වැලිවේරිය බෝම්බ ප්රහාරය
ඛණ්ඩාංක: 7°02′00″N 80°01′00″E / 7.0333°N 80.0167°E
වැලිවේරිය බෝම්බ ප්රහාරය යනු ක්රි.ව. 2008 වසරේ අප්රියෙල් 6 වන දින, දෙමළ කොටි ත්රස්තවාදියෙකු විසින් ශ්රී ලංකාවේ, වැලිවේරිය තුල පුපුරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකි. එම වසරේ සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් වැලිවේරියේ සංවිධානය කල අළුත් අවුරුදු මැරතන් තරඟයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කල අවස්ථාවේදී, පුපුරුවා හරිනු ලැබූ මෙම බෝම්බයෙන් පුද්ගලයෝ 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.[2] මිය ගිය අය අතර ශ්රී ලංකාවේ ජාතික මළල ක්රීඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස්, දේශපාලඥ ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ, හිටපු ඔලිම්පික් තරඟකරු කුරුප්පු කරුණාරත්න සහ හමුදා නිලදාරී කර්නල් උදයධීර යන අය වූහ. ප්රහාරයෙන් තවත් 90 දෙනෙක් පමණ තුවාල ලැබූහ.[3][4][5] ශ්රී ලංකා රජය මෙම ප්රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් දෙමළ කොටි සංවිධානයට චෝදනා එල්ල කරන ලදී.[1]
2008 වැලිවේරිය බෝම්බය | |
---|---|
ස්ථානය | වැලිවේරිය, ශ්රී ලංකාව |
දිනය | ක්රි.ව. 2008 අප්රියෙල් 6 (UTC+5:30) |
ප්රහාර මාදිලිය | බෝම්බ ප්රහාරය |
මරණ | 15[1] |
තුවාලකරුවන් | 90 |
සැකකෙරෙන අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි |