"දියවැඩියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:රෝග එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
{{පරිවර්ථනය}}
{{stub}}
[[ගොනුව:Blue circle for diabetes.svg|thumb|මධු දියවැඩියාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ "නිල් වක්‍ර" සලකුණ ]]
සාමාන්‍ය භාවතයේදී කෙටියෙන් '''දියවැඩියාව [Diabetes mellitus (DM)]''' ලෙසද හැඳින්වෙන '''මධු දියවැඩියාව නොහොත් මධුමේහය''' ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය. දියවැඩියාවට ප්‍රතිකාර නොලද හොත් නොයෙකුත් සංකුලතා ඇති විය හැකිය. කීටොඇසිඩොසිස් ( ketoacidosis) සහ කීටෝටික නොවන හයිපර්සොමලර් කෝමාව (nonketotic hyperosmolar coma) එසේ ඇතිවිය හැකි දරුණු ඝනයේ සංකුලතා වේ. හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍යතාව, පාදයේ ඇතිවන වණ සහ ඇස්වලට ඇතිවන ආබාධ යන ඒවා දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන බරපතළ සංකුලතාවයන් වෙයි.
Line 91 ⟶ 89:
පළමු ආකරයේ දියවැඩියාව (type 1 diabetes) වැළක්වීමේ ක්‍රමයක් හඳුනාගෙන නොමැත. දෙවන ආකාරයේ දියවැඩියාව (Type 2 diabetes) බොහෝ විට සාමාන්‍ය දේහ බර පවත්වා ගැනීම,ක්‍රියාකාරී දිවි පැවැත්ම(active lifestyle), කායික ව්‍යායාම සහ සෞක්‍යමය ආහාර වේල් ලබා ගැනීම මගින් වළක්වා ගත හැකි වේ. ආහාර වේලේ සිදු කරන වෙනස්කම් දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා බෙහෙවින් ඵලදායක වනු ඇත. පූර්ණ (නිවුඩ්ඩ ඉවත් නොකරන ලද) ධාන්‍ය සහ තන්තු; ඇට වර්ග, එළවලු තෙල් සහ මාළු ආදියේ ඇති ඇති අසන්තෘප්ත මේදය වැනි සුදුසු මේද යනාදිය ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. සීනිමය ආහාර හැකිතාක් පාලනය කිරීම සහ රතු මස් ආදී සංතෘප්ත මේද අඩංගු ආහාර අඩු කිරීම ද දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා ඉවහල් වනු ඇත. ක්‍රියාකාරී දුම් පානය ද දියවැඩියාව ඇති කිරීමේ වැඩි අවධානමක් සහිත සාධකයක් වෙයි. එහෙයින් දුම්පානයෙන් වැළකීම ද දියවැඩියාව වළක්වා ගැනීමට වැදගත් වෙයි.
 
== මූලාශ්‍ර ==
== ආශ්‍රිත ==
{{reflist}}3. Dr JMS Udayakumara. දියවැඩියාව, Online Doctor Sri Lanka http://onlinedoctorsl.lk/?p=2778
 
{{Endocrine pathology}}
 
[[ප්‍රවර්ගය:බෝනොවන රෝග]]
[[ප්‍රවර්ගය:රෝග]]
 
{{stub}}
"https://si.wikipedia.org/wiki/දියවැඩියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි