"සාකච්ඡාව:මැල්කම් රංජිත් හිමිපාණෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
10 පේළිය:
::::::@[[User:Rsekanayake|Rsekanayake]] ඔබ කරන විවේචනය නිවැරදි විය හැක. නමුත් මේ යෙදුම ප්‍රධාන මාධ්‍ය ඇතුලු බොහෝ පිරිසක් භාවිතා කරයි. බහුතර බෞද්ධයන් ද ඒ ගැටලුවක් කර නො ගනී. විකිපීඩියා ලිපි වල දී සමාජයේ ප්‍රචලිත යෙදුම් මගහැර යාම සන්නිවේදන ගැටලු ඇතිකිරීමට පුලුවන. අද වන විට බොදු/ කිතුනු සැවොම කතෝලික පූජකවරුනට ද හිමි පාණෝ යන යෙදුම යොදති. මා දන්නා සිංහලභාෂාව අනුව හිමිපාණෝ යනු ගෞරාවාර්ථ පදයක් මිස බෞද්ධ වචනයක් නොවේ. මා දන්නා තරමින් ත්‍රිපිටකයේ භික්ෂූන් හැදින්වීමට යෙදී ඇත්තේ හිමි යනු නොව භික්ඛු යන වදන ය. සිංහලේ ගෞරවාර්ථ පදයක් කතෝලික පූජකවරුනට යෙදීම අත්හැරිය යුතු යැයි කීම ඔවුන් එ තරම් ගරු කොට නො සැලකිය යුතු යයි කීමක් වැනි ය. අනෙක් අතට පවතින ව්‍යවහාරයක් ඉවත් කර මෙවැනි ව්‍යවහාරයක් යෙදීම නිගරු කිරීමක් ලෙස පෙනී යාමට ද පුලුවන. යම් ආගමික කොටසක් සිය පූජකවරුනට යොදන යෙදුම් එලෙසින් ම යෙදීම යුතු යැයි සිතමි. එසේ නො කිරීම නිගරුවකි. එවැන්නක් අපේ මධ්‍යස්ථභාවයට ද පටහැනි යැයි සිතමි. [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 02:17, 16 සැප්තැම්බර් 2019 (යූටීසී)
::[http://www.colomboarchdiocesancatholicpress.com/archive/2019-06-23-2019.-06.-23-pradeepaya-.pdf ‌ මෙය] බලන්න ----[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:43, 16 සැප්තැම්බර් 2019 (යූටීසී)
කතෝලික ධර්මය පැරණි නිර්දේශය (10 හෝ 11) පෙළපොතේ 11 වන පාඩම (ශ්‍රී ලංකා කතෝලික සභාව) හි ද භාවිත ව තිබුණේ අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණෝ, අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අතරදගුරු හිමිපාණෝ ආදී වශයෙන් වීමෙනි පොදු පිළිගැනීම මෙය බව පැහැදිලි වේ. අති උතුම් යනුවෙන් පරිවර්තනය වී ඇත්තේ [[User:Shwetha|Shwetha]] විමසූ his eminence යන්න යැයි සිතමි. @[[User:Rsekanayake|Rsekanayake]] කෙසේනමුත් හිමිපාණෝ යෙදීම වෙනුවට වෙනත් යෙදුමක් ඇවැසි නම් '''අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු පියතුමන්''' ලෙස යෙදීම මැනවැ යි සිතමි. මේ යෝජනාව ගැන [[User:Rsekanayake|Rsekanayake]] එකග වෙතැ යි සිතමි. [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 19:11, 20 සැප්තැම්බර් 2019 (යූටීසී)
Return to "මැල්කම් රංජිත් හිමිපාණෝ" page.