සිරායා (චීන: 西拉雅族; පින්යින්: Xīlāyǎ Zú) යනුවෙන් හැඳින්වෙන්නේ තායිවාන ස්වදේශික ජනයා වේ.සිරායා ජනයා තායිවාන දිවයිනේ දකුණු බටහිර පෙදෙස් සමතලා වෙරළාශ්‍රිත තැනිතලා පෙදෙස්වල හා ඊට සමාන පෙදෙස් වන නැගෙනහිර වෙරළාශ්‍රිත පෙදෙසේ ජීවත්විය. එම ප්‍රෙද්ශය අදවන විට තායිනාන් නගරය සහ තායිටුං දේශය ලෙස හඳුනාගෙන ඇත. අවසානයේදී මෙම ජනවර්ගය කාණ්ඩ හතරකින් සෑදී ඇත. ඒවා නම්: මත්තාව්, සෝලන්ඝ්, බක්ක්ලොන්ඝ්, සහ සින්ක්කාන් ලෙස වේ. පළමු කණ්ඩායම් හතර ව්‍යාප්තව ඇත්තේ අද වන විට මාදෝ, ජිආලි, ෂැන්හුආආ, සහ ක්ෂින්ෂි යන පෙදෙස් වල වෙන් වෙන් වශයෙනි.

සිරායා
西拉雅族
සිරායා ජනයා
සිරායා යුවළක්
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
තායිනාන් නගරය සහ තායිටුං දේශය (තායිවානය)
භාෂා
සිරායා (පැරණි), මැන්ඩරීන්, තායිවාන හොක්කියෙන්
ආගම
ජීව වාදය, ක්‍රිස්තියානි ආගම
ආශ්‍රිත මිනිස් ජාතීන්
තායිවාන ආදිවාසීන්
තායිනාන් විද්‍යා උද්‍යානයේ ඇති සිරායා මාවතක්

සිරායා යනු තායිවාන ආදිවාසීන් (පින්ග්පු) වන අතර ඔවුන් කදුකර පෙදෙස් වලට වඩා සමතල වෙරළාශ්‍රිත පෙදෙස් වලට ප්‍රිය කළහ. අනෙකුත් තායිවාන ස්වදේශික ජනයා මෙන් මොවුන්ද ජනවාර්ගිකත්වයෙන් සහ භාෂාවෙන් ඔස්ට්‍රොනීසියානුවෝ වූහ. "තායිවාන්" යන නාමය (ඓතිහාසිකව තායියෝවාන්ග් , 臺員 සහ වෙනත් වර්ග) සිරායා භාෂාව මඟින් හටගැනුණකි. සිරායාවරුන්ට අයත් වන ඔස්ට්‍රෝනීසියානු භාෂාව බටහිර පැසිෆික්, පොලිනීසියානු ඇතුළත්ව, ඉන්දුනිසියානු, පිලිපීන සහ මැලේසියානු භාෂා අයත්වන කාණ්ඩයට නෑකම් කියයි.[1]

තායිවාන සහ මකාටෝ ලෙස සිතා මතා සිරායා සමූහ දෙකක් වර්ග කළහ. නමුත් නූතන වර්ගීකරණය රඳා පැවතුනේ බුද්ධිමත් ජනතාවගෙනි. මේ සඳහා මූලික වූයේ නව්‍ය භාෂණ සොයාගැනීම්, සංස්කෘතික මුහුණුවර, සහ බුද්ධිමත් ජනයාගේ ස්වයං හඳුනාගැනීම් ය.

නූතන ඉතිහාසය සංස්කරණය

සිරායා පෙදෙස් වල ව්‍යාප්තියෙන් පසුව 1683 චීනයේ ක්විං රාජවංශය විසින් තායිවාන ඈඳාගැනීම හේතුවෙන් සිදුවූ සංස්කෘතික සමායෝගය නිසා කෙමෙන් කෙමෙන් සිරායා භාෂාව භාවිතයෙන් ඉවත් විය.[2] එහි අවසන් වාර්තාගත විධිමත් යොදාගැනීම 1908 දී, තායිවානය ජපන් පාලනයට නතුව පැවති කාලයේදී වාර්තා වේ.[1] පසුව බොහෝ සිරායා පවුල් වල මව් භාෂාව ලෙස හොක්කියෙන් චීන භාෂාව යොදා ගැනිනි. පොදු භාෂාලෙස ජපන් සහ චීන මැන්ඩරීන් භාෂාවෙන් බලපත්‍ර ලාභී රජයේ පාසල් වල ඉගැන්වීම සිදුවිය.

සිරායා සමන්විත වන මොවුන්ගේ සංස්කෘතියේ විවිධ අංගයන් පැවත ඒම පහත පරිදි වේ. පවුල් ගණනාවක් වන ත්සො-චෙන්, කෝ-පෙයි සහ ෂින්හුවා නියම් ගමෙහි චියු-චෙන්-ලින් යන ‍පවුල් සිරායා ස්වදේශිකයන් ලෙස තවමත් සිය සංස්කෘතික අනන්‍යතාවය හඳුනා ගැනීම සිදුකරති. පාරම්පරික නාමයක් වන වෑන් (萬) යන නාමය ඇතැම් ප්‍රදේශයන් වල හමුවේ. චීන අක්ෂර පරිවර්තන වලින් හෙළිවන පරිදි තලාවෑන් යනුවෙන් සිරායා මුල් නාමයක් තිබී ඇත. [1] සිරායා සංස්කෘතික සංගමය (台南縣平埔族西拉雅文化協會) 1999 වර්ෂයේදී ආරම්භ විය. 2002 වර්ෂය වන විට යළි ගොඩනගන ලද සිරායා භාෂාව (පහතින් දැක්වේ) ඉගැන්වීම ආරම්භ වූ අතර එය නව සාහිත්‍යයට ද යොදා ගැණිනි.[1] 2005 වසරේදී, තායිනාන් ප්‍රාන්ත‍යේදී (වර්තමානයේදී තායිනාන් නගරයේ කොටසකි.) රජය විසින් සිරායා ආදිවාසී තොරතුරු සංගමයක් (台南縣西拉雅原住民族事務委員會) පිහිටුවූ අතර සිරාය වචන 4,000 ක් පමණ අන්තර්ගත වන අතිරේක වාග්මාලාවක් 2008 වසරේදී නිකුත් කරන ලදි.[1]

සිරායා සහ සම්බන්ධිත තැනිතලාවන්හි ආදිවාසී ජනයාට තායිවාන ජාතික රජය වෙතින් නිල පිළිගැනීම ලබාගැනීම සඳහා වන ප්‍රයත්නයන් තවමත් දැකගත හැකි ය. 2010දී සිරායා ජනයා එක්සත් ජාතීන්ගේ ආධාර වැඩපිළිවෙල යටතට ඇතුළ්ත කෙරිණි. සිරායා සහ තායිවාන රජයේ නියෝජිතයින් භාෂාවේ නීතියෙහි කිසියම් දෝෂ සහගත බවක් ඇති බැව් නිරීක්ෂණය කොට ඇත: ස්වදේශික ජනයා සඳහා යෙදෙන චීන වදනෙහි සාහිත්‍යමය අර්ථය වන්නේ "කඳුකර ජනයා" යන්නයි. නීතියෙහි සාහිත්‍යමය අර්ථ දැක්වීම මගින්, වෙරළාසන්න ජන කණ්ඩායම් වෙත පිළිගැනීම ගිලිහෙන්නේ ඉබේම ය. සියලු ස්වදේශික ජන කණ්ඩායම් ඇතුළත් කොට නිවරද්‍ය පිළිගැනීමක් ලබාදීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් සිය අවධානය යොමුකොට තිබේ.[3][4]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 Crook, Steven (26 Sep 2008). "Taiwan Culture Portal - Pingpu tribe: We have not disappeared!". Culture.tw. 2015-05-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-01-23.
  2. Adelaar, K.A. (1997). "Grammar notes on Siraya, an extinct Formosan language". Oceanic Linguistics. University of Hawai'i Press. 36 (2): 362–397. doi:10.2307/3622990. JSTOR 3622990.
  3. Loa, Iok-sin (6 May 2010). "Pingpu activists ask UN assistance in Aboriginal claim". Taipei Times. p. 1. සම්ප්‍රවේශය 2013-01-23.
  4. "CIP says Pingpu recognition requires law revision". Taipei Times. 27 May 2010. p. 3. සම්ප්‍රවේශය 2013-01-23.

වැඩිදුර කියවීමට සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සිරායා_ජනයා&oldid=593772" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි