ව්‍යවස්ථාදායකය යනු නිති සකස්කරීමට වෙනස් කිරීමට සහ සම්මත කිරීමට බලය ඇති සාකච්ඡා කිරීම සදහා වූ නියෝජිත සහාවකි.

ව්‍යවස්ථාදායකයන්ට විවිධ නම් ඇත. සුලබව යෙදෙන්නේ පාර්ලිමේන්තුව, කොංග්‍රසය වැනි වදන්ය. ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන කාර්ය වන්නේ නිති සෑදීම සහ වෙනස් කිරීමය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකය උත්තරීතර වන අතර එය මගින් විධායකය පත් කෙරේ. ජනපති ක්‍රමයකදී ව්‍යවස්ථාදායකය යනු විධායකයට සමාන හා ඉන් පරායත්තව බල සහිත ආයතනයකි. නීති සම්මත කිරීමට අමතරව බදු එකතු කිරීමට, අය වැය සහ අනෙක් මූල්‍යයනත් සම්බන්දයෙන් ද ව්‍යවස්ථාදායකයට බලය ඇත.

ව්‍යවස්ථාදායකයක මණ්ඩල

සංස්කරණය

ව්‍යවස්ථාදායකයක ප්‍රධාන අංගය වන්නේ මණ්ඩලය. මේවා පනත් පළිබද විවාද කරන සහ ඡන්ද විමසන සහාවන්ය. එක් මණ්ඩලයක් සහිතව ව්‍යවස්ථාදායකයක් “ ඒක මණ්ඩලය ” ලෙස හැදින්වේ. “ ද්වී මණ්ඩලය ” ව්‍යවස්ථාදායකයක උත්තර හා පහල මණ්ඩල ලෙස මණ්ඩල දෙකකි. මේවායේ බල තල සහ ඒවායේ සාමාජිකයන් පත් කරන ආකාරය එකනෙකට වෙනස්ය. “ත්රෛ මණ්ඩලය ” ව්‍යවස්ථාදායකයන් දුබලය. එවැන්නක් සුඑතර සුදු පාලනය අවසාන භාගයේ දකුණු අප්‍රිකාවේ පැවතුනි.

බොහෝ පාර්ලමේන්තු ක්‍රම වල පහල මණ්ඩලය වඩා බලවත්වන අතර ඉහල මණ්ඩලය උපදේශාත්මක කාර්යයක් ඉටුකරයි.

ජනාධිපති ක්‍රමවලදී බොහෝවිට මණ්ඩල දෙක බල තල සාමාන්‍ය සමූහ ආණඩුවලදී ඉහල මණ්ඩලය සංයුත්ත රාජ්යන් නයෝජනය කරයි. යුරෝපා සංගමයද මේ හා සමානය. ඉහල මණ්ඩලයේ ෆෙඩරල් රාජ්යන් හි නයෝජිතයන් ( යුරෝපා සංගමය, ජර්මනිය 1913 ට පෙර එක්සත් ජනපදය) හෝ සුලුජාතින්ට නියෝජනය සලසන ආකාරයට පත් කල ගත් නියෝජිතයන් (ඕස්ට්‍රේලියාව හා නූතන එක්සත් ජනපදය) සටිය හැක.

ව්‍යවස්ථාදායක සඳහා වන කැපී පෙනෙන උදාහරණයන් වන්නේ ලන්ඩනයේ පාර්ලිමේන්තු මණ්ඩල, වොෂින්ටන් ඩී. සී. හි කොංග‍්‍රසය, බර්ලින්හි බුන්ඩෙස්ටර්ග්, මොස්කවුහි ඩූමා සහ පැරීසියේ ඇසෙම්බ්ලි නැෂනාලෙ ය. නියෝජිතත්ව පාලනය යන මූලධර්මය යටතේ ජනතාව සිය අභිලාෂයන් ඉටුකරනුවස් දේශපාලඥයින්ට ඡන්දය දෙති. කෙසේනමුත් ඊශ‍්‍රායලය, ගී‍්‍රසිය, ස්වීඩනය සහ චීනය යන රටවල් තනි මණ්ඩලයකින් යුතු ව්‍යවස්ථාදායකයකට හිමිකම් කියන අතර බොහොමයක් රට ල්වල වෙන වෙනම තෝරාපත්කරගනු ලැබු ව්‍යවස්ථාදායක සභාවන් දෙකක් පවතී. ‘පහල මන්තී‍්‍ර මණ්ඩලයේ’ දේශපාලඥයෝ කුඩා ඡන්ද බලප‍්‍රදේශයන් නියෝජනය කිරීම සඳහා තෝරා පත්කර ගැනෙන අතර ‘උත්තර මන්තී‍්‍ර මණ්ඩලය’ පෙඩරල් පාලනය ( ඕස්ටේ‍්‍රලියාව ජර්මනිය හෝ එක්සත් ජනපදය මෙන්) හෝ ඒකීය පාලනයක වෙනස් ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ආකෘතියක් නියෝජනය කිරීම (ප‍්‍රංශයේ මෙන්) සඳහා තෝරාගනු ලැබෙත්. මෙම ද්විමණ්ඩල ක‍්‍රමය සම්බන්ධයෙන් වන එක් විවේචනයක් වන්නේ උත්තර හා පහල මන්තී‍්‍ර මණ්ඩලයන් එකක් අනෙකේ පිලිබිඹුවක් බවට පත්වන බවයි. සාම්ප‍්‍රදායිකව මෙම ද්වි මණ්ඩල ක‍්‍රමය සාධාරණීකරණය කරනු ලබන්නේ උත්තර මන්තී‍්‍ර මණ්ඩලය විමර්ෂනාත්මක මණ්ඩලයක් ලෙසින් කි‍්‍රයාකරන බව දක්වමිනි. මෙමඟින් රජයේ කි‍්‍රයාකාරීත්වයෙහි හිතුවක්කාරී ස්වභාවය අවම කළහැකි වනුඇත.

නීතියක් සම්මතවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය මන්තී‍්‍ර මණ්ඩල දෙකෙහිදීම පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත කළයුතු වෙයි. සාමාන්‍යයෙන් පනත් කෙටුම්පත වාර කිහිපයක් කියවනු ලබන අතර විවිධ දේශපාලනික පක්‍ෂයන් විසින් යෝජනා කරනු ලබන සංශෝධනයන්ද ඊට ඇතුලත් කරනු ලැබිය හැක. යම් රටක ව්‍යවස්ථාව අනම්‍ය එකක් වන්නේ නම් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකිරීම සඳහා විශේෂ බහුතරයකගේ ඡන්දය අවශ්‍ය වනු ඇත. එනම් වෙනස්කම් සිදුකිරීම වඩා අසීරු වෙයි. සාමාන්‍යයෙන් මෙම කාර්යයේදී පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් රජය (උදා. එක්සත් රාජධානිය හෝ ජර්මනිය) ප‍්‍රධානත්වය ගනියි. ජනාධිපති ක‍්‍රමයක් තුල විධායකය විසින් සිය දේශපාලන කටයුතු මෙයෙවීම සඳහා කැබිනට් මණ්ඩලයක් පත් කරනු ලබයි. මෙම පිරිස තෝරාගනු ලැබූවන් හෝ එසේ ඡන්දයකින් තෝරාගනු නොලැබූ පිරිසක්ද (උදා. එක්සත් ජනපදය බ‍්‍රසීලය) වියහැක. එවිට ව්‍යවස්ථාදයකයේ භූමිකාව නිවැරදි කිරීමේ හෝ නිශේධ බලය යෙදීමේ බලයකට සීමාවෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යවස්ථාදායකය&oldid=437540" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි