"මකර රාශිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'right|thumb '''මකර රාශිය''' ({{en|Capricorn}}) නක්‍ෂත්‍රය...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
10 පේළිය:
[[Category:රාශි චක්‍රය]]
 
{{stub}}දුකට අධිපති ශනි ග්‍රහයාට අයත් මකර රාශිය රාශි චක්‍රයේ දහවැනි රාශිය වේ. පඨවි රාශියක් බැවින් මකර ලග්නයෙන් උපන්නෝ සියුම් සිතුවිලි අඩු ක්‍රියාත්මක ගති වැඩි වූවෝ වෙති. කුමන ප්‍රතිලාභයක් තමනට හිමි වුවද, ඒ කිසිවක් අතට ලැඛෙන තුරු ඒ පිළිබඳ විශ්වාස නොකළත් මෙකී ලග්න හිමියෝ බොහෝ දේ ලබා ගැනීමේ වාසනාව ඇත්තෝය.
{{stub}}
ලෞකික ජීවිතයට දැඩි සේ ඇලූම් කරන අතර ලෞකික වශයෙන් උසස් ජීවන තත්ත්වයකට පත්වීමට ද දැඩි ආශාවක් දක්වයි. කොතරම් බාධක පැමිණිය ද ඒ සියල්ලටම මුහුණදී තමාට අවශ්‍ය ඉලක්කය කරා යැමට සමත් වේ.
තම දියුණුව වෙනුවෙන් ඕනෑම දුක්් කරදරයක් විඳීමට සමත් වේ. ඒ තුළින් තම අනාගත දියුණුව සලසා ගනී. පාලනයෙහි දක්ෂ මකර ලග්න හිමියන් කිසිවෙකුට නොනැමෙන සෘජු ගති ඇත්තන් වේ. තමා කරදරයකට විපතකට පත් වූ අවස්ථාවකදී වුවද අන් අයගේ උදව් උපකාර ලබා ගැනීමට දැඩි අකමැත්තක් දැක්වුවද අන් අයගේ දුක් කරදර තම ප්‍රශ්න සේ සලකා ඒවා විසඳීමට ඉදිරිපත් වේ.
උපතේදී සෙනසුරු ග්‍රහයා ලග්නයේ සිටියේ නම් දුක් කරදර බාධක හමුවේ නොසැලී තම අරමුණු සඵලකර ගැනීමේ හැකියාව හා වාසනාව උදා වන්නේය.
බොහෝ විට ඉතා ගුණ ගරුක මෙන්ම කරුණාවන්ත ගති පෙන්නුම් කරන අතර ඒ තුළ අන්‍යයන්ගේ ආදරයට ගෞරවයට ලක්වේ.
එකෙනෙහිම ඉක්මනින් කෝපයට පත් වේ. අසාධාරණය හමුවේ කලබැගෑනි ඇති කරයි. සටන්කාමී ගති ලක්ෂණ පෙන්නුම් කරයි. සමහර අවස්ථාවල ඉතා ලොකු වරදක් කරබා ඉවසා සිටින අතර තවත් විටෙක ඉතා කුඩා වරද හමුවේ ලෝකය පෙරළෙන තරමට කලබලව කටයුතු කරයි. තම තීන්දුව අවසාන තීන්දුව ලෙස සිතන්නට අන් අය පෙළඹවීමට තරම් අසාධාරණ වේ.
සමානාත්මතාවය ඉතාමත් අගය කොට සලකන මොවුන්ට පොදු කටයුතුවලදී නිරන්තරයෙන්ම මූලිකත්වය හිමිවේ. සුළු මුදලක් උපයා ගත්තත් එය ඉතිරිකර ගැනීමට මසුරු ස්වභාවයෙන් කටයුතු කළත් ඇතැම් විට දෙවරක් නොසිතා තමා අපහසුවෙන් වෙර වෑයමෙන් එකතු කර ගත් දේ අනුන් සඳහා අතදිගහැර වියදම් කරයි.
මුදල් කටයුතුවලදී ඒ පිළිබඳව අකුරටම සොයා බලා අදාළ ගනුදෙනුව ක්‍රමානුකූලව සිදු කරන රාශි චක්‍රයේ සිටින හසලතම පුද්ගලයා මකර ලග්න හිමියාය. තමන් පිළිබඳ අන්‍යයන් ඇතිකර ගන්නා විශ්වාසය පළුදු නොවන ආකාරයෙන් කටයුතු කිරීම මෙකී ලග්නකරුවන්ගේ සිරිත වන අතර සියලූම මුදල් කටයුතු ඉතා විශ්වාසවන්ත ආකාරයෙන් සිදු කරයි. එබැවින් බොහෝ ආයතනවල සමිති සමාගම්වල පරිපාලන ධුරය මෙන්ම ගණකාධිකාරි ධුරය මොවුනට නිතැතින් ම හමුවේ. මනා සංවිධාන ශක්තියක්් හා පිරිස් පාලන හැකියාවක් උපතින්ම පිහිටන අතර එය පොදු කටයුතුවලදී මෙන්ම සමිති සමාගම්වල තනතුරු දැරීමේදී බොහෝ උපකාරී වේ. කරදරයකට අපහසුවකට පත්වන්නට සිදු වූ අවස්ථා වෙතොත් කිසිවකුට මුහුණදීමට මැළිවන අතර, අන්‍යයන් කෙරෙන් සැඟවෙන්නට උත්සාහ දරන්නේ ආත්ම ගෞරවයට හානි වෙතැයි යන සැකය සිතෙහි පවතින බැවිනි.
තැන - නොතැන, හොඳ - නොහොඳ නොසලකා අනුන්ගේ සිත් රිදෙන ආකාරයට කතා කිරීමට දක්ෂය. සිත් නොරිදෙන ආකාරයට කිව හැකි දේ වුවත්, සිත් රිදෙන ආකාරයෙන් කියයි. කිසිවකු පිළිබඳව වුවද ඕනෑවට වඩා විශ්වාසය නොතබයි. එකම විශ්වාසය වශයෙන් සලකන්නේ තම අරමුණ පමණි.
යාන වාහන, ඇඳුම් පැළඳුම් ආදී සියලූ දේට ඇල්මක් දක්වයි. පිරිසිදුකමට හා අලංකාරයට ප්‍රිය කරයි. කිසිදු තැනක දෙවැනි වන්නට ඇති අකමැත්ත නිසාම දෙවැනි වන තැනකට යැම තරයේ ප්‍රතික්ෂේප කරයි. තම මතයම ඉස්මතු කර ගැනීමට බැරි වූ අවස්ථාවලදී සාධාරණ නොවන අයුරින් කෝපයට පත් වේ.
නිතර නිතර ගමන් බිමන් යැමට රුචිකත්වයක් දක්වන මොවුන් හැම විටම සිතේ චංචල ගතියෙන් පසුවේ. මුදල් ඉපැයීමට දක්ෂ වේ. තමා අවට සිටින්නන් පිළිබඳව නිතරම සැකයෙන් හා අවබෝධයෙන් සිටීම නිසා රැවටිලිවලට හසු නොවේ. තමාට යම් අහිතක් අවැඩක්සිදු කළ අයකුට යුක්තිය අයුක්තිය නොසලකා ප්‍රතිචාර දැක්වීමට පෙළඹේ. අනුන්ගේ උදව් අපේක්ෂා නොකරන අතර කෙතරම් නැතිබැරි කම් තිබුණද, වෙනත් අයගෙන් යෑපෙන්නෙකු නොවේ. තම පවුලට බොහෝ සේ හිතවත් වේ. ඔවුන්ගේ දියුණුවට වෙහෙස වේ. තමා කෙනෙකුට දෙවැනි නොවන ආකාරයෙන් තම පවුලේ සාමාජිකයන් ද දෙවැනි නොකිරීමට වගබලා ගනී.
මකර ලග්නයට අධිපති වන්නේ සෙනසුරුය. 1, 4, 7, 10 සෙනසුරු සිටීමෙන් සස යෝගය යෙදේ. උපතේදී සෙනසුරු ලග්නයේ නම් දුක් කරදර බාධක හමුවේ නොසැලී තම අරමුණු සඵලකර ගැනීමේ හැකියාව හා වාසනාව උදාවේ. ශනි ලග්නගතව සිටී නම් ඒරාෂ්ටක තත්ත්වයකි. උපතේදී එල්ලවන ඒරාෂ්ඨක බලය නිසා මුල් කාලයේදී දුක් කරදරවලට මුහුණ දීමට සිදුවේ. එහෙත් තරුණ වියේදී සිය ජීවිතය යහපත් තත්ත්වයට හැරේ. කුජ හතේ නම් විවාහය ප්‍රමාද වේ. කුජ ශනි ග්‍රහයන් ලග්නගතව සිටීම උසස් බුද්ධිමත් කෙනෙතු වීමට හේතු වේ. මකර ලග්නයෙන් උපන් අයට කුජ, ගුරු, සඳු, අශුභ ඵල උදා කරන ග්‍රහයන් වන අතර බුධ, සිකුරු යහපත් ඵල ලබා දෙන ග්‍රහයෝ වෙති.
මකර ලග්නයෙන් උපන් අයට විවාහය සඳහා වඩාත් ගැලපෙනුයේ මකර, කටක, වෘශ්චික, මීන යන ආපෝ (ජල) රාශිවල උපන් අය වන අතර, එකී ලග්නවල උපන් අය සමඟ විවාහවීමෙන් විවාහ දිවිය වඩාත් සාර්ථක ලෙස ගත කිරීමට හැකිවනු ඇත.
එකකට එකක් හාත්පසින් ම වෙනස් ලෙස සත්ත්වයන්ගේ කොටස් එකතු කොට තැනූ සංකල්ප රූපයක් මගින් සංකේතවත් වන මකර ලග්න හිමියෝ එවැනිම වූ වෙනස්කම් සහිත ගතිගුණ පිළිබිඹු කරන්නෝ වෙති. කිසිදු හිතවත්කමක් නොමැති අයෙකු වුවද මකර ලග්න හිමියන්ගේ ඉල්ලීම් පැහැර නොහැරීම නිසා නොසිතූ විරූ ජයග්‍රහණ හිමි වෙයි. ඇසුරු කරන්නන්ගේ උදව් උපකාර ලබයි. නිස්කලංක දිවියකට ප්‍රිය කළත් නිස්කලංකව සිටින මොහොතක් කිසිසේත් දැකිය නොහැකි එකම ලග්න හිමියා ~මකර~ ලග්න හිමියා වේ.
නොපසුබස්නා උත්සාහයත් කරදර බාධක විඳගැනීමට ඇති හැකියාවත් නිසාම ජයග්‍රහණය කරා ගමන් කරයි. ක්‍රමානුකූල පාලනයෙහි දක්ෂ බැවින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ මූලිකත්වය දැරිය හැකි පාලන ශක්තිය හිමිය. කථාවෙහි බොහෝ දක්ෂය. කියන දේ ඕනෑම අයෙකුගේ මුහුණට කියයි. පාවිච්චි කරන වචන ඉතා දරුණු අන්‍යයන් නුරුස්සන ඒවා වේ.
කෙතරම් අවවාද අනුශාසනා ලැබුවද, අන්‍යයන්ගේ මතයට හිස නොනමයි. කෙනෙකුට අවනත වන බව මතුපිටින් පෙන්වුවද, ඇතුළාත්නය තමන්ගේ මතයට අනුව ක්‍රියාකිරීම වේ. කිසිවකුට යටත් නොවන ගති පැවතුම් නිසා සතුරන් ඇති කර ගනී. විශාල ලෙස ලාබ, වාසි ලැබිය හැකි වුවද, ඒ හමුවේ හරි හෝ වැරදි සාධාරණ හෝ අසාධාරණ තම ප්‍රතිපත්ති වෙනස් නොකරන අයවළුන් වේ.
සමේ රෝග, දණහිස් රෝග, හන්දි කැක්කුම් හා වාත රෝග මකර ලග්න හිමියන් නිතර ගොදුරුවන රෝගාබාධ වේ. මෙකී ලග්න හිමියන්ට සතියේ අඟහරුවාදා, සිකුරාදා සියලූ කටයුතු සඳහා සුබ වන අතර, සඳුදා, සෙනසුරාදා දිනයන් අසුබ වේ. සුබ වර්ණයන් ලෙස සුදු හා නිල් වර්ණයන් සඳහන් කළ හැකිය.
"https://si.wikipedia.org/wiki/මකර_රාශිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි