පාර්ලිමේන්තු පටිපාටිය

පාර්ලිමේන්තු පටිපාටිය යනු, සමාජයයන්, සංවිධාන, ව්‍යවස්ථාදායක මණ්ඩල සහ, අනෙකුත් විමර්ශනාත්මක මණ්ඩල සම්බන්ධ රැස්වීම් සහ අනෙකුත් කාර්යයන් පාලනය කරන නීති, ආචාර ධර්ම සහ, චාරිත්‍ර සමූහය වෙයි. පොදු නීතියෙහි[උපහරණ ඇවැසිය] කොටසක් වන එය, ප්‍රාථමික වශයෙන්, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවෙහි මහජන මන්ත්‍රී මණ්ඩලයෙහි ක්‍රියාමාර්ගයන් තුලින් ජනිත වීම නිසා, එහි නම ව්‍යුත්පන්න වී ඇත.

එක්සත් ජනපදය තුලදී, පාර්ලිමේන්තු නීතිය, පාර්ලිමේන්තු ව්‍යවහාරය, ව්‍යවස්ථාදායක පටිපාටිය හෝ, විධාන නීති යන නම් වලින්ද පාර්ලිමේන්තු පටිපාටිය හැඳින්වෙයි. එක්සත් රාජධානියෙහි, අයර්ලන්තයෙහි, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ, දකුණු අප්‍රිකාවේ සහ, අනෙකුත් ඉංග්‍රීසි-කථා කරන රටවල, මූලාසනය හැසිරවීම, මුලාසනය දැරීම, රැස්වීම් නීතිය, රැස්වීම් සම්බන්ධ පටිපාටිය හෝ, රැස්වීම් පවත්වා ගෙන යෑම ලෙසින්ද එය සමහරවිට හැඳින්වෙයි.