ගෞරව් චොප්රා
ගෞරව් චොප්රා යනු ඉන්දියානු රූපවාහිනී නළුවෙකි.[1] ඔහු බිග් බොස් 10වන වාරයේ තරගකරුවෙකි.
ගෞරව් චොප්රා | |
---|---|
උපත | |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නළුවකු |
සක්‍රීය වසර | 2004–වර්තමානය |
වෘත්තිය
සංස්කරණය2003දී, චොප්රා දෙමළ චිත්‍රපටයක් වූ ඕට්ට්ර්න්හි පෙනී සිටි අතර 2004දී ස්ටාර් ප්ලස් නාළිකාවේ කර්ම රූපවාහිනී කතාමාලාවේ ද පෙනී සිටියේ ය. 2006දී, ඔහු රියැලිටි නර්තන වැඩසටහනක් වූ නච් බලියේ 2 සඳහා තරගකරුවකු ලෙස ඉදිරිපත් විය. 2008දී ඔහු තවත් නර්තන වැඩසටහනක් වූ සාරා නච්කේ දිඛාහි ප්‍රථම වාරයට ඉදිරිපත් විය. 2006දී ඔහු බ්ලඩ් ඩයමන්ඩ් නම් හොලිවුඩ් චිත්‍රපටයේ චරිත නිරූපණය කළ අතර ඒසා දේස් හේ මේරාහි සමේ ඛුරානාගේ චරිතය නිරූපණය කළේ ය.
ඔහු කලර්ස් ටීවී නාළිකාවේ සෝප් ඔපෙරාවක් වූ උත්තරන්හි රඝුවේන්ද්‍ර ප්‍රතාප් රථෝර්ගේ චරිතය නිරූපණය කළ අතර ඒ වෙනුවෙන් ඔහු 2012 කලර්ස් රන් පත් සම්මාන් උළෙලේ දී වඩාත් දම්දාර් පෞරුෂත්වයට හිමි සම්මානය හිමි කරගත්තේ ය. 2013 අප්‍රේල් මස මුදාහැරුණු රංග්ධාරී චිත්‍රපටයට ද ඔහු සම්බන්ධ විය.
2016දී ඔහු බිග් බොස්හි 10වන වාරයට සහභාගී විය.
නිරූපණයන්
සංස්කරණය- සද්දා හක් - මහාචාර්ය අභේ සිං රනාවත්
- ඩෝලි අර්මානෝ කි - ආකාශ්
- ගුල්මෝහර් ග්‍රෑන්ඩ් - එම්ඩී අනිරුධ් දත්
- රුබි ඩුබි හබ් ඩබ් - බල්ලු (භූතයා)
- ලාවන්‍යා - සැන්ඩි
- පියා කා ඝාර් - ප්‍රේම්
- කභි හාන් කභි නා - කබීර් ජයිරාට්
- කර්ම - ගන්ෂොට්
- ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් - කපිතාන් අභිමන්යු රායි චෞහාන්
- ඝාර් කි ලක්ෂ්මි බේටියාන් - කපිල් සිංහානියා
- ඝූම් - බල්බ්
- සෝර් කා ජාට්කා: ටෝටල් වයිප්අවුට් - තරගකරු
- උත්තරන් (2010-2014) - රඝුවේන්ද්‍ර ප්‍රතාප් රඨෝර්
- සෝල්හා සිංගාර් - ශිව් චොප්රා
- ඒසා දේස් හේ මේරා - සමයි
- අදාලත් - විශ්වජිත් රනාවත්
- C.I.D. - අපහරණ්හි වික්‍රම්ජීත් (කථාංගය 624)
- බ්ලඩ් ඩයමන්ඩ් - ප්‍රංශ මාධ්‍යවේදී
- නච් බලියේ 2 - තරගකරු
- පති පත්නි ඕර් වෝහ් - මෞනි රෝයි සමග තරගකරුවකු ලෙස
- සාව්ධාන් ඉන්ඩියා (2017-වර්තමානය) - ඔහු ලෙසම
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "India Today International". Living Media International Limited. 27 November 2016. සම්ප්‍රවේශය 27 November 2016 – via Google Books.
බාහිර සබැඳි
සංස්කරණය- ගෞරව් චොප්රා සඳහා IMDb හි ඇති තොරතුරු