2010 චිලි පතල් අනතුර
2010 චිලි පතල් අනතුර ලෙස හැඳින්වෙන්නේ 2010 වර්ෂයේ අගෝස්තු 5 වන දින චිලි දේශයේ ඇටකාමා කාන්තාරයේ 'සැන් ජොසේ' නම් වූ රන් සහ තඹ ආකරයක සිදු වූ අනතුරයි. මෙම අනතුර නිසා පතල් කරුවන් 33 දෙනෙකු ආකාරය තුල සිර වූ අතර ඔවුන් මුදා ගැනීම සඳහා විශාල මෙහෙයුමක් දියත් කරන ලදී. ඔවුන් සිර වී සිටියේ පොළොව මතුපිට සිට මීටර් 622 ක් පමණ පහලින් වූ කුටීරයක් තුලයි. පස් කඩා වැටී පතලට පිවිසෙන මාර්ගය ස්ථාන කිහිපයකින්ම අවහිර වීම නිසා පතල් කරුවන්ට ඉන් පිටතට ඒම කිසිසේත්ම කල නොහැක්කක් වී තිබුණි. අනතුර සිදු වීමෙන් පසු ඇතුලත සිටී පතල් කරුවන් සමඟ පැවති සියළු සම්බන්ධතා බිඳී ගිය අතර ඔවුන් ජිවතුන් අතර සිටින බව පවා දැන ගත්තේ අනතුර සිදු වී දින 17කට පසු අගෝස්තු 22 දිනයි.
වේලාව | 14:05 CLT (UTC−4) |
---|---|
දිනය | 5 අගෝස්තු 2010 (69 දින) | – 13 ඔක්තෝබර් 2010
පිහිටුම | ඇටකාමා කාන්තාරය අසළ Copiapó, චිලි |
ඛණ්ඩාංක | 27°9′36.7″S 70°29′48.4″W / 27.160194°S 70.496778°Wඛණ්ඩාංක: 27°9′36.7″S 70°29′48.4″W / 27.160194°S 70.496778°W |
First reporter | San Esteban Mining Company |
ප්‍රතිඵලය | සිර වී සිටි පතල් කරුවන් 33 දෙනාවම රජය විසින් මුදා ගන්නා ලදී. |
දේපල හානි | Total closure and loss අගෝස්තු 2010 වන විට[update][යාවත්කාලීන කිරීම අවශ්‍යයි] |
විමර්ශන | Under investigation අගෝස්තු 2010 වන විට[update][යාවත්කාලීන කිරීම අවශ්‍යයි] |
සැකකරුවන් | Under investigation අගෝස්තු 2010 වන විට[update][යාවත්කාලීන කිරීම අවශ්‍යයි] |
චෝදනා | Under investigation අගෝස්තු 2010 වන විට[update][යාවත්කාලීන කිරීම අවශ්‍යයි] |
Convictions | Under investigation අගෝස්තු 2010 වන විට[update][යාවත්කාලීන කිරීම අවශ්‍යයි] |
Litigation | US$2 million lawsuit අගෝස්තු 2010 වන විට[update][යාවත්කාලීන කිරීම අවශ්‍යයි] |
සම්මාන | In litigation අගෝස්තු 2010 වන විට[update][යාවත්කාලීන කිරීම අවශ්‍යයි] |
සැතපුම් භාගයකට වඩා පොලොව අභ්‍යන්තරයේ කොටු වී සිටී මෙම මිනිසුන් බේරා ගැනීම සඳහා විශාල මෙහෙයුමක් දියත් කිරීමට චිලි රජය කටයුතු කළේය. ඊට ලෝකයේ නන් දෙසින් අවශ්‍ය සහයෝගය ලැබුණු අතර සමස්ථ ලෝක ප්‍රජාවගේ අවධානය දිනා ගත් මෙහෙයුමක් ද විය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු පතල් කරුවන් පිරිස දින 69ක කාලයක් පතල තුල සිර වී සිටි අතර ඔවුහු පොලොව යට වැඩිම කාලයක් ජීවත් වූ ලොව ප්‍රථම මිනිසුන් කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් වූහ.