"විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
367 පේළිය:
::මම '''සිංහලවැප්ට''' වඩා පැරැණියි. මම කියන්නේ මේකයි. රත්තරන් වලින් හදපු පිහියක් තිබෙනවා නම්, ඒක රත්තරන් කියලා නොකැපී තියෙන්නේ නැහැ, කැපුනට පස්සේ වන හානියෙ අඩුවකුත් නැහැ. ඒ වගේ වැඩ කරන පරිශීලකයෙක් කියල ඔහුව විවේචනය නොකර ඉන්නද කිනේනේ? ඔහුගේ වැරැදි ගතිගුණ (මට පේන විදිහට) හද‍ගෙත්තාම ඔහු ‍ බොහෝ ප්‍රයෝජනවත් පරිශීලකයෙක් වෙයි. අනෙක, අනුන්ට ඕන නිසාවත් අනුන් අවලාද නැගූ නිසාවත් මම නම් විකිපීඩියාව (හෝ මම කරන ඕනෑම දෙයක්) දාලා යන්නේ නැහැ. කෙනෙක්ව රිදවන්න පුළුවන් කියන කතාව මම පිළිගන්නේ නැහැ. තමන් විසින් තමන්ව රිදවගත්තොත් මිස අනුන් විසින් ඔබව රිදවන්නේ කෙසේද? සියල්ලටම වබා ප්‍රමුඛ වන්නේ තමන්ගේ මනස හා ඉන් ජනිත වන සිතුවිල්ල; එය පාලනය කරන්නේ තමන් මිස අනුන් නොවේ. මේකත් මට හිතෙන විදිහ. -- [[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 04:08, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)
:::ඒක නම් හරි. ඔබ නියම විකිපීඩියානුවෙක් Srimalpunchi, ඒකයි ඔබ මොනාවුනත් මේක දාලා යන්නේ නැත්තේ. ඒ ගැන නම් කියලා වැඩක් නෑ. ඔබ බොහෝම පැරණියි කියලා මම දන්නවා. හී හී... මම කියන්නේ නරක විතරක් විවේචනය මදි කියලා. හොඳත් කතා වෙන්න ඕනෑ. දැන් බලන්න මේකේ කීයෙන් කීදෙනාද හොඳ වැඩක් කලාම නියමයි, එල, මරු.. වගේ වචනයක්වත් කියන්නේ. ඉතින් අපි දෙකම කරමු. අලුත් පරණ කියලා වෙනසක් නෑ, හොඳ වැඩක් නම් අගය කරන්න ඕනෑ. නරක නම් එපා කියලා හදා ගන්න ඕනෑ නේද? --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 05:14, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)
:::::ඔබ නියම අනුශාසක/උපදේශක වරයෙක්. ඔබ විශ්වවිද්‍යාලයක සිටියා නම් ගැටුම් සමථය කරන්නෙක් වෙන්න ඇති. හොඳයි..මගේ වුනත් වැරැදි තියෙන්න පුළුවන්. ඒවා හදා ගන්න පුළුවන් මටම විතරයි. ඔබ උපදෙස් දුන් විදිහට මම වෙනස් වෙන්න උත්සාහ කරන්නම්. මම කිසිකෙනෙක් ව නැති තැන විවේචනය කරන්නේ නැහැ. මොකද එයාට තමන්ව රැකවල් කරගන්න විදිහක් නැති වන නිසා. මූණට අගය කිරීමත් ඒ වගේම කියලා මම අහල තියෙනවා. ඔයාව අගය කරලා කවුරු හරි කතා කරොත් ඔයාගේ ප්‍රතිචාරය මොකද්ද? අනේ පිස්සුද මම ඒ තරම් අගේ කරන්න යුතු නැහැ කියන එකද? මොකුත් නොකිය අගය කිරීම පිළිගන්න එකද? තව ටිකක් අගය කිරීම වැඩි කර ගන්න එකද? ‍කොහොම වුවත් මේ වගේ අවස්ථාවකදී අගය කරනු ලබන්නා අමාරුවෙ වැටෙන බවයි මම අහල තියෙන්නේ. කොහොම වුවත් නවීන සමාජය හා ඊනියා කළමණාකාරිත්ව මූල ධර්ම වලින් සමාජය මෙහෙයවලා තිවෙන්නේ මෙහෙම අගය කිරීම් බලාපොරොත්තු වෙන විදහට. කමක් නැහැ වෙනස් වෙලා බලන්නම්. තුති. ---[[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 05:37, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(තාක්ෂණික)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි