මැල්කම් රංජිත් හිමිපාණෝ
බොහෝවිට සරල ලෙසින් මැල්කම් කාදිනල් රංජිත් හෝ මැල්කම් රංජිත් ලෙසින් හැඳින්වෙන, ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන් (උපත 15 නොවැම්බර් 1947) යනු, නිල බලයෙන් ශ්‍රී ලංකාවේ අග්‍රධරයා ලෙසින් සේවය කරන කතෝලිත සභාවේ කාදිනල් තුමෙකු වෙයි. එතුමා, කොළඹ අගරදගුරු පදවිය හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ පෞර අගරදගුරු වහන්සේ (Metropolitan Archbishop) වෙති.
මැල්කම් රංජිත් | |
---|---|
කොළඹ අග රදගුරු කාදිනල් තුමා | |
![]() | |
Province | කොළඹ |
Diocese | කොළඹ |
See | කොළඹ, ශ්‍රී ලංකාව |
Appointed | 16 ජූනි 2009 |
Installed |
|
Predecessor | ඔස්වල්ඩ් ගෝමිස් |
Other posts | Cardinal-Priest of S. Lorenzo in Lucina |
Orders | |
Ordination | 29 ජූනි 1975 |
Consecration | 17 ජූනි 1991 by නිකලස් මාකස් ප්‍රනාන්දු |
Created cardinal | 20 නොවැම්බර් 2010 |
Rank | කාදිනල්-පූජාප්‍රසාදින් වහන්සේ |
Personal details | |
Birth name | ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන් |
Born | 15 නොවැම්බර් 1947 පොල්ගහවෙල, ශ්‍රී ලංකාව |
Nationality | ශ්‍රී ලාංකික |
Denomination | රෝමානු කතෝලික |
Parents | දොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා |
Previous post |
|
Coat of arms | ![]() |
කාදිනල් රංජිත් හිමිපාණන්, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, රත්නපුර රදගුරු ලෙසින් (1995–2001) ද, ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් ලෙසින් (2001–2004) ද, ඉන්දුනීසියාව සහ නැගෙනහිර තිමෝරය සඳහා අපෝස්තලික තානාපති ලෙසින් (2004–2005) ද, සහ ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ලෙසින් (2005–2009) ද සේවය කර ඇති සේක.
දිවියෙහි මුල් අවධිය හා අධ්‍යාපනයසංස්කරණය
මැල්කම් රංජිත් හිමිපාණන්, පොල්ගහවෙලදී දොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා ට දාව උපන්නේ පවුලේ එකම පිරිමි දරුවා ලෙසිනි. 1956 දී බොරැල්ලෙහි ශාන්ත ඇලෝසියස් දේවධර්මශාස්ත්‍රාලයය ට ඇතුළු වීමට පෙර එතුමා අධ්‍යාපනය ලැබුයේ මෝදර ද ලා සාල් විද්‍යාලයෙහිදීය. 1966 සිට 1970 දක්වා, එතුමා මහනුවර ජාතික දේවධර්මශාස්ත්‍රාලයෙහි දේවධර්මය සහ දර්ශන වාදය පිළිබඳ හැදෑරීය. ඉන්පසුව, එවකට අගරදගුරුතුමාණන් ව සිටි තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් මෙතුමා ව වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා රෝමය වෙත යවන ලදුව, එහිදී එතුමාණන් පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයයෙන් දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය.