යම් රටක ජාතිකත්වය නොදරන පුද්ගයෙකු ස්ථිරව පදිංචි වීමේ අරමුණින් එම රටට ගමන් කිරීම සංක්‍රමණය නම් වේ.[1][2][3][4] සංචාරකයන් වැනි කෙටි කාලීනව වෙනත් රටක ජීවත්වන පුද්ගලයින් සංක්‍රමණිකයන් ලෙස නොසැළකේ. එහෙත්, ඇතැම් විට කෙටි කාලීන රැකියා සඳහා විදේශගත වන පුද්ගලයන්ද සංක්‍රමණිකයන් ලෙස හැඳින්වෙයි.

2023 දී ජනගහනයෙන් 1,000 කට දළ සංක්‍රමණ අනුපාතය. සමස්තයක් වශයෙන් ජනයා රතු රටවල සිට නිල් රටවල් වලට සංක්‍රමණය වෙයි.

සංක්‍රමණයෙහි ආර්ථික බලපෑම් පිළිබඳ පර්යේෂණ මගින් පෙන්වාදෙන්නේ සංක්‍රමණය රටවල් දෙකටම (ආගමනය වූ රට සහ විගමනය වූ රට) ආර්ථිකමය වශයෙන් වාසිදායක වන බවයි.[5][6] ව්‍යතිරේක කිහිපයක් හැරුනු විට බොහොමයක් පර්යේෂණ පෙන්නුම් කරන්නේ සංක්‍රමණය මගින් ස්වදේශීය ජනයාට ධනාත්මක ආර්ථික බලපෑමක් ඇති බවය. කෙසේ නමුත් නුපුහුණු කම්කරුවන් සංක්‍රමණය වීමෙන් වරප්‍රසාද නොලත් ස්වදේශීය ජනයා හට ඍණාත්මක බලපෑම් ඇත් ද යන්න පිළිබඳව පර්යේෂණ වඩාත් විපිළිසර වෙයි.[7][8][9][10][11] අධ්‍යයනයන්ට අනුව සංක්‍රමණයට ඇති බාධා ඉවත් කිරීම මගින් ගෝලීය දළ දේශිය නිෂ්පාදිතයට විශාළ බලපෑමක් ඇති වනු ඇත. ඇස්තමේන්තු වලට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල කම්කරුවන් 37% සිට 53% දක්වා ප්‍රමාණයක් සංවර්ධිත රටවලට සංක්‍රමණය වුවහොත් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයට 67% සිට 147% දක්වා වර්ධනයක් අත් වනු ඇත.[12][13][14][15] ඇතැම් ආර්ථික සංවර්ධනය පිළිබඳ විශේෂඥයන් තර්ක කරන්නේ සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ශ්‍රම සංචලනයට ඇති බාධා ඉවත් කිරීම දරිද්‍රතාවය අඩු කිරීම සඳහා ගත හැකි වඩාත්ම කාර්යක්ෂම පියවරක් වන බවයි.[16][17][18][19] එමෙන්ම සංක්‍රමණය මගින් ගෝලීය උතුරෙහි වයස්ගත ජනගහණය ඉහළ යාමෙන් සිදුවන අයහපත් ප්‍රථිඵල අඩු කරගත හැක.[20][21]

සංක්‍රමණය ඉහළ යාම සමග අපරාධ ඉහළ යාමක් සිදුවන්නේද යන්න මතභේදාත්මක කරුණකි. ගෝලීය වශයෙන් සැළකූ විට බොහෝ ශාස්ත්‍රීය ලේඛනයන් ඒ ගැන මිශ්‍ර අදහස් දක්වන නමුදු, එක්සත් ජනපදය පමණක් සැළකූ විට පර්යේෂණයන් පෙන්වා දෙන්නේ සංක්‍රමණය මගින් අපරාධ අනුපාතයට බලපෑමක් නොවන බව හෝ ඇතැම් විට ඍණාත්මක බලපෑමක් ඇති කෙරෙන බවය.[22][23] සංක්‍රමණිකයන් ඔවුන් ආගමනය වූ රටෙහි සංස්කෘතියට කොතරම් ඉක්මනින් සහ ගැඹුරින් හැඩගැසෙනවාද යන්න ඔවුන්ගේ ජාතිකත්වය මත රඳා පවතින බවටත්, සමස්තයක් ලෙස ගත් කළ පළමු සහ දෙවන පරම්පරාවේ සංක්‍රමණිකයන් සෑහෙන දුරට සංස්කෘතිකව අනුවර්තනය වන බවටත් පර්යේෂණ පෙන්වා දෙයි.[24][25]

එක්සත් ජනපදයෙහි සහ යුරෝපයෙහි අධිකරණ, ව්‍යාපාර, ආර්ථික, නිවාස සැපයීම්, සෞඛ්‍ය, මාධ්‍ය සහ දේශපාලන‍ය යන අංශයන් හීදි සංක්‍රමණිකයන්ට සහ සුළු ජාතීන් හට වෙනස්කම් කිරීම් සිදුවන බවට පර්යේෂන මගින් පෘථුල සාක්ෂ්‍ය ඉදිරිපත් වේ.[26][27][28][29]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "immigration". OxfordDictionaries.com. Oxford University Press. 5 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 May 2016.
  2. ^ "immigrate". Merriam-Webster.com. Merriam-Webster, In. සම්ප්‍රවේශය 27 March 2014.
  3. ^ "Who's who: Definitions". London, England: Refugee Council. 2016. සම්ප්‍රවේශය 7 September 2015.
  4. ^ "International Migration Law No. 34 – Glossary on Migration". International Organization for Migration (ඉංග්‍රීසි බසින්). 2019-06-19. ISSN 1813-2278.
  5. ^ Koczan, Zsoka; Peri, Giovanni; Pinat, Magali; Rozhkov, Dmitriy (2021), "Migration", in Valerie Cerra; Barry Eichengreen; Asmaa El-Ganainy et al., How to Achieve Inclusive Growth, Oxford University Press, , , https://oxford.universitypressscholarship.com/view/10.1093/oso/9780192846938.001.0001/oso-9780192846938-chapter-9 
  6. ^ di Giovanni, Julian; Levchenko, Andrei A.; Ortega, Francesc (1 February 2015). "A Global View of Cross-Border Migration" (PDF). Journal of the European Economic Association. 13 (1): 168–202. doi:10.1111/jeea.12110. hdl:10230/22196. ISSN 1542-4774. S2CID 3465938. 9 March 2024 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 October 2024.
  7. ^ Card, David; Dustmann, Christian; Preston, Ian (1 February 2012). "Immigration, Wages, and Compositional Amenities" (PDF). Journal of the European Economic Association. 10 (1): 78–119. doi:10.1111/j.1542-4774.2011.01051.x. ISSN 1542-4774. S2CID 154303869.
  8. ^ Bodvarsson, Örn B; Van den Berg, Hendrik (2013). The economics of immigration: theory and policy. New York; Heidelberg [u.a.]: Springer. p. 157. ISBN 978-1-4614-2115-3. OCLC 852632755.
  9. ^ "Migration Within Europe | IGM Forum". www.igmchicago.org. සම්ප්‍රවේශය 7 December 2016.
  10. ^ "Poll Results | IGM Forum". www.igmchicago.org. සම්ප්‍රවේශය 19 September 2015.
  11. ^ "Poll Results | IGM Forum". www.igmchicago.org. සම්ප්‍රවේශය 19 September 2015.
  12. ^ Iregui, Ana Maria (1 January 2003). "Efficiency Gains from the Elimination of Global Restrictions on Labour Mobility: An Analysis using a Multiregional CGE Model". Wider Working Paper Series.
  13. ^ Clemens, Michael A (1 August 2011). "Economics and Emigration: Trillion-Dollar Bills on the Sidewalk?". Journal of Economic Perspectives. 25 (3): 83–106. doi:10.1257/jep.25.3.83. ISSN 0895-3309. S2CID 59507836.
  14. ^ Hamilton, B.; Whalley, J. (1 February 1984). "Efficiency and distributional implications of global restrictions on labour mobility: calculations and policy implications". Journal of Development Economics. 14 (1–2): 61–75. doi:10.1016/0304-3878(84)90043-9. ISSN 0304-3878. PMID 12266702.
  15. ^ Dustmann, Christian; Preston, Ian P. (2019-08-02). "Free Movement, Open Borders, and the Global Gains from Labor Mobility". Annual Review of Economics (ඉංග්‍රීසි බසින්). 11 (1): 783–808. doi:10.1146/annurev-economics-080218-025843. ISSN 1941-1383.
  16. ^ Milanovic, Branko (7 January 2014). "Global Inequality of Opportunity: How Much of Our Income Is Determined by Where We Live?". Review of Economics and Statistics. 97 (2): 452–460. doi:10.1162/REST_a_00432. hdl:10986/21484. ISSN 0034-6535. S2CID 11046799.
  17. ^ Mishra, Prachi (2014). "Emigration and wages in source countries: A survey of the empirical literature". International Handbook on Migration and Economic Development. Edward Elgar Publishing. pp. 241–266. doi:10.4337/9781782548072.00013. ISBN 978-1-78254-807-2. S2CID 143429722.
  18. ^ Clemens, Michael A.; Pritchett, Lant (2019). "The New Economic Case for Migration Restrictions: An Assessment". Journal of Development Economics (ඉංග්‍රීසි බසින්). 138 (9730): 153–164. doi:10.1016/j.jdeveco.2018.12.003. ISSN 0304-3878. S2CID 204418677.
  19. ^ Pritchett, Lant; Hani, Farah (2020-07-30). The Economics of International Wage Differentials and Migration. Oxford Research Encyclopedia of Economics and Finance (ඉංග්‍රීසි බසින්). doi:10.1093/acrefore/9780190625979.013.353. ISBN 978-0-19-062597-9. සම්ප්‍රවේශය 2020-08-11.
  20. ^ Peri, Giovanni. "Can Immigration Solve the Demographic Dilemma?". www.imf.org (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). IMF. සම්ප්‍රවේශය 2020-07-16.
  21. ^ Harvey, Fiona (2020-07-15). "World population in 2100 could be 2 billion below UN forecasts, study suggests". The Guardian (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). ISSN 0261-3077. සම්ප්‍රවේශය 2020-07-16.
  22. ^ The Integration of Immigrants into American Society (ඉංග්‍රීසි බසින්). National Academies of Sciences, Engineering, and Medicine. 2015. doi:10.17226/21746. ISBN 978-0-309-37398-2. Americans have long believed that immigrants are more likely than natives to commit crimes and that rising immigration leads to rising crime... This belief is remarkably resilient to the contrary evidence that immigrants are in fact much less likely than natives to commit crimes.
  23. ^ Lee, Matthew T.; Martinez Jr., Ramiro (2009). "Immigration reduces crime: an emerging scholarly consensus". Immigration, Crime and Justice. Emerald Group Publishing. pp. 3–16. ISBN 978-1-84855-438-2.
  24. ^ Villarreal, Andrés; Tamborini, Christopher R. (2018). "Immigrants' Economic Assimilation: Evidence from Longitudinal Earnings Records". American Sociological Review. 83 (4): 686–715. doi:10.1177/0003122418780366. PMC 6290669. PMID 30555169.
  25. ^ Blau, Francine D. (2015). "Immigrants and Gender Roles: Assimilation vs. Culture" (PDF). IZA Journal of Migration. 4 (1): 1–21. doi:10.1186/s40176-015-0048-5. S2CID 53414354. සම්ප්‍රවේශය 13 October 2018.
  26. ^ Zschirnt, Eva; Ruedin, Didier (27 May 2016). "Ethnic discrimination in hiring decisions: a meta-analysis of correspondence tests 1990–2015". Journal of Ethnic and Migration Studies. 42 (7): 1115–1134. doi:10.1080/1369183X.2015.1133279. hdl:10419/142176. ISSN 1369-183X. S2CID 10261744.
  27. ^ Rich, Judy (October 2014). "What Do Field Experiments of Discrimination in Markets Tell Us? A Meta Analysis of Studies Conducted since 2000". IZA Discussion Papers (ඉංග්‍රීසි බසින්) (8584). SSRN 2517887. සම්ප්‍රවේශය 24 April 2016.
  28. ^ Rehavi, M. Marit; Starr, Sonja B. (2014). "Racial Disparity in Federal Criminal Sentences". Journal of Political Economy (ඉංග්‍රීසි බසින්). 122 (6): 1320–1354. doi:10.1086/677255. ISSN 0022-3808. S2CID 3348344.
  29. ^ Enos, Ryan D. (1 January 2016). "What the Demolition of Public Housing Teaches Us about the Impact of Racial Threat on Political Behavior". American Journal of Political Science (ඉංග්‍රීසි බසින්). 60 (1): 123–142. doi:10.1111/ajps.12156. S2CID 51895998.
"https://si.wikipedia.org/w/index.php?title=සංක්‍රමණය&oldid=718960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි