රොබින් ප්‍රනාන්දු

පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු, (උපත: ජූනි 15, 1937 - විපත: ජනවාරි 8, 2022), හෙවත් රොබින් ප්‍රනාන්දු, යනු ශ්‍රී ලංකා සිනමාවේ, සහ රූපවාහිනියේ නළුවෙක් හා සටන් අධ්‍යක්ෂකවරයෙකි.[1] සිංහල සිනමාවේ හොඳම සටන් අධ්‍යක්ෂකවරයකු ලෙස සැලකෙන ප්‍රනාන්දු 1965 වසරේ “චණ්ඩියා” චිත්‍රපටයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර ප්‍රධාන චරිත ‍රැසක් සමඟින් ප්‍රසිද්ධියට පත් විය.[2]

රොබින් ප්‍රනාන්දු
Robin Fernando
උපත
පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු

ජුනි 15, 1937(1937-06-15)
මියගිය දිනයJanuary 8, 2022(2022-01-08) (වයස 84)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයකොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය
රැකියාවනළුවා, සටන් අධ්‍යක්ෂකවරයා
සක්‍රීය වසර1964–2022
කලත්‍රයා(යන්)වයලට් ජයවීර (m. 1963)
දරුවන්1
සම්මානහොඳම දුෂ්ටයා
හොඳම සහය නළුවා

පෞද්ගලික ජීවිතය සංස්කරණය

ප්‍රනාන්දු 1937 ජුනි 15 වැනිදා කොටහේනේදී පවුලේ තුන්වැනියා ලෙස උපත ලැබීය.[3] ඔහුගේ පියා සිරිල් ඇන්තනි මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර එම්.ඩී ගුණසේන සමාගමේ මුද්‍රණ අංශයේ ප්‍රධාන ප්‍රධානියා ලෙස සේවය කළේය.[1] ඔහුගේ මව වයලට් ඇන්තනි ගෘහණියක් විය. ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සහ බාල සහෝදරියන් දෙදෙනෙකු සිටී.[4]

ඔහු අධ්‍යාපනය සම්පූර්ණ කළේ දෙවන ලෝක සංග්‍රාමය සිදු වූ කාල පරිච්ඡේදයේදී කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයයෙනි. කරාටේ, ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා සඳහාද ඔහු ජාතික වර්ණ ලබා ගත්තේය.[5] 1963 දී පාසලෙන් ඉවත් වූ පසු ඔහු කොළඹ මැක්වුඩ් සමාගමේ රැකියාවට ගියේය.[1]

ප්‍රනාන්දු 1964 ඔක්තෝම්බර් 14 වන දින ඔහුගේ සහකරු වයලට් ජයවීර සමඟ විවාහ වූ අතර ඔවුන්ට චන්න නමින් එක් පුතෙක් සිටියහ. ඔහුට වයලට් මුණගැසුණේ 1962 දී ය.[1] ප්‍රනාන්දු වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අතර 2021 ජනවාරි 8 වන දින වයස අවුරුදු 84 දී මිය ගියේය.[6][7]

වෘත්තීය ජීවිතය සංස්කරණය

ඔහුව චිත්‍රපට අධ්‍යක්ෂ ටයිටස් තොටවත්තට හඳුන්වා දුන්නේ ආරියරත්න කහවිට විසිනි.[1] ඔහුගේ ප්‍රථම රංගනය "හිඟන කොල්ල" හරහා, ප්‍රසිද්ධියට පත් නොවූ ස්ටන්ට්මෑන් ලෙසිනි. ආරියරත්න කහවිටගේ ‘‘චණ්ඩියා’’ චිත‍්‍රපටියට ඔහුව තෝරා ගත්තා.[8] ප්‍රනාන්දුට අනුව ඔහුගේ ප්‍රථම සිනමා රංගනය “චණ්ඩියා” හරහා පැමිණි නමුත් එය තිරගත වූයේ 1964 දී ඔහුගේ දෙවැනි චිත්‍රපටය වූ “ධීවරයෝ” තිරගත වීමෙන් පසුව 1965 දීය.[4] 1965 වසරේ "චණ්ඩියා" චිත්‍රපටයේ ඔහුගේ මංගල රංගනයේ සිට ඔහු සිංහල චිත්‍රපට 80 කට වැඩි ගණනක රඟපා ඇත.[9] 1983 දී ප්‍රනාන්දු සිය ප්‍රථම චිත්‍රපටය වන "සුර දූතියෝ" අධ්‍යක්ෂණය කරන ලද අතර එය සත්‍ය සිදුවීම් පාදක කර ගත්තේය. ඔහුගේ අවසන් අධ්‍යක්ෂණය "නින්ජා ශ්‍රී ලංකා" හරහාය.[4]

ඔහුගේ ප්‍රථම රූපවාහිනී රංගනය එංගලන්තයේදී රූගත කළ ශ්‍රියානි අමරසේනගේ “ඉර බටු තරුව” හරහා සිදුවිය. රොබින් ප්‍රනාන්දුගේ අනෙකුත් රූපවාහිනී කතාමාලා අතර, චන්ද්‍රාමය, හැංගිමුත්තම්, පාරාදීසය සහ දාමිණී ඇතුළත් වේ.[10][11]

රූපවාහිනී කතා මාලා සංස්කරණය

  • බෝගල සවුන්දිරිස් [12]
  • බෝපත් සාක්කිය[13]
  • චන්ද්‍රාමය
  • දාමිණී
  • හැංගිමුත්තන්[14]
  • හිම රාත්‍රිය
  • ඉර බටු තරුව
  • පාරාදීසය
  • පිංගල දනව්ව[15]
  • පුෂ්පරාග [16]
  • සමුද්‍ර චායා[17]
  • සංග්‍රාමය
  • සැරිසර ලිහිණි [18]
  • සෙක්කු ගෙදර
  • උරුමය සොයා[19]
  • වංශක්කාරයෝ[20]
  • වස්සානයේ හිරු ඇවිදින් [21]

References සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 "'Jackie Chan' in Sinhala cinema: Robin Fernando in a retrospective of the past". Silumina. සම්ප්‍රවේශය 2021-06-07. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  2. "Robin Fernando". National Film Corporation Of Sri Lanka.
  3. "Happy Birthday Robin Brother". Sarasaviya. සම්ප්‍රවේශය 2021-06-22. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  4. 4.0 4.1 4.2 "Its 51 years to Robin's cinema life". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
  5. "Robin: Remarkable role of action hero". The Sunday Times. සම්ප්‍රවේශය 11 March 2017.
  6. "Sri Lanka : Veteran actor Robin Fernando passes away". www.colombopage.com. සම්ප්‍රවේශය 2022-01-08.
  7. "Senior Actor Robin Fernando has passed away". NewsWire (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2022-01-08. සම්ප්‍රවේශය 2022-01-08.
  8. "Robin in mood to reminisce". Sunday Times. සම්ප්‍රවේශය 29 November 2019.
  9. "Robin Fernando filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 18 October 2017.
  10. "Face 2 Face with Robin Fernando". Info Lanka. සම්ප්‍රවේශය 11 March 2017.
  11. "Pioneer of stunts of Sinhala cinema". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.
  12. "'Bogala Saundaris' story on exploitation and heroism". Sunday Times. සම්ප්‍රවේශය 29 November 2019.
  13. "'Bopath Sakkiya' goes in search of contentment". Sunday Times. සම්ප්‍රවේශය 15 August 2019.
  14. "'Hangimuththan' from Sriyani". Sunday Times. සම්ප්‍රවේශය 27 November 2019.
  15. "'Pingala Danawwa' portrays our ancient civilisation". The Nation. සම්ප්‍රවේශය 15 August 2019.
  16. "'Pushparaga': A suspenseful teledrama". Sunday Times. සම්ප්‍රවේශය 30 November 2019.
  17. "Samudra Chaya: a tender love story". Sunday Times. සම්ප්‍රවේශය 25 September 2019.
  18. "Malani flies high with 'Sarisara Lihini'". Sunday Times. සම්ප්‍රවේශය 30 November 2019.
  19. "Janaka comes out with 'Urumaya Soya'". Sunday Times. සම්ප්‍රවේශය 25 September 2019.
  20. "'Wansakkarayo' exposes evils of politics". Sunday Times. සම්ප්‍රවේශය 17 July 2019.
  21. "Of love, sacrifice and mystery". Sunday Times. සම්ප්‍රවේශය 15 August 2019.

External links සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රොබින්_ප්‍රනාන්දු&oldid=595036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි