ඇලෙක්‌සැන්ඩර් ප්‍රනාන්දු
ජෝසප් මැනුවෙල් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (25 අගෝස්තු 1940 – 29 අප්‍රේල් 2020) සිංහල සිනමාවේ නළුවෙක් සහ සටන් අධ්‍යක්ෂකවරයෙක් විය.[1] සිංහල සිනමාවේ හොඳම දුෂ්ටයෙකු ලෙස සැලකෙන ප්‍රනාන්දු, සිංහල චිත්‍රපට 120කට අධික සංඛ්‍යාවක, දෙමළ චිත්‍රපට හයක සහ එක් ඉංග්‍රීසි චිත්‍රපටයක රඟපෑවේය.[2][3]
ඇලෙක්‌සැන්ඩර් ප්‍රනාන්දු Alexander Fernando | |
---|---|
උපත | ජෝසප් මැනුවෙල් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු 25 අගෝස්තු 1940 කොටහේන, බ්‍රිතාන්‍ය ලංකාව |
මියගිය දිනය | 29 April 2020 කොළඹ, ශ්‍රී ලංකාව | (වයස 79)
ජාතිකත්වය | Sri Lankan |
අධ්‍යාපනය | ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ ශාන්ත. අන්තෝනි පිරිමි විද්‍යාලය, කොළඹ 13 |
රැකියාව | නළුවෙක්, සටන් අධ්‍යක්ෂකවරයෙක් |
සක්‍රීය වසර | 1962–2011 |
කලත්‍රයා(යන්) | අනෝමා ලුම්බිණි (m. 1978) |
දරුවන් | 3 |
පෞද්ගලික ජීවිතය
සංස්කරණයප්රනාන්දු උපත ලැබුවේ 1940 අගෝස්තු 25 වැනිදා කොළඹ කොටහේන කොච්චිකඩේ ප්‍රදේශයේය. ඔහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලය, කොළඹ 13.[4] ඔහු පාසල් වියේදී මල්ලවපොර, බොක්සිං සහ පිහිනුම් ක්‍රීඩාවන්හි විශිෂ්ට ක්‍රීඩකයෙකි. වයස අවුරුදු 15 දී ඔහු කොටහේන ආම්ස්ට්‍රෝං මල්ලවපොර සමාජයේ සාමාජිකයෙකු විය. ඔහු බස්නාහිර පළාත් පාසල් මල්ලවපොර ශූරතාවලියට ඉදිරිපත් වී අනුශූරතාව දිනාගන්න ලදි.[5] ඊට අමතරව කරාටේ, ජූඩෝ සහ ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් කළා. 1959 දී ඔහුගේ ජ්‍යෙෂ්ඨ පෙළ විභාගයෙන් පසු ඔහු ටෙලි ලිපිකරුවෙකු ලෙස වරාය අධිකාරියට බැඳුණි. ඔහු 1961 දී අපරාජිත ජාතික මල්ලවපොර ශූරයා ලෙස කීර්තියට පත් වූ අතර 1962 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය.[6] ප්‍රනාන්දු 1964 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ අතර 1966 බැංකොක් නිපොන් ආසියානු ක්‍රීඩා උළෙලටද සහභාගි විය.[2] පසුව දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔහුට ගෝලීය ක්‍රීඩා තරඟාවලි කිහිපයකට සහභාගී වීමේ අවස්ථාව අහිමි විය.[7] ක්‍රීඩාවෙන් තම රට නියෝජනය කළ ශ්‍රී ලංකාවේ එකම නළුවා වන්නේද ඔහුය.[5]
ප්‍රනාන්දු සිය රංගන දිවිය තුළ කොළඹ මහ නගර සභාවේ (CMC) ක්‍රීඩා උපදේශකයෙකු ලෙස සේවය කළේය.[6] ඔහු ක්‍රීඩාවට කළ දායකත්වය වෙනුවෙන් 2009 වසරේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සම්මානයක් දිනා ගත්තේය.[7]
ප්‍රනාන්දු 1978දී අනෝමා ලුම්බිණි සමඟ විවාහ විය.[2] මෙම යුවළට දියණියන් දෙදෙනෙක් - අනුෂ්කා සහ ආශා - සහ එක් පුතෙක් - අනෝජන් සුදර්ශන සිටී. ඔහු පදිංචිව සිටියේ තම බිරිඳ සමඟ අංක. 103, නාතුදූව, කැලණිය පිහිටි තම නිවසේය.[7]
ප්‍රනාන්දු 2020 අප්‍රේල් 29 වන දින වයස අවුරුදු 79 දී මිය ගියේය.[8][9]
සිනමා ජීවිතය
සංස්කරණයප්රනාන්දු නාට්‍ය කලාව ආරම්භ කළේ දෙමළ වේදිකා නාට්‍යවල රඟපාමින්. ඉන් අනතුරුව ඔහු ශැලෝමි හා ජුලියස් සීසර් නාට්‍යවල රඟපෑවා.[4] ප්‍රනාන්දුගේ මංගල සිනමා රංගනය 1963 වසරේ ටී. සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද වෙන ස්වර්ගයක් කුමටද? චිත්‍රපටය හරහා සිදු විය.[2] ඔහු එම චිත්‍රපටයේ හෙන්රි ජයසේන වෙනුවෙන් ප්‍රයෝගකාරී චරිතයක් රඟපෑ නමුත් ඔහුගේ සටන් දර්ශනය අවසානයේ චිත්‍රපටයෙන් ඉවත් කරන ලදී.[6] ඉන්පසුව "හාර ලක්ෂය", "ශ්‍රී මදාරා", "රාජගෙදර පරවියෝ", "සරදියෙල්ගේ පුතා" සහ "පස මිතුරෝ" ඇතුළු වාණිජ චිත්‍රපට කිහිපයක ප්‍රධාන චරිතවල දිගටම රඟපෑවේය.[6] ප්‍රනාන්දු ජනප්‍රිය ගායක එච්. ආර්. ජෝතිපාල, කැමරා ශිල්පී ලෙනින් මොරායස් සහ නර්තන ශිල්පී රොනල්ඩ් ප්‍රනාන්දුගේ සමීප මිතුරෙකුද විය.[7][5]
1963 දී ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ අධ්‍යක්ෂණය කරන ලද ‘‘රුහුණු කුමාරි’’ චිත්‍රපටයේ රඟපාන්නැයි සෙසු සටන් නළු රොබින් ප්‍රනාන්දු ඔහුට ආරාධනා කළේය.[4] මේ අතර ඔහු අටවෙනි පුදුමය’’ (1968) සහ ‘කොහොමද වැඩේ’ (1969) චිත්‍රපටවල රඟපෑවේය. “අටවෙනි පුදුමය” චිත්‍රපටයේ රඟපාන්නට ඔහුව හැඳල විජය චිත්‍රාගාරයට ගෙන්වා ගත්තේ සිනමා නළු සේනාධීර රූපසිංහ විසිනි. ඔහුගේ "රුහුණු කුමාරි" චිත්‍රපටයත් මේ අවදියේදී ප්‍රදර්ශනය විය.[6] චිත්‍රපටය ඉතා ජනප්‍රිය වූ පසු, ප්‍රවීණ නළු ජෝ අබේවික්‍රම ඔහුව ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ටයිටස් තොටවත්ත වෙත හඳුන්වා දුන්නේ හාර ලක්ෂය චිත්‍රපටයේ රඟපෑමටය. එහි සටන් ජවනිකාවලට අමතරව ඔහුගේ චරිතයට බොහෝ දෙබස් පේළි ඇතුළත් වූ අතර ප්‍රනාන්දු චිත්‍රපටියක දෙබස් සැපයූ පළමු අවස්ථාව විය.[7]
වර්ෂ 1972 දී, ප්‍රනාන්දු සිංහල චිත්‍රපට හතක රඟපෑවා.[5] 1973 දී සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඔහුගේ “මාතර ආච්චි” චිත්‍රපටයට සටන් අධ්‍යක්ෂණය ප්‍රනාන්දුට භාර දුන්නේය. ප්‍රනාන්දු 1977 දී එදිරිසිංහ සමඟ "ශ්‍රී මදාරා" චිත්‍රපටයට ප්‍රධාන නළුවා ලෙස සම්බන්ධ විය.[2] 1974 යසපාලිත නානායක්කාර විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘සහයට ඩැනී’’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක රඟපාන්නටද ඔහුට අවස්ථාව ලැබිණි.[6] චිත්‍රපටවල දුෂ්ඨ චරිත රැසකදී ඔහු ගාමිණී ෆොන්සේකා සමඟ සටන් ජවනිකා වල රඟපෑවේය. එක් අවස්ථාවකදී ගාමිණී අතින් තුවාල වී දින තුනක් යනතුරු ඇස් ඇරීමට නොහැකි විය.[7]
1976 දී නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ ‘‘සරදියෙල්ගේ පුතා’’ චිත්‍රපටයේ නාමික චරිතය ලෙස ප්‍රනාන්දු රඟපෑවේය.[6] මේ කාලයේදී ඔහුට ඇන්තනි සී පෙරේරා සහ ජයමුණි නිමල් සිල්වාගේ මඟපෙන්වීම යටතේ වේදිකා නාට්‍ය කිහිපයක්ම රඟපාන්නට අවස්ථාව ලැබිණි. 1983 දී ඔහු ආනන්ද හේවගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද මර්වින් ජයතුංග සමඟ "පස මිතුරෝ" චිත්‍රපටයේ රඟපෑවේය. මෙම චිත්‍රපටය ඔහුගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ අතර එහිදී ඔහු දෙමළ සිරකරුවෙකු ලෙස යථාර්ථවාදී චරිතයක් නිරූපණය කළේය.[4] 1984 දී ප්‍රනාන්දු මෙම භූමිකාව සඳහා ජනාධිපති සම්මානය දිනා ගත්තේය.[5]
බොහෝ චිත්‍රපටවල සෝනියා දිසා ප්‍රනාන්දුගේ චරිතවල පෙම්වතිය ලෙස රඟපෑවාය.[2] "සහයට ඩැනී", "ශ්‍රී මදාරා", "ඇගේ ආදර කතාව", "කවුද රාජා" සහ "හරිම බඩු තුනක්" ඇතුළු චිත්‍රපටවල ඔවුන් එකට රඟපාන ලදි.[4]
සිංහල චිත්‍රපටිවලට අමතරව, ප්‍රනාන්දු "යාර් අවල්", "එංගලෙයිල් ඔරුවන්", "නංගු ලෙච්චමි", "රත්තති තිර්තෙම්මේ" යන දෙමළ චිත්‍රපටවල සහ "Reincarnation" යන ඉංග්‍රීසි චිත්‍රපටයේ ද රඟපෑවේය.[4]
මූලාශ්ර
සංස්කරණය- ^ "Alexander Fernando films". IMDb. සම්ප්‍රවේශය 14 February 2020.
- ^ a b c d e f "Alexander Fernando, who made the silver screen as a combat actor at the time". Colombo Journal. 1 February 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 February 2020.
- ^ "No one in the cinema comes to see me today: Alexander Fernando". Sarasaviya. සම්ප්‍රවේශය 2021-01-10.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help) - ^ a b c d e f "Alexander, the fighter of the cinema". Dinamina. සම්ප්‍රවේශය 14 February 2020.
- ^ a b c d e "Sports star turned action hero". Daily News. සම්ප්‍රවේශය 14 February 2020.
- ^ a b c d e f g "Yasapalitha made me a hero". Lanka Press. සම්ප්‍රවේශය 14 February 2020.
- ^ a b c d e f "The artist must always be independent". Divaina. සම්ප්‍රවේශය 14 February 2020.
- ^ Veteran actor, Alexander Fernando passed away
- ^ "ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු සමුගනී". Sarasaviya. සම්ප්‍රවේශය 3 May 2020.
මේවාද බලන්න
සංස්කරණය- ඇලෙක්සැන්ඩර් ප්රනාන්දු සඳහා IMDb හි ඇති තොරතුරු