සිරිධම්ම විද්‍යාලය
“පඤ්ඤා නරානං රතනං” – ප්‍රඥාව මිනිසාට මාණික්‍යයක් බඳුය යන්න ආදර්ශ පාඨය කරගත් සිරිධම්ම විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ල, ලබුදූව හි පිහිටුවා ඇත, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්විතීයික අංශ දෙකෙන්ම සමන්විත මිශ්‍ර පාසල් අතුරෙන් ඉහලින්ම සිටින පාසලක් වන අතර කෙටි කාලයකින් ඉමහත් කීර්තියක් අත්කරගත් ජාතික පාසලකි.
සිරිධම්ම විද්‍යාලය Siridhamma College | |
---|---|
Location | |
![]() | |
ඛණ්ඩාංක | 06°04′19.48″S 80°13′54.58″E / 6.0720778°S 80.2318278°Eඛණ්ඩාංක: 06°04′19.48″S 80°13′54.58″E / 6.0720778°S 80.2318278°E |
තොරතුරු | |
වර්ගය | ආණ්ඩුවේ පාසලකි |
ආදර්ශ පාඨය | පඤ්ඤා නරානං රතනං |
Established | 1995 පෙබරවාරි 06 |
ආදිකර්තෘ | ආචාර්ය රිචඩ් පතිරණ |
විදුහල්පති | රවීන්ද්‍ර පුෂ්පකුමාර |
ශ්‍රේණි | 1 - 13 |
බාලක/බාලිකා | මිශ්‍ර |
Enrollment | 3500 |
වර්ණ(ය) | " නිල් " සහ " රන් " |
වෙබ් අඩවිය | www.siridhammacollege.lk |
ඉතිහාසයසංස්කරණය
ආරම්භයසංස්කරණය
අක්මීමණ ආසනයේ අවශ්‍යතාවයක් සපුරාලමින් 1995 පෙබරවාරි 06 වන දින එවක අධ්‍යාපන අමාත්‍ය, දිවංගත ගරු රිචඩ් පතිරණ මැතිතුමාගේ[1] සමාරාධනාවෙන් එවක අග්‍රාමාත්‍ය, දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සුරතින් පළමු ළමයා ඇතුලත් කරගනිමින් පාසල ආරම්භ කරන ලදී. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය ලබාගත් පළමු හිමිනම වන ගරුතර ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට ගරු කිරීමක් ලෙස ලබුදූව සිරිධම්ම විද්‍යාලය ලෙස පාසල නම් කරන ලදී. ළමුන් 90 කින් සහ එක් ගොඩනැගිල්ලකින් ඇරඹි පාසල වසරින් වසර 1 වසරට හා 5 වසර ශිෂ්‍යත්වයෙන් 6 වසර සඳහා ළමුන් ඇතුලත් කරගනිමින් තම සිසු සංඛ්‍යාව ඉහල නංවාගන්නා ලදී. මුල් විදුහල්පති P.S.K.රාජපක්ෂ මූලිකව මාලා ජයසේකර, සන්ධ්‍යා කොඩිකාර, මාලා අලස්, අනූජා වීරසිංහ, චන්දන පන්ඩිත්සේකර, M.K.සෝමපාල, A.M.විජේරත්න, නයනා කුලතිලක ගුරුමණ්ඩලය පාසලේ ආරම්භක ගුරුවරුන් වෙත්.
දැක්මසංස්කරණය
පිරිපුන් දැයක් උදෙසා පිරිපුන් දරුවෙක්.
මෙහෙවරසංස්කරණය
පිරිපුන් දරුවෙක් බිහි කළ හැකි ඵලදායි ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම.
මඟ සළකුණුසංස්කරණය
- 1995 පෙබරවාරි 06 දින පාසල ආරම්භය
- 1996 ජනවාරි 06 ප්‍රාථමික අංශයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම හා විද්‍යාගාරය සහිත තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම
- 1996 පළමු නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
- 1996 නොවැම්බර් 17 විද්‍යාගාරය සහිත තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම
- 1998 ජනවාරි 17 සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම
- 1999 පාසලේ ශ්‍රවණාගාරය, පරිගනක ඒකකය සහිත තෙමහල් ගොඩනැගිල්ල හා නේවාසිකාගාර ගොඩනැගිලි විවෘත කිරීම
- 1999 5 වසර ශිෂ්‍යත්වය සඳහා ප්‍රථම සිසු පිරිස පෙනී සිටීම
- 2004 උසස්පෙළ සඳහා ප්‍රථම සිසු පිරිස පෙනී සිටීම
- 2012 ඔක්තෝබර් 07 ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීම
ආදි විදුහල්පතිවරුන්සංස්කරණය
විදුහල්පතිවරයා/විදුහල්පතිවරිය | සිට | දක්වා |
---|---|---|
P.S.K.රාජපක්ෂ | 1995 | 2004 |
සුමේධ වක්වැල්ල | 2004 | 2007 |
මුනිපාල | 2007 | 2008 |
ප්‍රේමසිරි ඈපා | 2008 | 2012 |
කපිතාන්. S.P.ආරියරත්න | 2016 | |
රවීන්ද්‍ර පුෂ්පකුමාර | 2016 |
වර්ථමානයසංස්කරණය
අද වන විට සිසුන් 3500 ක් පමන දක්වා වර්ධනය වී ඇත.
නිවාසසංස්කරණය
පෙරදී (1995 -2008), පාසලේ ළමුන් මැණික් වර්ගවල නම් සහිත නිවාස 4කට බෙදා තිබුනි, එනම්.
2008-2012 දක්වා සිසුන් නිවාස 5කට බෙදා තිබුනි එනම්,
- සිංහරාජ - කොළ වර්ණය
- දුන්හිඳ - රතු වර්ණය
- මහවැලි - නිල් වර්ණය
- සමනළ - කහ වර්ණය
- සීගිරි - රෝස වර්ණය
2013 වසර සිට නැවතත් පෙර පරිදි නිවාස වල නම් සකස්කර ඇත.
- සෆායා - නිල් වර්ණය
- ඔපල් - දම් වර්ණය
- ක්‍රිස්ටල් - රතු වර්ණය
- ඩයමන්ඩ් - කහ වර්ණය
ක්රීඩාසංස්කරණය
ශිෂ්‍යභට ඛණ්ඩයසංස්කරණය
පිරිමි ශිෂ්‍යභට කණ්ඩයසංස්කරණය
ආරම්භක වර්ෂය 2003
NCC පුහුණු කඳවුරු තුලදී ලබාගත් ස්ථාන
වසර | ස්ථානය | වසර | ස්ථානය |
---|---|---|---|
2003 | 21 | 2013 | - |
2004 | 16 | 2014 | - |
2005 | 11 | 2015 | - |
2006 | 09 | 2016 | - |
2007 | 09 | 2017 | - |
2008 | 04 | 2018 | - |
2009 | 04 | 2019 | - |
2010 | 11 | 2020 | - |
2011 | 11 | 2021 | - |
2012 | 09 | 2022 | - |
කාන්තා ශිෂ්‍යභට කණ්ඩයසංස්කරණය
ආරම්භක වර්ෂය 2008
NCC පුහුණු කඳවුරු තුලදී ලබාගත් ස්ථාන
වසර | ස්ථානය | වසර | ස්ථානය |
---|---|---|---|
2008 | 23 | 2018 | - |
2009 | 03 | 2019 | - |
2010 | - | 2020 | - |
2011 | - | 2021 | - |
2012 | - | 2022 | - |
2013 | - | 2023 | - |
2014 | - | 2024 | - |
2015 | - | 2025 | - |
2016 | - | 2026 | - |
2017 | - | 2027 | - |
නිළ ඇඳුමසංස්කරණය
- පිරිමි ළමුන් 1 වසර සිට 9 වසර දක්වා
සුදු අත්කොට කමිසය හා නිල් කොට කලිසම - පිරිමි ළමුන් 10 වසර සිට 13 වසර දක්වා
සුදු අත්කොට කමිසය හා සුදු දිග කලිසම - ගැහැණු ළමුන් 1 වසර සිට 13 වසර දක්වා
නිල් කරපටිය සමඟ සුදු අත්කොට හැට්ටය හා නිල් රැලි සාය
සියළුම සිසුන්ගේ කමිස සාක්කුවෙහි ඉහල වම් කෙළවරෙහි පාසල් නිල ලාංඡනය අනිවාර්යය වේ.
පාසල් ගීතයසංස්කරණය
ඉංග්‍රීසි: Siridhamma College | ||||||||
පද රචනය | රත්න ශ්‍රී විජේසිංහ | |||||||
---|---|---|---|---|---|---|---|---|
සංගීත නියැදිය | ||||||||
|
සිරි සරසවි නිතියෙන් රඳනා
සිරිත විරිත නැණ ගුණ වඩනා
සිරිදම් විදුහල් මවුනි දයාබර
පහන් ටැඹකි ඔබ මඟ කියනා
නව විදු නැණ සිප් ලලිත කළා
නිපුණ වෙමින් කෙළි මඩුලු දිනා
පිරිපුන් දරුවන් වෙමු අපි මතුදා
මව්නි නමට ඔබෙ සිරස නමා
විපුල දිරිය ඉඳු බව සපුරා
සාධු ගුනෙන් හදවත සරසා
පිරිපුන් මිනිසුන් වෙමු අපි මතුදා
මව්නි නමට ඔබෙ සිරස නමා
පබැඳුම, රත්න ශ්‍රී විජේසිංහ ෴
ආදි ශිෂ්‍ය සංගමයසංස්කරණය
2012 ඔක්තෝබර් 07 වැනි දින පාසලේ ආදි ශිෂ්‍ය සංගමය නිළ වශයෙන් පිහිටුවන ලදී.ආදී ශිෂ්‍ය මව් සංගම් කාර්යාලය නිළ වශයෙන් පාසල තුල විවෘත කිරීම 2016 ඔක්තෝබර් මස 07 වැනි දින සිදු කරන ලදී.