(285263) 1998 QE2 යනු, 2.75 කිලෝමීටරs (1.71 සැත) ප්‍රමාණයක විෂ්කම්භයක් සහිත පෘථිවි-යාබද ක්ෂුද්‍ර ග්‍රහයෙකි. [2] සොකෝරො, නව මෙක්සිකෝව අසබඩ පිහිටි, ලින්කන් පෘථිවි යාබද ක්ෂුද්‍ර ග්‍රහ පර්යේෂණාගාරයෙහි (ලීනියර්) වැඩසටහන විසින් 1998, අගෝස්තු 19 දිනදී, එය සොයාගැනුනි. [3] 1998 QE2 සතුව, වසර 14 ක නිරික්ෂණ චාපයක් සහ මනාව-නිශ්චය-කෙරුණු කක්ෂයක් සතුවෙයි.[4]

(285263) 1998 QE2
1998 QE2 (මැයි 30, 2013) ක්ෂුද්‍ර ග්‍රහයාගේ පළමු රේඩාර් රූප ( ගෝල්ඩ්ස්ටෝන්/නාසා)
සොයාගැනීම සහ නිලනාමය
සොයාගත් තැනැත්තේලීනියර්
සොයාගත් දිනයඅගෝස්තු 19, 1998
නිලනාමයන්
සුළු ග්‍රහ වර්ගය අමෝර්
කක්ෂීය ලක්ෂණ
කාලාරම්භය අප්‍රේල් 18, 2013 (2456400.5)[1]
වි3.804299 AU
අප1.0387193 AU
අඩ-මහා අක්ෂය2.4215092 AU
උත්කේන්ද්‍රියතාවය0.57104464
කක්ෂීය කාලාවර්තය3.77
1376.34 දි
මධ්‍යන්‍යය විෂමතාවය351.6073°
ආනතිය12.854229°

ගුණාංග සංස්කරණය

1998 QE2 හි පෘෂ්ඨය දැලි වැනි ද්‍රව්‍යයකින් ආවරණය වී ඇති අතර, එයින් ඇඟවෙන්නේ මෙම ක්ෂුද්‍ර ග්‍රහයා, පෙරදී ධූම කේතුවක්ව පැවතී සූර්යයා හා සමග සමීප්‍ය සමාසදයක නිරතව ඇති බවකි. [5] කෙසේවෙතත්, බ්‍රහස්පතීට සාපේක්ෂව ටිසරන්ඩ් පරාමිතිය (TJ=3.2) විසින්, 1998 QE2 කිසිකළෙක ධූමකේතුවක් වූවාද යන්න පසක් නොකරයි. [2] 0.06 ක ප්‍රභානුපාතයක් සහිත ක්ෂුද්‍ර ග්‍රහයා, ප්‍රකාශ වශයෙන් අඳුරු බවක් දක්වයි. [2] අමෝර් ක්ෂුද්‍ර ග්‍රහයෙකු ලෙසින්,[4] 1998 QE2 හී කක්ෂය, පූර්ණ වශයෙන්, පෘථිවියෙහි කක්ෂයට ඔබ්බෙන් වෙයි. ක්ෂුද්‍ර ග්‍රහයාගේ කක්ෂය හා සමගින් පෘථිවි අවම කක්ෂ අතිඡේදන දුර (E-MOID) 0.035 AU වෙයි.[4] ක්ෂුද්‍ර ග්‍රහයා වෙක, වසර 3.77 ක කක්ෂීය ආවර්තයක් සතු වෙයි.

චන්ද්‍රිකාව සංස්කරණය

2013, මැයි 29 දින සිදු කෙරුණු ගෝල්ඩ්ස්ටෝන් රේඩාර් නිරීක්ෂණ තුලින් සොයාගැණුනේ, දළ වශයෙන් 600 මීටරs (2,000 ft) ක විෂ්කම්භයකින් යුතු සුළු-ග්‍රහලෝක චන්ද්‍රයෙක් 1998 QE2 වටා කක්ෂගතව ඇති බවයි. [6] රේඩාර් රූප තුලදී, 1998 QE2 වටා දීප්තිමත් ලෙසින් චන්ද්‍රිකාව දිස්වන්නේ, එය සැලකිය යුතු තරම් සෙමෙන් භ්‍රමණය වන නිසාත් එම සෙමෙන් වන භ්‍රමණ වේගය විසින් චන්ද්‍රිකාව විසින් රේඩාර් අක්ෂය ඔස්සේ රේඩාර් කිරණ යළි එවීම සම්පීඩනය කරන නිසාත්ය. මේ නිසා, 1998 QE2ට සාපේක්ෂව, චන්ද්‍රිකාව පටු සහ දීප්තිමත් ලෙසින් දිස් වෙයි. . [7] චන්ද්‍රිකාවේ කක්ෂය පැහැදිලි ලෙසින් නිර්ණය කළ පසු, 1998 QE2 හී ස්කන්ධය හා ඝණත්වය තීරණය කිරීමට තාරකා විද්‍යාඥයින්ට හා තාරකා භෞතික විද්‍යාඥයින්ට හැකි වනු ඇත.

පෘථිවිය වෙත ළඟාවීම් සංස්කරණය

1998 QE2 හී කක්ෂය
 
මැයි 31, 2013
 
ජූනි 2, 2013[8]



2013, මැයි 31 දිනදී, 20:59 UT (4:59 පව EDT) වේලාවේදී, 0.039 AU ( චන්ද්‍ර දුර 15) දක්වා පෘථිවිය වෙත ළඟාවීමට 1998 QE2 සමත් විය. [4] අවම වශයෙන් ඊළඟ ශත වර්ෂ දෙක තුලදී හෝ, ක්ෂුද්‍ර ග්‍රහයා විසින්, පෘථිවියට කිට්ටුවෙන්ම ළඟා වන අවස්ථාව මෙය විය. [9] මැයි 30 දින සිට ජූනි 9 දින දක්වා ගෝල්ඩ්ස්ටෝන්හී ඉතා ප්‍රබල රේඩාර් ඉලක්කයක් වන මෙය, ජූනි 6 සිට ජූනි 12 දක්වා, ඇරිසිබෝහී නිරික්ෂණයට ලක් වනු ඇත. [2] එහි ආසන්නතම එළඹුමට කිට්ටුවෙන් පැවතියදී පවා ක්ෂුද්‍ර ග්‍රහයා සතු වූයේ 11 ක දෘශ්‍ය විශාලත්වයක් වන අතර එය දැකීම සඳහා දුරදක්නයක් අවශ්‍ය විය.[2]

කක්ෂීය විසඳුම අනුකලනය කිරීමෙන් පෙනී යන්නේ, 1975, ජූනි 8 දිනදී, ක්ෂුද්‍ර ග්‍රහයා, පෘථිවියෙන් 0.08 AU දුරකින් එය පසු කරගෙන ගිය බවත් [4] එවිට එහි දෘශ්‍ය විශාලත්වය, 13.9 පමණ වූ බවත්ය. [10] ඊළඟ ඥාත ආසන්න ළඟාවීම සිදුවන්නේ, 2221, මැයි 27 දිනදී වන අතර, එදිනදී එය පෘථිවියෙන් 0.038 AU (5,700,000 කිමී; 3,500,000 සැත) දුරකින් එය පසු කරනු ඇත.[2]

ආශ්‍රිත සංස්කරණය

  1. "285263 (1998 QE2)". ජෙට් ප්‍රවාලන පරික්ෂණාගාරය. සම්ප්‍රවේශය 2013-06-02.
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 ආචාර්ය ලාන්ස් ඒ.එම්.බෙනර් (2013 මැයි 28). "(285263) 1998 QE2 ග්ලැඩ්ස්ටෝන් රේඩාර් ඔබ්සර්වේෂන්ස් ප්ලෑනිං". NASA/JPL ඇස්ටරොයිඩ් රේඩාර් රිසර්ච්. සම්ප්‍රවේශය 2013-05-30. {{cite web}}: Check date values in: |date= (help)
  3. "MPEC 1998-Q19 : 1998 QE2". IAU සුළු ග්‍රහ කේන්ද්‍රය. 1998-08-22. සම්ප්‍රවේශය 2013-05-30. (J98Q02E)
  4. 4.0 4.1 4.2 4.3 4.4 "JPL ක්ලෝස්-ඇප්රෝච් ඩේටා: 285263 (1998 QE2)". 2013-05-28 අවසන් නිරික්ෂණ (arc=14.7 වසර; අඩමානත්වය=0). සම්ප්‍රවේශය 2013-05-30. {{cite web}}: Check date values in: |date= (help)
  5. ඩෙබෝරා නෙට්බර්න් (මැයි 24, 2013). "ඩාක්, මැසිව් ඇස්ටරොයිඩ් ටු ෆ්ලයි බයි අර්ත් ඔන් මේ 31". http://phys.org/news/2013-05-dark-massive-asteroid-earth.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය මැයි 24, 2013. 
  6. "NASA රේඩාර් රිවීල්ස් ඇස්ටරොයිඩ් හෑස් ඉට්ස් ඕන් මූන්". NASA/JPL. මැයි 30, 2013. සම්ප්‍රවේශය 2013-05-30.
  7. එමිල් ලක්ඩවල්ලා (2013 මැයි 30). "සේ "හායි!" ටු ඇස්ටරොයිඩ් -- ඇක්චුවලි, ඇස්ටරොයිඩ්ස් -- (285263) 1998 QE2". ද ප්ලැනටරි සොසයිට්. සම්ප්‍රවේශය 2013-05-30. {{cite web}}: Check date values in: |date= (help)
  8. ඔසාමු අජිකි. "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර් විත් ජාවා ඇප්ලට් ෆෝ 285263 (1998 QE2)". නාසා. සම්ප්‍රවේශය ජූනි 2, 2013.
  9. "ඇස්ටරොයිඩ් 1998 QE2 ටු සේල් පාස්ට් අර්ත් නයින් ටයිම්ස් ලාජර් දෑන් කෲස් ෂිප්". NASA/JPL ඇස්ටටෙරායිඩ් රේඩාර් රිසර්ච්. 2013 මැයි 15. සම්ප්‍රවේශය 2013-06-01. {{cite web}}: Check date values in: |date= (help)
  10. "(285263) 1998QE2 එෆමෙරිඩීස් ෆෝ 8 ජූන් 1975". NEODyS (නියර් අර්ත් ඔබ්ජෙක්ට්ස් - ඩයිනමික් සයිට්). සම්ප්‍රවේශය 2013-05-30.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=(285263)_1998_QE2&oldid=597573" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි