ප්‍රධාන මෙනුව විවෘත කරන්න

ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩා අතරෙන් එක් පිළකට ක්‍රීඩකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස පැසිපන්දු ක්‍රීඩාව හැඳින්විය හැකිය. මීටර් 3ක් එනම් අඩි 10 උස පැසකට පැසි පන්දුව නිවැරදිව විදීමෙන් හෝ විසිකිරීමෙන් ලකුණු රැස්කර ගනී. ජයග්‍රාහී කණ්ඩායම වනුයේ වැඩිම වාර ගණනක් පැසට පන්දුව විදීමට හැකි වූ කණ්ඩායමයි.

පන්දුව ඉහළ නගින ලෙස බිම ගැසීමෙන් (bouncing) හෝ කණ්ඩායමේ සාමාජිකයින් අතර පන්දුව හුවමාරුවෙන් ගෝල කණුව කරා පන්දුව ගෙන යා හැකිය. පන්දුව භාර දීමේදී විවිධ සීමාවන් පවතින අතර ප්‍රතිවාදී පිළේ සාමාජිකයින්ට කායිකව පීඩා කිරීමට අවසර නොලැබේ.

පන්දුව හුවමාරුවේ , විදීමේ හා ඉහළ යන ලෙස බිම පතිත කිරීමේ ක්‍රමවේදයන් හි පමණක් නොව සගයින් බාධකයින් ලෙස ක්‍රීඩකයින්ගේ තාක්ෂණවේදය ද අද ඉතා ඉහළ මට්ටමකට දියුණුව ඇත.

උදා - කණ්ඩායමේ උසම ක්‍රීඩකයා මැද ක්‍රීඩකයා (center) ලෙසත් මිටිම ක්‍රීඩකයා pointer ලෙසත් කටයුතු කරන අතර හොඳම පන්දුව හසුරවන්නා ගෝල රකින්නා ලෙසත් ක්‍රීඩා කරයි.

තරගකාරීව පවත්වන පැසි පන්දු තරඟාවලියක් ගෘහස්ථව පවත්වන අතර ඉන් ඔබ්බට බාහිරව පවත්වන ක්‍රීඩා අංගයක් ලෙස පැසි පන්දු ක්‍රීඩාව ග්‍රාමීයව ජනප්‍රිය වී ඇත.

පැසිපන්දු ක්‍රීඩාවේ උපතසංස්කරණය

1891 වසරේ දෙසැම්බර් මස ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ප්‍රිංෆීල්ඩ් හිදී තරුණ ක්‍රිස්තියානි සංගමයේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂ මහාචාර්ය ජේම්ස් නෑයිස්මිත් ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට සුදුසු ක්‍රීඩාවක් නිර්මාණය කළේය. ඒ ඔහු වැසි දිනක තම සිසුන්ට ක්‍රීඩා කිරීමට කළ නිර්මාණයක සාර්ථක ප්‍රතිඵලයි

ඔහු අඩි 10 ක (මීටර් 3ක) උසින් පීච් කූඩයක් සවි කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=පැසිපන්දු&oldid=416252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි