සාන්ත සෙබස්තියන් දේවස්ථානය, එඬේරමුල්ල
සාන්ත සෙබස්තියන් දේවස්ථානය, එඬේරමුල්ල යනු ශ්‍රී ලංකාවේ, කොළඹ අගරදගුරු පදවියේ පිහිටි රෝමානු කතෝලික දේවස්ථානයකි. එය පිහිටා ඇත්තේ වත්තල, එඬේරමුල්ලේ ය. දේවස්ථානය 1891 දී පිහිටුවන ලදී. දළුගම (1879-1903) සහ කිරිමැටියාගර (1903-1934) සමඟ සම මීසමක් ව තිබී, එය 1934 දී ස්වාධීන මීසමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
සාන්ත සෙබස්තියන් දේවස්ථානය, එඬේරමුල්ල | |
---|---|
ඉංග්‍රීසි: St. Sebastian's Church, Enderamulla | |
6°59′49″N 79°55′00″E / 6.9969°N 79.9168°Eඛණ්ඩාංක: 6°59′49″N 79°55′00″E / 6.9969°N 79.9168°E [1] | |
ස්ථානය | එඬේරමුල්ල, වත්තල[1][2] |
රට | ශ්‍රී ලංකාව |
සභාව | කතෝලික |
වෙබ් අඩවිය | නිල ෆේස්බුක් පිටුව |
සාන්ත සෙබස්තියන් මුනිතුමාගේ හස්තයේ අස්ථි කොටසක් විශේෂ ධාතු කරඬුවක සංරක්ෂණය කර ඇති අතර එය ප්‍රධාන දේවස්ථාන ගොඩනැගිල්ලේ වම් පැත්තේ දිව්‍ය සත්ප්‍රසාද ගෘහයේ වීදුරු කුටියක සත්ප්‍රසාද කරඬුව සමඟ තබා ඇත.
ඉතිහාසය
සංස්කරණයඑඬේරමුල්ල ග්‍රාමයේ ඉතිහාසය
සංස්කරණයමුදුන් ඇළෙන් දකුණින් සහ ඊරි ඇළෙන් බටහිරින් වට වූ, බටහිරින් සහ දකුණින් කළු ඔයෙන් මායිම්ව සියනෑ කෝරළයේ බටහිර කෙළවරේ පිහිටා ඇති, මාලිගාවේ සේවා සැපයීමට සහ රාජකාරි ඉටු කිරීමට පුරාණ කැලණිය රාජධානි සමයේ පිහිටුවන ලද කුඩා ගම්මානයකි. මෙම මුළු ප්‍රදේශයට එඬේරමුල්ල, පින්නමැද සහ ගොංගිතොට යන ගම්මාන තුනක් ඇතුළත් වේ. ග්‍රාමයේ පැවත එන්නන්, පෞරාණික ගොඩනැඟිලි සහ භූගෝලීය ලක්ෂණ ගම්මානයේ සහ දේවස්ථානයේ ඓතිහාසික වටිනාකම සහ ශ්‍රී ලාංකීය ඉතිහාසයට ඇති සම්බන්ධය ප්‍රකාශ කරයි.
බටහිර වෙරළ තීරයට 1505 දී පෘතුගීසීන් පැමිණීම රෝමානු කතෝලික ජනගහනයේ ව්‍යාප්තියට බලපෑ අතර ඓතිහාසික ලේඛනවලින් පෙනී යන්නේ එඬේරමුල්ල ඔවුන්ගේ අණ යටතේ පැවති පෘතුගීසීන්ගේ බලප්‍රදේශය සිට සැතපුම් 8 ක් උතුරින් පිහිටි බවයි.
දේවස්ථානයේ ඉතිහාසය
සංස්කරණයජනප්රවාදවලට අනුව පෘතුගීසි යුගයේදී; ප්‍රැන්සිස්කන් සහ ජේසු නිකායික පූජකවරුන්ගේ සහාය ඇතිව එඬේරමුල්ලේ පළමු දේවස්ථානය ඉදිකරන ලදී. මෙය පසුව ලන්දේසීන් විසින් විනාශ කරන ලදී. ජනප්‍රවාදයට අනුව එය ඉදිකර ඇත්තේ ‘ගුරුගොඩ වෙල්යාය’ නම් ස්ථානයේය. 17 වන සියවසේ අගභාගයේ ලන්දේසි පාලන සමය ආරම්භ වූ විට, රෙපරමාදු ආගම හඳුන්වා දී පාලකයින් විසින් බලාත්මක කිරීම නිසා කතෝලිකයන්ට සහ පල්ලියට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය.
වසර 150 කට පසු දෙවන දේවස්ථානය බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකරන ලද අතර එය පළමු පල්ලියේ ජනප්‍රවාද මත පදනම්ව ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ට කැප කරන ලදී. 1855 ජනවාරි 30 වන දින, කතෝලික අනුශාසකයෙකු වූ හැඳලගේ දොන් හෙන්ද්‍රික් කැන්ගෝන් විසින් දැනට පවතින ඉඩම පල්ලියට පරිත්‍යාග කරන ලද අතර එය පසුව ‘පල්ලියවත්ත’ ලෙස නම් කරන ලදී. වර්තමාන දෙව්මැදුරේ ඉදිකිරීම් 1891 දී අගරදගුරු ක්‍රිස්ටෝපර් බොන්ජින් තුමාගේ ආශිර්වාදයෙන් ආරම්භ වී 1920 දී වසර 29 ක උත්සාහයකින් නිම කරන ලදී.
ආරම්භයේදී එඬේරමුල්ල දේවස්ථානය දළුගම මීසමට ඇතුළත් වූ අතර, එය ඉදිකර අවසන් වූ පසු කිරිමැටියාගාර මීසමට ඇතුළත් විය.
ඓතිහාසික දේවස්ථාන මංගල්‍යය
සංස්කරණයඑඬේරමුල්ල ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය දිගුකාලීනව පැවත එන ආගමික උත්සවයක් වන අතර එය ප්‍රදේශයේ කතෝලික ප්‍රජාව සමඟ ගැඹුරින් සම්බන්ධ වේ. ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ට ගෞරව කිරීම සඳහා සහ දේවස්ථනයේ වාර්ශික සංවත්සරය සැමරීමට වාර්ෂිකව පවත්වනු ලබන මෙම මංගල්‍යයට යාඥා සේවා සහ පෙරහැර ඇතුළු ආගමික උත්සව මාලාවක් ඇතුළත් වන අතර ප්‍රදේශවාසීන් සහ අමුත්තන් යන දෙඅංශයෙන්ම එයට සහභාගී වේ.
සැමරුම් උත්සවයේ ප්‍රධාන අංගයක් වන්නේ මංගල්‍ය පෙරහැර වන අතර, එහිදී ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව වීදි හරහා ගෙන යනු ලැබේ. මෙම පෙරහැර "වීදි යෑම", "සොරෝලෙ යෑම" නමින්ද හඳුන්වනු ලබයි. මෙම පිළිවෙත අධ්‍යාත්මික පිළිවෙතක් ලෙස නිරීක්ෂණය කරනු ලබන අතර, සහභාගිවන්නන් තම භක්තිය ප්‍රකාශ කිරීමට සහ ආශිර්වාද ලබා ගැනීමට පෙරහැරට සම්බන්ධ වේ. මෙම සම්ප්‍රදායෙන් සාන්තුවරයාට ගැඹුරු සංස්කෘතික සම්බන්ධයක් වන අතර ඔහු තම මැදිහත් කමින් අනුගාමිකයන්ට දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ලබා දෙන බව විශ්වාස කෙරේ.
එඬේරමුල්ල මංගල්‍යයේ එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ "තැඹිලි තොරණ"යි. පල්ලිය විසින් හඳුන්වා දෙන ලද මෙම සැරසිලි ව්‍යුහය මෙහි කැපී පෙනෙන අංගයක් බවට පත් වී ඇති අතර, මෙම සම්ප්‍රදාය ආරක්ෂා කිරීම සඳහා ප්‍රජාව විසින් තැඹිලි සහ අදාල අමුද්‍රව්‍ය නොමිලේ ලබා දෙයි.
ආගමික චාරිත්‍ර වාරිත්‍ර සහ ප්‍රාදේශීය සම්ප්‍රදායන් යන දෙකම ආරක්ෂා කරමින් මෙම මංගල්‍යය දේවස්ථනයට සහ අවට ප්‍රජාවන්ට වැදගත් සිදුවීමක් ලෙස පවතී.
එඬේරමුල්ල ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මංගල්‍ය සමයේ ආරම්භය කොඩි ගස එසවීමෙන් සනිටුහන් කරයි. මෙයින් පසු දින නවයක් නුවාන පූජා පවත්වනු ලබන අතර, විශේෂ යාඥාවන් සහ ජනවන්දනා පවත්වනු ලැබේ. විශේෂ සන්ධ්‍යා මෙහෙයක් මංගල්‍යයට පෙර දින සිදුකෙරෙන අතර එය නුවාන කාල පරිච්ඡේදයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරයි.
සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ මංගල්‍යයට සමගාමීව සාමාන්‍යයෙන් ජනවාරි 20 වෙනිදාට ආසන්නව දේවස්ථානයේ මංගල්‍ය පැවැත්වේ.
සංස්කෘතිය
සංස්කරණයමාධ්ය සහ කලා
සංස්කරණයඑඬේරමුල්ල ශාන්ත සෙබස්තියන් දේවස්ථානය විශේෂයෙන්ම එහි මාධ්‍ය සහ කලා මුලපිරීම් හරහා සංස්කෘතික ප්‍රකාශනය සඳහා මධ්‍යස්ථානයකි. පල්ලියේ මාධ්‍ය ඒකකය විසින් පල්ලියේ විවිධ ක්‍රියාකාරකම් සහ සැමරුම් සමාජයට බෙදා හරිනු ලැබේ. නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින්, මෙම ඒකකය මංගල්‍යයන් සහ උත්සවවල වැදගත් අවස්ථා ග්‍රහණය කර ගන්නා අතර, පොහොසත් සම්ප්‍රදායන් ආරක්ෂා කර පුළුල් ප්‍රජාව සමඟ බෙදා ගැනීම සහතික කරයි. ශාන්ත සෙබස්තියන් ගායක ගායිකාවන් පූජනීය උත්සවවලදී සභාව මෙහෙයවන පූජාවන්හි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. විශේෂයෙන්ම ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යයේදී දේශීය සංගීත ශෛලීන් සහ තේමා ඇතුළත් කරමින් ප්‍රාදේශීය ප්‍රජාවගේ සංස්කෘතික උරුමය පිළිබිඹු කරන ප්‍රසංගයක් මෙම ගායන කණ්ඩායම ඉටු කරයි.
ශාන්ත සිසිලියා ගායන කණ්ඩායම සාම්ප්‍රදායික ගීතිකා සහ සමකාලීන කොටස් රාශියක් ඉදිරිපත් කරමින් පල්ලියේ සංස්කෘතියට අනුපූරක වේ.විශේෂ සිදුවීම්වලට ඔවුන් සම්බන්ධ වීම සැමරුම් අතරතුර සමස්ත සංගීත අත්දැකීමට දායක වන අතර, සභාව තුළ සමගිය පිළිබඳ හැඟීමක් ඇති කරයි.
මීසම්බාර පියතුමන්ලා
සංස්කරණය1855–1879
සංස්කරණයසැ.යු: එඬේරමුල්ල තවමත් නිල මීසමක් නොවීය
- ගරු කොන්ස්තන්තයින් නේවිස් පියතුමා
- ගරු මතියස් කයිතානො පියතුමා
- ගරු බෲචියෝ පියතුමා
- ගරු සන්තැන්ජලෝ පියතුමා
- ගරු කන්ජමනාතන් පියතුමා
- ගරු මාවර් පියතුමා
1879–1903
සංස්කරණයසැ.යු: 1879 දී එඬේරමුල්ල දළුගම මීසම සමඟ සම්බන්ධ විය
පියතුමා (ගරු) | කාල වකවානුව |
---|---|
Brucio | 1879–1882 |
Bartholomew Rosere | 1882–1882 (නොවැම්බර්) |
Cardano | 1882–1886 |
J. B. De Sampaio | 1886–1895 |
E. Julian | 1895–1897 |
P. Bulik | 1897–1898 |
J. B. De Sampaio | 1898–1903 |
1903–1934
සංස්කරණයසැ.යු: 1903 දී එඬේරමුල්ල කිරිමැටියාගාර මීසම හා සම්බන්ධ විය[5]
පියතුමා (ගරු) | කාල වකවානුව | සටහන් |
---|---|---|
A. Guillaume | 1903–1908 | |
Leo Fernando | 1908 | |
Alas | 1908–1910 | |
J. B. De Sampaio | 1910–1930 | දේවස්ථන භූමියේ රබර් රෝපනය (1926-27) |
Guri | 1930-1931 | |
P. J. Fernando | 1931–1933 | සක්‍රිස්තියන් කාමරයක් ඉදිකිරීම (නොපවතී) |
Pebian Fernando | 1933–1934 | පොල් අතු සෙවිලි කල පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම (නොපවතී) |
1934–2001
සංස්කරණයසැ.යු: 1934 දී එඬේරමුල්ල ස්වාධීන මීසමක් බවට පත් විය
පියතුමා (ගරු) | කාල වකවානුව | සටහන් |
---|---|---|
පී.බොනිපස් පීරිස් | 1934–1937 | දොරකඩවල ශුද්ධ වතුර කවුළු ඉදිකර ඇත. |
පී. බුලික් | 1937–1940 | එඬේරමුල්ල ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයට ශුද්ධ වූ පවුලේ (බෝඩෝ හි) සහෝදරියන්ගේ සේවය හඳුන්වා දෙන ලදී[6] |
දොන් විල්ෆ්‍රඩ් බෙනඩික්ට් | 1940–1944 | |
හියුබර් | 1944–1946 | |
ජේ. දල්පතාදු | 1944–1946 | |
මර්සල්ස් | 1944–1946 | |
ඩොන් වින්සන් | 1944–1946 | |
ජේ. එම්. කර්බුල් | 1946–1951 | 1946 වර්ශයේ පියතුමන්ලාගෙ හිඟයක් නිසා නැවත දේවස්ථානය කිරිමැටියාගාර මීසමට අනුයුක්ත වුනි. |
ජේ. හෙබෙස්මෝ | 1951–1951 | |
පියුපොන් | 1951–1954 | |
එෆ්.ඒ.දෙසිගෝ | 1951–1954 | |
වින්සන් ස්ටාලෝ | 1954–1957 | පූජාසනය මුදුනේ සිවිලිම ඉදි කර ඇත |
විලම් පෙරේරා | 1957–1963 | පල්ලියේ ගොඩනැගිල්ලේ උතුරු පැත්ත දිගු කර, ඉදිරිපස මිදුලේ සෙවන ගස් සිටුවා, සතිපොළ හඳුන්වා දුන්නේය. |
ජෝසප් කබ්රාල් | 1963–1967 | පූජකවරයා පූජාසනයට මුහුණ ලා පූජා කිරීමේ සම්ප්‍රදාය බිඳ දමා ශුද්ධ වූ දේව මෙහෙය අතරතුර ජනතාවට මුහුණ දීමට පූජාසන මේසයක් ඉදි කළේය. |
කින්ස්ලි සී පෙරේරා | 1967–1972 | පල්ලියේ බිත්ති සහ වහලය ප්‍රතිසංස්කරණය කර, උතුරු පැත්තේ ඉදිකිරීම් අවසන් කළේය. |
සිරිල් ජෝසප් | 1972–1973 | |
ෆීලික්ස් ජෝන් හෙට්ටිආරච්චි | 1973–1978 | ප්‍රථම වරට පල්ලියට පිව් ආසන ගෙන ආවා. |
මර්වින් ප්‍රනාන්දු | 1978–1982 | තුඩුවේගෙදර පල්ලිය සෑදුවා. |
|
1982–1983 | |
ක්‍රිස් අබේරත්න | 1983-1991 | |
රොහාන් දි සොයිසා | 1991-1997 | |
ගාමිණී පෙරේරා | 1997 සැප් - දෙසැම් | |
ආනන්ද ප්‍රනාන්දු | 1998 | |
රේමන් සමරකෝන් | 1998-1999 | |
මෙරිල් විජේසිංහ | 1999-2001 |
2001-2024
සංස්කරණයපියතුමා (ගරු) | කාල වකවානුව | සටහන් |
---|---|---|
සුනිල් වෙරගොඩ | 2001-2005 | |
ජෝසප් පෙරේරා (නි.ම.නි) | 2005-2006 | |
ශ්‍රියාන් රණසිංහ (නි.ම.නි) | 2006 ජනවා - ජූලි | |
ඇන්ටන් ප්‍රේමලාල් | 2006 - 2012 | |
ප්‍රසන්න රොහාන් | 2012 - |
අන්නාවිවරු හා සක්‍රිස්තන්වරු
සංස්කරණයඅන්නාවිවරු
සංස්කරණය- ලියනගේ ගිරිගෝරිස්
- ඩබ්. ඩී. වර්ලියානු
- කේ. ඩී. සන්තියාගු
- සන්තියා ගුණසේකර
- ඩබ්. ඩී. අන්තෝනි
- ජේ. ඩී. එලාරිස්
- දමියානු පිගේරා
- ඩබ්. ඩී. මර්තීනු
- ඩබ්. ඒ. ඩී. ජාකෝලිස්
- ඩබ්. ඒ. ඩී. ඇලෝසියස්
- යූ. ඩී. එව්සේබියස්
- ලොරෙන්සු ගුණසේකර
- ජූලියස් ගුණසේකර
- පබිලිස් අලහකෝන්
- එච්. ඩී. කයිතන්
- ඩබ්. ඩී. ජෝකින් විජේතුංග
සක්‍රිස්තන්වරු
සංස්කරණය- ලියනගේ ගිරිගෝරිස්
- හැඳලගේ ජෝකින්
- ඩී. දමියානු
- ඩී. සීමොන්
- ඩී. සී. චාර්ලිස්
- ඒ. ඩී. මිගෙල් පෙරේරා
- ලියනගේ බෙනඩික්ට්
- සී. ඩී ෆ්‍රැන්සිස්
- ගංගොඩවිලගේ සුනිල් ජෝසප් දාබරේ (2002-2024, 22 වසරක සේවයෙන් පසු විශ්‍රාම යන ලදී)[7]
අනුබද්ධ දේවස්ථාන
සංස්කරණය- සාන්ත ජූඩ් දේවස්ථානය, තුඩුවෙගෙදර - වර්තමානයේ කුරුකුලාව මීසමට අයත් වේ.
- දිව්‍ය ගැලවුම් කාරයාණන්ගේ දේවස්ථානය, හුණුපිටිය
යොමු කිරීම්
සංස්කරණයඋපුටා දැක්වීම්
සංස්කරණය- ^ a b "St Sebastian Church Enderamulla - Wattala 🇱🇰 - WorldPlaces".
- ^ "Churches in Wattala, Western Province, Sri Lanka". සම්ප්‍රවේශය 30 March 2023.
- ^ "Priest - Archdiocese of Colombo Sri Lanka".
- ^ "සාන්ත සිසිලියා ගායනා කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුව".
- ^ අයිවන් රාසයියා (2016), p. 17.
- ^ "150 Years of the Presence of Holy Family Sisters in Sri Lanka Celebrated in the Generalate". Sainte Famille Bordeaux — Casa Generalizia Santa Famiglia di Bordeaux (ඉංග්‍රීසි බසින්). 19 November 2012. සම්ප්‍රවේශය 31 May 2023.
On the 26th October, the Sri Lankan sisters in the Generalate organised a prayerful reflection ... to mark the 150th year of the arrival of the Holy Family Sisters, in Sri Lanka. The Sri Lankan sisters in the community of Via dei Gracchi joined this celebration.
- ^ ගංගොඩවිලගේ සුනිල් ජෝසප් දාබරේ (2002-2024)
මූලාශ්‍ර
සංස්කරණය- අයිවන් රාසයියා (2016). "එඬේරමුල්ල ග්‍රාමයේ සැඟවුන අතීතය". දෙව්මැදුරයි අපේ ගමයි.
- "සියවස් සමරු කළඹ". එඬේරමුල්ල සියවස් ජුබිලි සමරුව. 1991.