KIC 8462852[1]යනු, පෘථිවියෙහි සිට දළ වශයෙන් 454 පාර්සෙක් (1,480 ආලෝක වර්ෂ) දුරින් චීනි තාරකා මණ්ඩලයෙහි පිහිටි F-වර්ගයේ ප්‍රධාන අනුක්‍රම තාරකාවකි. 2015 සැප්තැම්බර් මාසයේදී, ප්ලැනට් හන්ටර්ස් ව්‍යාපෘතියෙහි කොටසක් ලෙසින්, තාරකා විද්‍යාඥයින් කිහිප දෙනෙක් ශාස්ත්‍රීය ලිපියක් ප්‍රකාශයට පත් කලේ, [1] බහිෂ්-සෞර ග්‍රහ ලෝක නිරාවරණය කර ගැනුමට ඈත කක්ෂගතව ඇති තාරකාවන්හී දීප්තියෙහි වෙනස් වීම් නිරීක්ෂණය කරන, කෙප්ලර් අභ්‍යාවකාශ දුරදක්නය විසින්,[1][2] නිරික්ෂණය කෙරුනු, තාරකාවේ අසාමාන්‍ය අලෝක විචලනයන් විශ්ලේෂණය කරමිනි.

KIC 8462852

NGC 6866 හි පිහිටුම දැක්වෙන සිතියමක්. KIC 8462852 පිහිටා ඇත්තේ NGC 6866 සහ ο¹ චීනි අතර ඊසාන දෙසිනි.
නිරීක්ෂණ දත්ත
කාලාරම්භය J2000.0 (ICRS)      විෂුවය J2000.0 (ICRS)
තාරකා මණ්ඩලය චීනි
විෂුවදංශය 20පැය 06විනා 15.457තත්
අවනතිය +44° 27′ 24.61″
දෘශ්‍ය විශාලත්වය (V) +11.705±0.017
ගුණාංග
පරිණාම අවස්ථාව ප්‍රධාන අනුක්‍රමය
වර්ණාවලී වර්ගය F3 V/IV
B−V වර්ණ සූචිය 0.557
V−R වර්ණ සූචිය 0.349
R−I වර්ණ සූචිය 0.305
J−H වර්ණ සූචිය 0.212
J−K වර්ණ සූචිය 0.264
නක්ෂත්‍රමිතිය
දුර1480 ly
(454 pc)
විස්තර
ස්කන්ධය1.43 M
අරය1.58 R
දීප්තිය0.67 L
පෘෂ්ඨීය ගුරුත්වය (log g)4.0±0.2 cgs
උෂ්ණත්වය6750±120 K
ලෝහමයත්වය0.0±0.1
භ්‍රමණය0.8797±0.0001 දින
භ්‍රමණ ප්‍රවේගය (v sin i)84±4 km/s
වෙනත් නාමෝද්දිෂ්ට
TYC 3162-665-1, 2MASS J20061546+4427248
දත්ත ගබඩා සමුද්දේශ
SIMBADdata
KICdata

තාරකාවේ දීප්තියෙහි විශාල සහ අක්‍රමවත් වෙනස්වීම් විසින් පෙනී යන්නේ , "සමීප සැදිල්ලක්" සහිතව තාරකාව වටා කක්ෂ ගතව ඇති විශාල ස්කන්ධයක් (හෝ කුඩා ස්කන්ධ විශාල සංඛ්‍යාවක්) ඇති බවයි. [2] තාරකාවේ අසාමාන්‍ය ආලෝක පැතිකඩ පැහැදිලි කිරීමට සමහරක් උපකල්පිත යෝජනා කර තිබේ. පර්යේෂකයෝ දැනට සිතන්නේ, තාරකාවේ විෂම ආලෝක අවපාතය සඳහා භාවිතා කල හැකි විවරණයක් වන්නේ, කොටස් වලට බිඳී ගිය ධූම කේතුවක් තාරකාව වටා ඉලිප්සාකාරව කක්ෂගත වීමයි.[3]

මෙම තාරකාව වෙත, 2015 ඔක්තොම්බර් මාසයෙහිදී තදබල මාධ්‍ය අවධානය යොමු වුනේ, එහි අසාමාන්‍ය ආලෝකවක්‍රය විසින් බුද්ධිමත් පාරභෞම ජීවය හා සබැඳි ක්‍රියාවලියන්ගේ ලක්ෂණ පෙන්නුම් කරන බවට සමපේක්ෂණයක් මතය. [2][3][4][5]

නිරික්ෂිත කෙප්ලර් දත්ත සංස්කරණය

කෙප්ලර් අභ්‍යාවකාශ දුරදක්නය වෙතින් ලබා ගත් තාරකාවේ දීප්තිය පිළිබඳ දත්ත අනුව පෙනී යන්නේ, අසංගත තීව්‍රතාවය සහිත, දීප්තියෙහි කුඩා සහ කාලාවර්තක නොවන අවපාතයන් නිතර සිදු වන බවත්, දළ වශයෙන් දින ~750 කට වරක් දීප්තියෙහි මහත් අවපාතයන් දෙකක් වාර්තා වී ඇති බවත්ය. තාරකාවේ දීප්තිය පිළිබඳව නිරික්ෂණය කෙරුනු අවපාතයන්ගේ හුදු තීව්‍රතාවය සහ විචල්‍යය, විද්‍යාඥයින් හට ප්‍රහේලිකාවක් විය.[5] තාරකාවේ දීප්තියෙහි වෙනස්වීම් විසින් පෙනීයන්නේ, "සමීප සැදිල්ලක්" සහිතව තාරකාව වටා කක්ෂ ගතව ඇති විශාල ස්කන්ධයක් (හෝ කුඩා ස්කන්ධ විශාල සංඛ්‍යාවක්) ඇති බවයි.[2]

උපකල්පිත සංස්කරණය

තාරකා විද්‍යාඥ ජේසන් රයිට් විසින් අනුමාන කර සිටියේ, තාරකාව අඳුරේ හෙලන වස්තූන්, පිටසක්වල ශිෂ්ටාචාරයක් විසින් තැනුනු ඩයිසන් ගෝලයක් වැනි, එනම් ඔවුන්ගේ ශක්ති අවශ්‍යතා සඳහා, තාරකාවෙහි ආලෝකයෙහි සමහර කොටසක් අල්වා ගැනුම සඳහා දියුණු ශිෂ්ටාචාරයක් විසින් තැනුනු ලෙසට සැලකිය හැකි මනඃකල්පිත ව්‍යුහයක් වන මහා ව්‍යුහයක, [6][2][7][8][9][10] කොටස් විය හැකි බවයි. [11] සෙටි ආයතනය සැලසුම් කරනුයේ, තාරකාව වෙත රේඩියෝ තැටි එල්ල කොට, බුද්ධිමත් පාරභෞම ජීවින් විසින් සිදු කෙරෙන රේඩියෝ විමෝචන පරික්ෂා කිරීමටය.[10] රයිට් සලකනුයේ, එහි පිහිටුම සහ වේගය විසින් අඟවන අගයයට වඩා තාරකාව වයසින් අඩු වීමට බොහෝ ඉඩ ඇති බවයි. [6][8]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 බොයියජියාන්, ටී. එස්.; ලාකෝර්ස්, ඩී. එම්.; රැපෝර්ට්, එස්. ඒ.; ෆැබ්රිකි, ඩී.; ෆිෂ්චර්, ඩී. ඒ.; ගැන්ඩොල්ෆි, ඩී.; කෙනඩි, ජී. එම්.; ලියු, එම්. සී. et al (11 සැප්තැම්බර් 2015). "ප්ලැනට් හන්ටර්ස් X. KIC 8462852 - වෙයාර්ස් ද ෆ්ලක්ස්?". . . රාජකීය තාරකා විද්‍යා සංගමයෙහි මාසික සටහන් වෙත යොමවන ලදි.
  2. 2.0 2.1 2.2 2.3 2.4 ඇන්ඩර්සන්, රොස් (13 ඔක්තෝම්බර් 2015). "ද මෝස්ට් මිස්ටීරියස් ස්ටාර් ඉන් අවර් ගැලැක්සි". දි ඇට්ලෑන්ටික්. http://www.theatlantic.com/science/archive/2015/10/the-most-interesting-star-in-our-galaxy/410023/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 ඔක්තොම්බර් 2015. 
  3. 3.0 3.1 කප්ලාන්, සාරා (15 ඔක්තොම්බර් 2015). "ද ස්ට්‍රේන්ජ් ස්ටාර් දැට් හෑස් සීරියස් සයන්ටිස්ට්ස් ටෝකිං අබවුට් ඇන් ඒලියන් මෙගස්ට්‍රක්චර්". ද වොෂිංටන් පෝස්ට්. https://www.washingtonpost.com/news/morning-mix/wp/2015/10/15/the-strange-star-that-has-serious-scientists-talking-about-an-alien-megastructure/. 
  4. ඒරන්, ජේකබ් (18 සැප්තැම්බර් 2015). "සිටිසන් සයන්ටිස්ට්ස් කැච් ක්ලවුඩ් ඔෆ් කොමට්ස් ඕර්බිටිං ඩිස්ටන්ට් ස්ටාර්". නිව් සයන්ටිස්ට්. https://www.newscientist.com/article/dn28191-citizen-scientists-catch-cloud-of-comets-orbiting-distant-star/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ඔක්තොම්බර් 2015. 
  5. 5.0 5.1 ප්ලේට්, ෆිල් (14 ඔක්තොම්බර් 2015). "ඩිඩ් ඇස්ට්‍රොනොමර්ස් ෆයින්ඩ් එවිඩන්ස් ඔෆ් ඇන් ඒලියන් සිවිලිෂේසන්? (ප්‍රොබබ්ලි නොට්. බට් ස්ටිල් කූල්.)". ස්ලේට්. http://www.slate.com/blogs/bad_astronomy/2015/10/14/weird_star_strange_dips_in_brightness_are_a_bit_baffling.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ඔක්තොම්බර් 2015. 
  6. 6.0 6.1 රයිට්, ජේසන් (15 ඔක්තොම්බර් 2015). "KIC 8462852:වෙයාර්ස් ද ෆ්ලක්ස්?". ඇස්ට්‍රෝරයිට්. පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 16 ඔක්තොම්බර් 2015.
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; PS-20151013 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. 8.0 8.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; arXiv:1510.04606 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. ASTRON (15 සැප්තැම්බර් 2015). "ගුඩ් නයිට්, ස්ලීප් ටයිට්: ඇඩ්වාන්ස්ඩ් ඒලියන් සිවිලිෂේසන්ස් රෙයාර් ඕර් ඇබ්සන්ට් ඉන් ද ලෝකල් යුනිවර්ස්". පුවත්පත් නිවේදනය. 15 ඔක්තොම්බර් 2015 දී සම්ප්‍රවේශ කෙරිණි.
  10. 10.0 10.1 විලියම්ස්, ලී (15 ඔක්තොම්බර් 2015). "ඇස්ට්‍රොනොමර්ස් මේ හෑව් ෆවුන්ඩ් ජයන්ට් ඒලියන් 'මෙගාස්ට්‍රක්චර්ස්' ඕර්බිටිං ස්ටාර් නියර් ද මිල්කි වේ". දි ඉන්ඩිපෙන්ඩන්ට්. http://www.independent.co.uk/news/world/forget-water-on-mars-astronomers-may-have-just-found-giant-alien-megastructures-orbiting-a-star-near-a6693886.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ඔක්තොම්බර් 2015. 
  11. ජෝන්ස්, මොරිස් (නොවැම්බර්–දෙසැම්බර් 2015). "රිකන්සිඩරිං මැක්‍රො -ආටිෆැක්ට්ස් ඉන් සෙටි සර්චස්". ඇක්ටා ඇස්ට්‍රොනොටිකා. 116: 161–165. doi:10.1016/j.actaastro.2015.07.011.
"https://si.wikipedia.org/w/index.php?title=KIC_8462852&oldid=347065" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි