අයිසීසී එදිජා ශූරතාවය

අයිසීසී එදිජා ශූරතාවය යනු, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් පවත්වනු ලබන, ජාත්‍යන්තර එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකි. තරගාවලිය හුදු කාල්පනික වන්නේ, විධිමත් එදිජා තරග න්‍යායපත්‍රය මත උඩතුරා ඇති සරල ශ්‍රේණිගතකිරීම් පරිපාටියක් වන බැවිනි. එක් එක් එදිජා තරගයට පසුව, සම්බන්ධිත කණ්ඩායම් දෙකට ලකුණු පිරිනැමෙනුයේ ගණිතමය සූත්‍රයක් අනුවය. එක් එක් කණ්ඩායමෙහි ලකුණු, සමස්ත තරග ගණනින් බෙදෙනුයේ ශ්‍රේණිගතය ලබා දීමට වන අතර, සියළු කණ්ඩායම් වගුවක පෙළට තබනුයේ ශ්‍රේණිගතයෙහි පිළිවෙලටය.

අයිසීසී එදිජා ශූරතාවය
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියඑක් දින ජාත්‍යන්තරය
පළමු තරගාවලිය2002
අවසාන තරගාවලියඉදිරියට යන
තරගාවලි ආකෘතියකාල්පනික (ඉදිරියට ගෙන යන ලකුණු
ක්‍රීඩා කෙරෙන සියළු තරග
වෙතින් සමුච්චිතය)
කණ්ඩායම් ගණන16
වත්මන් ශූරයා එංගලන්තය (123 ලකුණු)
වඩාත් ජයග්‍රාහී ඕස්ට්‍රේලියාව (මාස 141)

ක්‍රිකට් පිතිකරන සාමාන්‍යයන්ට සමාකාර වන පරිදී, එදිජා තරගයක් ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු සැමවිටම කණ්ඩායමෙහි ශ්‍රේණිගතයට වඩා වැඩි වන බැවින් ශ්‍රේණිගතය ඉහළ නංවන අතර, එදිජා තරගයක් පරාජයවීම සඳහා ලකුණු සැමවිටම ශ්‍රේණිගතයට වඩා අඩු වෙමින් ශ්‍රේණිගතය පහළ දමයි. ඉහළ සහ පහළ ශ්‍රේණිගත කණ්ඩායම් දෙකක් අතර ජය පරාජයෙන් තොරව නිමවූ තරගයක් විසින් පහළ-ශ්‍රේණිගත කණ්ඩායමට වාසි ගෙන දෙන්නේ ඉහළ-ශ්‍රේණිගත කණ්ඩායමට අවාසි ලබා දෙමිනි.ප්‍රබල හා දුබල කණ්ඩායම් මිශ්‍රණයක් හා සමග ක්‍රිඩා කරමින් ජයග්‍රහණය කරන ලෙසින්ම පරාජය ලබන "සාමාන්‍යය" කණ්ඩායමක්සඳහා ශ්‍රේණිගතය 100 ක් විය යුතුය.

2014 සැප්තැම්බර් 1 දින වන විට, ඉන්දියාව විසින්, අයිසීසී එදිජා ශූරතාවෙහි ඉදිරියෙන් සිටින්නේ 114ක ශ්‍රේණිගතයක් සහිතව වන අතර, පහළතම ශ්‍රේණිගත කණ්ඩායම වන අයර්ලන්තය සතුවන්නේ, 33 ක ශ්‍රේණිගතයකි.[1]

සුදුසුකම් ලැබීම

සංස්කරණය

වෙන්වූ ශ්‍රේණිගතය වගු දෙකක් වෙතින් ශූරතාවය සමන්විත වෙයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන අයිසීසී පූර්ණ සාමාජිකයන් දසදෙනා, ස්වයංක්‍රීය ලෙසින් ප්‍රධාන වගුවෙහි ලැයිස්තුගත වෙති. එක් දින ජාත්‍යන්තර තත්ත්වය හිමි ආශ්‍රව සාමාජිකයෝ සය දෙනා ද්වීතියික වගුවෙහි ලැයිස්තුගත කෙරෙන අතර, පහත උපමානයන් අතුරින් එකක් සම්පූර්ණ කිරීමෙන්, උසස්කිරීමට සුදුසුකම් ලබනු ඇත:[2]

  • පූර්ණ සාමාජිකයන්ට එරෙහි එදිජා ජයග්‍රහණ දෙකක්
  • එක් පූර්ණ සාමාජිකයයෙකුට එරෙහි එදිජා ජයග්‍රහණ එකක් සහ අනෙකුත් ආශ්‍රය සාමාජිකයන්ට එරෙහි සුදුසුකම් ලැබීමේ තරග අතුරින් 60%කට වඩා ජයග්‍රහණය කිරීම

අයර්ලන්තය විසින් ප්‍රධාන වගුව සඳහා සුදුසුකම් ලැබුවේ, 2007 ලෝක කුසලානයෙහිදී, පකිස්තානයට සහ බංග්ලාදේශයට එරෙහිව ලත් ජයග්‍රහණ නිසා වන අතර,[3] නෙදර්ලන්තය 2010දී සුදුසුකම් ලැබුවේ, බංග්ලාදේශය පරාජය කිරීමෙනි. කෙන්යාවද ප්‍රධාන වගුවෙහි ලැයිස්තුගත කර ඇත්තේ ඔවුන් හට පෙරදී ස්ථීර එදිජා තත්ත්වය හිමිව තුබූ බැවිනි.අළුතෙන්ම ඇතුළුවූවන් වූයේ ඇෆ්ගනිස්තානය වන අතර, 2014 ආසියානු කුසලානෙහිදී බංග්ලාදේශය පරාජය කළහ.

වගුව සඳහා ගණනය කිරීම් පහත පරිදී සිදු කෙරෙයි:

  • එක් එක් කණ්ඩායම ලකුණු ලබනුයේ ඔවුන් ක්‍රීඩා කල තරගවල ප්‍රතිඵල පරිදීය.
  • එක් එක් කණ්ඩායමෙහි ශ්‍රේණිගතය සමාන වනුයේ එය රැස් කල මුළු ලකුණු ගණන, එය ක්‍රීඩා කල මුළු තරග ගණනින් බෙදීමෙනි. (මෙම ගණනය කිරීමේදී තරගමාලා ප්‍රතිඵලය නොසැලකෙයි).
  • ගණනය සඳහා තරගයක් සැලකෙනුයේ අවසන් වසර සතර ඇතුළත ක්‍රීඩා කර ඇතොත් පමණි.
  • වසර-සතරක සීමාව තුල පළමු වසරෙහිදී ක්‍රීඩා කල තරග සඳහා වටිනාකම තුනෙන්-පංගුවක් වෙයි; දෙවන වසර තුලදී ක්‍රීඩා කල තරග සඳහා එය තුනෙන්-දෙපංගුවක් වෙයි; අවසන් වසර දෙක තුල ක්‍රීඩා කල තරග සඳහා සම්පූර්ණ වටිනාකම හිමි වෙයි; මෑත තරග සඳහා ඉඳුරාම වැඩි භරණයක් හිමිවෙයි.
  • කිසියම් තරගයකින් පසුව කණ්ඩායමක ශ්‍රේණිගතය තීරණය කරනු වස්:
    • තරග ප්‍රතිඵලය නිශ්චය කරන්න (දිනුම, පැරදුම, හෝ ජය-පරාජයෙන් තොර)
    • ලැබෙන තරග ලකුණු ගණනය කරන්න:
      • තරගය ඇරඹෙන විට, කණ්ඩායම් දෙක අතර ශ්‍රේණිගතයන් අතර පරතරය, ලකුණු 40 කට වඩා අඩු නම්:
        • විරුද්ධවාදියාගේ ශ්‍රේණිගතයට වඩා වැඩියෙන් ලකුණු 50ක් ජයග්‍රාහකයාට ලැබෙයි
        • විරුද්ධවාදියාගේ ශ්‍රේණිගතයට වඩා අඩුවෙන් ලකුණු 50ක් පරාජිතයාට ලැබෙයි
        • ජය පැරදුමෙන් තොර එක් එක් කණ්ඩායම විරුද්ධවාදියාගේ ශ්‍රේණිගතයට සමාන ලකුණු ලබයි
      • තරගය ඇරඹෙන විට, කණ්ඩායම් දෙක අතර ශ්‍රේණිගතයන් අතර පරතරය, ලකුණු 40 කට වඩා වැඩි හෝ සමාන නම් හෝ :
        • එය ප්‍රබල කණ්ඩායම නම්, ස්වීය ශ්‍රේණිගතයට වඩා වැඩියෙන් ලකුණු 10 ක් ජයග්‍රාහකයා ලබයි
        • එය දුබල කණ්ඩායම නම්, ස්වීය ශ්‍රේණිගතයට වඩා වැඩියෙන් ලකුණු 90 ක් ජයග්‍රාහකයා ලබයි
        • එය ප්‍රබල කණ්ඩායම නම්, ස්වීය ශ්‍රේණිගතයට වඩා අඩුවෙන් ලකුණු 90 ක් පරාජිතයා ලබයි
        • එය දුබල කණ්ඩායම නම්, ස්වීය ශ්‍රේණිගතයට වඩා අඩුවෙන් ලකුණු 10 ක් පරාජිතයා ලබයි
        • ජය පැරදුමෙන් තොර තරගයකදී, ප්‍රබල කණ්ඩායම ස්වීය ශ්‍රේණිගතයට වඩා අඩුවෙන් ලකුණු 40 ක් ලබයි
        • ජය පැරදුමෙන් තොර තරගයකදී, දුබල කණ්ඩායම ස්වීය ශ්‍රේණිගතයට වඩා වැඩියෙන් ලකුණු 40 ක් ලබයි
    • දැනටමත් රැස් කර ඇති ලකුණු ගණනට (පෙර තරගවලදී වගුවෙහි පෙන්වන පරිදී) රැස් කර ගත් තරග ලකුණු එක් කොට නව ශ්‍රේණිගතය නිර්ණය කරන්න. කෙසේවෙතත්, අවසන් වසර සතර පරාසයෙහි නොපවතින තරග (සහ ලකුණු) ඉවත් කල යුතු වෙයි.
  • කණ්ඩායම් විසින් රැස් කෙරෙන ලකුණු, ප්‍රතිවාදියාගේ ශ්‍රේණිගතය මත පදනම් වෙන බැවින්, එය ඇරඹුනු විට කණ්ඩායම් සඳහා පාදක ශ්‍රේණිගතයන් නියම කිරීමට මෙම ක්‍රමවේදයට සිදු විය.

ශ්‍රේණිගතය වගුව

සංස්කරණය
අයිසීසී එක්දින ශ්‍රේණිගතකිරීම
ස්ථානය කණ්ඩායම සහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණු ශ්‍රේණිගතය
1   එංගලන්තය 38 4,659 123
2   ඉන්දියාව 47 5,669 121
3   දකුණු අප්‍රිකාව 39 4,488 115
4   නවසීලන්තය 33 3,729 113
5   ඕස්ට්‍රේලියාව 40 4,342 109
6   පකිස්තානය 37 3,552 96
7   බංග්ලාදේශය 31 2,667 86
8   බටහිර ඉන්දීය කොදෙව් 34 2,719 80
9   ශ්‍රී ලංකාව 43 3,266 76
10   ඇෆ්ගනිස්තානය 28 1,780 64
11   සිම්බාබ්වේ 30 1,609 54
12   අයර්ලන්තය 20 921 46
13   ස්කොට්ලන්තය 9 359 40
14   නේපාලය 8 152 19
15   එක්සත් අරාබි එමීර් 15 144 10
16   පපුවා නවගිනිය 9 50 6
Matches is the number of matches played in the 12-24 months since the May before last, plus half the number in the 24 months before that. See points calculations for more details.
Reference: Cricinfo Rankings page,ICC ODI rankings 3 May 2019

ආශ්‍රය ශ්‍රේණිගතයන්

සංස්කරණය
 
යෝඑල් ඔල්වනි, උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමේ නායක

2005 වසරෙහි අගභාගයෙහිදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්, ඉහළ පෙළ සිටි ටෙස්ට්-ක්‍රීඩාවෙහි නොයෙදෙන ජාතීන් 11–30 ලෙසින් ශ්‍රේණිගත කලේ, අයිසීසී එදිජා ශූරතාවයෙහි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහි යෙදෙන ජාතීන්ගේ ශ්‍රේණිගතයන් ඌනපූරණය කරනු සඳහාය. අයිසීසී විසින්, මෙම ජාතීන් ශ්‍රේණිගතය සඳහා භාවිතා කලේ, 2005 අයිසීසී කුසලානෙහි සහ WCQS කොට්ඨාශය 2 තරගයෙහි (එනම්, 2007 ක්‍රිකට් ලෝක කුසලාන සඳහා ප්‍රාථමික සුදුසුකම් ලැබීම් යාන්ත්‍රණයෙහි) ප්‍රතිඵලයන් වෙති.

ගෝලීය ලෝක ක්‍රිකට් ලීගයේ ප්‍රාරම්භ ප්‍රාථමික ශ්‍රේණිගතය සඳහා මෙම ශ්‍රේණිගතයන් භාවිතා කෙරිණි. 11–16 ශ්‍රේණිගතය ලැබූ කණ්ඩායම් 1 වන කොට්ඨාශයට ඇතුළු කර ගන්නා ලදි; 17–20 ශ්‍රේණිගතය ලැබූ කණ්ඩායම් 2 වන කොට්ඨාශයට ඇතුළු කර ගන්නා ලදි; 21–24 ශ්‍රේණිගතය ලැබූ කණ්ඩායම් 3 වන කොට්ඨාශයට ඇතුළු කර ගන්නා ලදි; ඉතිරි කණ්ඩායම්, ඔවුන්ගේ ස්වකීයවූ ප්‍රාදේශීය සුදුසුකම් ලබනයන්ගේ ඉහළ කොට්ඨාශයන් වෙත ඇතුළු කර ගන්නා ලදි.

2009 අප්‍රේල් 19 දින වන විට, ඉහළින් සිටි ආශ්‍රය/අනුබද්ධ කණ්ඩායම් විසින් එක් දින තත්ත්වය හිමි කර ගන්නා ලදි. ප්‍රධාන ශ්‍රේණිගත වගුවෙහි සිටීමට කෙන්යාව සහ අයර්ලන්තය යන කණ්ඩායම් දෙකම වරම් ලැබූ අතර, කෙන්යාව එම සුදුසුකම ලැබුවේ වත්මන් තත්ත්වය අනුව වන අතර අයර්ලන්තය එසේ ලැබුවේ 2007 ලෝක කුසලානෙහිදී ලත් ජයග්‍රහණ දෙක නිසාය. 2010 ජූලි මාසයේදී බංග්ලාදේශය පරදවා ඔවුන් ලත් ලත් ජයග්‍රහණ නිසා, නෙදර්ලන්තය විසින් ප්‍රධාන වගුවට එක් වන ලදි. ඇෆ්ගනිස්තානය, කැනඩාව සහ ස්කොට්ලන්තය යන රටවල් ද්වීතියක වගුවෙහි රැඳී සිටියහ. 2009 මැයි මාසයේදී, අයිසීසීය විසින් සියළු ආශ්‍රය සහ අනුබද්ධ සාමාජීකයන් සඳහා ශ්‍රේණිගත වගුවක් එක් කලේය. ගෝලීය සහ ප්‍රාදේශීය ස්ථාපනයන් දෙකම මෙහි ඇකුළත්වී තිබුණි.

අයිසීසී පරිදී 2013 අගෝස්තු 18 වන විට ආශ්‍රය ශ්‍රේණිගතයන් පහත පරිදී විය:[4]

අනුස්ථිතිය ජාතිය ප්‍රාදේශීය අනුස්ථිතිය
13   ස්කොට්ලන්තය යුරෝපය අංක. 2 ආශ්‍රය/අනුබද්ධ සාමාජිකයා
14   එක්සත් අරාබි එමීර් ආසියාව අංක. 2 ආශ්‍රය/අනුබද්ධ සාමාජිකයා
15   හොංකොං ආසියාව 3
16   පපුවා නවගිනිය නැආශා අංක. 1 ආශ්‍රය/අනුබද්ධ සාමාජිකයා
17   නෙදර්ලන්තය යුරෝපය 3
18   කෙන්යාව අප්‍රිකාව අංක. 1 ආශ්‍රය/අනුබද්ධ සාමාජිකයා
19   කැනඩාව ඇමරිකාවන් අංක. 1 ආශ්‍රය/අනුබද්ධ සාමාජිකයා
20   නැමිබියාව අප්‍රිකාව 2
21   නේපාලය ආසියාව 4
22   උගන්ඩාව අප්‍රිකාව 3
23   එක්සත් ජනපද ඇමරිකාවන් 2
24   බර්මියුඩා ඇමරිකාවන් 3
25   ඕමානය ආසියාව 5
26   ඉතාලිය යුරෝපය 4
27   සිංගප්පූරුව ආසියාව 6
28   ඩෙන්මාර්කය යුරෝපය 5
29   මලයාසියාව ආසියාව 7
30   ටැන්සානියාව අප්‍රිකාව 4
31   ගුවර්න්සේ යුරෝපය 6
32   කේමන් දූපත් ඇමරිකාවන් 4
33 සැකිල්ල:රටේ දත්ත JER යුරෝපය 7
34 සැකිල්ල:රටේ දත්ත NGR අප්‍රිකාව 5
35   Vanuatu නැආශා 2
36   ආර්ජන්ටිනාව ඇමරිකාවන් 5
37 සැකිල්ල:රටේ දත්ත BHR ආසියාව 8
38   කුවේටය ආසියාව 9
39 සැකිල්ල:රටේ දත්ත BOT අප්‍රිකාව 6
40   ෆිජී නැආශා 3
41   ඝානාව අප්‍රිකාව 7
42   ජර්මනිය යුරෝපය 8
43   ජපානය
44   බෙල්ජියම
45   නෝර්වේ
46   සැමෝවා
47 සැකිල්ල:රටේ දත්ත SUR
48   භූතානය


ඓතිහාසික අයිසීසී එදිජා ශූරයෝ

සංස්කරණය

2002 ඔක්තොම්බර් දක්වා ඈතට වන පරිදී, අයිසීසී විසින් එක් එක් මාසයේ කෙළවර ශ්‍රේණිගතයන් දක්වයි. එම දිනයෙහි සිට, සම්පූර්ණ මාසයක කාල පරිච්ඡේදයකට අදාළ වන පරිදී, අනුයාත ලෙසින් වැඩිතම ශ්‍රේණිගතයන් පවත්වාගෙන යන ලද කණ්ඩායම්, පහත වගුව විසින් ලැයිස්තුගත කරයි.

කණ්ඩායම ඇරඹුම අවසානය සම්පූර්ණ මාස ගණන සමුච්චිත මාස ගණන වැඩිමතම ශ්‍රේණිගතය
  ඕස්ට්‍රේලියාව ඔක්තොම්බර් 2002 ජනවාරි 2007 52 52 140
  දකුණු අප්‍රිකාව පෙබරවාරි 2007 පෙබරවාරි 2007 1 1 128
  ඕස්ට්‍රේලියාව මාර්තු 2007 පෙබරවාරි 2008 12 64 130
  දකුණු අප්‍රිකාව මාර්තු 2008 මැයි 2008 3 4 127
  ඕස්ට්‍රේලියාව ජූනි 2008 දෙසැම්බර් 2008 7 71 131
  දකුණු අප්‍රිකාව ජනවාරි 2009 අගෝස්තු 2009 8 12 127
  ඕස්ට්‍රේලියාව සැප්තැම්බර් 2009 අගෝස්තු 2012 35 106 134
  එංගලන්තය අගෝස්තු 2012 දෙසැම්බර් 2012 5 5 121
  ඉන්දියාව ජනවාරි 2013 ජනවාරි 2014 13 13 124
  ඕස්ට්‍රේලියාව ජනවාරි 2014 අගෝස්තු 2014 7 113 117
  ඉන්දියාව අගෝස්තු 2014 - - 13 114

මෑතදී අයිසීසී විසින් එහි ශ්‍රේණිගතයන් ක්‍රමය 1981 සිට ප්‍රතිඵලයන්ට අදාළ වන පරිදී සකස් කලේය. වගුව ආරම්භ වන්නේ 1981දී සිට පමණක් වන්නේ, එම දිනට පෙර, තරග පැවැත්වීම කලාතුරකින් සිදුවන්නක් වූ බැවින් අවශ්‍ය තරම් දත්ත නොතිබුණු බැවින් සහ පෙර කාලයන්හී කුඩා කණ්ඩායම් සංඛ්‍යාවක් තරග වැදීම නිසාය.

1981 ජනවාරි සිට 2002සැප්තැම්බර් දක්වා කාල සීමාවෙහිදී, සම්පූර්ණ මාසයක කාල පරිච්ඡේදයකට අදාළ වන පරිදී, අනුයාත ලෙසින් වැඩිතම ශ්‍රේණිගතයන් පවත්වාගෙන යන ලද කණ්ඩායම්, පහත වගුව විසින් ලැයිස්තුගත කරයි.:

කණ්ඩායම ඇරඹුම අවසානය සම්පූර්ණ මාස ගණන
  එංගලන්තය ජනවාරි 1981 පෙබරවාරි 1981 2
  බටහිර ඉන්දීය කොදෙව් ජූනි 1981 නොවැම්බර් 1981 6
  එංගලන්තය දෙසැම්බර් 1981 දෙසැම්බර් 1981 1
  බටහිර ඉන්දීය කොදෙව් ජනවාරි 1982 මැයි 1987 65
  එංගලන්තය අගෝස්තු 1987 මාර්තු 1988 8
  බටහිර ඉන්දීය කොදෙව් අප්‍රේල් 1988 මැයි 1988 2
  එංගලන්තය අගෝස්තු 1988 මැයි 1989 10
  බටහිර ඉන්දීය කොදෙව් අගෝස්තු 1989 දෙසැම්බර් 1989 5
  ඕස්ට්‍රේලියාව ජනවාරි 1990 මාර්තු 1990 3
  බටහිර ඉන්දීය කොදෙව් අප්‍රේල් 1990 අප්‍රේල් 1990 1
  ඕස්ට්‍රේලියාව මැයි 1990 මැයි 1990 1
  බටහිර ඉන්දීය කොදෙව් ජූලි 1990 ජූලි 1990 1
  ඕස්ට්‍රේලියාව අගෝස්තු 1990 නොවැම්බර් 1990 4
  පකිස්තානය දෙසැම්බර් 1990 ජනවාරි 1991 2
  ඕස්ට්‍රේලියාව පෙබරවාරි 1991 මැයි 1991 4
  පකිස්තානය අගෝස්තු 1991 අගෝස්තු 1991 1
  ඕස්ට්‍රේලියාව ඔක්තොම්බර් 1991 මැයි 1992 8
  එංගලන්තය අගෝස්තු 1992 මාර්තු 1993 8
  බටහිර ඉන්දීය කොදෙව් අප්‍රේල් 1993 අප්‍රේල් 1993 1
  ඕස්ට්‍රේලියාව මැයි 1993 ජූලි 1993 3
  බටහිර ඉන්දීය කොදෙව් අගෝස්තු 1993 නොවැම්බර් 1994 16
  ඉන්දියාව දෙසැම්බර් 1994 මාර්තු 1995 4
  බටහිර ඉන්දීය කොදෙව් අප්‍රේල් 1995 මැයි 1995 2
  ඉන්දියාව අගෝස්තු 1995 ඔක්තොම්බර් 1995 3
  එංගලන්තය නොවැම්බර් 1995 දෙසැම්බර් 1995 2
  ඕස්ට්‍රේලියාව ජනවාරි 1996 අප්‍රේල් 1996 4
  දකුණු අප්‍රිකාව මැයි 1996 පෙබරවාරි 2000 46
  ඕස්ට්‍රේලියාව මාර්තු 2000 ජනවාරි 2002 23
  දකුණු අප්‍රිකාව පෙබරවාරි 2002 පෙබරවාරි 2002 1
  ඕස්ට්‍රේලියාව මාර්තු 2002 සැප්තැම්බර් 2002 7
මූලාශ්‍රය: හිස්ටොරිකල් රෑන්කිංස් සංරක්ෂණය කළ පිටපත 2013-01-20 at the Wayback Machine

සම්පූර්ණ මාසයක කාල පරිච්ඡේදයකට අදාළ වන පරිදී, 1981 සිට වර්තමානය දක්වා අනුයාත ලෙසින් වැඩිතම ශ්‍රේණිගතයන් පවත්වාගෙන යන ලද කණ්ඩායම් සාරාංශය වන්නේ:

කණ්ඩායම සම්පූර්ණ මාස ගණන වැඩිමතම ශ්‍රේණිගතය
  ඕස්ට්‍රේලියාව 163 140
  බටහිර ඉන්දීය කොදෙව් 99 141
  දකුණු අප්‍රිකාව 59 134
  එංගලන්තය 31 135
  ඉන්දියාව 20 127
  පකිස්තානය 3 131
මූලාශ්‍රය: හිස්ටොරිකල් රේටිංන්ස් රෑන්කිංස් සංරක්ෂණය කළ පිටපත 2013-01-20 at the Wayback Machine යාවත්කාලීන කිරීම 31/01/2014 දක්වා

ජයස්මාරකය

සංස්කරණය

අයිසීසී එදිජා ශූරතාවයෙහි ඉහළින්ම සිටි කණ්ඩායමට අයිසීසී එදිජා ශූරතා පළිහ ප්‍රදානය කෙරිණි. යුරෝ 2 කාසියක් ලෙසින්, පළිහෙහි දැක්වුනේ රන්-පැහැති ලෝහයෙන් සමන්විත ඇතුළු වෘත්තාකාර කොටසක් සහ එය වට කල රිදී-පැහැති ලෝහයෙන් සමන්විත වලල්ලකි. එය පළමුවෙන්ම ප්‍රදානය කෙරුණේ 2002 දෙසැම්බර් මාසයේදී වන අතර, ඕස්ට්‍රේලියාවේ නායක රිකී පොන්ටිං විසින් ජයස්මාරකය ලබා ගති. [5]


මෙයද බලන්න

සංස්කරණය


ආශ්‍රිත

සංස්කරණය
  1. ^ [1]
  2. ^ අයිසීසී – අසෝෂියේට් ඇන්ඩ් ඇෆිලියේට් රෑංකින්ස්
  3. ^ සංරක්ෂිත පිටපත, http://www.icc-cricket.com/icc-odi/content/story/290679.html, ප්‍රතිෂ්ඨාපනය 2014-09-29 
  4. ^ "අයිසීසී ග්ලෝබල් රෑන්කිංස් (ඈස් ඇට් 18 ඕගස්ට් 2013)" (PDF). අයිසීසී. සම්ප්‍රවේශය 2011-09-28.
  5. ^ ඕස්ට්‍රේලියා ඉන්ක්‍රීසර්ස් ලීඩ් ඉන් ඕඩීඅයි ස්ටෑන්ඩිංස් | ක්‍රිකට් නිවුස් | ග්ලෝබල් | ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=අයිසීසී_එදිජා_ශූරතාවය&oldid=591289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි