අනිච්ඡ
කටවහරේ සාමාන්‍යෙයන් අනිත්‍යය ලෙස යෙදෙන අනිච්ච (පාලි: अनिच्चा anicca; සංස්කෘත: अनित्य anitya; ටිබෙටියානු: མི་རྟག་པ་ mi rtag pa; චීන: 無常 wúcháng; ජපන්: 無常 mujō; කොරියානු: 무상 musang; තායි: อนิจจัง anitchang, පාලි "aniccaŋ" වෙතින්) යනු බුද්ධාගමෙහි අත්‍යාවශ්‍ය භාෂිතයන් වන ත්‍රිලක්ෂණ අතුරින් එකක් වෙයි. ඉන් කියැවෙන්නේ සෑම සංස්කාර ධර්මයක්ම (පැවැත්මක්ම) අනවරත වෙනස්වීමක පවතින බවය.
අනිත්‍යයට අනුව මනුෂ්‍ය ජීවිතය වයස්ගතවීමේ අනවරත ගලායන ප්‍රවාහයකට යටත්වන අතර උපත සහ පුනරුත්පත්තියද (සංසාරය), අහිමිවීම්ද මෙම අනිත්‍යය ස්වභාවයේම ප්‍රථිපලයකි. බුදුදහමට අනුව මේ සෑම දෙයකම පවත්නා අනිත්‍ය ස්වභාවය හේතුවෙන් යම්කිසිවක් වෙත ඇලීම ඵලරහිත වෙයි. ඉන් ඇතිවන්නේ දුකක් පමණි.
බෞද්ධයින්ට අනුව අනිත්‍යය ස්වභාවය අවසන් කිරීමේ එකම මාර්ගය වන්නේ වෙනස්වීමක් නොමැති, ජරාවට පත්වීමක්, මරණයක් නොමැති නිර්වාණයයි.
උදෘතයන්
‘සෑම දෙයක්ම අනිත්‍යය ය. අනිත්‍යය යනු කුමක්ද ? ඇස අතිත්‍යය ය. දර්ශනය වන වස්තූන්(රූප), ඇසේ සංවේදීතාවය (චක්ඛු-සම්පාස), දැකීම නිසා ප්‍රසන්න අප්‍රසන්න ලෙස හෝ අප්හරසන්න හෝ අප්යරසන්න ලෙස දැනෙන දෙය(වේදයිත)ද අනිත්‍යය ය. මේලෙසම කණ නාසය දිය ශරීරය සහ මනස සමගද අනිත්‍යය ස්වභාවය බැඳී පවතී’
’සියලූම ස්ථාපිතයන් අනිත්‍යය ය’
‘උත්පාද (සමුදය) වන ඕනෑම දෙයක් අවසානයට පත්වීමට (නිරෝධ) ගොදුරු වෙයි’