සාකච්ඡාව:එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුව

මෙම ගෙනයාමේ ඒකායන අරමුණ වූයේ ත්‍රස්ථවාදීන් ලෙස වැරදියට යෙදී තිබූ වදනක් නිවැරැදි කිරීමද එල්ලකල යන්න පද කැඩීමත් පමණි. නමුත් LTTE යන්න ඉංග්‍රීසි වදනක් බැවින් ගෙනයෑම අනීතික විය. එබැවින් ගෙන යෑම නීතික කරනු වස් දෙමළ ඊලාම් විමුක්ති කොටි යන්න ආදේශ කිරීමට සිදු විය. ගෙන යෑමකදී ඉංග්‍රීසි හා සිංහල වචන එකට භාවිතා වන මාතෘකාවකට ගෙන යෑම අනීතික වෙයි. නමුත් ලිපි තැනීමේදී එවැනි මිශ්‍ර භාවිතයක් නීතික වෙයි. මෙම ගැටළුව පිළිබඳ හසලයන්ගේ අවධානය යොමු වේවා. --- ශ්වෙත (talk) 07:10, 29 පෙබරවාරි 2012 (යූටීසී)Reply

ශ්වෙත
ඔබ කිවූ ගැටළුවට මමද නිතරමුහුනදෙමි.
මෙය Mediawiki මෘදුකාංගයේ දෝශයක් බව විශ්වාස කරමි.
වසරකට පමණ පෙර මේ පිළිපඳව බිඟුවා සමගද කථාකලෙමි. මෙය විසඳීමට ඔහුටද නොහැකි බව මට දැනුම්දුනි.
මගේ තාකෂණ දැණුම අල්ප බැවින් ගැටළුව ඇති තැන හෝ සිතාගත නොහැක.
දන්නාකෙනෙක් විසඳාදෙන්න.
බැරිමනං අඩුගානෙ ගැටළුව ඇති තැන හෝ කියනවානම් ජිම්බෝටම කියලා බලන්න පුළුවං. හැබයි එතුමාට කියනවානං හරියට ගැ‍ළුව document කරලා ඒකත් දීලම තමා කථාකරන්න වෙන්නෙ. Singhalawap (talk) 08:02, 29 පෙබරවාරි 2012 (යූටීසී)Reply

ලිපියේ මාතෘකාව සම්බන්ධයෙන් සංස්කරණය

මෙම ලිපියේ මාතෘකාව සංශෝධනයකට ලක් කරන්නේ නම් වඩා සුදුසු බව යෝජනා කරමි. මාතෘකාවේ සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව ලෙස සටහන්ව තුබුණත්, අන්තර්ගතයෙහි සියළුම ආකාරයේ ප්‍රහාර සම්බන්ධ තොරතුරු පවතී. හැකිනම් පමණක් ඉංග්‍රීසී ලිපියේ පවතින List of attacks attributed to the LTTE යන මාතෘකාවට ගැලපෙන සිංහල මාතෘකාවකට ලිපිය ගෙන යන ලෙස, හැකියාව ඇත්තන්ගෙන් ඉල්ලා සිටිමි.L Manju (talk) 14:57, 12 මාර්තු 2014 (යූටීසී)Reply

දෙඊවිකො වෙතට ආරූඨ කෙරුණු ප්‍රහාර ලැයිස්තුව හෝ දෙඊවිකො වෙතට පැවරුණු ප්‍රහාර ලැයිස්තුව යන්න යෝජනා කරමි. --- Shwetha (talk) 15:50, 12 මාර්තු 2014 (යූටීසී)Reply
ඒ මාතෘකා හොඳයි Shwetha මහත්මයා. වඩාත් ගැලපෙනවා කියල හිතෙන මාතෘකාවට පිටුව ගෙනයන්න.L Manju (talk) 16:08, 12 මාර්තු 2014 (යූටීසී)Reply
තවත් අදහස් තිබේදැයි බලමු. ඒ අතර ලිපියේ වැඩ කරගෙන යන්න. --- Shwetha (talk) 16:18, 12 මාර්තු 2014 (යූටීසී)Reply
මගේ අදහස මේ ලිපිය 2ට කැඩිය යුතු බවයි.
  1. දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව
  2. දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් හමුදාවන්ව එල්ල කල ප්‍රහාර ලයිස්තුව
112.135.25.125 17:10, 12 මාර්තු 2014 (යූටීසී)Reply
නමුත් ඉංග්‍රීසි විකියේ ඊට අදාලව එවැනි කොටස් දෙකක මාතෘකා ලිපි නැති නිසා ඉහත මාතෘකා දෙකට මෙම ලිපිය කැඩීමෙන් දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් හමුදාවන්ව එල්ල කල ප්‍රහාර ලයිස්තුව යන ලිපිය සිංහල විකියට පමණක් අදාල තනිවූ ලිපියක් බවට පත්වෙනවා. ඉංග්‍රීසි විකියේ ආකෘතියන් බොහොමයක් නිරවුල් සහ ක්‍රමවත් භාවයකින් තිබෙන නිසා, සිංහල ලිපි තැනීමේ ආකෘතියත් ඉංග්‍රීසි ආකෘතිය අනුගමනය කරනවානම් යහපත් යන්න මගේ අදහසයි. අනෙක් කරුණ වන්නේ මෙම ලිපිය තුල සිවිල් වැසියන්ට සහ හමුදාවන්ට එල්ල වූ ප්‍රහාර පමණක් දක්වා නොතිබීමයි. ඝාතනයට ලක් වූ දේශීය සහ විදේශීය දේශපාලඥයින්ගේ තොරතුරු වැටෙන්නේ ඉහල මාතෘකා දෙකෙන් කුමන එකකටද? L Manju (talk) 17:27, 12 මාර්තු 2014 (යූටීසී)Reply
හිතවත් L Manju
ඉංග්‍රීසි විකිය දේව වාක්‍යයක් නොවේ. සිංහල විකි පරිශීලකයන් වඩාත් සුදුසුයි කියලා හිතන විදියට සිංහල විකිය කරමු.
තව ටික කාලෙකිං Google Translater සිංහල හැමෝටම ලැබෙනවා. ඉංග්‍රීසි විකියෙ word to word පරිවර්තනය අවැසි අය Google Chrome / Google Translater වලිං ඒක කරගනී. අපි අපේ විකිය හදාගමු.
ඝාතනයට ලක් වූ දේශීය සහ විදේශීය දේශපාලඥයින් අයත් වන්නේත් සිවිල් වැසියන් ගොඩටමයි.
ඝාතනයට ලක් වූ හමුදා සහ පොලිස් පිරිස් ගැන ඇතුළු කරන්නයි දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් හමුදාවන්ව එල්ල කල ප්‍රහාර ලයිස්තුව නමින් ලිපියක් අවැසිවන්නේ.
Singhalawap (talk) 18:18, 12 මාර්තු 2014 (යූටීසී)Reply
ඔබ විසින් සිංහල විකිය වෙනුවෙන්ම ලිවූ ලිපි බොහෝමයක් තිබෙන බවකි මෙයින් හැඟෙන්නේ. ඉතා අගෙයි එය සත්‍යයක් නම්. මට නම් පෙනෙන විදිහට ඔබ කරන්නේ අනුන් පරිවර්තනය කරන ලිපි වැරදි මාතෘකාවන්ට ගෙන යෑම සහ ප්‍රවර්ග යෙදීම තමයි. --- Shwetha (talk) 18:47, 12 මාර්තු 2014 (යූටීසී)Reply
මා හිතවත් L Manju මහතාණනි , බලලා මල්ලෙන් එලියට පන ඇති බවක් පෙනේ .සිංහල විකිපීඩියාව යනු සිංහල විකිපීඩියාවටය. ඉංග්‍රීසි විකිපීඩියාවේ හැඩතල වචන ගතයුතු කියා කොහෙද සදහන් වෙලා තියෙන්නේ ? එකත් නීතියක්ද ? දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව ලෙස ලිපිය තිබීම වැදගත්ය. බොහෝ අයගේ පිළිගැනීම එයයි .--RsEkanayake 19:58, 21 මාර්තු 2016 (යූටීසී)Reply
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සිවිල් වැසියන්ට එල්ල කළ ප්‍රහාර ලයිස්තුව යනුවෙන් විය යුතු ය​.    | අනංගයා | සංවාදය​ | 04:20, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සිවිල් වැසියන්ට එල්ල කළ ප්‍රහාර ලයිස්තුව යනුවෙන් මාතෘකාව තිබීම නුසුදුසු වන්නේ ලිපි අන්තර්ගතයෙහි ඝාතනයට ලක්වූ හමුදා සහ පොලිස් පිරිස් පිළිබදවද තොරතුරු ඇතුලත් වන නිසයි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙතට පැවරුණු ප්‍රහාර ලැයිස්තුව යන්න වඩා සුදුසු යැයි සිතමි.--L Manju (talk) 08:53, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
මගේ අදහස නම් මෙහි මාතෘකාව දිග වැඩි ය. මෙයට දෙ.ඊ.වි. කොටි ත්‍රස්තවාදීන්... වැනි කොට කොට ලිවීම වඩා සුසුදුය. ඒ නිසා එල්.ටී.ටී.මුලට යෙදීම වඩාත් සුදුසුයි. දෙමළ යන්නෙන් මෙහි ජාතිවාදී බවක් මට පෙනේ. කොටි කළ දේට දමිළ ජනයා වගකිව යුතු නැහැනෙ...?--Ravindu Navin (talk) 09:56, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
එල්.ටී.ටී.ඊ. යනුවෙන් යෙදීම වඩාත් සුදුසු බවයි මමත් හිතන්නේ. ----Randeer (talk) 14:52, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
2/4 ඡන්දය මත පිටුව ගෙන ගියා. අනෙක එල්.ටී.ටී.ඊ කියන නම කාටත් හුරු පුරුදු නම. ආර් එස් ඒකනායක ඔබට ස්තූතියි මේ වගේ දේවල් අවුස්සල ගන්නවට.--Ravindu Navin (talk) 15:20, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
මා හිතවත් L Manju යෝජනා කල දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙතට පැවරුණු ප්‍රහාර ලැයිස්තුව ලෙස ලිවීමෙන් සෘජුවම එක එල්ලේ පාඨකයාට එහි අර්ථය නොවැටහේ.එය විකියේ මුලදර්මයක් බිදීමකි.ඔබගෙන් අහන්න තියෙන්නේ මෙම යෝජනාව " මේ මොන අණ්ඩර දෙමළයක්ද?" කියලයි. අනෙක මෙම ලිපියේ ප්‍රතිශතයක් ලෙස ගත්කල කොපමණ ප්‍රමාණයක් හමුදා පුද්ගලයින් සිටිත්ද? ඔබ දැනගෙන නොදන්නවා උනාට කොටි ඔවුන්ගේ ප්‍රහාරයන් එල්ල කලේ සෘජුවම සිවිල් වැසියන් ඉලක්ක කරගෙන නොවේද ?.යාපනේ බස් බෝම්බ පිපුරුවාද ?මෙහි බහුතරය සිවිල් වැසියන්ය.මෙම ලිපියේ මාතෘකාව වෙනස් නොකර එලෙසම තබා අතලොස්සක් වූ හමුදා පුද්ගලයින් මෙම ලිපියෙන් ඉවත් කර එමගින් නව ලිපියක් ඇරබීම ඔබගේ යෝජනාව ක්‍රියාත්මක කරනවාට වඩා වඩාත් උචිත ක්‍රියාව වේ.මාතෘකාව කෙටිකිරීම ගැන එකග වෙමි.@ Ravindu Navin ඔබ පවසන පරිදි "දෙමළ යන්නෙන් මෙහි ජාතිවාදී බවක් ඔබට පෙනේ"නම් අපි දෙමල යන්නට සිංහල කියා යොදමුද? --RsEkanayake 16:01, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
නෑ එහෙම දෙයකින් නෙවෙයි මා එසේ කීවේ. මන්ද මෙහි දමිළ පරිශීලකයෙක් සිටියා (පැරණි) මංජු දන්නවා ඔහුව. ඒ වගේ තව අය එනව යනව ඇති. උදාහරණයක් විදිහට මේ විකිපීඩියාවට සේවය කරපු සමීර් නම් මුස්ලිම් පරිශීලක තුමෙක් සිටියා. අපිට මේ වගේ ගෞරවයක් දක්වන්න ඒ වගේ උතුමන්ලා අපගේ මෙවැනි දේ බලා අප ගැන මහත් අප්‍රසාදයක් ඇති වෙනවා නේද. දෙමළ මිනිසුන් අසරණයි. අපි අපේ හැසිරීම හදා ගමු.--Ravindu Navin (talk) 16:13, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
දෙමළ ඊළාම් විමුක්ති කොටි යනු එහි නමයි. එය ජාතිවාදී බවක් ආරූඪ කිරීමට​ අප අතින් එක් කළ දෙයක් නොවේ. නමුත් ත්‍රස්තවාදී කෑල්ල නම් අතින් එක් කළ එකකි. ටී යනු ටයිගර්ස් යන්නයි. එනිසා නැවත කොටි යයි ලිවිය යුතු නැත​.එල්.ටී.ටී.ඊ. ලෙස භාවිතා කිරීම සුදුසුයි. සිංහල කෙටි නම ප්‍රකට භාවිතාව නොවන නිසා. එල්.ටී.ටී.ඊ. සංවිධානය සිවිල් වැසියන්ට එල්ල කළ ප්‍රහාර ලයිස්තුව ලෙස නම් කරන්න​. විසින් කෑල්ල අනවශ්‍යයි.
මංජු කියන අදහසද සලකා බලන්න​. වඩාත් පොදු නමක් යෙදීම සුදුසුයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදු කළ ප්‍රහාර ලයිස්තුව වගේ. විශ්වකෝෂයක සඳහන් කිරීමට වටිනාකමක් ඇති දේ පමණක් අඩංගු කිරීම වැදගත්. විශ්වකෝෂයේ මධ්‍යස්ථ බවට හානි කරන විශේෂණ අතින් නොයෙදීමට සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිමි.    | අනංගයා | සංවාදය​ | 16:15, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

මංජුගේ මාතෘකාව එල්.ටී.ටී.ඊ. සංවිධාන එල්ල කළ ප්‍රහාර ලැයිස්තුව වෙනස් කලොත් එතැනම අවුලක්. ඇයි එල්ල කළ ප්‍රහාර කියද්දී අර පුස්තකාල වගේ ගොඩනැගිලි, දේපල කුඩු කරපුවත් වලංගුයි නේ. කමක් නෑ සිවිල් කියන කෑල්ල හෝ ඒ වෙනුවට සුදුසු සියලුම අංශ නියෝජනය වන වචනයක් යෙදීම සුදුසුයි.--Ravindu Navin (talk) 16:30, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

පැවරුණු ප්‍රහාර ලයිස්තුව වඩාත් හොඳයි. සිදු කළ ප්‍රහාර ලයිස්තුව සහ පැවරුණු ප්‍රහාර ලයිස්තුව යන්න අතර ලොකු වෙනසක් තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙතට පැවරුණු ප්‍රහාර ලයිස්තුව යන්නට මම ද එකඟ වෙමි.    | අනංගයා | සංවාදය​ | 16:40, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
ඔබට තේරෙන්නෙ නෑ. පැවරුණු ප්‍රහාර ලයිස්තුව - මොන ප්‍රහාර ලයිස්තුව ද? (ගුවන් ද?).

තව එකක් පැවරුණු කියද්දි මටනම් තේරෙන්නෙ එල්.ටී.ටී.ඊ සංවිධානය අහිංසක එකක් ඒකට බල කරලා ප්‍රභාකරන් හෝ කවුරුහරි මේ ප්‍රහාර එල්ල කරන්න.

කෙසේ නමුන් ඒ පරිදි පැවරුණු කියද්දි එතැන එල්.ටී.ටී.ඊ එකට වඩා උසස් අණදෙන සංවිධානයක් තිබුණා සෙ හඟවනවා......--Ravindu Navin (talk) 16:51, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

එල්.ටී.ටී.ඊ. සවිධානය වගකීම බාරගත් හෝ ඔවුන් වෙතට වගකීම පවරන ලද හෝ ප්‍රහාර ලයිස්තුව මාතෘකාව මෙලෙස යෙදීම වඩා පැහැදිලි වනු ඇත​.    | අනංගයා | සංවාදය​ | 17:14, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

අනංගයෝ මේක :- එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මිනීමරු ප්‍රහාර ලයිස්තුව.--Ravindu Navin (talk) 17:25, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ත්‍රස්තවාදියෝ යන්න ලිපි ශීර්‍ෂයෙන් ඉවත් විය යුතුයි. එය මධ්‍යස්ථ බවට හානි පමුණුවන්නකි. ත්‍රස්තවාදීන් ද විමුක්තිකාමීන් ද යන්න ලිපිය බලන එකෙක්ට තේරෙයි.    | අනංගයා | සංවාදය​ | 17:56, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
මෙම ලිපියෙහි මාතෘකාව දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙතට ආරූඨ කෙරුණු ප්‍රහාර ලැයිස්තුව හෝ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙතට පැවරුණු ප්‍රහාර ලැයිස්තුව (Shwetha මහතා විසින් මුලින්ම යෝජනා කල පරිදි) ලෙස වෙනස් වීම උචිත වන්නේ පහත හේතු නිසයි. (මාතෘකාවෙහි දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය යන්න එල්ටීටීඊ ලෙස කෙටිකිරීම ඉහල යෝජනා වී ඇති ආකාරයට භාවිතයට ගැනීම වඩා සුදුසුයි යන්න මමද සිතමි)
  • මෙම ලිපියෙහි සිවිල් වැසියන් සහ හමුදා සෙබලුන් යන දෙකොට්ඨාශයේම තොරතුරු ඇතුලත් වන නිසා මාතෘකාවෙහි සිවිල් යන පදය යෙදීම නුසුදුසුයි.
  • ආරූඨ කෙරුණු හෝ පැවරුණු යන්න මාතෘකාවට යෙදීමට යෝජනා වන්නේ එල්ටීටීඊ සංවිධානය විසින් මෙහි අන්තර්ගත සියළුම ප්‍රහාර වල වගකීම භාරගෙන නොමැති නිසයි. එල්ටීටීඊය විසින් ප්‍රතික්ෂේප කල සමහර ප්‍රහාර, ඔවුන් විසින් සිදුකල ප්‍රහාර බවට බුද්ධි අංශ හා ජාතයන්තර නිර්ක්ෂකයින් විසින් තහවුරු කර තිබීම මීට හේතුවයි. එසේම ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ හමුදා විසින් සිදුකල හා සිදුකර ඇතැයි කියන අපරාධ ලැයිස්තුගත කිරීමකට ගියහොත් අපට ඊට යොදන්නට වන මාතෘකාව වන්නේ ශ්‍රී ලංකා රජයේ හමුදාවන් විසින් සිවිල් වැසියන්ට එල්ල කළ ප්‍රහාර ලයිස්තුව යනුවෙනුයි. ඊට වඩා පැවැරුණු ප්‍රහාර හෝ ආරූඪ කෙරුණු ලැයිස්තුව යන්න වඩා උචිත වේ. මෙහි පැවරුණු යන්නෙන් වෙනත් අර්ථයක් ගම්‍යවනවානම් ඊට වෙනත් සුදුසු වදනක් යෙදිය යුතුයි.
  • ලිපි ශීර්‍ෂයේ මිනීමරුවෝ, ත්‍රස්තවාදියෝ යන්න යෙදීම විකීප්‍රතිපත්ති මධ්‍යස්ථභාවය යන්න කඩකිරීමක්. මොකද එල්ටීටීඊ සංවිධානය රටවල් කිහිපයක පමණයි ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කොට තිබෙන්නේ. (32ක් පමණ) රවිදු කියන අසරණයි කියන දෙමළ මිනිස්සු සමහරක් තවමත් එල්ටීටීඊය ඔවුන්ගේ විමුක්තිකාමී සටන් සංවිධානය ලෙස හදුන්වනවා.
  • @User:Rsekanayake-දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙතට පැවරුණු ප්‍රහාර ලැයිස්තුව යනෙනෙහි පැවරුණු යන පදයට ඔබට යෝජනා කල හැකි පදයක් තිබෙනවාද? ඔබ කියනා පරිදි ඝාතනයට ලක්වූ අතලොස්සක් වූ හමුදා පුද්ගලයින් මෙම ලිපියෙන් ඉවත් කරන්න කලින් අඩුම තරමේ මේ ලිපිය කියවලා කොතරම් හමුදා සෙබළු ගණනාවක් ගණනාවකගේ ජීවිත නැතිවෙලාද බලන්න. එසේම ඔබ කියනා පරිදි මෙම ලිපියෙහි කොටස් වෙනත් මාතෘකාවලට ගෙන යාම (දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කල දේශපාලනඥයන්ගේ ලයිස්තුව‎, දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කල හමුදා සෙබලුන්ගේ ලයිස්තුව වැනි) නුසුදුසු වන්නේ මෙම ලිපියෙන් දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් සිදුකල ඝාතන සියල්ල ආවරණය කිරීමත්, ප්‍රධාන මාතෘකාවෙන් බැහැරව වක්‍රමාතෘකා විකියේ යෙදීම නුසුදුසු/අනවශ්‍ය වන නිසාත්ය. ඔබ කියනා පරිදි මෙවැනි මාතෘකාවලට ලිපි කැඩුවොත් අපිට විකියේ තියෙන ලැයිස්තු එක එක මාතෘකාවලට කඩලා වැඩකට නැති අතරමං වුනු ලිපි ගොඩක් තැනිය හැකියි. (උදා. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලිපිය අපිට කඩන්න පුළුවන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අම්බලම් ලැයිස්තුව, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පන්සල් ලැයිස්තුව, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කෝවිල් ලැයිස්තුව, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පල්ලි ලැයිස්තුව වගේ) ආ තව එකක් ඔයා අහලා තිබ්බා යාපනේ බස් බෝම්බ පිපිරුවද කියලා. මෙම ඒකනම් දන්නෑ ඒත් යාපනයෙත් මදි නොකියන්න සිවිල් ඝාතන වෙලා තියෙනවා.
  • @Ravindu Navin - එල්.ටී.ටී.ඊ. යන්නෙහි දෙමළ (ටැමිල්) කියන පදය තුන්වන ටී යන්නෙන් යොදා තිබේ. මේනිසා එය යෙදීම ජාතිවාදයෙහි කොටසක් යන්න අරුත් දක්වන්න බැරි, මොකද එය මෙම සංවිධානයේ නම හින්දා. එසේම මෙම ප්‍රහාර ලැයිස්තුවේ දේපල කුඩු කරපුවත් අන්තර්ගතයි. (ලිපිය කියවන්න) (ඔබ විසින් පෙද යෙදූ කොමෙන්ටුවේ පුස්තකාල ලෙස දක්වන්නට ඇත්තේ යාපනය පුස්තකාලයද දන්නේ නැහැ. හැබැයි ඒක විනාශ කලේ නම් එල්ටීටීඊ ය නෙමේ. ඉතිං ඒ වගේ ඒවා මේ ලැයිස්තුවේ නැහැ.) නවීන් ඒ වගේම තමයි ලිපියක මාතෘකාව නුසුදුසු මාතෘකාවලට ගෙනියන්න එපා අනිත් පරිශීලකයින්ගේ එකගතාව නොමැතිව. එසේම ලිපි මාතෘකා වෙනත් මාතෘකාවකට ගෙන යාම සම්බන්ධයෙන් වූ විකිපීඩියා ප්‍රතිපත්ති සටහන මුලින් බලලා අවබෝධ කර ගන්න.--L Manju (talk) 06:51, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

මට සමාවෙන්න. මම මෙම ලිපිය එල්.ටී.ටී.ඊ වෙත ගියේ රන්දීර්ගෙත් මතය අනුව. හැබැයි පපසුව සිංහල වැප් මහතා විසින් යලිත් ගෙන ගියා.(එයාගේ වැඩේම පිටු ගෙනියන එකනෙ.) මම හිතනව අපේ පරිපාලක මහතා සිතා බලා නිවරදිම මාතෘකාවට මේ පිටුවත් ගෙන ගියා. යාපනයේ පුස්තකාලයට බෝම්බ දැම්මෙ එල්.ටී.ටී.ඊ එකෙන් කියලයි මම හිතුවෙ. අනේ මම එච්චර දැනුවත් නැහැනෙ. හරිම කණගාටුයි.--Ravindu Navin (talk) 07:12, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ත්‍රස්තවාදී/ත්‍රස්තවාදීන්/ත්‍රස්තවාදියෝ වැනි වචන විකිපීඩියා විශ්වකෝෂය තුළ භාවිත නොකළ යුතු බවට එකඟතාවක්/සම්මතයක් පවතී. ඒ, එවැනි වචන භාවිතය නිසා ලිපියක මධ්‍යස්ථ බවට හානි වන නිසා බව සඳහන් වේ. යම් පාර්ශවයක් විසින් යම් සංවිධානයක් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන විට එම සංවිධානයට සහාය දක්වන පාර්ශ්වය එයට විරුද්ධ වේ. මේ නිසා ඒ ඒ පාර්ශව (විකිපීඩියා පරිශීලකයන් අතර පවා) අතර ගැටුම් ඇති වේ. මෙයට උදාහරණයක් ලෙස ඉංග්‍රීසි විකිපීඩියාවේ බොදු බල සේනා සංවිධානය පිළිබඳව ඇති ලිපිය දැක්විය හැක. (එහි සාකච්ඡා පිටුව බලන්න). මෙහි දී මෙය ඉංග්‍රීසි විකිපීඩියාව නොවන බවත් මෙය සිංහල විකිපීඩියාව බැවින් සිංහලයන්ගේ කැමැත්තට අනුව කටයුතු කළ හැකි බවටත් ඇති තර්කය පිළිබඳව මදක් කල්පනා කල යුතුය. විකිපීඩියා ලිපියක අරමුණ විශ්වකෝෂිය තොරතුරු සැපයීම මිස ගැටුම් වලට මග පාදා දීම නොවේ. දෙමළ පරිශීලකයන්ට සිංහල කියවිය නොහැකි යැයි කිව නොහැක. යම් සංවිධානයක් සැබවින්ම ත්‍රස්තවාදී වුවත් නොවුවත්, එම සංවිධානය පිළිබඳව ඇති ලිපියකදී ත්‍රස්තවාදී යන විශේෂණය නොයෙදීමට ඉංග්‍රීසි විකිපීඩියාව තුළ ඇති එකඟතාවට අනුව කටයුතු කිරීමෙන් ගැටළු ඇති වීම මග හරවා ගත හැකිය. ISIS සංවිධානය පිළිබඳව ඉංග්‍රීසි විකිපීඩියාවේ ඇති ලිපියෙහි ත්‍රස්තවාදී යන පදය භාවිත නොකර ඇති බව නිරීක්ෂණය කරන්න. එබැවින් ත්‍රස්තවාදියෝ යන වචනය ලිපියේ මාතෘකාවෙන් ඉවත් කළ යුතු බවට යෝජනා කරමි.----Randeer (talk) 14:55, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

Bodu Bala Sena = බොදු බල සේන?--Ravindu Navin (talk) 15:09, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply


මුලින්ම මේ ලිපියෙන් දෙන පූර්වාදර්ශය කුමක් ද​? යම් කරුණක් ගැන ලිපියක් සැකසීමේ දී තම පෞද්ගලික කියවීම එහි අන්තර්ගත කළ හැකි බව නොවේද?
කිසිසේත්ම මෙම මාතෘකාව උචිත නැත​. මට වුවද මෙය මගේ අභිමතය පරිදි මට අභිරුචි මාතෘකාව වෙත ගෙන යාමට අවකාශ තිබුණි. නමුත් සාකච්ඡා පිටු ඇත්තේ නිකමට නොව​, සංස්කරණ ගැටුම් ඇතිවිය හැකි තැන් වළකා ගෙන කතා බහ කොට එකඟතාවන් මත සංස්කරණ කිරීමට ය​. සාකච්ඡාවක් සක්‍රීයව සිදු වෙමින් පවතින විටක පැහැදිලි අවසන් තීරණයකටත් එළඹීමට මත්තෙන් ලිපි ශීර්‍ෂය දෙවරක් මාරු කරනු ලැබිණි. මෙවැනි හිතුවක්කාරී, ප්‍රජා සම්මුතිය නොසලකා තම අභිමතයම ස්ථාපිත කිරීමට කරන වැඩ ගැන මගේ දැඩි අප්‍රසාදය පළ කරමි.
සංවිධානයක් හඳුන්වා දිය යුත්තේ ඔවුන් තමන්ව හඳුන්වා ගන්නා ආකාරයෙන්ය​. ඔවුන් ගැන ඇති වෙනත් කියවීම් විවේචන වැනි කොටසකින් ඉදිරිපත් කළ හැකිය​.
වෙනත් න්‍යාය පත්‍රයන් උදෙසා විකිපීඩියා න්‍යායන් පාවා නොදෙමු.    | අනංගයා | සංවාදය​ | 07:01, 13 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
Return to "එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුව" page.