අර්ධනාරීශ්වර

හින්දු දෙවිවරුන් වන ශිව සහ පාර්වතීගේ සංයුක්ත ස්වරූපය

අර්ධනාරීශ්වර (සංස්කෘත: अर्धनारीश्वर) යනු ශිව සහ පාර්වතී දේවියගේ සංයුක්ත ස්වරූපය යි. අර්ධනාරීශ්වර අර්ධ-පුරුෂ සහ අර්ධ-ස්ත්‍රී ලෙස නිරූපනය කර ඇති අතර, මැදින් සමානව බෙදී ඇත. දකුණු අර්ධය සාමාන්‍යයෙන් ශිව වන අතර ඔහුගේ සම්ප්‍රදායික ගුණාංග විදහා දක්වයි.

අර්ධනාරීශ්වර
අර්ධනාරීශ්වර
දේවනාගරීअर्धनारीश्वर
සංස්කෘත පරිවර්තනයArdhanārīśvara
අනුබැඳියශිව සහ පාර්වතී දේවියගේ සංයුතිය
වාහනයනන්දි සහ සිංහයා

මුල්ම අර්ධනාරීශ්වර රූප ක්‍රි.ව. පළමුවන සියවසේ සිට කුෂාන් යුගයට අයත් වේ. එහි නිරූපණ ශිල්පය ගුප්ත යුගයේදී පරිණාමය වී පරිපූර්ණ විය. පුරාණ සහ විවිධ නිබන්ධනවල අර්ධනාරීශ්වරගේ පුරාවෘත්ත සහ ප්‍රතිමූර්තිය ගැන දක්වා තිබේ. අර්ධනාරීශ්වර යනු භාරතය පුරා බොහෝ ශිව කෝවිල් වල දක්නට ලැබෙන ජනප්‍රිය ස්වරූපයකි, නමුත් මෙම දෙවියන්ටම කැප කර ඇති දේවස්ථාන ඇත්තේ ස්වල්පයකි.

අර්ධනාරීශ්වර නියෝජනය කරන්නේ විශ්වයේ පුරුෂ සහ ස්ත්‍රී ශක්තීන්ගේ සංශ්ලේෂණයයි (පුරුෂ සහ ප්‍රකෘති). එහි දෙවියන්ගේ ස්ත්‍රි තත්වය වන ශක්ති, දෙවියන්ගේ පුරුෂ තත්වය වන ශිවගෙන් වෙන් කළ නොහැකි වන ආකාරය නිදර්ශනය කරයි. මෙම මූලධර්මවල එකමුතුව සියලු නිර්මාණයන්ගේ මූලය සහ ගර්භාෂය වේ. තවත් මතයක් නම් අර්ධනාරීශ්වර යනු ශිව දෙවියන්ගේ සර්ව ව්‍යාප්ත ස්වභාවයේ සංකේතයක් බවයි.

නිරුක්තිය සංස්කරණය

අර්ධනාරීශ්වර යන නාමයේ තේරුම "අඩක් ස්ත්‍රියක් වූ දෙවියන්" යන්නයි. අර්ධනාරීශ්වර ස්වරූපය අර්ධනරනාරි (අර්ධ පුරුෂයා-ස්ත්‍රිය), අර්ධනාරිශ, අර්ධනාරිනටේශ්වර (අඩක් ස්ත්‍රියක් වූ නර්ථනයේ දෙවියන්),[1][2] නරනාරි, අම්මිඅප්පන් (දෙමළ භාෂාවන් මව සහ පියා) ආදි නාමයන්ගෙන්ද ආමන්ත්‍රණය කරයි. ගුප්ත යුගයේ ලේඛක පුෂ්පදන්ත ඔහුගේ මහිංනාස්තාවේ මෙම ස්වරූපය දේහර්ධඝටනා ("ඔබ සහ ඇය එක් සිරුරේ අර්ධයන් සේ") ලෙස සඳහන් කරයි. විෂ්ණුධර්මෝත්තර පුරාණයේ සඳහන් කොට ඇත්තේ ගෞරීශ්වර ලෙසයි.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Monier Williams Sanskrit-English Dictionary (2008 revision)
  2. Gopal, Madan (1990). K.S. Gautam (ed.). India through the ages. Publication Division, Ministry of Information and Broadcasting, Government of India. p. 69.
"https://si.wikipedia.org/w/index.php?title=අර්ධනාරීශ්වර&oldid=493354" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි