"දේවානම්පිය තිස්ස රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
43 පේළිය:
| place of burial =
}}
 
 
 
මුලින් තිස්ස රජ නමින් රජවූ මෙතුමා පසුව '''දේවානම්පිය තිස්ස''' නමින් දෙවනවරට රාජාභිෂේකය ලැබීය. (307 BC - 267 BC). දේවානම්පියතිස්ස රජු අනුරාධපුරය මුලස්ථානය කරගෙන රජ කළ පැරණි රජවරුන්ගෙන් කෙනෙකි. ඔහුගේ රාජ්‍ය කාලය වැදගත් වන‍්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව එම පාලන සමය තුළ ලංකාවට බුද්ධාගම පැමිණීම හේතුවෙනි. ඔහුගේ රාජ්‍ය කාලය ගැන මුල්ම තොරතුරු ලැබෙන්නේ මහාවංශයෙනි. එය ඊට වඩා පැරණි දීපවංශය මුලාශ්‍රය කොට ගත්තකි.
 
Line 55 ⟶ 52:
== දේවානම්පිය තිස්ස රජ ලෙස පාලන සමය සහ බුද්ධාගම වැලඳගැනීම ==
මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයා සමග පෙර සිට තිබුණු මිත්‍රත්වය මහාවංශය විස්තර කරයි. එහි 19 වන පරිච්ඡේදයේ මෙසේ කියයි. ‘දේවානම්පියතිස්ස හා ධම්මාශෝක එකිනෙකා නොදැක සිටියේ වුවද රාජ්‍යයන් දෙක අතර බොහෝ කලක සිට මිත්‍රත්වයක් පැවතියේය’. ධම්මාශෝක නම අශෝක හැදින්වීමට විකල්ප වශයෙන් භාවිතා කරන ලදී. තිස්ස අශෝක අධිරාජ්‍යයා වෙත තෑගි බෝග යැවීම මහාවංශය තවදුරටත් විස්තර කරයි. ඒවාට අශෝක අධිරාජ්‍යයා පෙරළා තෑගි බෝග එව්වා පමණක් නොව ඔහු බුද්ධාගම වැළද ගත් බවත් එසේ කරන ලෙස තිස්සට ආයාචනා කරන බවත් පිළිතුරු වශයෙන් දන්වා එවීය. තිස්ස රජු මෞර්ය සම්ප්‍රදායට අනුගතව දෙවියන්ට ප්‍රිය යන අර්ධයෙන් යුත් ‘දේවානම්පිය’ නැමැති කොටස තම නමට එක්කර '''දේවානම්පිය තිස්ස රජ''' අලංකාර මෞලි සංගල්‍යයක් පවත්වා තමන් පුජනීය රජ කෙනෙකු ලෙස ප්‍රකාශ කළේය.
 
 
 
[[Image:Mihintale-vista3.jpg|right|thumb|250px|මිහින්තලය - දේවානම්පියතිස්ස රජු බුද්ධාගම වැළඳ ගත් ඓතිහාසික ස්ථානය]]
"https://si.wikipedia.org/wiki/දේවානම්පිය_තිස්ස_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි