ස්පාර්ටකස්

තෙරසියන් මල්ලවයා

ස්පාර්ටකස්(ග්‍රීක: Σπάρτακος Spártakos; ලතින්: Spartacus;[1]  ක්‍රි.පූ. 111–71 )යනු තුන්වන වහල් යුද්දයේදී වහල්නායකවරුන් වූ ක්‍රික්සස්,ගැනිකස් ,කැස්ටස් සහ ඔනොමියස් සමග එක්ව වහල් බවින් පලා විත් රෝමන් ජනරජයට එරෙහිව සටන් කල ප්‍රධාන තෙරසියානු ග්ලැඩියේටර්වරයෙකි. ස්පාර්ටකස් පිළිබද ඓතිහාසික මුලාශ සමහරක් පරස්පර වුවත් ස්පාර්ටකස් යනු හිටපු ග්ලැඩියේටර්වරයෙක් සහ ප්‍රවීණ යුද නායකයෙක් බව ඓතිහාසික මුලාශ මගින් පැහැදිලිව පවසයි.

ස්පාර්ටකස්
ස්පාර්ටකස් ගේ මරණය  හර්මන් වෝගල්ගේ සිතුවමකි. (1882)
කැරලිකාර වහල් නායකයෙකි.
පුද්ගලික තොරතුරු
උපතක්‍රි.පූ.111
ස්ට්‍රිමොන් මධ්‍ය ප්‍රදේශ ආසන්නයේදී
(වර්තමානයේ ස්ට්රූමා ගංගාව, බල්ගේරියාව)
විපතක්‍රි.පූ. 71
පැටලීයා සටන් භුමිය අසල(වර්තමානයේ ස්ට්රෝන්ගොලි, කැලබ්‍රියා,ඉතාලිය)
ජාතියතෙරසියානු
හමුදා සේවය
සටන්/යුද්ධ තුන්වන වහල් යුද්ධය

  [2]

මූලාරම්භය සංස්කරණය

 
බෝල්කන් ගෝත්‍ර, මීයෑඩි ගෝත්‍රයද සමග

ග්‍රීක් නිබන්දකවරයෙක් වන ප්ලුටර්ච් ට අනුව ස්පාර්ටකස් යනු සංචාරක තෙරෙසියන් ගෝත්‍රවරයෙකි. ඇපියන් පවසන පරිදි ඔහු වරක් රෝම යුද හමුදා සෙබලෙකු ලෙස සේවය කළ නමුත් පසුව සිරකරුවෙකු වී ග්ලැඩියේටර් වරයෙකු ලෙස හා අලෙවි කර ඇත. 


ෆ්ලොරස් ට අනුව ස්පාර්ටකස් යනු තෙරේසියානු කුළී හේවායෙකුව සිට පසුව රෝමන් සොල්දාදුවෙකු ලෙස සේවයකර ඇත . ඉන්පසු සේවයෙන් පහව වහල්භාවයට පත් වී ඇති අතර පසු කාලයේ ඔහුගේ ශක්තිය සලකා බලා ග්ලැඩියේටර්වරයෙකු බවට පත් වී ඇත.ප්ලුටර්ච් ස්පාර්ටකස්ගේ බිරිද පිලිබදව ද සටහන් තබා ඇති අතර එයට අනුව ඇය මීයෑඩි ගොත්ත්‍රයේ අනාවැකි කියන්නියක්ව සිට ස්පාර්ටකස් සමගම වහල් බවට පත් කර ඇත.

වහල්බවට පත් වීම හා ඉන් පලා යාම. සංස්කරණය

 
රෝම ජනරජයේ පැතිරීම  ක්‍රි.පූ100  දී

වෙනස් මූලශ සහ ඒවායේ අර්ථ නිරූපනයට අනුව ස්පාර්ටකස් යනු හමුදා බල ඇනි විසින් අල්ල ගත් වහලෙකි.පසුව ඔහුව ලෙන්ටුලුස් බැටියාටස්ට අයත් ග්ලැඩියේටර් පුහුණු පාසලේ දී පුහුණු කර ඇත.ස්පාර්ටකස් බැරිබර පන්ති ග්ලැඩියේටර්වරයෙකු ලෙස මුර්මිලෝ යන නමින් පුහුණු කලහ .මෙම සටන් කරුවන් විශාල දිග පලිහක් සහ පළල් අසිපතක්(අගල් 18ක් පමණ දිග) සමගින් සටන් කර ඇත. ස්පාර්ටකස් ක්‍රි.පූ.73 දී තම ස්වාමියන්ගෙන් මිදී පලා යාමට කුමන්ත්රණය කෙරූ ග්ලැඩියේටර්වරයන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකි.


කුමන්ත්රණය සදහා 70 පමණ පිරිසක් සහබාගී විය.එය සුළු පිරිසක් වුවද ඔවුන් විසින් පුහුණු පාසැල අල්ලාගෙන ග්ලැඩියේටර්වර අවි ආයුද සහ යුද ආවරණ සහිත රථ කිහිපයක්ද අල්ලාගෙන තිබේ. පසුව මොවුන් පිටු පස යවන ලද හමුදා බල ඇණිද පරාජය කර capua බල ප්‍රදේශයේ කොල්ලකමින් හා තවත් වහලුන් නිදහස් කර ගනිමින් ඔවුනගේ පිරිස් ශක්තිය වැඩි කර ගන්නා ගමින් වඩා ආරක්ෂාකාරී ප්‍රදේශයක් වූ විසුවියස් කන්ද මතට පැමිණියහ. 

නිදහස් වීමෙන් පසු පලා ගිය ග්ලැඩියේටර්වර් වරුන් විසින් ස්පාර්ටකස් සහ ගෝල් ජාතික වහලුන් වූ ක්රික්සස් සහ ඔනිමස් ඔවුනගේ නායකයන් ලෙස පත් කර ගත්හ.[තහවුරු කර නොමැත]

තුන්වන වහල් යුද්ධය සංස්කරණය

 
දංවැල් දමා ඇති වහලුන්, ස්මිර්නා හිදී සොයාගත් කළා කෘතියකි. ආසියානු රෝමන් ප්‍රදේශයකි. (වර්තමානයේදී තුර්කිය.)

ඒ වන විටත් රෝමන් හමුදාව ස්පාඤඤයේ කැරලි මර්දනයට හා තුන්වන මිත්රිදාටික් යුද්ධය සමග සම්බන්ධව සිටි නිසා වහල් කැරැල්ල මැඩ පැවැත්වීම සදහා හමුදා එවීමට බාදා ඇති විය.නමුත් එම යුද්ද වලට වැඩ මෙම කැරැල්ල මැඩ පැවැත්වීම ප්‍රධාන බව වටහා ගත් රෝමන් වරුන් ගේයස් ක්ල්වුඩිස් ග්ලෙබර් ගේ නායකත්වය යටතේ හමුදා බට කණ්ඩයක් පිටත් කර යැවුහ.ඔවුන් ස්පාර්ටකස් ඇතුළු පිරිස කදවුරු ලා සිටි විසූවියස් කන්ද වටා කදවුරු ඉදි කර ගත්හ.කන්ද මත සිටි ස්පාර්ටකස් ඇතුළු පිරිස නිරාහාරව තැබීමෙන් යටත් කර ගැනීමට හැකි වෙති ඔවුන් බලාපොරොත්තු විය. නමුත් ස්පාර්ටකස් ඇතලු ග්ලැඩියේටර්වර්වරුන් කිහිප දෙනෙක් කබ ආධාරයෙන් විසුවියස් ගිනි කන්දේ ප්‍රපාතය බැස රෝමන්කදවුරු පිටු පස දෙසින් ඔවුන් නොසිතූ ප්‍රහාරයක් එල්ල කර රෝමන් වරුන් විශාල ප්‍රමාණයක් මරා ඝාතනය කළහ.  [3]

කැරළිකාරුවන් විසින් දෙවන රෝමන් ප්‍රහාරයද සාර්ථකව පරාජය කර හමුදා අණ දෙන්නා අල්ලාගෙන අනෙකුත් හමුදානායකයින් ඝාතනය කර ඔවුනගේ යුද උපකරණද කැරලි කරුවන් විසින් අත් පත් කර ගන්නා ලදී. මෙම ජයග්‍රහණය සමගම තවත් බොහෝවහලුන් ස්පාර්ටකස්වට රැස් වන්නට විය.මොවුන් අතර ප්‍රදේශයේ විසූ එඩේරුන් හා ගොපලුන් බොහෝ ප්‍රමාණයක් විය. මේ අයුරින් 70000 දක්වා ස්පාර්ටකස්ගේ පිරිස වර්ධනය විය.  [4]

ඉහත ජයග්‍රහණ විසින් ස්පාර්ටකස්ගේ අනර්ඝ උපයශිලිත්වය සනාථ කරන අතර එසේම ඔහු මිට පෙර යුධ අත්දැකීම් තිබී ඇති බවටද කිව හැක.ඔහුගේ කැරළිකරුවන්ගේ යුධ පුහුණුව අඩු වුවත් රෝමන් හමුදාවට -පහරදීමේදී අසාමාන්‍ය උපක‍්‍රම භාවිතා කල අතර සාමාන්‍ය ආයුධ නිපුන ලෙස භාවිතා කළහ. ඔවුන් ක්‍රි.පූ.73-72 ශීත ඍතුවදී නව පිරිස පුහුණු කරමින් සන්නද්ධ කරමින් හා ආයුධ වලින් පරිපුරණ වෙමින් ගත කල අතර ඒ අතර නව ප්‍රදේශ අල්ලා ගනිමින් ඔවුනගේ ප්‍රදේශය වර්ධනය කර ගත්හ.එසේ අල්ලා ගත ප්‍රදේශ අතර නොලා ,නුසරියා,තුරී සහ මෙටාපොන්ටුම් යන නගරද ඇතුලත් විය. මෙම ප්‍රදේශ අතර දුර ප්‍රමාණය නිසා කැරලිකරුවන් ඔවුනගේ නායකයින් වූ ස්පාර්ටකස් හා ක්රික්සස් ගේ නායකත්වය යටතේ කණ්ඩායම් දෙකකට බෙදී ක්‍රියාත්මක විය.


ක්‍රි.පූ.72 වසන්ත කාලයේදීකැරලිකරුවන් ඔවුනගේ ශීත කදවුර ඇත හැර උතුරට සංක්‍රමණය වීමට පටන් ගත්හ.එම කාලයේදීම මිට පෙර පරාජයන් වලින් තැති ගැන්මට පත්ව සිටි රෝමන් සෙනෙට් මණ්ඩලය ලුසියස් ගෙල්යන් හා ග්‍රනියස් කොනේලියන් ගේ නායකත්වයන් යටතේ හමුදා කණ්ඩයන් දෙකක් පිටත් කරන ලදී. මෙම හමුදාභට කණ්ඩායම් දෙක මගින් ක්රික්සස්ගේ නායකත්වයෙන් යුත් තිස්දහසක පමණ කැරලිකරුවන් පිරිසක් පරාජය කළහ.නමුත් පසුව ඔවුන් ස්පාර්ටකස් මගින් පරාජයට ලක් විය. මෙම පරාජයන් ඇපියන් හා ප්ලුටර්ච් ගේ පුළුල් ඓතිහසික කරුණු වල එකීනෙකට පරස්පර අයුරින් විස්තර කර ඇත. 

මෙම නොනවතින කැරැල්ල නිසා රෝමන් සෙනෙට් සභාව තැති ගැන්මට පත්ව සිටි අතර ,රෝමයේ ධනවත්ම පුද්ගලයා වු මාර්කස් ලිසිනියස් ක්‍රරස්සස් මෙම කැරැල්ල නැවැත්විය හැකි එකම පුද්ගලයා ලෙස සෙනෙට් සභාව විසින් පත්කර ගන්න ලදී. ක්‍රරස්සස් විසින් බල ඇණි අටක රෝම සොල්දාදුවන් හතලිස්දහසක පිරිසකට පුහුණුව ලබා දුන් අතර ඔවුන් කටුක ,කුරිරැ හා විනයගරුකවීමට   පුහුණු කර දඩුවම් දීම සදහා වු විනාශකාරී යුද ඒකකයක් නැවත පිහිටු විය. ඒ වනවිට ස්පාර්ටකස් ඇතුළු පිරිස පැහැදිලි කල නොහැකි හේතුන් නිසා ඉතාලියේ දකුණු දෙසට පසුබැස සිට නැවතත් ක්‍රි.පූ.71 දී උතුරට සංක්‍රමණය වන්නට පටන් ගත්හ. ක්‍රරස්සස් ඔහුගේ භට කණ්ඩායම් හයක් ප්‍රදේශයේ දේශසීමා වෙත යවා ඔහුගේ නියෝජිත මුමියස් සමග කණ්ඩායම් දෙකක් ස්පාර්ටකස්ගේ පිටු පසින් වරින් වර යෙදවිය.ඔවුන් හට ස්පාර්ටකස් ඇතුළු පිරිසට පහර නොදීමට අණ කල තිබුණු නමුත් ඔවුන් ස්නොචිත අවස්තවක් බලා ස්පාර්ටකස් ඇතුළු පිරිසට ප්‍රහාරයක් එල්ල කළහ.නමුත් මෙම පහර දීමෙන් ජය අත් වුයේ ස්පාර්ටකස්ටය. මෙයින් පසු ක්‍රරස්සස්ගේ හමුදා කිහිප වරක් පහර දී ජයග්‍රහණ ලබාගත් අතර එමගින් ස්පාර්ටකස් ඇතුළු පිරිස තවත් ලුනේනියහි දකුණු දෙසට යොමු කළහ.මෙමගින් ක්‍රරස්සස්ට වැඩි වාසි හිමි විය. ක්‍රි.පූ.71 අවසන් වන විට ස්පාර්ටකස් රේගියම් හි කදවුරු ල සිටියහ. [සත්‍යාපනය අසමත්]

 
ස්පාර්ටකස්ගේ බිද වැටීම

ප්ලුටර්ච්ට අනුව ස්පාර්ටකස් සිසිලියන් මුහුදු මංකොල්ලකරුවන් සමග ඔහු ඇතුළු දෙදහසක පිරිසක් සිසිලි වෙත ගෙන යාම පිලිබදව ගිවිසුමකට එලබ අති අතර එමගින් ඔහු සිසිලිහි වහල් කැරැල්ලක් ඇති කර තම පිරිස වැඩි කර ගැනීමට බලාපොරොත්තු විය. නමුත් මුහුදු මංකොල්ලකරුවන් විසින් ගෙවීම ගෙන ස්පාර්ටකස් ඇතුළු පිරිස පවා දෙන ලදී. කැරලිකරුවන් විසින් පලායාම සදහා යාත්‍රා තැනීමට උත්සහ ගත බවට සුළු සාධක ඇති අතර නමුත් ක්‍රරස්සස් විසින් එම උත්සාහයන් නැවත්වීමට පියවර ගත් නිසා ඒවා අත්හැර දමා ඇත. මේ නිසා පසුව ස්පාර්ටකස් ඇතුළු කැරලිකරුවන් රෙගියම් දෙසට පසුබැස ගිය අතර ක්‍රරස්සස්ගේ හමුදාවන්ද ඒ දෙසට පැමිණ රෙගියම් දේශ සන්ධිය හරහා ඔවුනගේ බලකොටු ඉදි කර ගත්හ. මෙලෙස කැරලිකරුවන් වැටලූ ක්‍රරස්සස්ගේ හමුදා ස්පාර්ටකස් ඇතුළු පිරිසට පිටින් පැමිණෙන සැපයුම් මාර්ග ඇහිරිය.  [5]

මේ කාලයේදීම පොම්පේ හි මහා හමුදාව හිස්පනියහි සිට නැවත පැමිණි සිටි අතර සෙනෙට් සභාව විසින් ඔවුන්හට දකුණු දෙසට ගොස් ක්‍රරස්සස්ගේ හමුදා සමග සම්බන්ද වීමට අණ කරන ලදී.නමුත් මේ නිසා තමාගේ යුද වියදම් අධික වනු ඇති ක්‍රරස්සස් බිය විය. මේ අතර තුර ස්පාර්ටකස් ක්‍රරස්සස් සමග ගිවිසුමකට පැමිණීමට අසාර්ථක උත්සහයක් ගත් අතර ක්‍රරස්සස් එය ප්‍රතික්ෂේප කල විට ස්පාර්ටකස් ගේ පිරිස කොටස් වලට බෙදී බ්රුටියම් හි පෙටලීය දකුණු කදු දෙසට(වර්තමානයේ ස්ට්රෝන්ගොලි) පසු බසින ලද අතර ක්‍රරස්සස්ගේ හමුදාව ඔවුන් ලුහුබදිමින් පැමිණියහ. 

රෝම හමුදාවන් ස්පාර්ටකස්ගේ ප්‍රධාන කණ්ඩායමෙන් වෙන් වූ කුඩා කණ්ඩායම් අල්ලා ගැනීමට සමත් වූ අතර ඔවුන් අතර සංයමය නැතිවී තිබූ අතර ඔවුන් කුඩා කණ්ඩායම් වලට කැඩී තනි කණ්ඩායම් වශයෙන් පැමිණෙන රෝමන් හමුදාවන්ට පහර දෙන්නට විය. ස්පාර්ටකස් ඔහුගේ හමුදාවන් නැවත හරවා ඔවුනගේ සම්පුර්ණ ශක්තිය යොදා රෝමන් හමුදාවට පහර එල්ල කල අතර නමුත් ඔවුන්ව වැටලු රෝමන් හමුදාව විසින් කැරලිකරුවන් විශාල ප්‍රමාණයක් සටන් භූමියේදී මරා දමන ලදී.  [6]

ක්‍රි.පූ.71දී සිදු වූ මම අවසන් සටනේදී ස්පාර්ටකස් පරාජයට පත් වූ බවට පෙනෙන අතර මෙම ප්‍රදේශය වර්තමානයේ සෙනර්චියා දේශ භූමිහි සේල් නදියී දකුණු ඉවුර ආශිත ප්‍රදේශය වන අතර 1899 දී මෙම ප්‍රදේශයෙන් රෝමන් යුගයේ අසිපත් හා යුද ආවරණ සොයා ගෙන ඇත.

ප්ලුටර්ච්ට ඇපියන් හා ෆ්ලොරස් යන සියල්ලන්ටම අනුව ස්පාර්ටකස් රෝමන් හමුදාව සමග පැවති අවසන් සටනේදී මිය ගොස් ඇති අතර නමුත් ඇපියන් තව දුරටත් පවසා ඇති පරිදි ස්පාර්ටකස්ගේ සිරුර සොයා ගැනීමට හැකිවී නොමැත. රෝමන් හමුදාව විසින් අල්ලා ගත් හයදහසක පමණ කැරලිකරුවන් පිරිසක් රෝමයේ සිට කැපුවා දක්වා වූ මාර්ගය දෙපස කුරුසවල ඇණ ගැසීමෙන් මරණයට පත් කර ඇත.

[7]

 
ක්‍රරස්සස්ගේ විසින් ස්පාර්ටකස්ගේ අනුගාමිකයන් 6000ක් පමණ රෝමය හා කැපුවා අතර මාර්ගය දෙපස කුරුසවල අණ ගසා මරණයට පත් කිරීම. ෆෙදර් අන්ද්‍රීවිච් 1878දී අදින ලද සිතුවමකි. 

References සංස්කරණය

  1. "M. Tullius Cicero". Perseus.tufts.edu. සම්ප්‍රවේශය 24 February 2013.
  2. Historian Barry Strauss On His New Book The Spartacus War (Interview). Simon & Schuster. 2009. {{cite AV media}}: Cite has empty unknown parameter: |trans_title= (help)
  3. Plutarch, Crassus, 9:1–3; Frontinus, Stratagems, Book I, 5:20–22; Appian, Civil Wars, 1:116; Broughton, Magistrates of the Roman Republic, p. 109.
  4. Plutarch, Crassus, 9:3; Appian, Civil War, 1:116.
  5. Plutarch, Crassus, 10:4–5.
  6. Appian, Civil Wars, 1:120; Plutarch, Crassus, 11:6–7; Livy, Periochae, 97.1 සංරක්ෂණය කළ පිටපත 2017-07-19 at the Wayback Machine.
  7. Appian, Civil Wars, 1.120.
"https://si.wikipedia.org/w/index.php?title=ස්පාර්ටකස්&oldid=593685" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි