහ්රා / ප්යුමෝරි මෙහ්තා, දිව්‍යා ජෝගි තාකූර් ලෙස
- ප්‍රතිමා කාස්මි, සුමිත්‍රා දේවි / ආච්චි / තපස්යාගේ ආච්චි ලෙස
- වෛශාලි තක්කර්, දාමිනි රාගේන්ද්ර භාර්ති ලෙස
- කෘතිකා දේසායි ඛාන්, ඒකදාෂි අවිනාශ් චැටර්ජී ලෙස
- ආර්ති සිං, කජ්රි නිර්භායි යාදව් ලෙස
- වරුන් තූර්කි, සංක්‍රාන්ත් අවිනාශ් චැටර්ජී ලෙස
- විවිධා කිර්ති, අම්බිකා සංක්‍රාන්ත් චැටර්ජි ලෙස
- චෛතන්‍ය චෞධරි, කන්හා ලෙස
- ප්‍රනීතා සාහු, සුර්භි කන්හා ලෙස
- අකන්ක්ෂා අවස්ති, රෝහිනී පුෂ්කර් ලෙස
- අරුන් සිං ෂර්මා, පුෂ්කර් ලෙස
- ගිරිජා ෂංකර්, අගර්ත් යාදව් ලෙස
- රූමි ඛාන්, නිර්භායි අගර්ත් යාදව් ලෙස
- හේතල් යාදව්, පවිත්‍රා යාදව් ලෙස
- නීනා සිං, ගෝමතී යාදව් ලෙස
- ෂමීම් ෂීක්, බල්දේව් සිං බූන්දෙලා ලෙස
- අඛිල් මිශ්රා, උමේද් බල්දේව් සිං බූන්දෙලා ලෙස
- බීනා බැනර්ජී, ගුණවන්ති උමේද් සිං බූන්දෙලා ලෙස
- රෝහිත් ඛුරානා, වංශ් උමේද් සිං බූන්දෙලා ලෙස
- නන්දිෂ් සන්ධු / විකාස් භල්ලා, වීර් උමේද් සිං බූන්දෙලා ලෙස
- සෝනිකා හන්දා, අම්ලා වීර් සිං බූන්දෙලා ලෙස
- මොනාලිකා භොන්ස්ලේ, චන්දා ලෙස
- සුනිල් සිංහා / කිරාන් කර්මර්කාර්, තේජ් බල්දේව් සිං බූන්දෙලා ලෙස
- සෞරභ් රාජ් ජායින් / භාරත් චව්ඩා, යුවරාජ් / යුවාන් ලෙස
- පවන් මහේන්දෘ, කාසා කාකා ලෙස
- ක්රිප් සූරි, අස්ගාර් ලෙස
- සහිල් ෆුල්, අෂ්ෆාක් ලෙස
- සමික්ෂා භාත්නගර්, සුබේදායින් ලෙස
- මාන්සි ෂර්මා, සබා ලෙස
- මධුර නායික්, නිලොෆර් ලෙස
- රාකේශ් පාන්ඩේ, අන්සාරි සහාබ් ලෙස
- චාරු රෝහත්ගි, මුම්ටාස් ලෙස
- අම්රින් චක්කිවාලා, නුස්රාත් අන්සාරි ලෙස
- රන්වීර් ෂර්මා, අවිනාශ් චැටර්ජී ලෙස
- රාජේශ් ඛේරා, මාහාරානි ලෙස
- අන්චාල් සභර්වාල්, ෆිදා ලෙස
- ෂිකා සිං, කුකි ලෙස
- ආස්තා චෞධරි, මධුර ලෙස
- ෂර්හාන් සිං, සිද්ධාර්ත් / සිද් ලෙස
- විකාස් සේති, පොලිස් පරීක්ෂක අවිනාශ් මතූ
- ෂාරද් කෙල්කාර්, සත්‍යා ලෙස
- හර්ෂා ඛන්දේපර්කාර්, සාන්චි ලෙස
- ගෞරව් එස්. බජාජ්, අමන් වර්මා ලෙස
- ෆරිදා දාදි, අන්ජම් ආච්චි ලෙස
- අර්ෂිෆා ඛාන්, රානි ආකාශ් චැටර්ජී ලෙස
- ශ්‍රියා ජා, නන්දිනී ආකාශ් චැටර්ජී ලෙස
- රිෂිනා කන්ධාරි, මල්විකා රඝුවේන්ද්‍ර ප්‍රතාප් රතෝර් ලෙස
- නිඛිල් ආර්යා, පොලිස් පරීක්ෂක සූර්යකාන්ත් තාර්තේ ලෙස
- තිකු තල්සානියා, සේනාපති රාජ් මල්හෝත්‍රා
- ස්පර්ශ් ඛන්චාන්දනි, ළමා ඉච්ඡා රාගේන්ද්ර භාර්ති ලෙස
- ඉෂිතා පන්චාල් , ළමා තපස්‍යා ජෝගි තාකූර් ලෙස
අන්තර්ජාතික විකාශය
සංස්කරණය- සර්බියාව, මොන්ටෙනෙග්‍රෝ, බොස්නියාව සහ හර්සෙගොවිනා තුළ සර්බියානු භාෂාවෙන් TV Prva නාළිකාවෙන් Odbačena ලෙස 2012දී විකාශය ඇරඹි මෙය 2015දී අවසන් විය.[3]
- කසකස්ථානය තුළ කසාඛ් භාෂාවෙන් අස්ටානා ටීවී ඔස්සේ Қыз ғұмыры ලෙස 2013දී විකාශය ඇරඹි මෙය 2016දී අවසන් විය.[4]
- තමිල් නාඩුවේ දෙමළ භාෂාවෙන් සින්දු භෛරවී ලෙස හඬකැවූ මෙය රාජ් ටීවී ඔස්සේ විකාශය වේ.
- ආර්මේනියාව තුළ ආර්මේනියානු භාෂාවෙන් ෂැන්ට් ටීවී ඔස්සේ 2016 සිට Merjvace (Մերժվածը) ලෙස විකාශය වේ.[5]
- ඉන්දුනීසියාව තුළ ඉන්දුනීසියානු භාෂාවෙන් හඬකැවූ මෙය 2015 සැප්තැම්බර් 21 සිට ANTV නාළිකාවෙන් විකාශය විය. 2016 සැප්තැම්බර් 18 දින,කතාමාලාව අවසන් විය.
- දකුණු ඉන්දියාව තුළ මලයාලම් බසින් හඬකැවූ මෙය වල්සාල්‍යම් යන තේමාව යරතේ සූර්යා ටීවී නාළිකාවෙන් විකාශය වේ.
- ශ්‍රී ලංකාව තුළ දෙමළ භාෂාවෙන් හඬකැවූ සින්දු භෛරවී කතාමාලාව සිංහල උපසිරැසි සමගින් විකාශය වේ. 2014 සිට එය නේත්‍රා ටීවී නාළිකාවෙන් විකාශය කෙරේ.
- ලිතුවේනියාව තුළ ලිතුවේනියානු භාෂාවෙන් LNK නාළිකාවෙන් "Dvi širdys" (සිංහල: ද්වි හදවත්) ලෙස 2017දී විකාශය ඇරඹිණි.
- රුමේනියාව තුළ නැෂනල් ටීවී නාළිකාවෙන් "Dragoste si Ura" (සිංහල: ප්‍රේමය සහ වෛරය) ලෙස විකාශය වේ. මෙය 2015 සැප්තැම්බර් 11 දින විකාශය ඇරඹිණි.
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Uttaran episodes". Uttaran. 14 November 2014. සම්ප්‍රවේශය 15 November 2014.
- ^ "Uttaran TV Serial All Episodes Online". Colors.in.com. සම්ප්‍රවේශය 2013-07-10.
- ^ "Odbačena krenula na Prvoj TV". Prva.rs. සම්ප්‍රවේශය January 7, 2017.
- ^ "Odbačena krenula na Astana TV". Astana.kz. සම්ප්‍රවේශය January 7, 2016.
- ^ "Նոյեմբերի առաջին տասնօրյակում Հայաստանում ամենաբարձր դիտելիությունն ունեցել է "Շանթ" հեռուստաընկերությունը". National.am. November 14, 2016. සම්ප්‍රවේශය November 27, 2016.