"විපස්සනාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'විපස්සනාව යනු සිතේ හෝ ශරීරයේ වෙනස්වන ස්වභාවය හ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
'''විපස්සනාව''' යනු සිතේ හෝ ශරීරයේ වෙනස්වන ස්වභාවය හෙවත් අනිත්‍ය නුවණින් මෙනෙහි කිරීමයි. විපස්සනා භාවනාව ඉන්දියාවේ පැරණිතම භාවනා ක්‍රමයක් වන අතර එය නැවත හඳුන්වා දෙන ලද්දේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අවු. 2500 කට වඩා අතීතයේදීය. එය ආත්ම නිරීක්ෂණය හා ආත්ම පරීක්ෂාව මඟින් ආත්ම පරිණාමය සිදු කරන ක්‍රමයකි. එය සිත හා කය අතර අන්තර් සම්බඳතාවය ඇති කිරීම මඟින් කායික සංවේදනය පිළිබඳ හික්මවීම ඇති වේ. මෙම භාවනා ක්‍රමය බෞද්ධ අබෞද්ධ බොහොදෙනෙක් භාවිතා කරන අතර විදර්ශනා භාවනාව නම් වේ. එය බුදුරජාණන් වහන්සේ විසින් උගන්වන ලද ‍බෞද්ධ භාවනා ක්‍රමයක් වුව ද, එය නිකායවාදි නොවන විශ්ව යෙදුමක් වේ. යමෙකුට විදර්ශනා භාවනාව වැඩීම සඳහා බෞද්ධාගම වැළඳ ගැනීම අත්‍යවශ්‍ය නොවේ. විපස්සනා භාවනාව වැඩීමේ ක්‍රමය නිකායෙන් නිකායට වෙනස් වුව ද, සියළුම ක්‍රමවල මුලික පදනම වන්නේ සතර සතිපට්ඨානය නමින් හඳුන්වන කය (සිරුර හෝ හුස්ම), වේදනා (ස්පර්ශය හෝ දැනීම), චිත්ත (සිත), හා ධම්ම ( සිතේ පවතින අදහස) යන කරුණු සතරයි. මෙම කරුණු සංස්කාර වලින් වෙනස් වන අතර එයට හේතුව චිත්ත සංස්කාර වලට අයත් නොවීමයි. චිත්ත නාමරූපයේ පදනම වන අතර, කර්මය ඇති වීමට හේතුවන කරුණු හටගන්නේ ධම්ම කරුණෙනි.
 
විපස්සනා භාවනාව බුදුදහමේ ප්‍රධාන භාවනා ක්‍රම දෙක වන සමථ හා විපස්සනා භාවනා ක්‍රම දෙකෙන් එකකි. සමථ භාවනාවෙන් සිත සන්සුන් කරන භාවනාවක් වන අතර, එය යෝගා වැනි ලෝකයේ වෙනත් භාවනා ක්‍රම වලට සමාන වේ. එය මඟින් සිත සන්සුන කර සිත විනිවිද දැකිම සඳහා අවශ්‍ය සිත එකඟ කර ගැනීමේ හැකියාව ලබා දේ. සමථ භාවනාවෙන් සිත සන්සුන් කළ හැකි වුවද සිතේ ස්වභාවය පැහැදිලිව අවබෝධ කර ගත හැක්කේ විදර්ශනා භාවනාවෙනි. එයින් ප්‍රඥාවට ද, ඉන් පසුව ඥානයට ද සිත යොමු වීමෙන් සිත නැවත කැළඹිම වලක්වා ගත හැක.
"https://si.wikipedia.org/wiki/විපස්සනාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි