අසංක ගුරුසිංහ
(Asanka Gurusingha වෙතින් යළි-යොමු කරන ලදි)
දේශබන්ධු අසංක ගුරුසිංහ (ඉංග්‍රීසි: Asanka Gurusinha) (උපත 1966 සැප්තැම්බර් 16 , කොළඹ දි) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. වමතින් පන්දුවට පහරදෙන අසංක ගුරුසිංහ වමත් පිතිකරුවන් අතර ඉතා ඉහළින් වැජඹුන ක්‍රීඩකයෙකි. 1996 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දිනවිමට දායක විය. අසංක වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකද වෙයි.
අසංක ගුරුසිංහ | |
---|---|
උපත | 16 සැප්තැම්බර් 1966 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
සටහන් | |
ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික | |
ආගම | බෞද්ධ |
තරඟය | ටෙස්ට් තරඟ | එක් දින තරඟ |
---|---|---|
තරඟ | 41 | 147 |
ලකුණු | 2452 | 3902 |
සාමාන්‍යය | 38.92 | 28.27 |
ශතක | 7 | 2 |
අර්ධ ශතක | 8 | 22 |
කඩුළු | 20 | 26 |
වැඩිම ලකුණු | 143 | 117* |
ජීවන සටහන්
සංස්කරණයදේශබන්ධු අසංක ගුරුසිංහ නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1982 සිට 1985 දක්වා අසංක කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1985 දී නාලන්දා නායකයාවිය. අසංක වසර 1985 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.
අසංක ඕස්ට්‍රේලියාවේ වාසය කරයි.