ශ්‍රී ලාංකික යෝනකවරු
ශ්‍රී ලාංකා යෝනක, යනු ශ්‍රී ලංකාවට ආවේණික ජනවර්‍රගයකි. ශ්‍රී ලංකා මුස්ලිම් ජාතිකයන් අතර බහුතර ජනවර්‍රගයා, යෝනකවරැන් ය. සමස්ථ ශ්‍රී ලංකා ජනගහනයෙන් 8% පමණ වන ඔවුන්, බහුතරත්වයෙන් 3 වෙනි ස්ථානය හිමි වේ. ඔවුන් ඉස්ලාම් ආගමේ බැතිමතුන්ය. ඔවුන්ට ආවේණික භාෂාව අර්වි භාෂාව ලෙස හැදින්වේ.
මුළු ජනගහණය | |
---|---|
මිලියන 1.8 ට වැඩි | |
සැලකිය යුතු ජනගහණයක් සහිත ප්‍රදේශ | |
ශ්‍රී ලංකාව | 1,869,820 (9.23%) (2012)[1] |
භාෂා | |
දෙමළ, සිංහල (පෙරදී අර්වි සහ අරාබි) | |
ආගම | |
ඉස්ලාම් | |
ආශ්‍රිත වාර්ගික කණ්ඩායම් | |
අරාබිවරු, ශ්‍රී ලාංකික ජනයා |
ඉතිහාසය
සංස්කරණයක්රි.පූ 3 වෙනි ශතවර්ෂය වන විට ඉන්දියාවේ, කේරල සහ මලබාර් හි පිහිටි වරායන්, ජාත්‍යන්තර නාවික වෙළඳ තොටුපොළවල්ය. මෙම තොටුපොළ දෙක හරහා අරාබි-චීන නැව් මාර්ග හැසිරවීම, අරාබිය හා සමීප සම්බන්ධතා ඇති පව්ල් කීපයකට භාර වී තිබුණි.[2][3] එවකට දකුණු ඉන්දියාවේ, චේර, චෝල සහ පාන්ඩ්‍ය ජාතිකයන් අතර ගැටම් නිසා පීඩා වූ අරාබි-චීන නැව් මාර්ග හැසිරවීමට විකල්පයක් ලෙස වත්මන් කොළඔ වරාය සහ ගාලු වරාය තෝරාගත් මෙම පව්ල්, කොළඔ, ගාල්ල සහ කෝට්ටේ අවට ප්‍රදේශයෙහි ජනපද පිහිටුවන ලදී.[4][5]
ක්‍රි.ව. 8 වෙනි සියවස වන විට අරාබි දේශයේ ඉස්ලාම් ධර්මය ව්‍යාප්ත වීමත් සමග අරාබි-චීන නැව් මාර්ග වෙත අවදානම වැඩිවිය. මෙම කාළය තුල කේරල වරාය පසු කොට සෘජුව කොළඔ සහ ගාලු වරායන් භාවිතා කල නැව් සංඛ්‍යාවද ඉහල ගොස් තිබුණි. වරාය සේවා වර්ධනය සඳහා අරාබි දේශයෙන් කාරමිකයන් පැමිණ, කොළඔ, බේරැවල, ගාල්ල, සහ මඩකලපුව ආශ්‍රිත ජනපද තුල පදිංචි වූහ. ඇතැම් අරාබි වෙළඳ පව්ල්, ලංකාව තම ව්‍යාපාරික මූලස්ථානය කොට බේරැවල සහ පුත්තලම් ප්‍රදේශයේ පදිංචි වූහ.
එවකට ලංකාවේ පැවති සිංහල රාජධානින්ද, උතුරැ ප්‍රදේශයේ පැවති දමිළ රාජධානියද, ස්වාදීණව අරාබි දේශය සමඟ සම්බන්ධ තීබූ අතර, රාජ අනුග්‍රහයෙන් ඒ ඒ රාජධානීන් තුළ පදිංචි වූ අරාබි පව්ල්ද සිටියහ.
සංස්කුෘතිය
සංස්කරණයයෝනක සංස්කුෘතිය, ඉස්ලාම් ධර්මයෙන් සහ වෙරළබඩ අරාබි සංස්කුෘතියෙන් පෝෂණය වී ඇත. ලංකාවේ අනෙකුත් සමාජයන් සේ කුල ක්‍රමයක් නොතිබීම විශේෂිත කරැණකි. වාසගමක් වෙනුවට පියාගේ නම භාවතා කිරීමද ඔවුන්ගෙ සංස්කුෘතියේ ලක්ෂණකි.
සාම්ප්‍රදායික වස්ත්‍ර
සංස්කරණයඅත්දිග කමිසයක් සහ කබායක් සමඟ සරමක් ඇඳීම පුරෂයන්ගේ සාම්ප්‍රදායික ඇදුමයි. මුල් අවදියේ පුරැෂයන් සූරත් තොප්පිය නැමති හිස් වැස්මක් පැළඳූහ. පසුව සූරත් තොප්පිය වෙනුවට තුර්කීය ෆෙස් තොප්පිය පැළදීම ජනප්‍රිය විය.
යොන්ලිය, හිසකෙස් ආවර්ණය වනසේ හිජාබ් නැමති හිස් පැළඳුම අඳිති.
ආහාර කැවිලි
සංස්කරණයශ්රී ලංකාවට මුලින්ම කෝපි වගාව හදුන්වාදුන්නේ යෝනකවරැන්ය. ක්‍රි.ව 15 සිවසෙහි ආරාබිවරැන් කෝපි පැන සොයාගත් අතර එම කාළය තුල, ලංකාවෙන් කෝපි සහ පුවක් අපනයනය වූ බවට සාධක ඇත. පෘතුගීසින් ලංකාවට පැමිණීමනේ පසු, මරක්කලම් නැව් වලින් කෝපි, කරාබුනැටි, සහ කරැඳු පොතු කොල්ලකෑ බවට සදහන් වී ඇත.
වත්මන් යොන් ප්‍රජාව තුළ තේ පැන් සංග්‍රහය වෙනුවට කෝපි සංග්‍රාහ පැවැත්වීම, කෝපි හා බැඳි ඉතිහාසය හේතුවේ.
තක්කඩි, යෝනකවරැන්ට ආවනෙික ආහාරයකි. කුලුබඩු සමඟ සාදන මස් හොද්දක් තුල තිරිඟු පිටි ගුලි තැම්බීමෙන්, ක්ෂණික ලෙස සාදා ගත හැකි ආහාරයකි. සාම්ප්‍රදායික ලෙස හරක් මස් යොදාගෙන ඇතත්, වත්මන් කාළයේ විවිධ මාංශ වර්ග භාවිතා වේ.
ධර්මය
සංස්කරණයයෝනකවරැන් ඉස්ලාම් ධර්මය අදහනෝය. ඉස්ලාම් ධර්මයේ සුන්නි භේදයට අයත් මොවුන්ට ශියා භේදයෙන් පැවතෙන ලාකෂණ කීපයක්ද තිබේ. සූෆි ඉස්ලාමීය පංතියට අයත් මොවුන්ගේ අනුග්‍රහයෙන් ලංකාවට සූෆි දූතයන් කිහිපයක් පැමිණෙන ලදී. එසේ ආපු දූතයන් අතුරින් අබ්දුල් ඛාධිර් අල් ජීලානි නැමති සුප්‍රකට සූෆි පඬිවරයා ලංකාවට පැමිණීම විශේෂයි.
ක්‍රි.ව 8 වෙනි සිවස තුළ ඉස්ලාම් ධර්මය ලංකාවට ප්‍රචාරය විය. බේරැවල සහ කොළඔ වරාය ආවට ප්‍රථම මුස්ලිම් පල්ලි මුල්කර යෝනකවරැන්ට ඉස්ලාම් ධර්ම දේශනා පැවැත්විය. පෘතුගීසීන් සකසූ සිතියම් කහිපයක කොළඹ පල්ලිය සදහන් වේ. කොළඔ වරාය අත්පත් කර ගන්නා විට පෘතුගීසින් වරායට ගිණි තැබීමෙන් මෙම පල්ලියද විනාශ විය.
භාෂාව
සංස්කරණයයෝනකවරැන්ට ආවේණික භාෂාව අර්වි භාෂාවයි. අරාබි සහ මලයාලම් වචන වලින් සමන්විත වූ අර්වි, අරාබි අක්ෂර සහ හෝඩිය භාවිතා කරයි.
වත්මන් යෝනකවරැ බහුභාෂිතයන් වන අතර ඉංග්‍රීසි, සිංහල, අරාබි, දමිළ යන භාෂා භාවිතා වේ.
ආශ්‍රිත
සංස්කරණය- ^ "A2 : පොපියුලේෂන් බයි එත්නික් ගෲප් එකෝඩිං ටු ඩිස්ට්‍රික්ට්ස්, 2012". ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ P. P., Razak Abdul "Colonialism and community formation in Malabar: a study of muslims of Malabar" Unpublished PhD thesis (2013) Department of History, University of Calicut
- ^ Muhammed, Hedayuthabdulla (January 2009). kabir:The Apposaitle of Hindu Muslim Unity. Motilal Banarasidess. p. 47. ISBN 9788120833739
- ^ Perera N, Galhena G, Ranawaka G. X-chromosomal STR based genetic polymorphisms and demographic history of Sri Lankan ethnicities and their relationship with global populations. Sci Rep. 2021 Jun 17;11(1):12748. doi: 10.1038/s41598-021-92314-9. Erratum in: Sci Rep. 2021 Sep 1;11(1):17781. Erratum in: Sci Rep. 2021 Oct 12;11(1):20578. PMID: 34140598; PMCID: PMC8211843.
- ^ Hussein, Asiff (2007). Sarandib: an ethnological study of the Muslims of Sri Lanka. Asiff Hussein. p. 330. ISBN 9789559726227.