සාකච්ඡාව:ලක්දිව රජ කල රජවරුන්ගේ නාමලේඛනය

මෙම ලිපිය ඔබේ උදවු බලාපොරොත්තුවෙන් පසුවෙයි.මකන්න ඉක්ම්න්වෙන්න එපා! මුලිකව මෙහි සැකස්මයි රෝපණය කර ඇත්තේ. සංවර්ධනය කිරීමෙහිලා සැකැස්මේ වෙනසක් කල හැකිනම් එය කරන්න. අංකුර ලිපියක් බවද සලකන්න. ස්තුතියි!--RsEkanayake 18:46, 24 ජනවාරි 2016 (යූටීසී)Reply

Suspected sockpuppetry of Ip 103.247.48.19 . හරි! හරි! කරමු! කරමු !--RsEkanayake 18:29, 26 ජනවාරි 2016 (යූටීසී)Reply

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

මුලින්ම Ip ලිපිනය 103.247.48.19 ලෙස සටහන් මහත්මයා හෝ මහත්මිය විසින් ලිපිය ගෙනයන්න යෝජනා කළා දැන් මකන්න යෝජනා කරනවා .මේ හදිස්සියේ මකන්න .අනේ එපා එහෙම කරන්න. හරිත (talk) ඔබ යෝජනා කරාට බහුතරයකින් යෝජනා සම්මත කරගත්තොත් හොදයි නේද ? සිංහල විකිපීඩියාව තවම එහි ළදරු අවස්ථාවේ පසුවෙන බැවින්ද ,ක්‍රියාකාරී විකිපීඩියානුවන් ඉතාම අතලොස්සක් ඇති බැවින්ද දැන්මම මකා දමන එක හොද නෑ නේද ?. මේ සම්භන්දයෙන් -Lee (talk) පරිපාලකක තුමාගෙන් එතුමාගේ සාකච්චා පිටුවේ මෙතන මේ ලිපිය නිර්මාණය කල මා යම් විමසීමක් කළා. එතුමන්ගේ මතය මේ වනතෙක් ප්‍රකාශ කර නැත.ඉවසලා බලමු එතුමාගේ මතය කුමක්ද කියා.?--RsEkanayake 08:43, 30 ජනවාරි 2016 (යූටීසී)Reply

පිටුව මකාදැමීම් යෝජනාව ඉදිරිපත් කළේ විකිපීඩියාවේ ප්‍රතිපාදනයන්ට අනුවය. මෙහි ඇතුළත් වන්නේ නිහීන සහ පැහැදිලි වැරදි තොරතුරු බැවින් විකිපීඩියාව වැනි සමබර හා නිරවද්‍ය විශ්වකෝෂයක ලිපියක් ලෙස පැවතීමට සුදුසු නොවේ. එමෙන්ම සිංහලේ රාජාවලිය නමින් පිටුවක් දැනටමත් පවතින බැවින් මෙවන් පිටුවක් අවශ්‍ය නොවේ. මට ඇති ගැටලුව නම් මෙවන් ලිපියක් නිර්මාණය කළේ ඇයි ද යන්නයි. -- හරිත සාකච්ඡාව 13:54, 30 ජනවාරි 2016 (යූටීසී)Reply
:ඔබගේ ප්‍රතිචාරය ලැබෙන විට මෙම ලිපිය  මා විසින්ම මකා දමනු ලැබුවා. මකන්න කලින් මෙම ප්‍රතිචාරය මා ඇස නොගැසිනි.එසේ වූවානම් ඔබට වෙනත් පිළිතුරක් දීමට ඉඩ තිබිණි.කෙසේ වෙතත් විකිපීඩියාවේ කුමන ප්‍රතිපාදනයද තියෙන්නේ කියා මා දැනගන්න කැමතියි.රාජාවලියේ ලිපියට යොමුකිරීමට අමතරව .අර ඉහතින්  Lee ගෙන් අහපු ප්‍රශ්නටිකම  ඔබගෙන්ද අහන්න කැමතියි.මා ඉදිරිපත්කරන ප්‍රශ්න වලින් පලායාමෙන් ප්‍රශ්න යට ගැසීම යමෙකුට බුද්ධි ගෝචර නොවේ. මෙතන රුකඩ නැටවීමක් ඇතිබවටනම් යම් සැකයකට භාජනයවේ හෝ  you scratch my back i'll scratch yours ලෙසද සැක කල හැකිය.හැබැයි එකනම් වීකිපීඩියා ප්‍රතිපත්තිය නොවේ.--RsEkanayake 18:07, 30 ජනවාරි 2016 (යූටීසී)Reply

රූකඩ නැටවීමක් හෝ you scratch my back i'll scratch yours කතාවක් ගැනනම් මට නොතේරේ. (කොහොමත් ඒක ඉංග්‍රීසි හින්දා තේරුණේ නෑ. මොකක්ද පස්ස කැහිල්ලක් ගැන නේද කියලා තිබුණේ. පුළුවන් නම් හරියට පැහැදිලි කරලා කියන්න) මම මේ පිටුව දැක්කෙත් මෛත්‍රීපාල සිරිසේන පිටුව මගේ මුර ලැයිස්තුවේ තිබුණ හින්දා ඒ පිටුව ගැන ටැග් වෙච්ච ලිපි, මගේ දැනුම්දීම්වලට ආව නිසා. නැත්තං මම මේක දකින්නේත් නෑ. ඊට පස්සේ මේකෙ රාවණා කතා වගයකුයි, ජනධිපතිව රජකරලයි තිබුණ නිසා ඉක්මන් මකාදැමීමේ උපමානයට ලක්කළා. ප්‍රතිපාදන කතාව ගැන ප්‍රශ්නයක් නම් විකිපීඩියා:ඉක්මන් මකාදැමීමේ උපමාන පිටුව බලන්න. තව එකක් මාව ඔය අනෙක් පරිශීලකයො, පරිපාලකයො එක්ක කලින් කරපු සාකච්ඡා වලට එහෙම හවුල් කරගන්න එපා. මම ඕව දන්නෙත් නෑ, මට වැඩකුත් නෑ. -- හරිත සාකච්ඡාව 04:31, 1 පෙබරවාරි 2016 (යූටීසී)Reply

Return to "ලක්දිව රජ කල රජවරුන්ගේ නාමලේඛනය" page.