"ලංකාවේ අප ස්වාමිදුවගේ බැසිලිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු Rison PC (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Shwetha ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
28 පේළිය:
 
'''ලංකාවේ අප ස්වාමිදුවගේ බැසිලිකාව''' යනු, [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]], තේවත්තේ පිහිටා ඇති [[බැසිලිකාව|බැසිලිකා]] තත්ත්වයෙහි [[රෝමානු කතෝලික]] දේවස්ථානයකි.
 
ලංකාවේ අප ස්වාමිදු නමින් ප්‍රකට රාගම, තේවත්ත බැසිලිකා දේවස්ථානය කතෝලික බැතිමතුන්ගේ ආදර ගෞරවයට පත් ප්‍රසිද්ධ පූජනීය ස්ථානයකි.
 
ශ්‍රී ලාංකේය කතෝලික බැතිමතුන් එකතු වන ප්‍රධාන තැන් අතර තලවිල හා මඩු කඳවුරට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. එලෙසම රාගම තේවත්ත දෙව් මැදුරට රෝගීන්ගේ දිනයටත් සාමාන්‍ය දිනවලටත් විශාල වශයෙන් බැතිමතුන් එක්රැස් වේ. දෙවන ලෝක යුද්ධය සමයේ ශ්‍රී ලංකාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා එවකට කොළඹ අගරදගුරු අති උතුම් ‍ජෝන් මේරි මැසොන් අගරදගුරු හිමිපාණන් දෙව් මෑණියන්ට භාර වූහ. එම භාරය වූයේ දැනට තේවත්ත පුද බිමේ පිහිටි දෙව් මැදුර අසල ඇති ලූර්දු ගුහාව ඉදිරිපිටය. එම බෝම්බ අනතුරෙන් රට බේරා ගත හොත් මරියතුමි නමින් විශාල බැසිලිකාවක් ඉදි කරන බවටය.
 
අති උතුම් මේරි මැසොන් හිමිපාණන් ස්වර්ගස්ථ වීමෙන් පසු එම නිලය බාරගත් තෝමස් බෙන්ජමින් කාදිනල් කුරේ හිමිපාණන් එම ප්‍රාර්ථනය ඉෂ්ට වීමෙන් අනතුරුව 1951 වසරේදී මෙම බැසිලිකාවට මුල්ගල තබා 1974 පෙබරවාරි මස 06 වන දින වැඩ කටයුතු නිම කළේය. මැසොන් අගරදගුරු හිමි තමන් මරියතුමියට වූ භාරය පොරොන්දුව ඉටු කිරීම සඳහා මෙම දේව මන්දිරය ලංකාවේ අප ස්වාමිදු යන නාමයෙන් නම් කළහ.
 
බැසිලිකාව ඉදිකිරීමට මුල්ගල තබා ඇත්තේ ශ්‍රී ලංකාව නිදහස ලබා වසර තුනකට පසුව 1951 වසරේ පෙබරවාරි මස හතර වන දින බව සඳහන් වේ. එවකට කොළඹ පළමු සිංහල අගරදගුරු අති උත්තම දේව ධර්මාචාර්ය තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දොළොස්වන සු‍ෙදාතුම් පියතුමා විසින් වතිකානයේදී ආසිරි ගන්වන ලද ශ්‍රී ලංකාවේ ආරක්ෂකාරිනී ලෙස නම් කළ දේවමාතාවන්ගේ ප්‍රතිමාව මෙරට වැඩම කරන ලදී.
 
මෙම පුදබිම රමණීය කඳු ගැටයක පිහිටා ඇත. පුදබිම රබර් ගස් ඇතුළු විවිධ ගස්වලින් සමන්විත දැකුම්කළු ස්ථානයකි. ඉතා ශාන්ත පරිසරය කාගේත් සිත් සතන්වලට සහනය ලබාදීමට සමත්ය. මෙම සිද්ධස්ථානයට යාබද කඳු ගැටයේ දර්ශනීය ලූර්දු ගුහාව කාගේත් නෙත් සිත් සනසාලීමට හේතුවී තිබේ.
 
ඥානකාන්ති මන්දිරය, කන්‍යාරාමය, පියවරුන්ගේ නේවාසිකාගාර, වන්දනාකරුවන්ට අවශ්‍ය නිවාස, කතෝලික දහමේ චිත්‍ර හා කලා ආකෘතිවලින් සම්පූර්ණ වී තිබේ. එමෙන්ම මෙම ජාතික බැසිලිකාව වන්දනා ගමන් ආණ්ඩු පනත යටතේ ගැසට් නිවේදනයක් මගින් ජාතික සිද්ධස්ථානයක් ලෙස නම් කර තිබේ. ජාති, කුල, වර්ණභේද නොසලකා සැමට අවශ්‍ය ආශිර්වාදය ලබා දීමට බැසිලිකා සිද්ධස්ථානය කටයුතු කරති.
 
වාර්ෂිකව පැවැත්වෙන රෝගීන්ගේ දිනයට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සුවය පතා පැමිණෙති. එමෙන්ම අන්‍ය ආගමිකයන්ද පැමිණ ලංකා අප ස්වාමිදුගේ වරප්‍රසාදයත් පිහිටත් ලබා ගැනීමට කටයුතු කරති. විවිධ සිදුවීම්, ජීවිත බාධක, අරගල වලද මැදිහත්ව දුකින් පෙලෙන ජනතාවට අවශ්‍ය සහනය සැලසීම මෙම දේවස්ථානයේ විශේෂත්වයකි.
 
මෙම දෙව් මැදුර ඉදිකිරීමට පුරෝගාමී වූ ස්වර්ගස්ථ වූ අතිඋතුම් කාදිනල් තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණන්ගේ ශ්‍රී දේහය මෙම දෙව් මැදුරේ තැන්පත් කර තිබේ. මෙම ස්ථානයට පැමිණ ලෙඩ දුක් සුවවීමට භාර හාර වීමෙන් එම ලෙඩ රෝග සුව වන බවට කිතුණු බැතිමතුන් අතර දැඩි විශ්වාසයක් පවතියි.