සෙයිලාඹ් සංස්කරණය

මේ සඳහා පහත පොත උදවු විය හැක. The historic tragedy of the island of Ceilão / Captain João Ribeiro ; transl. from the Portuguese by P. E. Pieris. - New Delhi : Asian educational services, 1999. - XVI-266 p. ; 19 cm. ISBN 81-206-1334-1 ---- Shwetha (talk) 02:11, 4 පෙබරවාරි 2016 (යූටීසී)Reply

මට නම් මේ පොත හොයාගන්න නෑ නේ. @Shwetha, එකේ තියෙනවා නම් ඒක අපිට මූලාශ්‍රයක් හැටියට දාන්න පුළුවන් නේද? --Lee (talk) 06:09, 12 පෙබරවාරි 2016 (යූටීසී)Reply
http://noolaham.net/project/38/3702/3702.pdf වෙතින් බාගත හැක. -- Shwetha (talk) 18:13, 12 පෙබරවාරි 2016 (යූටීසී)Reply
හරි. --Lee (talk) 06:45, 19 පෙබරවාරි 2016 (යූටීසී)Reply

පාහියන් සංස්කරණය

Record of Buddhistic Kingdoms by Chinese Monk , Fa-Hien යන්න නිවැරැදි පොත් නමයි වෙබ් අඩවිය http://www.buddhanet.net/pdf_file/rbddh10.pdf වෙයි. එහි සඳහන් වන්නේ සිංහල කියා මිස සිංහලේ කියා නොවෙයි. --- Shwetha (talk) 17:19, 7 පෙබරවාරි 2016 (යූටීසී)Reply

@ Shwetha,
  1. "යන්න නිවැරැදි පොත් නමයි වෙබ් අඩවිය" ලෙස ඔබ විසින් ඉහතින් සදහන් කල කරුණ කිසිවකුට පැහැදිලි නැත ,එතන අකුරු වල දෝෂයක් වී ඇති බවයි පෙනෙන්නේ ,සමහරවිට ඔබ අදහස් කරන්න ඇත්තේ ....යන්න නිවැරැදි පොතේ නමයි. වෙබ් අඩවිය..... ලෙස වියයුතුය.එබැවින් ඔබට මෙතන අකුරු දෝෂයක් වී ඇතිබව පැහැදිලිය.
  2. "Record of Buddhistic Kingdoms by Chinese Monk , Fa-Hien" ලෙස ඔබ පෙන්වාදුන් පොත සහ මා මුලාශ්‍ර කල මෙම පොත සමග සංසන්දනය කර බැලු විට ඔබතුමන්ට පෙනෙයි,වඩා පැරණි පොත කුමක්ද යන වගත් ,එහි පොතේ නම කුමක්ද යන වගත්.( මා පෙන්නා දුන් පොතම මුල් පිටපතම වේ)
  3. දැන් බලමු ඔබ කියන සිංහලේ කථාව.මා සදහන් කල එම පොතේ CHAPTER XXXVn ,පිටුව 100 හි සදහන් වන්නේ මෙලෙසයි "TO CHAMPA AND TAMALIPTI. STAY AND LABOURS THERE FOR THREE YEARS. TAKES SHIP TO SINGHALA, OR CEYLON." පාහියන් හිමියන් විසින් ක්‍රි.ව. 411 පමණ ලියන ලද මෙම කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කරනුයේ James Legge ව්සිනි .මගේ ප්‍රශ්නය වෙන්නේ මෙහි " TAKES SHIP TO SINGHALA" යන්නෙන් ඔබට කුමක් අදහස් වන්නේද යන්නය?. ඔබට ඉහත අකුරු වැරදුනා සේම James Legge ට A වෙනුවට E දාන්න නොහැකිවීමද ඔබට ඇති ගැටලුව.? පරිවර්තන දෝෂ ඇති බව ඔබ නොදන්නේද ?ඔබ කරන පරිවර්තන සර්ව සම්පුර්නද? මෙන්න මෙතන තියෙනවා අපගේ සිංහල විකියේ පරිපාලක තුමෙකුට ඉංග්‍රීසි විකිපීඩියාවේ විකිපීඩියානුවෙක් දුන් පිළිතුරක් .එතන පොඩ්ඩක් බලනවද?එකෙන් ලොකු දෙයක් ඔබට ගන්න පුළුවන් වෙයි .
  4. අනිත් කාරණය ,ලක්දිව 'සිංහලේ ලෙස සදහන්වන වෙනත් බොහෝ මුලාශ්‍රද මා සතුයි.නොදන්නා දේ කතා නොකර නිශ්ශබ්දව සිටීම බුද්දීමතුන්ට වඩා ගුණදායකය.
  5. Oxymoronic behavior.--RsEkanayake 19:15, 12 පෙබරවාරි 2016 (යූටීසී)Reply
මගේ භාෂා දුර්වලතා ගැන ඔබගෙන් ගුරුහරුකම් ලබා ගන්න මම වාසානාවන්තයි. ඒ මොකද ඔබත් විකිපීඩියාවේ ඉන්නවා; මමත් විකිපීඩියාවේ ඉන්නවා. අපි දෙදෙනාටම සන්නිවේදනය කරන්න පුළුවන්. මෙහිදී එකම ගැටළුවයි තියෙන්නේ. James Legge ට A වෙනුවට E දාන්න නොහැකිවීම ඇත්තටම වුනාද කියා සොයාගන්න ඒ මහත්මයාව සොයාගෙන සන්නිවේදනය කරන්න වෙනවා. ඒ මොකද විකිපීඩියාවේ පල කරන්නේ ඔප්පු කල හෝ ඔප්පු කල හැකි දත්ත පමණයි. තමන්ගේ මනසේ තර්ක කරන කරුණු කාරණා නැත්නම් හිතළු ඒකට දාලා මේක පරිහරණය කරන අයව නොමග යවන්න බැහැ. උත්සාහ කරල බලන්න. James Legge මහත්මයව සොයාගන්න පුළුවන් වෙයි. හැබැයි මැරිලද දන්නේ නැහැ. --- Shwetha (talk) 00:59, 13 පෙබරවාරි 2016 (යූටීසී)Reply

සිංහලේ හෝ සිංහලෙ සංස්කරණය

මෙය ප්‍රකාර ගිවිසුමෙහි සිංහල පිටපතෙහි පුනරාවර්ත ලෙසින් දැක්වෙන්නේ සිංහලෙ ලෙසින් මිස සිංහලේ ලෙසින් මිස නොවේ. එය පුනරාවර්ත ලෙසින් දැක්වෙන බැවින් අක්ෂර දෝෂයක් නොවේ. -- Shwetha (talk) 06:01, 22 පෙබරවාරි 2016 (යූටීසී)Reply

ඔබ හරි මෙය මුද්‍රණ දෝශයක් නොවේ. පාලි සහ සංස්කෘත බසේ දීර්ග ශබ්ද ගැනීම සදහා අල් කිරීමේ සංකේතය යොදා නොගැනේ. එම උරුව අනුගනය කර ලිවීමේදී දීර්ඝය සඳහා අල් සංකේතය අවැසි තැන්වල ලිඛිතව අල් කර නොපෙන්වීම පාලි සහ සංස්කෘත උගත් සිංහලයන් විසින් සිදුකිරීම බහුල සිදුවීමක් විය. නිදසුනක් ලෙස මලියදේව රහතන් වහන්සේගේ නම මලියදව ලෙස ලිවීමත් බුද්ධෝත්පාද කාලය යන්න බුද්ධොත්පාද කාලය ලෙස ලිවීමත් දැක්විය හැක. Singhalawap (talk) 06:31, 22 පෙබරවාරි 2016 (යූටීසී)Reply
මේ හේතුව නිසා දැනටමත් සිංහලෙ යන්න සිංහලේ වෙත යලි යොමුකර ඇත. Singhalawap (talk) 06:36, 22 පෙබරවාරි 2016 (යූටීසී)Reply
මෙම ලියවිල්ලේ සිංහල රටෙ ලෙසින්ද ලංකාව ලෙසින්ද සඳහන්ව ඇති බවද පෙනෙයි. එලෙසින් බලන කල උඩරට ගිවිසුම ප්‍රකාර, 1815 දී මෙම රටෙහි අවම වශයෙන් උඩරට ප්‍රදේශය හෝ සිංහලේ ලෙසින් හැඳින්වූ ලෙසට පැවසීම මුසාවක්ද? ---- Shwetha (talk) 06:08, 22 පෙබරවාරි 2016 (යූටීසී)Reply
  1. උඩරට ගිවිසුමෙහි සඳහන් වන වචනය සිංහලෙ මිස සිංහලේ නොවේ.[1]එබැවින් මෙම ලිපියෙහි මාතෘකාව සිංහලෙ විය යුතුය. සිංහලෙ වෙතින් සිංහලේ වෙත ගෙනයෑම ප්‍රමාණවත් නොවේ.
  2. මෙම ගිවිසුමෙහි සිංහලෙ ජනයා සහ සිංහලෙ රටවල් ආදි වශයෙන් සඳහන් වෙයි. [2]එබැවින් මෙම සිංහලෙ යන පදය භාවිතා කර ඇත්තේ උඩරට රජුට අයත්ව තිබූ ප්‍රදේශ සහ ඒවායේ විසූ ජනයා, පහතරට ඉංග්‍රීසී අාධිපත්‍යයට යටත්ව තිබූ ප්‍රදේශ සහ ඒවායෛ් වැසියන්ගෙන් වෙන්කොට හැඳින්වීමටය. ගිවිසුමට සිංහල පාර්ශවයෙන් අදිකාරම් වරුන් අත්සන් කර තිබුණේ සිංහලෙ වැසියන් වෙනුවෙනි. මෙම ගිවිසුම මුළු දිවයිනම බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කිරීමක් නොව, උඩරට ප්‍රදේශය (සිංහලෙ රටවල්) බ්‍රිතාන්‍ය රජුට පැවරීමක් පමණි. පහතරට ප්‍රදේශ ඒ වන විටද ඉංග්‍රීසින් යටතේ තිබුණු බැවින් තවද ගිවිසුමක් අවශ්‍ය නොවීය.
  3. ගිවිසුමෙහි සමහරක් තැන්වල ලංකාව යන නමද භාවිතා වී තිබේ. [3]ඉංග්‍රීසින්ට අයත්ව තිබූ පහතරට ප්‍රදේශ වලට ඔවුන් තැබූ සිලෝන් යන ඉංග්‍රීසි නම වෙනුවට සිංහලෙන් ලංකාව යන නම 1815 මාර්තු මාසයේදී පවා භාවිතා වී තිබුණු බව පෙනේ.
  4. මේ අනුව බලන කල, සිංහලෙ යන නම 1815 වසරෙහිදී මුළු දිවයිනටම භාවිතා කල නමක් නොව උඩරට රජු පාලනය කල ප්‍රදේශ සහ එහි වැසියන් හැඳින්වීමට භාවිතා කල නමක් බව පෙනෙයි. මේ අතරම ලංකාව යන නම 1815 වසරෙහිදී දිවයිනෙහි ඉංග්‍රීසි පාලනය යටතේ පැවති පහතරට සහ මුහුදුබඩ ප්‍රදේේශ හැඳින්වීමට යොදා ගත් බවද පෙනෙයි.
  5. ඉහත කරුණු අනුව ලිපියෙහි මාතෘකාවද එහි අන්තර්ගතයද වෙනස් කල යුතු වෙයි. ---Shwetha (talk) 12:16, 22 පෙබරවාරි 2016 (යූටීසී)Reply

දීර්ග වශයෙන් කරුණු සාකච්චා කිරීමට Shwetha මහතා වෙත කෙරෙන ඉල්ලීමයි සංස්කරණය

ඉහත Shwetha මහතා විසින් අංක 2, 3 සහ 4 මගින් ඊනියා තර්කානුකුල බවක් පෙන්වමින් පෙන්වාදෙන කරුණු පාඨකයා නොමග යවන සුළුය. සත්‍ය ලෙස පෙනුනත් බොරුවකි මුසාවකි.මේ පිලිබදව එතුමා දීර්ග වශයෙන් සාකච්චා කිරීමට කැමතිනම් කොපි කඩේ වැනි ස්ථානයකට පැමිණෙන ලෙස මා එතුමන්ගෙන් ඉල්ලා සිටිමි.( දීර්ග වශයෙන් සාකච්චා කිරීම යනු ප්‍රශ්න මගනොහැර කල්නොමරමින් ,මුනිවත නොරකිමින් , ගොළුවත නොරකිමින් අසන ප්‍රශ්න වලට පිළිතුරුදෙමින් සාකච්චාව පවත්වාගෙන යාමය.) ඔබ එසේ විෂය පිළිබද දැනුවත්නම් කවරෙකුගෙන් හෝ උපදෙස් රැගෙන හෝ ,ඔබ ඒ සදහා කැමතිනම් මාගේ සාකච්චා පිටුවේ සටහනක් තබන්න.කාලය මාවෙත අවසර දෙන පරිදි පිළිතුරු ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න.ඔබට එසේ දීර්ග වශයෙන් කරුණු සාකච්චා කර ඔප්පු කල නොහැකි බව දැන්ම පිලිගන්නේනම් ඉහත 2 මගින් ගෙනහැර දැක්වූ අදාළ කරුණු ස්වයන්ක්‍රියවම පචයක් වී නිෂ්ක්‍රිය වේ. ස්තුතියි !--RsEkanayake 11:31, 26 අප්‍රේල් 2016 (යූටීසී)Reply
දීර්ග සාකච්චාවක් කිරීමට සන්නද්ධ වී නැතිබව පෙනේ.1766 ලන්දේසි ගිවිසුම ගැන ඔබ අසා ඇත්ද?එමගින් සිංහලේ රජු මුහුදුබඩ ප්‍රදේශවල ගවු 4 ක දුරක් රට තුලට භුමිය ලන්දේසීන්ට පැවරුවේ සිංහලේ භූමියයි.කරුණු එසේ හෙයින් ඉහත මතවාදය නිෂ්ක්‍රිය වේ.මෙතනබලන්න.--RsEkanayake 15:10, 6 මැයි 2016 (යූටීසී)Reply
ඇයි බොරුවට කාලය හා ශ්‍රමය වැය කරන්නේ? ඔබ විසින් ඉදිරිපත් කල පුවත්පත් ලිපියෙහි සිංහලේ හෝ සිංහලෙ හෝ යන වචන සඳහන් වී වත් නැත. ---- Shwetha (talk) 00:21, 7 මැයි 2016 (යූටීසී)Reply
ඔබගේ පිබිදීම ගැන මා සතුටු වෙමි.ඔබට සාමාන්‍ය දැනීම ඇති මා සිතමි.මාගේ ඉහත පිළිතුර ලබා දී ඇත්තේ "සිංහලේ" සම්බන්දයෙන් නොවන බව සලකන්න.(ඒ සම්බන්දයෙන් වෙනම සාකච්චාවක් කරමු කොපි කඩේදී) ඔබගේ මෙන්න මේ ප්‍රකාශය මුල් කරගෙනය,එනම් "මෙම ගිවිසුමෙහි සිංහලෙ ජනයා සහ සිංහලෙ රටවල් ආදි වශයෙන් සඳහන් වෙයි. [2]එබැවින් මෙම සිංහලෙ යන පදය භාවිතා කර ඇත්තේ උඩරට රජුට අයත්ව තිබූ ප්‍රදේශ සහ ඒවායේ විසූ ජනයා, පහතරට ඉංග්‍රීසී අාධිපත්‍යයට යටත්ව තිබූ ප්‍රදේශ සහ ඒවායෛ් වැසියන්ගෙන් වෙන්කොට හැඳින්වීමටය. ගිවිසුමට සිංහල පාර්ශවයෙන් අදිකාරම් වරුන් අත්සන් කර තිබුණේ සිංහලෙ වැසියන් වෙනුවෙනි. මෙම ගිවිසුම මුළු දිවයිනම බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කිරීමක් නොව, උඩරට ප්‍රදේශය (සිංහලෙ රටවල්) බ්‍රිතාන්‍ය රජුට පැවරීමක් පමණි. පහතරට ප්‍රදේශ ඒ වන විටද ඉංග්‍රීසින් යටතේ තිබුණු බැවින් තවද ගිවිසුමක් අවශ්‍ය නොවීය" ඔබ මෙම ප්‍රකාශයෙන් කියන්න උත්සාහා දරන්නේ බ්‍රිතාන්‍යට පහතරට යටත්වී තිබු බැවින් උඩරට ගිවිසුමෙන් එය නොපැවරු බවය,එමගින් තවදුරටත් ඔබ අදහස් කරනුයේ සිංහල ජාතියට පහතරට සදහා හිමිකමක් එවකට නොතිබූ බවය.කරුණු දෙකම මුසාවන්ය. උඩරට ගිවිසුමෙන් එය පහතරට ප්‍රදේශ නොපැවරුවාද පවරුවාද යන්න අවශ්‍යනම් වෙනම සාකච්චා කරමු.මෙහිදී ඔබ අරමුණු කල "සිංහල ජාතියට පහතරට සදහා හිමිකමක් එවකට නොතිබූ බව" කියන කාරණය බොරු කිරීමට මා විසින් පෙන්වා දෙන ලද්දේ ඒ වන විටත් 1766 දී ලන්දේසි සමග සිංහලේ රජු ඇතිකරගත් ගිවිසුමෙන් පහතරට භුමිය ලන්දේසීන්ට පවරා දී තිබු බවය. කොයි පැත්තෙන් කැරකිලා ගියත් ඉතා පැහැදිලිව වන දෙයක් තමා සිංහලේ කියන රාජ්‍යට මෙම හෙළ බිම අයිතිව තිබු බව.සැම දෙයක්ම ඔප්පු කල හැකි මට්ටමක පවතීන බවත්ය.
තවදුරටත් මේ පිළිබද විවරණය කරනවානම් ...... ඔබ දන්නවආද The Treaty of Tordesillas ගිවිසුම ගැන.? ඔය ගිවිසුම අත්සන් කලේ 1494 June 7 දී Pope Alexander VI තුමාගේ අනුශාෂකත්වයෙන්ය. එමගින් ලෝකය දෙකට බෙදා නයිතිකව පවරාදී තිබුනා. ගිවිසුමට අනුව බලය පවරාදුන් රටවල් අතර ගැටුමකින් යම් රටක් විසින් අත්පත්කරගෙන සිටි යටත් භූමියක් ගිවිසුමට ඇතුලත් වෙනත් පාර්ශවයක් විසින් අල්ලා ගනු ලැබුවහොත් මුලින්ම යටත්කරගත් රට යටත් භුමියේ රාජ්‍ය සමග කලින් ඇතිකරගත් නීති ව්‍යවස්ථා නයිතික තත්වයන්ද සමග ස්ව්‍යන්ක්රීයවම පැවරෙන බව ඔය ගිවිසුමේ තියෙනවා.එබැවින් ඉහත මා සදහන් කල 1766 ලන්දේසි ගිවිසුමේ නයිතික භාවය ඉංග්‍රීසින්ට ඉබේම පැවරෙනවා.(Treaty of Tordesillas ඉදිරියේ ) කරුණු කාරණා එසේ හෙයින් නයිතිකවම ඔප්පු වෙනවා සිංහලේ තමයි ඉංග්‍රීසීන්ට පැවරුනේ කියන එක.ස්තුතියි. --RsEkanayake 07:25, 7 මැයි 2016 (යූටීසී)Reply
හොඳට දැනුම් තේරුම් ඇති මහත්මයාණෙනි, 1815 වන විට ඔබ කියන ඔය සිදුවීම් වී හමාරයි නේද? උඩරට ගිවිසුම අත්සන් කරන විට ඉංග්‍රීසිට අයත් නොවී තිබුණේ උඩරට ප්‍රදේශය පමණක් බව ඕනෑම කෙනෙක් දන්නවා. මෙතන සුළු පිරිසක් විකිපීඩියාව ඇතුලේ සිංහලේ ව්‍යාපාරය දියත් කර තිබෙනවා. ඒක කලාට කමක් නැහැ සාධක සහ මූලාශ්‍ර සමග. විකිපීඩියාව තුල ඕනෑම දෙයක් ලියන්න ඕනෑම අයෙකුට නිදහස තියෙනවා. මකා දමන්නත් ඒ අයිතියම තියෙනවා. විකිපීඩියාවේ නීති රීති තියෙනවා. සාරධර්ම තියෙනවා. කරුණාකර ඒවාට ගරු කරන්න. තමන්ගේ හිතළු ලියන්න එපා. ඔප්පු කල හැකි දේ සාධක සමග ලියන්න. --- Shwetha (talk) 08:14, 7 මැයි 2016 (යූටීසී)Reply

ව්‍යාපාරයක් නැත,මා තාර්කිකව කරුණු පෙන්වාදී ඇත.මට මා පමණි.ඔප්පු කල නොහැකි කිසිවක් මා විසින් නොකරන්නේමය.නමුත් මරදක් සිදුවී ඇති බව පෙනේ,ඒ සාරධර්ම පිළිබදවය.ඒ පිලිබදව කනගාටු වෙමි.ඉහත අවසන් චේදය පමණක් මකා දමමි.මින් ඉදිරියට ලියන එක අවම කරමි. සිඔහල විකිය ගැන මාව උත්තේජනය කර මට පොතක් ලියන්න තරම් දැනුමක් ඔබ තුමා විසින් මට දුන්නට බොහොම ස්තුතියි.--RsEkanayake 10:35, 7 මැයි 2016 (යූටීසී)Reply

ආශ්‍රිත කෝ? සංස්කරණය

  1. Faxian's Record of Buddhistic Kindoms,His Travel in India and Ceylon (A.D.399-414).( Translation of Faxian's work by James Legge,1886-Clarendon Press)
  2. 1818 නොවැම්බර් මස 20 වැනි දින "ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්" විසින් ප්‍රකාශිත රාජ ආඥාව (ප්‍රථම නීති සංග්‍රහය)
  3. රාජාවලිය -ඒ වී සුරවීර

මේ ආශ්‍රිත තියෙන්නේ කොහේද? නිකම් නම සඳහන් කල පමණින් ආශ්‍රිත වෙන්නේ නැහැ. තියෙන තැනක වෙබ් අඩවියක් දාන්න. --- Shwetha (talk) 15:15, 24 පෙබරවාරි 2016 (යූටීසී)Reply

වෙබ් අඩවි විතරක්ම මුලාශ්‍ර වෙන්නේ නෑහැ.දක්වා ඇති ආශ්‍රිත ඉතාම නිවැරදියි.විෂයෙහි ප්‍රවීනයෙක් ලවා පරික්ෂා කරවගන්න.--RsEkanayake 15:33, 6 මැයි 2016 (යූටීසී)Reply

1815 මාර්තු 2 දින මහනුවර මාලිගාවේ මගුල්මඩුවේ දී අත්සන් තැබූ සිංහල -ඉංග්‍රීසි ගිවිසුමේ මෙම රටට කීවේ “සිංහලේ “ ලෙසයි.එම ව්‍යවස්ථාවේ 10 පලකම රටේ නම සිංහලේ ලෙස හදුන්වා ඇත.එකම තැනක පමණක් ලංකා යනුවෙන් හදුන්වා ඇත.(1972 මැයි 22 දින රටේ නම ශ්‍රී ලංකාව ලෙස වෙනස් කර ඇත. ) මදුරාසි ප්‍රකාශයක් වන වයියාපුරිපිල්ලේගේ කතෘත්වයෙන් පලවුන “ටැමිල් ලෙෂිකොන්” මහා දෙමල ශබ්දකෝෂයේ ඊළාම් යන්නට අර්ථ දීමේදී “සින්හලම් “ නොහොත් සිංහලයින්ගේ රට ලෙස අර්ථ දී ඇත. .සිංහලය සහ සිංහලේ යනු එකම ශබ්දයේ ව්‍යාකරණිය වූ ව්‍යවහාර දෙකකි.සිංහලේ වැසියා සිංහලේ වාසීහු ආදී වශයෙන් යෙදු විට මේ රටේ නිජ උරුමයෙන් පදිංචි වූ කෙනෙකු බවයි.,සිංහල හාල්,සිංහල බෙහෙත්,සිංහල පැය ක්‍රමය,සිංහල අවුරුද්ද,සිංහල විකිපීඩියාව යන තැන්හි දේශය නිරුපනය කරන පදයමැයි.මේ තැන්හි සිංහල යන්නෙහි අර්ථය ශ්‍රීලංකාව යන්නමය. සිංහලීස් Sinhalese යන ඉංගීසි වචනයේ අර්ථයත් ශ්‍රී ලංකාවට අයත් යන්නයි.මේ නිසා සිංහල කීවිට සමස්ත ජාතියම කියවෙන වන බව තෙරුම් ගැනීම ඉතා වැදගත්ය. දෙමළ ,ලංසි,ජා ආදී සියලුම නිත්‍ය පදිංචි කරුවෝද සිංහලේ වැසියෝමය.--RsEkanayake 15:14, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

මහාවවංශයට පෙර ලියවුන භාරතීය කෘති වල පවා ලංකාව හදුන්වා ඇත්තේ "සිංහළදීප" ලෙසය. සංස්කරණය

මහාවවංශයට පෙර ලියවුන භාරතීය කෘති වන භගවත පුරණ සහ ගරුඬ පුරාණ යන පුරාන භාරතීය ග්‍රන්ථ වල පවා මෙරට හදුන්වා ඇත්තේ සිංහළදීප(ලංකාදීප) ලෙස සහ මෙරට මිනිසුන් හදුන්වා ඇත්තේ සිංහලුන් ලෙසය.--RsEkanayake 11:41, 30 අප්‍රේල් 2016 (යූටීසී)Reply

මෙම ලිපිය පාඨකයාට වින්දනයක්, විනෝදයක් ලබා දේ. මන්ද ඉහළින්ම ඇති සිංහල දේසේ මෙතැනට යලි යොමු වේ. සිංහහා ලේ .--Ravindu Navin (talk) 15:48, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
  1.  
  2.  
  3.  
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සිංහලේ&oldid=483302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "සිංහලේ" page.