අයිසීසී ටෙස්ට් ශූරතාවය

අයිසීසී ටෙස්ට් ශූරතාවය යනු, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් පවත්වනු ලබන, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් 10 ක් සඳහා වන තරගාවලියකි. තරගාවලිය හුදු කාල්පනික වන්නේ, සියරට හෝ පිටරට හෝ තත්ත්වය සැලකිල්ලට නොගෙන, විධිමත් ටෙස්ට් ක්‍රිකට් තරග න්‍යායපත්‍රයෙහි කොටසක් ලෙසින් ක්‍රීඩා කෙරෙන සියළු ජාත්‍යන්තර තරග මත උඩතුරා ඇති සරල ශ්‍රේණිගතකිරීම් පරිපාටියක් වන බැවිනි. හරය වශයෙන් ගත් කල, එක් එක් ටෙස්ට් තරගාවලියට පසුව, සම්බන්ධිත කණ්ඩායම් දෙකට ලකුණු පිරිනැමෙනුයේ ගණිතමය සූත්‍රයක් අනුවය. එක් එක් කණ්ඩායමෙහි ලකුණු, සමස්ත තරග ගණනින් බෙදෙනුයේ 'ශ්‍රේණිගතයක්' ලබා දීමට වන අතර, ටෙස්ට්-ක්‍රීඩා කරන කණ්ඩායම් ශ්‍රේණිගතයෙහි පිළිවෙලට අනුස්ථිතියක දක්වනු ලැබේ. (මෙය වගුවක පිළිවෙලට දැක්විය හැක).

අයිසීසී ටෙස්ට් ශූරතාවය
අයිසීසී ටෙස්ට් ශූරතාවය ලාංඡනය
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියටෙස්ට් ක්‍රිකට්
පළමු තරගාවලිය2003
අවසාන තරගාවලියඉදිරියට යන
තරගාවලි ආකෘතියකාල්පනික (ඉදිරියට ගෙන යන ලකුණු
ක්‍රීඩා කෙරෙන සියළු තරග
වෙතින් සමුච්චිතය)
කණ්ඩායම් ගණන10
වත්මන් ශූරයා දකුණු අප්‍රිකාව (ලකුණු 124)
වඩාත් ජයග්‍රාහී ඕස්ට්‍රේලියාව (ලකුණු 76)

ටෙස්ට් තරගයක් හෝ තරගාවලියක් හෝ ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු සැමවිටම කණ්ඩායමෙහි ශ්‍රේණිගතයට වඩා වැඩි වන බැවින් ශ්‍රේණිගතය ඉහළ නංවන අතර, ටෙස්ට් තරගයක් හෝ තරගාවලියක් හෝ පරාජයවීම සඳහා ලකුණු සැමවිටම ශ්‍රේණිගතයට වඩා අඩු වෙමින් ශ්‍රේණිගතය පහළ දමයි. ඉහළ සහ පහළ ශ්‍රේණිගත කණ්ඩායම් දෙකක් අතර ජය පරාජයෙන් තොරව නිමවූ තරගයක් විසින් පහළ-ශ්‍රේණිගත කණ්ඩායමට වාසි ගෙන දෙන්නේ ඉහළ-ශ්‍රේණිගත කණ්ඩායමට අවාසි ලබා දෙමිනි. ප්‍රබල හා දුබල කණ්ඩායම් මිශ්‍රණයක් හා සමග ක්‍රිඩා කරමින් ජයග්‍රහණය කරන ලෙසින්ම පරාජය ලබන 'සාමාන්‍යය' කණ්ඩායමක් සඳහා ශ්‍රේණිගතය 100 ක් විය යුතුය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජයස්මාරකයක්, එනම් අයිසීසී ටෙස්ට් ශූරතා චේත්‍රය, ඉහළතම ශ්‍රේණිගතය රඳවාගෙන සිටින කණ්ඩායම වෙත පිරිනමයි. නව කණ්ඩායමක් ශ්‍රේණිගත ලැයිස්තුවෙහි ඉහළට පැමිණෙන සෑම අවස්ථාවකදීම, චේත්‍රය සමර්පණය කෙරෙයි.[1]

2014 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැති තරග දෙකකින් සමන්විත තරගාවලියකදී, ශ්‍රී ලංකාව 1-0 ලෙසින් පරාජය කිරීම නිසා වර්තමානයේදී අයිසීසී ටෙස්ට් ශූරතාවයෙහි ඉහළතම-ශ්‍රේණිගතයෙහි පසුවන කණ්ඩායම වන්නේ දකුණු අප්‍රිකාව වෙයි. [2]

වර්තමාන ශ්‍රේණිගතයෝ සංස්කරණය

අයිසීසී ටෙස්ට් ශූරතාවය
අනුස්ථිතිය වෙනස කණ්ඩායම තරග ලකුණු ශ්‍රේණිගතය
1   දකුණු අප්‍රිකාව 27 3353 124
2   ඕස්ට්‍රේලියාව 32 3950 123
3   එංගලන්තය 39 4063 104
4   ශ්‍රී ලංකාව 31 3126 101
5   ඉන්දියාව 29 2793 96
6   පකිස්තානය 23 2199 96
7   නවසීලන්තය 30 2787 93
8   බටහිර ඉන්දීය කොදෙව් 26 1962 75
9   සිම්බාබ්වේ 9 352 39
10   බංග්ලාදේශය 17 320 19
මූලාශ්‍රය: අයිසීසී රෑන්කිංස්, 16 සැප්තැම්බර් 2014

ඓතිහාසික ශ්‍රේණිගතයෝ සංස්කරණය

 
ඉහළ කණ්ඩායම් අට සඳහා 2003 වසරෙහි සිට 2011 ජූනි දක්වා ලෝක ශ්‍රේණිගතයන්

2003 ජූනි දක්වා වන පරිදී, සෑම මාසයක අගදී, අයිසීසී විසින් ශ්‍රේණිගතයන් ප්‍රකාශ කර දක්වයි. එම දිනයේ පටන්, සම්පූර්ණ මාසයක කාල පරිච්ඡේද වලට බල පැවැත්වෙන පරිදී, වැඩිමතම ශ්‍රේණිගතය අනුයාත පරිදී දැරූ කණ්ඩායම් වන්නේ:

කණ්ඩායම ඇරඹුම අවසානය සම්පූර්ණ මාස ගණන සමුච්චිත මාස ගණන වැඩිමතම ශ්‍රේණිගතය
  ඕස්ට්‍රේලියාව ජූනි 2003 අගෝස්තු 2009 74 74 143
  දකුණු අප්‍රිකාව අගෝස්තු 2009 නොවැම්බර් 2009 3 3 122
  ඉන්දියාව නොවැම්බර් 2009 අගෝස්තු 2011 21 21 130
  එංගලන්තය අගෝස්තු 2011 අගෝස්තු 2012 12 12 125
  දකුණු අප්‍රිකාව අගෝස්තු 2012 මැයි 2014 21 24 135
  ඕස්ට්‍රේලියාව මැයි 2014 ජූලි 2014 2 76 123
  දකුණු අප්‍රිකාව ජූලි 2014 වර්තමානය 124
මූලාශ්‍රය: අයිසීසී රෑන්කිංස් සංරක්ෂණය කළ පිටපත 2013-01-20 at the Wayback Machine

2003 වසරෙහිදී අයිසීසී විසින් නිල වශයෙන් ශ්‍රේණිගතය සිදුකිරීම ඇරඹීමෙන් පසුව , ඕස්ට්‍රේලියාව විසින් එහි ප්‍රමුඛත්වය ගත්තේ 1995 පමණ සිට ටෙස්ට් ක්‍රිකට් හී එය ප්‍රමුඛත්වය ගත් ලෙසින්මය. කෙසේවෙතත්, 2009 වසරෙහි සිට, කණ්ඩායම් කිහිපයක් (ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය සහ එංගලන්තය) විසින් ඉහළතම අනුස්ථිතිය සඳහා තරග වැදී ඇත.

අයිසීසී විසින් මෑතකදී එහි වර්තමාන ශ්‍රේණිගත ක්‍රමය, වසර 1952 සිට ප්‍රතිඵල කෙරෙහි බලපවත්වන පරිදී සකස්කලේ 1952 සිට සෑම මාසයක් අවසානයෙහි දැක්වෙන ලෙසට වන අතර එහිදීද ඕස්ට්‍රේලියාව විසින් ඓතිහාසික ලෙසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහි ප්‍රමුඛත්වය ගෙන සිටි සැටිය තවදුරටත් පැහැදිලි වන්නේ සැප්තැම්බර් 2001 සිට ජූලි 2009 දක්වා පළමු අනුස්ථිතිය රඳවාගෙන සිටි වැඩිම අනුයාත මාස ගණන (95), පළමු අනුස්ථිය රඳවාගෙන සිටි වැඩිම මාස ගණන (317) සහ ඉහළම ශ්‍රේණිගතය (143) යන්නන්ට උරුම කියමිනි. වගුව ආරම්භ වන්නේ 1952දී සිට පමණක් වන්නේ, එම දිනට පෙර, තරග පැවැත්වීම කලාතුරකින් සිදුවන්නක් වූ බැවින් අවශ්‍ය තරම් දත්ත නොතිබුණු බැවින් සහ පෙර කාලයන්හී කුඩා කණ්ඩායම් සංඛ්‍යාවක් තරග වැදීම නිසාය.

1952 ජනවාරි සිට 2003 මැයි දක්වා කාල සීමාවෙහිදී, සම්පූර්ණ මාසයක කාල පරිච්ඡේදයකට අදාළ වන පරිදී, අනුයාත ලෙසින් වැඩිතම ශ්‍රේණිගතයන් පවත්වාගෙන යන ලද කණ්ඩායම්, පහත වගුව විසින් ලැයිස්තුගත කරයි.:

කණ්ඩායම ඇරඹීම අවසානය මුළු මාස ගණන
  ඕස්ට්‍රේලියාව ජනවාරි 1952 මැයි 1955 41
  එංගලන්තය ජූනි 1955 පෙබරවාරි 1958 33
  ඕස්ට්‍රේලියාව මාර්තු 1958 ජූලි 1958 5
  එංගලන්තය අගෝස්තු 1958 දෙසැම්බර් 1958 5
  ඕස්ට්‍රේලියාව ජනවාරි 1959 දෙසැම්බර් 1963 60
  බටහිර ඉන්දීය කොදෙව් ජනවාරි 1964 දෙසැම්බර් 1968 60
  දකුණු අප්‍රිකාව ජනවාරි 1969 දෙසැම්බර් 1969 12
  එංගලන්තය ජනවාරි 1970 ජනවාරි 1973 37
  ඕස්ට්‍රේලියාව පෙබරවාරි 1973 මාර්තු 1973 2
  ඉන්දියාව අප්‍රේල් 1973 ජූනි 1974 15
  ඕස්ට්‍රේලියාව ජූලි 1974 ජනවාරි 1978 43
  බටහිර ඉන්දීය කොදෙව් පෙබරවාරි 1978 ජනවාරි 1979 12
  එංගලන්තය පෙබරවාරි 1979 අගෝස්තු 1980 19
  ඉන්දියාව සැප්තැම්බර් 1980 පෙබරවාරි 1981 6
  බටහිර ඉන්දීය කොදෙව් මාර්තු 1981 ජූලි 1988 89
  පකිස්තානය අගෝස්තු 1988 සැප්තැම්බර් 1988 2
  බටහිර ඉන්දීය කොදෙව් ඔක්තොම්බර් 1988 ජනවාරි 1991 28
  ඕස්ට්‍රේලියාව පෙබරවාරි 1991 අප්‍රේල් 1991 3
  බටහිර ඉන්දීය කොදෙව් මැයි 1991 ජූලි 1992 15
  ඕස්ට්‍රේලියාව අගෝස්තු 1992 ජනවාරි 1993 6
  බටහිර ඉන්දීය කොදෙව් පෙබරවාරි 1993 අගෝස්තු 1995 31
  ඉන්දියාව සැප්තැම්බර් 1995 නොවැම්බර් 1995 3
  ඕස්ට්‍රේලියාව දෙසැම්බර් 1995 ජූලි 1999 44
  දකුණු අප්‍රිකාව අගෝස්තු 1999 දෙසැම්බර් 1999 5
  ඕස්ට්‍රේලියාව ජනවාරි 2000 පෙබරවාරි 2000 2
  දකුණු අප්‍රිකාව මාර්තු 2000 මාර්තු 2000 1
  ඕස්ට්‍රේලියාව අප්‍රේල් 2000 ජූලි 2001 16
  දකුණු අප්‍රිකාව අගෝස්තු 2001 අගෝස්තු 2001 1
  ඕස්ට්‍රේලියාව සැප්තැම්බර් 2001 මැයි 2003 21
මූලාශ්‍රය: අයිසීසී හිස්ටොරිකල් රෑන්කිංස් සංරක්ෂණය කළ පිටපත 2013-01-20 at the Wayback Machine

සම්පූර්ණ මාසයක කාල පරිච්ඡේදයකට අදාළ වන පරිදී, 1952 සිට වර්තමානය දක්වා අනුයාත ලෙසින් වැඩිතම ශ්‍රේණිගතයන් පවත්වාගෙන යන ලද කණ්ඩායම් සාරාංශය වන්නේ:

කණ්ඩායම සම්පූර්ණ මාස ගණන වැඩිතම ශ්‍රේණිගතය
  ඕස්ට්‍රේලියාව 317 143
  බටහිර ඉන්දීය කොදෙව් 235 135
  එංගලන්තය 106 125
  ඉන්දියාව 45 130
  දකුණු අප්‍රිකාව 43 135
  පකිස්තානය 2 110
මූලාශ්‍රය: අයිසීසී හිස්ටොරිකල් රෑන්කිංස් සංරක්ෂණය කළ පිටපත 2013-01-20 at the Wayback Machine

ජයස්මාරකය සංස්කරණය

වසර 2001 සිට, අයිසීසී ටෙස්ට් ශූරතාවයෙහි ඉහළින්ම සිටි කණ්ඩායමට අයිසීසී ටෙස්ට් ශූරතා ජයස්මාරකය ප්‍රදානය කෙරිණි. එහි වටිනාකම £30,000 ක් විය. [3]

ආශ්‍රිත සංස්කරණය

  1. cricketnext – ඉංග්ලන්ඩ් ප්‍රසන්ටඩ් විත් ටෙස්ට් මේස් සංරක්ෂණය කළ පිටපත 2011-10-05 at the Wayback Machine. සම්ප්‍රවේශය 22 අගෝස්තු 2011
  2. ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල්. "සවුත් ඇෆ්රිකා රික්ලේම්ස් නම්බර්-වන් ටෙස්ට් ස්පොට්". ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල්. සම්ප්‍රවේශය 28 ජූලි 2014.
  3. "වෝ රිසීව්ස් අයිසීසී ටෙස්ට් ට්‍රෝෆි | ක්‍රිකට් නිවුස් | ග්ලෝබල්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2014-08-18.

බාහිර සබැඳි සංස්කරණය