2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය

2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ අප්‍රියෙල් 25 වන දිනදී, පිළියන්දල මගී ප්‍රවාහන බස් රථයක් තුල, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මාරාන්තික පාර්සල් බෝම්බ ප්‍රහාරයකි. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 26 දෙනෙකු මියගොස් තවත් 64 දෙනෙකු තුවාල ලැබූහ.[2] එම වසරේ අප්‍රියෙල් 6 වන දින වැලිවේරියට එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව, එල්ටීටීඊ ය විසින් සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන සිදුකරන ලද, ඊලඟ මාරාන්තික ප්‍රහාරය මෙම පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරයයි.[3]

2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය
2008 Piliyandala bombing
කොළඹ දිස්ත්‍රික්කය රෝස ැහැයෙන්
ස්ථානයපිළියන්දල, කොළඹ, ශ්‍රී ලංකාව
දිනය2008 අප්‍රියෙල් 25
18:45[1] (UTC+5:30)
ප්‍රහාර මාදිලියපාර්සල් බෝම්බ ප්‍රහාරය
මරණ26
තුවාලකරුවන්64
අපරාධකරුවාදෙමළ ඊළාම් විමුක්ති කොටි

රජයේ හමුදාවන් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාත තුල, එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදු කරන මෙහෙයුම් දැඩි කර තිබූ අවස්ථාවක, මෙම ප්‍රහාරය එල්ල විණි.[4]

සිදුවීම සංස්කරණය

මෙදින කාර්ය බහුල වූ සවස් යාමයේ, අදාල බස් රථය තුල ඉහල රාක්කයක ඉදිරිපසට වන්නට අටවා තුබූ එල්ටීටීඊ පාර්සල් බෝම්බය පුපුරා යාමෙන්, මෙම අනතුර සිදුවිය.[5] රථය පිළියන්දල බස් නැවතුම්පළින් පිටත්වන අවස්ථාවේදීම වාගේ බෝම්බ පිපිරීම සිදුව තිබෙන අතර, පිපිරීම නිසා බස් රථයේ වහලය ඉදිරීගොස් තිබුණි. අවට තිබූ ගොඩනැගිලි කීපයකටද ප්‍රහාරයේ බලපෑම නිසා හානි වී තිබුණි.[4]

පොලිස් වාර්ථා අනූව, මෙම පිපිරීම නිසා 26 දෙනෙකු මිය ගොස් (දස දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම, 14 දෙනෙකු රෝහලට රැගෙන යන අවස්ථාවේදී සහ දෙදෙනෙකු රෝහල තුලදී මිය ගොස් තිබුණි.), තවත් 64 වඩා වැඩි පිරිසක් තුවාල ලැබූහ. මිය ගිය අය අතර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්, 10 හැවිරිදි පිරිමි දරුවෙක් සහ කාන්තාවෝ අට දෙනෙක් වූහ.[2][4]

ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශක ලක්ෂ්මන් හුළුගල්ල මහතා, මෙම ප්‍රහාරය සිදු කිරීම සම්බන්ධයෙන් එල්ටීටීඊ ය හට චෝදනා සිදු කොට මෙසේ පැවසීය[4]:

පසුගිය දින දෙක තුන තුලදී උතුරේ එල්ටීටීඊ ය ලත් දැවැන්ත පරාජයන් සමග, මා සිතනා ආකාරයට ඔවුන් නැවතත් අහිංසක නිරායුධ සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී සිටිනවා.[5]

ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එම මතයම දරමින් කියා සිටියේ,[6] "එල්ටීටීඊ ය යුධබිමේදී පරාජයන්ට මුහුණ පෑම නිසා, නැවත වතාවක් අහිංසක සිවිල් ජනයා ඉලක්ක කොට ප්‍රහාර එල්ල කරන බවයි".[7]

අත්අඩංගුවට ගැනීම් සංස්කරණය

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය, සත්‍යනාදන් ආනන්දන් සුදාකරන් (Sityanadan Anandan Sudhakaran) නොහොත් වසන්තන්, නැමැත්තා අත්අඩංගුවට ගනු ලැබීය.[8]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Athas, Iqbal (April 23, 2008). "ඩෙඩ්ලි බස් බෝම්බ් ඉන් ශ්‍රී ලංකා කිල්ස් 23". සීඑන්එන්. 2008-05-21 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2008-04-30. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. 2.0 2.1 Jayasinghe, Amal (2008 අප්‍රියෙල් 26). "ශ්‍රී ලංකා ෆියර්ස් මෝ බෝම්බිං ඈස් බස් ටෝල් හිට්ස් 26". ෆ්‍රාන්ස් 24. 2008-05-21 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2008-04-28. {{cite news}}: Check date values in: |date= (help)
  3. Buncombe, Andrew (2008 අප්‍රියෙල් 26). "ඩසන්ස් කිල්ඩ් ඉන් ශ්‍රී ලංකන් බස් බෝම්බ්". ද ඉන්ඩිපෙන්ඩන්ට්. 2008-04-28 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2008-04-30. {{cite news}}: Check date values in: |date= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. 4.0 4.1 4.2 4.3 "මෙනි ඩෙඩ් ඉන් ශ්‍රී ලංකා බස් බ්ලාස්ට්". බීබීසී නිව්ස්. 2008 අප්‍රියෙල් 25. 2008-04-26 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2008-04-25. {{cite news}}: Check date values in: |date= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  5. 5.0 5.1 "ටමිල් ටයිගර්ස් සස්පෙක්ටඩ් ඉන් රෂ්-අවර් බස් බෝම්බිං ඉන් ශ්‍රී ලංකා". වොයිස් ඔෆ් අමෙරිකා. 2008 අප්‍රියෙල් 25. 2008-04-30 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2008-04-25. {{cite news}}: Check date values in: |date= (help)
  6. "මිලිටරි: පොළිස් ඩිෆියුස් ටයිම් බෝම්බ් ඇට් ශ්‍රී ලංකන් බස් ස්ටේෂන්". ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන්. 2008 අප්‍රියෙල් 28. 2008-05-01 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2008-04-30. {{cite news}}: Check date values in: |date= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  7. Nessman, Ravi (2008 අප්‍රියෙල් 26). "ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් කන්ඩේම්න්ස් බස් බෝම්බිං". ඇසෝසියේටඩ් ප්‍රෙස්. 2008-05-21 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2008-04-30. {{cite news}}: Check date values in: |date= (help)
  8. "කළම්බෝ: පිළියන්දල බ්ලාස්ට් සස්පෙක්ට් වෝස් ඇන් එක්ස්පර්ට් ඉන් බස් බෝම්බිං මේක්ස් සෙවරල් අදර් ඩෙයාරිං රෙව්ලේෂන්ස්". 2009-05-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-03-13. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)

බාහිර සබැඳි සංස්කරණය