ප්‍රතිමා කාස්මි
ප්‍රතිමා කාස්මි (හින්දි: प्रतिमा काज़मी, උර්දු: پرتما کاظمی) යනු බොලිවුඩ් චිත්‍රපට සහ හින්දි රූපවාහිනී කතාමාලාවල රංගනයේ යෙදෙන ඉන්දියානු රූපවාහිනී නිළියකි. ඇය වර්තමානයේ හින්දි චිත්‍රපට සහ නාට්‍යවල කටයුතු කළ ද ඇය සිය වෘත්තියට පිවිසුණේ 1997දී වාරිස් හුසේන් නම් ඉන්දියානු අධ්‍යක්ෂවරයා නිෂ්පාදනය කළ සික්ස්ත් හැපිනස් නම් ඉංග්‍රීසි චිත්‍රපටය තුළිනි. මෙහි ඇය 'ගණිකා නිවාස පාලිකාවකගේ' චරිතය නිරූපණය කළා ය.[1]
ප්‍රතිමා කාස්මි | |
---|---|
උපත | 21 ජූලි 1948 |
නිවහන | මුම්බායි, ඉන්දියාව |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 1997 – වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | උත්තරන්හි සුමිත්‍රා දේවි/ආච්චි |
කලත්‍රයා(යන්) | කන්නන් අරුණාචලම් |
ඇතැම් ධනාත්මක චරිත නිරූපණය කොට තිබුණ ද, ප්‍රතිමා වඩාත් ප්‍රකට වූයේ ඍණාත්මක සහ කුමන්ත්‍රණකාරී චරිත නිරූපණය නිසායි. එසේම ඇය ඇගේ දැඩි දෙබස් සහ රළු ස්වරය නිසා ද ප්‍රකට ය. 2004දී ඇගේ වේසා භි හෝතා හේ II කොටස චිත්‍රපටය වෙනුවෙන් ප්‍රථම වරට ඇය ස්ටාර් ස්ක්‍රීන් අවෝඩ්ස් සිනමා උළෙලේ දී "ඍණාත්මක චරිතයක හොඳම නිරූපණය" සඳහා නිර්දේශ වූවා ය.[2]
නිර්මාණ දායකත්වය
සංස්කරණයප්රතිමා කාස්මි පහත චිත්‍රපට සහ මාලා නාට්‍ය සඳහා සිය දායකත්වය ලබා දී ඇත:
රූපවාහිනිය
සංස්කරණය- සාත් ෆෙරේ: කලීකාගේ නැන්දණිය ලෙස
- උත්තරන්: සුමිත්‍රා දේවි/ ආච්චි ලෙස (2008-2015)
- ජබ් ලව් හුවා: රඝූගේ මිත්තණිය ලෙස
- කම්මාල්: රාමා ලෙස
- ක්යා හාඩ්සා ක්යා හකීකත්: භාරිනී ලෙස
- කේසර්: අභිගේ මව ලෙස
- මාන් කී අවාස් ප්රතිග්යා: ගුරුමාතාව ලෙස
- මෙරේ අන්ග්නේ මේන්: බුවා දාදි ලෙස
- ඉෂ්ක් කා රන්ග් සෆේද්: ඉන්ද්‍රාණි ලෙස
- සියා කේ රාම්: කෛකේසි ලෙස
- හම්කෝ තුම්සේ හෝ ගයා හේ ප්යාර් ක්යා කරේන්
- කාල ටීකා: මායි ලෙස
චිත්‍රපට
සංස්කරණය
|
|
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "Sixth Happiness (1997)". IMDb. සම්ප්‍රවේශය 2008-08-27.
- ^ "Screen Weekly Awards: 2004". IMDb. 2004-01-15. සම්ප්‍රවේශය 2008-08-27.
බාහිර සබැඳි
සංස්කරණය- ප්‍රතිමා කාස්මි සඳහා IMDb හි ඇති තොරතුරු
- BollywoodHungama.comහි නිල අඩවිය