සරත් අඹේපිටිය (1946 නොවැම්බර් 19 – 2004 නොවැම්බර් 20) යනු ශ්‍රී ලංකාවේ හිටපු විනිසුරුවරයෙකි. 2004 වසරේ නාෙවැම්බර් 19 වන දින සාහසිකයෙකු විසින් එල්ල කරන ලද වෙඩි පහරකට ගොදුරු වී ජීවිතක්ෂයට පත්වන තෙක්, අඹේපිටිය මහතා කොළඹ මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස සේවය කරන ලදී.

කොළඹ මහාධිකරණ විනිසුරු
පුද්ගලික තොරතුරු
උපත1946 නොවැම්බර් 19
විපත20 November 2004(2004-11-20) (වයස 58)
කොළඹ
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ,
ශ්‍රී ලංකා නීති විද්‍යාලය

මුල් අවදිය සංස්කරණය

කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය මුලික අධ්‍යාපන කටයුතු හැදෑරූ අඹේපිටිය මහතා, ඉන්පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය පිළිබඳව හදාරණ ලදී.

වෘත්තීය දිවිය සංස්කරණය

නීතිය පිළිබඳ සිය අධ්‍යාපන කටයුතු හැදෑරීමෙන් අනතුරුව, 1977 වර්ෂයේදී අඹේපිටිය මහතා දිවයිනේ කිහිපපොලකම මහේස්ත්‍රාත්වරයෙකු වශයෙන් සේවය කරමින්, මෙරට අධිකරණ ක්ෂේත්‍රය වෙත පිවිසෙන ලදී. පසුකාලීනව ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බවටත් පසුව කොළඹ අතිරේක දිස්ත්‍රික් විනිසුරු බවටත් පත්විය. ඉන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පළමුවරට ගාල්ල සඳහා පත්කරනු ලැබූ අඹේපිටිය සහතා, පසුව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා බවට පත්වෙන ලදී. අනෙකුත් විනිසුරුවරුන් විසින් භාරගැනීමට මැලිකමක් දැක්වූ නඩු හැසිරවීමත්, එඩිතර ප්‍රබල තීන්දු ලබා දීමත් නිසා අඹේපිටිය මහතා එකල කා අතරත් අවධානයට ලක්විය. 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරයට අදාල නඩුව ඇතුළු වැදගත් නඩු රැසක් අඹේපිටිය මහතා විසින් හසුරුවන ලදී.

ඝාතනයට ලක්වීම සංස්කරණය

2004 වසරේ නොවැම්බර් 19 වන දින නිවසේදී, අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් නිළදාරී උපාලි බණ්ඩාර යන අය, මිනීමරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලට ගොදුරු වීම නිසා ජීවිතක්ෂයට පත්විය. මේ සමය වන විට අඹේපිටිය මහතා මහාධිකරණයේ වූ ජ්‍යේශ්ඨ විනිසුරුවරයෙකු වූ අතර, ඔහු අභියාචනාධීකරණය වෙත දක්වා උසස් කිරීමට අපේක්ෂිතව සිටි බව සඳහන්ය.

ඝාතනයට ලක්වීමට පෙර දින, එනම් ඔහුගේ 58 වන ජන්ම දිනය යෙදී තිබීම වෙනුවෙන් අඹේපිටිය මහතා එදින කැලණිය රජ මහා විහාරය වන්දනා කල බව පැවසෙයි. එවක අගවිනිසුරුවරයා විසින් අඹේපිටිය මහතා "අධිකරණ ක්ෂේත්‍රය තුල සිටි එඩිතර නිලදාරියෙකු බවත්, ඔහුගේ මරණය අධිකරණයට වූ විශාල පාඩුවක්" යනුවෙනුත් ප්‍රකාශයක් සිදුකරන ලදී.[1]

වැරදිකරුවන් සංස්කරණය

අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෝ පස් දෙනෙකු චූදිතයන් වූ අතර, ඊට ඝාතනයේ මහ මොළකරු වශයෙන් සැලකූ මොහමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වෙත ඝාතනය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවද; සුජිත් රෝහණ රූපසිංහ, සුමින්ද නිශාන්ත, උදාර පෙරේරා සහ ලසන්ත කුමාර යන අනෙකුත් පිරිස වෙත ඝාතනය ක්‍රියාවට නැංවීම යන චෝදනාවද එල්ල වන ලදී.

අධි ආරක්ෂාව මධ්‍යයේ පැවති මාස 3 ක නඩු විභාගයකින් අනතුරුව 2005 ජූලි 4 වන දින, මහාධිකරණය විසින් ඒකමතිකව චූදිතයන් පස් දෙනා අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවන් බවට පත් කරමින් මරණ දණ්ඩනය නියම කරන ලදී. [2]

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සරත්_අඹේපිටිය&oldid=339411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි