"සැළලිහිණි සන්දේශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
සැළලිහිණි සන්දේශය යනු [[කෝට්ටේ යුගය|කෝට්ටේ යුගයෙහි]] විසූ දීප්තිමත් ම කවියකු සේ ලෙස සැලකෙන ෂඩ්භාෂාපර‍මේශ්වර [[තොටගමුවේ ශ්‍රී රාහුල]] හිමියන් ලියූ [[සන්දේශ කාව්‍ය|සන්දේශ කාව්‍යයකි]].</br>
 
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය [[සන්දේශ කාව්‍ය]] නමින් ‍හැඳින්වේ. දැන‍ට අප අත‍ට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය [[ගම්පොල යුගය|ගම්පොල යු‍ගයේ]] දී ලියැවුණු [[මයුර සන්දේශය|මයුර සන්දේශ]] කාව්‍යය යි. සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ [[කෝට්ටේ යුගය|කෝට්ටේ යුගයෙහි]] දී ය. ඉන් පසු එය [[සීතාවක යු‍ගය]] ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.</br>
 
රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ [[සවන පැරකුම්බා]] රජුගේ කණිටු දියණියන් වන [[ලෝකනාථා|ලෝකනාථා හෙවත් උලකුඩය]] දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස [[කැලණිය|කැලණියේ]] [[විභීෂණ]] දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.</br>
 
මෙය ‍පද්‍ය [[111]] කින් සමන්විත, නවමු අදහස්, උපමා, අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත් සන්දේශ කාව්‍යය‍කි. එහෙයින් සැළලිහිණි සන්දේශයට [[සිංහල]] [[සාහිත්‍යයේ]] හිමි වන්නේ උසස් තැනකි.
 
මෙය ‍පද්‍ය [[111]] කින් සමන්විත, නවමු අදහස්, උපමා, අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත් සන්දේශ කාව්‍යය‍කි. එහෙයින් සැළලිහිණි සන්දේශයට [[සිංහල]] [[සාහිත්‍යයේ]] හිමි වන්නේ උසස් තැනකි.
 
== බාහිර සබැඳුම් ==
"https://si.wikipedia.org/wiki/සැළලිහිණි_සන්දේශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි