සාකච්ඡාව:අජටාකාශගාමියා

(සාකච්ඡාව:අඡටාකාශගාමියා වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 8කට පෙර by Singhalawap

Astronaut යනු අජටාකාශගාමියා යනුයි. එහෙත්, මෙම ලිපියෙහි මාතෘකාව වශයෙන් ඇත්තේ අඡටාකාශගාමියා යන වැරදි පදයකි. මෙය අපි අජටාකාශගාමියා යන්නට ගෙන ගියොත් පාඨකයන්ට වැරදි පූර්වාදර්ශයක් දෙන්නෙමු. එ් මන්දයත්, එවිට ඔවුන් සිතනුයේ අජටාකාශගාමියා සහ අඡටාකාශගාමියා යන පද දෙකම නිවැරැදි පද බවයි. එබැවින් මෙම ලිපියෙහි අන්තර්ගතයෙහි ඇති අක්ෂර දෝෂයන්ද සංස්කරණයකොට නිවැරැදි අජටාකාශගාමියා නමැති ලිපියක් සාදා ඉන්පසුව අඡටාකාශගාමියා යන මෙම ලිපිය මකා දැමිය යුතු බව යෝජනා කරමි. විකල්ප වශයෙන් පරිපාලකයෙකු විසින් මෙම ලිපිය යළියොමුවක් නොමැතිව නිවැරැදි මාතෘකාවට ගෙන ගිය හැක. ඉන්පසු අන්තර්ගතයට සුදුසු සංස්කරණයන් කල හැක. --- Shwetha (talk) 06:01, 26 සැප්තැම්බර් 2015 (යූටීසී)Reply

යළි යොමු පිළිබඳ ඔබේ මතයට එකඟ වෙන්න අමාරුයි. මීට පෙරදී User:Singhalawap ඔය සම්බන්ධයෙන් දැරුවෙත් ඔබේ මතය මයි. යළි යොමුවක් කරන්නේ පාඨකයා නිවැරදි තැනට යොමු කිරීම පමණයි. දැනටත් කෙනෙක් වැරදි මාතෘකාව යොදා තිබෙනවා. ඒ කියන්නේ අනාගතයෙත් ඒක වෙන්න පුළුවන්. Google සෙවුමක් කළොත් ඔබටත් තේරෙයි වැරදි වචනය දැනටත් භාවිතා වන බව කිහිපපළකම. --Lee (talk) 10:08, 7 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply
අඡටාකාශගාමියා යොදා ගූගල් සෙවුමක් කලෙමි. ලද ප්‍රතිඵල වැරදි මාතෘකාව සහිත විකිපීඩියා ලිපිය නිසා ඇතිවූ ප්‍රතිඵල වෙයි. --- Shwetha (talk) 16:15, 7 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply
හිතවත් Shwetha සහ Lee
ඔය දෙන්නාගෙම මත වල සාධාරණ හේතු තියනවා. මම හිතන්නෙ සියළු වැරදි මාතෘකා යලි යොමු බවට පත්කිරීම (Lee මතය) සහ සියළු වැරදි මාතෘකා මකාදැමීම (Shwetha මතය) යන අන්ත දෙකට අතරමැද විසඳුමක් සොයාගත යුතුයි.
Lee නිවැරදිව පැවසූ පරිදිම මමත් අතීතයේ දැරූ මතය දැන් Shwetha දරණ මතයම විය. මම යලි යොමු නොදමා සමහර මාතෘකා වෙනස් කලේ එම මතයට අනුවයි.
අතීත සිදුවීම් වලින් ගතයුතු පාඩම් ඉගෙනගෙන වඩා හොඳ අනාගතයක් ගොඩනගමු
Singhalawap (talk) 10:46, 8 නොවැම්බර් 2015 (යූටීසී)Reply
Return to "අජටාකාශගාමියා" page.