ශ්‍රීජිතා දේ

ඉන්දියානු නිළිය

ශ්‍රීජිතා දේ (උපත 1989 ජූලි 16)[1] යනුවෙන් හඳුන්වනු ලබන්නේ බොලිවුඩ් චිත්‍රපටවල සහ රූපවාහිනී වැඩසටහන්වල පෙනී සිටින ඉන්දියානු නිළියකි. වර්තමානය වන විට ඇය ස්ටාර් ප්ලස් නාළිකාවෙ මගින් විකාශය කෙරෙන රූපවාහිනී කතාමාලාවක් වන කොයි ලෞත් කේ ආයා හේ කතාමාලාවේ කාව්‍ය නැමැති චරිතය නිරූපණය කරමින් සිටින්නී ය.

ශ්‍රීජිතා දේ
උපත
ශ්‍රීජිතා දේ

16 ජූලි 1989 (1989-07-16) (වයස 34)[1]
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, නිරූපිකාව
සක්‍රීය වසර2007–වර්තමානය

මුල්කාලීන දිවිය සහ පසුබිම සංස්කරණය

ශ්‍රීජිතා උපත ලැබූයේ ඉන්දියාවේ බටහිර බෙංගාලයේ හල්දියාහි ය. ඇය කුඩා කල හැදී වැඩුණේ ද එහි ය.ඇය සිය පාසල් අධ්‍යාපනය හදාළේ හල්දියාහි ශාන්ත සේවියර් විද්‍යාලයෙනි. ඇය රුයා කොලීජිය වෙතින් ජන සන්නිවේදනය පිළිබඳ උපාධිය ලබා ගත්තා ය.

වෘත්තිය සංස්කරණය

ශ්‍රීජිතා රූපවාහිනී රංගන ක්ෂේත්‍රය වෙත පිවිසියේ කසෞතී සින්දගී කේ නම් රූපවාහිනී කතාමාලාව ඔස්සේ ය. මෙහි ඇය විසින් ගාර්ගි තුෂාර් බජාජ් නැමැති චරිතය නිරූපණය කරන ලදී. 2008දී ඇය බොලිවුඩ් චිත්‍රපටයක් වූ තෂාන් හි සුළු චරිතයක් නිරූපණය කළා ය. එම වර්ෂයේ දී ම ඇය නම් සෝප් ඔපෙරාවේ ප්‍රධාන චරිතය නිරූපණය කළා ය. මෙහි දී ඇය විසින් නිරූපණය කරන ලද්දේ අන්නු නැමැති චරිතයකි. 2012-2015 අතර කාලයේ ඇය කලර්ස් ටීවී නාළිකාවේ අතිශයින් ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වූ උත්තරන් තුළ මුක්තා විෂ්ණු කාශ්‍යව්ගේ චරිතය නිරූපණය කළා ය. මෙහි මුක්තා යනු තපස්‍යාගේ දියණියගේ චරිතයයි.

මීට අමතරව ඇය සී ටීවී නිළිකාවෙන් විකාශය වූ තුම් හි හෝ බන්ධු සඛා තුම්හි රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කළා ය. ඇය ලයිෆ් ඕකේ නාළිකාවෙන් විකාශය වූ රූපවාහිනී කතාමාලාවක් වන පියා රන්ග්රේස්හි ප්‍රධාන රචිතය ද නිරූපණය කළා ය. මෙහි ඇය නිරූපණය කළේ ආරධ්‍යා ෂාම්ෂේර් සිං නැමැති චරිතයයි.[2] ශ්‍රීජිතා ස්ටාර් ප්ලස් නාලිකාවෙන් ‍විකාශය වන රූපවාහිනී කතාමාලාවක් වන කොයි ලෞත් කේ ආයා හේ කතාමාලාවේ කාව්‍යාගේ චරිතය ද නිරූපණය කරමින් සිටින්නී ය.

මීට අමතරව ශ්‍රීජිතා ලව් කා දි එන්ඩ් (2011), Monsoon Shootout (2013) සහ "ලේලකි බෙර්කල්මා ජිල්බබ්" යන චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය සපයා ඇත. මින් "ලේලකි බෙර්කල්මා ජිල්බබ්" නැමැති ඉන්දුනීසියානු චිත්‍රපටය තුළ ඇය ගෞරව් එස්. බජාජ් සමග රංගනයේ යෙදුණා ය. ඇය කිලේර් කාරාඔකේ ආත්කා තෝ ලත්කා නම් රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ අතර, රියැලිටි වැඩසටහන් වන බොක්ස් ක්‍රිකට් ලීගය 1 හි අහමදාබාද් එක්ස්ප්‍රස් කණ්ඩායම වෙනුවෙන් ද බොක්ස් ක්‍රිකට් ලීගය 2හි ලක්නව්නවාබ්ස් කණ්ඩායම වෙනුවෙන් ද තරගවැදුණා ය.

රූපවාහිනී කතාමාලා සංස්කරණය

චිත්‍රපට සංස්කරණය

ඇගයුම් සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය ප්‍රතිඵලය
2012 රන් පත් සම්මාන වඩාත් ජන්බාස් පෞරුෂත්වය නිර්දේශිත
2012 රන් පත් සම්මාන හොඳම ආධුනිකාවිය නිර්දේශිත

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 https://www.youtube.com/watch?v=U9IutuFlY9E [භින්න වූ සබැඳිය]
  2. "Sreejita De is upset". The Times of India. 27 March 2008. සම්ප්‍රවේශය 14 May 2014. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. http://m.timesofindia.com/tv/news/hindi/Sreejita-looks-so-much-like-Rashmi/articleshow/12531855.cms
  4. http://indowarta.com/hiburan/9051/bareng-gaurav-s-bajaj-uttaran-tyas-mirasih-berhijab-di-ftv-lelaki-berkalung-jilbab/
  5. http://www.tabloidbintang.com/articles/film-tv-musik/kabar/40952-sreejita-de-uttaran-unggah-foto-gaurav-s-bajaj-beradegan-shalat

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රීජිතා_දේ&oldid=659005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි