2019 සැප්තැම්බර් දේශගුණය වෙනුවෙන් වැඩ වැරීම්

අනාගතය වෙනුවෙන් ගෝලීය සතිය ලෙසින්ද හැඳින්වෙන, 2019 සැප්තැම්බර් දේශගුණය වෙනුවෙන් වැඩ වැරීම් යනු, ගෝලීය තාපනය හේතුවෙන් දේශගුණය වෙනස් වීම පිළිබඳ පියවර ගැනීමට තරයේ ඉල්ලා සිටීම සඳහා පැවැත්වෙන ජාත්‍යන්තර වැඩ වැරීම් සහ විරෝධතා මාලාවකි. වැඩ වැරුවන්ගේ ප්‍රධාන දිනයන් අතර, එක්සත් ජාතීන්ගේ දේශගුණය පිළිබඳ සම්මේලනයට දින තුනකට පෙර දිනයවූ සැප්තැම්බර් 20, සහ සැප්තැම්බර් 27,[2][3] මෙන්ම, පෘථිවි වැඩ වැරීම යනුවෙන් හැඳින්වුණු දේශගුණය පිළිබඳ ලෝකව්‍යාප්ත මහා වැඩ වැරීමක් සඳහා යෝජිත සැප්තැම්බර් 20 සිට 27 දක්වා සම්පූර්ණ සතියද විය. රටවල් 150ක් තුල සහ ස්ථාන 4,500ක විරෝධතා පැවැත්වෙයි. [4][5] මෙම සිද්ධිය, ස්වීඩන ජාතික දේශගුණ ක්‍රියාකාරී ගෙරේටා ටුන්බරී විසින් පොළඹවනු ලැබූ දේශගුණය වෙනුවෙන් පාසැල් වැඩ වැරීම් ව්‍යාපාරයෙහි අංගයකි.[6][7]

2019 සැප්තැම්බර් දේශගුණය වෙනුවෙන් වැඩ වැරීම්
දේශගුණය වෙනුවෙන් පාසැල් වැඩ වැරීම් හි කොටසකි
දිනය20–27 සැප්තැම්බර් 2019
ස්ථානයලෝක ව්‍යාප්ත
හේතූන්දේශගුණය වෙනස් වීම පිළිබඳ කණස්සල්ල
ක්‍රමවිරෝධතා
ප්‍රධන පුද්ගලයෝ
සංඛ්‍යා
මිලියන 4 (ගෝලීය)[1]
සැප්තැම්බර් 20 වන විට විරෝධතාවට සහභාගී වූවන් සංඛ්‍යාව, රට අනුව.
  1,000,000+
  100,000 ගණන්
  10,000 ගණන්
  1,000 ගණන්
  100 ගණන්
  කුඩා විරෝධතා, සංඛ්‍යා පැහැදිලි නැත

සැප්තැම්බර් 20 විරෝධතා බොහෝවිට ලෝක ඉතිහාසයෙහි විශාලතම දේශගුණය පිළිබඳ වැඩ වැරීම් වීමට ඉඩ ඇත.[1][8] සංවිධායකයන් වාර්තා කර තිබුණේ ලොව පුරා වැඩ වැරීම් සඳහා මිලියන 4 කට වැඩි ජනයා සහභාගි වූ අතර,[1] එම සංඛ්‍යාවට ජර්මනියෙහි සහභාගිත්වය වූ මිලියන 1.4 ද අයත් වූ බවයි.[9][10] ඕස්ට්‍රේලියානු වැඩ වැරීම් සඳහා ඇස්තමේන්තු ගත විරෝධතාකරුවන් 300,000 සහභාගි වූ අතර,[11] එක්සත් රාජධානියෙහි විරෝධතා සඳහා තවත් ජනයා 300,000 ක්ද [12] නිව්යෝර්ක්හි විරෝධතා සඳහා දළ වශයෙන් 250,000 දෙනෙක්ද එක් වූහ.[8] රටවල් 40 ක 2,000 සංඛ්‍යාවකට වැඩි විද්‍යාඥයින් ගණනක් වැඩ වැරීම් සඳහා සහයෝගය පල කලහ.[13]

පසුබිම සංස්කරණය

2019 සැප්තැම්බර් 20 දිනදී දේශගුණය වෙනුවෙන් ගෝලීය වැඩ වැරීම සඳහා එක් වන ලෙස ආයාචනයක්

මෙම වැඩ වැරීම දේශගුණය වෙනුවෙන් පාසැල් වැඩ වැරීම් ව්‍යාපාරයෙහි තුන්වන ගෝලීය වැඩ වැරීම වෙයි. 2019 මාර්තු මාසයෙහිදී පැවැත්වුණු පළමුවන වැඩ වැරීම සඳහා රටවල් 125ක් වෙතින් මිලියන 1.6 ක් සහභාගී වූහ.[14] 2019 යුරෝපියානු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම හා සමගාමී වන අයුරින් 2019 මැයි මාසයේදී පැවැත්වුණු දෙවැන්න, රටවල් 125 ක් තුල ඉසව් 1,600 කට වැඩි ගණනක් සහිතව පැවැත්විණි.[14][15][16] [17] ගෝලීය වැඩ වැරීම් වල තෙවන ගොන්න පැවැත්වීමට නියමිතව ඇත්තේ ප්‍රධාන වශයෙන් සැප්තැම්බර් 20 සහ 27 දිනයන්හිදීය. ඒවා පැවැත්වෙන දින වකවානු නියම කර ඇත්තේ එජා යෞවන දේශගුණය පිළිබඳ සම්මේලනය (21 සැප්තැම්බර්) සහ එක්සත් ජාතීන්ගේ දේශගුණය පිළිබඳ ක්‍රියාකාරිත්ව සම්මේලන (23 සැප්තැම්බර්) පැවැත්වෙන වකවානු හා සමගාමී වන පරිදීය.[2] සැප්තැම්බර් 27 යනු, පරිසරවේදී ව්‍යාපාරය ඇරඹීමේ ප්‍රධාන හේතු කාරකයක් වූ 1962 ග්‍රන්ථය සයිලන්ට් ස්ප්‍රිං ප්‍රකාශයට පත් කිරීමෙහි සංවත්සරයද වෙයි.[2]

රට අනුව ක්‍රියාකාරිත්ව සංස්කරණය

ඇෆ්ගනිස්තානය සංස්කරණය

කාබුල්හී, යෞවනයන් දේශගුණ වෙනසට එරෙහිව ගමනෙහි යෙදුනේ හමුදා බලකායන්ගේ ආරක්ෂාව යටතේය. ඇෆ්ගනිස්තානයෙහි මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කලේ වාත දූෂණය නිසාවෙන් වාර්ෂිකව දහස් ගණනක් ඇෆ්ගනිස්තාන ජනයා මිය යන බවයි.[18]

ඇන්ගෝලාව සංස්කරණය

50,000 සංඛ්‍යාවකට වඩා දරුවන් සහ යෞවනයන් පළමුවන වරට අගනුවර ලුවන්ඩාහී එක්රැස් වූයේ දේශගුණ වෙනස පිළිබඳ ව්‍යාපාරයට සහය පල කරනු සඳහාය.


මෙයද බලන්න සංස්කරණය


ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 බාක්ලේ, එලිසා; රෙස්නික්, බ්‍රයන්. "හවු බිග් වෝස් ද ග්ලෝබල් ක්ලයිමෙට් ස්ට්‍රයික්? 4 මිලියන් පීපල්, ඇක්ටිවිස්ට්ස් එස්ටිමේට්". වොක්ස්. 21 සැප්තැම්බර් 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 සැප්තැම්බර් 2019.
  2. 2.0 2.1 2.2 ෆෙලර්, මැඩිසන් (17 සැප්තැම්බර් 2019). "ද වර්ල්ඩ් ඊස් බර්නිං, ඇන්ඩ් ටීන්ස් ආ ෆයිටිං: වට් ටු නෝ අබවුට් ද ග්ලෝබල් ක්ලයිමෙට් ස්ට්‍රයික්". එලේ (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 20 සැප්තැම්බර් 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 19 සැප්තැම්බර් 2019.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CNN Melbourne නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. මිල්මාන්, ඔලිවර් (20 සැප්තැම්බර් 2019). "යූඑස් ටු ස්ටේජ් ඉට්ස් ලාජස්ට් එවර් ක්ලයිමෙට් ස්ට්‍රයික්: 'සම්බඩි මස්ට් සවුන්ඩ් ද එලාම්'". ද ගාඩියන්. 20 සැප්තැම්බර් 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 සැප්තැම්බර් 2019.
  5. ටොලෙෆ්සන්, ජෙෆ් (18 සැප්තැම්බර් 2019). "ද හාඩ් ටෘත්ස් ඔෆ් ක්ලයිමෙට් චේන්ජ් — බයි ද නම්බර්ස්". නේචර්. 19 සැප්තැම්බර් 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 සැප්තැම්බර් 2019.
  6. "ඉන්සයිඩ් ද යූත්-ලෙඩ් ප්ලෑන් ටු පුල් ඕෆ් ද බිගසට් ක්ලයිමෙට් ස්ට්‍රයික් සෝ ෆා" (ඉංග්‍රීසි බසින්). එම්ටීවී නිවුස්. 20 සැප්තැම්බර් 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 19 සැප්තැම්බර් 2019.
  7. වීස්, එලිසබෙත් (19 සැප්තැම්බර් 2019). "'ඉට්ස් අවර් ෆියුචර් දැට්ස් ඇට් ස්ටේක්': යූඑස් ස්ටුඩන්ට්ස් ප්ලෑන් ටු ස්කිප් ස්කූල් ෆ්‍රයිඩේ ටු ෆයිට් ක්ලයිමේට් 'එමර්ජන්සි'". යූඑස්ඒ ටුඩේ. 19 සැප්තැම්බර් 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  8. 8.0 8.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Guardian globe නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Germany strikers නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  10. "Rekordzahlen bei Klimademos: In Deutschland demonstrieren 1,4 Millionen Menschen". zdf.de (ජර්මන් බසින්). සම්ප්‍රවේශය 21 සැප්තැම්බර් 2019.
  11. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; abc නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  12. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; UK total නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  13. කොන්ලි, ජූලියා (20 සැප්තැම්බර් 2019). ""ස්ටුඩන්ට්ස් හෑව් ලෙඩ් ඇන්ඩ් වී මස්ට් ෆොලෝ": තවුසන්ඩ්ස් ඔෆ් සයන්ටිස්ට්ස් ෆ්‍රොම් 40 නේෂන්ස් ජොයින් ග්ලෝබල් ක්ලයිමෙට් ස්ට්‍රයික්". බස් ෆ්ලෑෂ්. සම්ප්‍රවේශය 21 සැප්තැම්බර් 2019.
  14. 14.0 14.1 "ස්ටුඩන්ට්ස් වෝක් අවුට් ඉන් ග්ලෝබල් ක්ලයිමෙට් ස්ට්‍රයික්". බීබීසී. 24 මැයි 2019. https://www.bbc.co.uk/news/world-48392551. 
  15. "'විය වන්, විය බැක්': පියුපිල්ස් රිනීව් වර්ල්ඩ් ක්ලයිමෙට් ස්ට්‍රයික්". අල් ජසීරා. 24 මැයි 2019. https://www.aljazeera.com/news/2019/05/pupils-renew-climate-action-world-strike-190524051317704.html. 
  16. ගෙරෙට්සන්, ඉසබෙල්. "ග්ලෝබල් ක්ලයිමෙට් ස්ට්‍රයික්: රෙකෝඩ් නම්බර් ඔෆ් ස්ටුඩන්ට්ස් වෝක් අවුට්". සීඑන්එන්. 20 සැප්තැම්බර් 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 සැප්තැම්බර් 2019.
  17. "ස්ටුඩන්ට්ස් ෆ්‍රොම් 1,600 සිටීස් ජස්ට් වෝක්ඩ් අවුට් ඔෆ් ස්කූල් ටු ප්‍රොටෙස්ට් ක්ලයිමෙට් චේන්ජ්. ඉට් කුඩ් බී ගෙරේටා ටුන්බරීස් බිගස්ට් ස්ට්‍රයික් යෙට්". ටයිම්. 24 මැයි 2019. http://time.com/5595365/global-climate-strikes-greta-thunberg/. 
  18. "ප්‍රොටෙක්ටඩ් බයි ආමි මෙන්, කාබුල්ස් යූත් ප්‍රොටෙස්ට් ක්ලයිමෙට් චේන්ජ්". citynews1130.com. 20 සැප්තැම්බර් 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 සැප්තැම්බර් 2019.

බාහිර සබැඳි සංස්කරණය