විදිලිය දැනැවුමේ දී, දනවනයක්[1] හෙවත් උත්පාදක යන්ත්‍රයක් යනු බැහැරි සැරියකැ යොදාගනුව සලයුරු බලය (යතකුරු ඔදය) හෝ දැවි-පදනම් බලය (රසායනික ඔදය) හෝ විදිලි බලය බවට පිරිවටනා අටව්වකි. යතකුරු ඔද ප්‍රභව අතර දියදුම් තලබමන, ගෑසි තලබමන, දිය තලබමන, අබතුරු දැවුම් ඇන්ජින්, සුළං තලබමන මෙන් මැ අත්-දොඹකර පවා වේ. පළමු විදු-යකැති දනවනය වූ ෆැරඩේ තැටිය 1831 දී බිරිතානි සොයුනනු[2]මයිකල් ෆැරඩේ විසින් නිමැවිණි. දනවන විදිලි බල කොටුමා සඳහා ඇවැසි සියලු මැ බලය පාහේ සපයයි.

නවීන දියදුම් තලබමන දනවනයකැ (දිතද) එක්සත් රජයු නැබියුරු නියාමන කමිසු සේයාරුවක්.

විදිලිය (ප්‍රතිදානය) දනවනුව, විදු-යතකුරු සැකැසුම්වලට අමතැරි වැ, ප්‍රකාශ වෝල්තතා හා දැවි සැල්-බලගැන්වු දනවන හා සඳහා පිළිවෙළින් රිවි ඔද හා දලදනු-පදනම් දැවි හා ගැනෙයි.

විදිලි ඔද යතකුරු ඔද බවට ආපිට පිරිවැටුම විදිලි බමවනයකින් කෙරෙන අතර බමවන හා දනවන හා අතර සමානකම් බෙහෙවි. විදිලිය දැනැවුමට බොහෝ බමවන යතකුරු වැ දිවැවියැ හැකි; බොහෝ විටැ, පිළිගත හැකි අත්කුරු (මැනුවල්) දනවන තැනෙයි.

පාරිභාෂිතය

සංස්කරණය
 
බෙල්ජියමේ බටහිරි පැලැන්දසරයේ ස්වෙවෙගෙමෙහි මුල්-කැලි ගෑන්ස් දනවනයක්

විදු-යකැති දනවන, ඩයිනමෝ හා ප්‍රත්‍යාවර්තක හා යන පුළුල් දෙ ගණයෙන් එකකට වැටේ.

යතකුරු වැ, දනවනයක් යකැති සැරියක් සාදන බෙමෙන කොටසකිනුදු නිසල කොටසකිනුදු යුතුයි:

  • බමනය: විදිලි යතකැ බෙමෙන කඩ.
  • ස්ථායීකය: විදිලි යතකැ බමනය වටා ඇති නිසල කඩ.

මේ කොටස් වලින් එකක් කාන්දම් පිටියක් දනවයි. අනෙකෙහි වෙනස්වන පිටිය මඟින් විදිලි දහරක් අනුදනවන තත් එතුමක් වෙයි:

පිටි එතුම හෝ පිටි (නිති) යකත්: විදිලි යතකැ කාන්දම් පිටි-නිපයන කොටසයි. ඩයිනමෝවේ හෝ ප්‍රත්‍යාවර්තකයේ හෝ කාන්දම් පිටිය, පිටි දරණයන් ලෙස හැඳින්වෙන තත් එතුම් හෝ නිති යකත් හෝ මඟින් ලබා-දියැ හැකි. විදිලි-පෙබැයු දනවනවලැ පිටි හැමුම [flux - මැමුම?] නිපයනුව පෙබැයුම් සැටියක් වෙයි. නිති යකත් යෙදෙන දනවනයක් ඇතැම් විටැ මැග්නෙටෝවක් හෝ නිති යකත් සම-මුහුර්ත දනවනයක් හෝ ලෙස හැඳින්වේ.

ආමේචරය: විදිලි යතකැ බල-නිපයන කොටසයි. දනවනයකැ, ප්‍රත්‍යාවර්තකයකැ හෝ ඩයිනමෝවකැ හෝ, ආමේචර එතුම් මඟින් බැහැරි සැරියකට බලය ලබා-දෙන විදිලි දහර දනවයි.

ආමේචරය බමනය හෝ ස්ථායීකය හෝ සමඟ වන අතර නිමැවුම අනුවැ අනෙක් කොටසේ පිටි දරණය හෝ යකත හෝ සමඟ වියැ හැකියි.

චුම්භකත්වය හා විදිලිය හා අතර ඇවිණිය සොයාගැන්මට පෙරැ, විදු-නිසල දනවන නිමැවිණි. වැඩි ඉඳැති විදු-දොරුවකට සුවැසිරි[3] දරාගිය විදිලි-සුවැසිරු[4] දුවන පටි, තහඩු හා තැටි හා යොදාගැන්මෙන් ඒවා මෙහෙයැවුණේ විදු-නිසල මූලධර්ම මතයි. සුවැසිරිය දැනැවුණේ විදු-නිසල අනුදැනැවුම හෝ පිළිලුම් විදිලි (ට්‍රයිබෝ විද්‍යුත්) ආචරණය හෝ යන දෙ යාන්ත්‍රණයෙන් එකක් ගැන්මෙනි. එ වන් දනවන ඉවැඩි වෝල්තතාවක් හා අඩු දහරක් හා දනවයි. ඒවායේ වූ නුසුරුව ද ඉවැඩි වෝල්තතා දනවන යත් වෙනුරුමෙහි වූ දුකරතාව ද නිසා, විදු-නිසල දනවනවලට අඩු බල ශ්‍රේණිගත කිරීම් තුබූ අතර, වෙළෙඳමය වැ සැලකියැ යුතු පමණකැ විදිලි බලයක් දනවනුව කැලමැ නොගැනිණි. ඒවායේ එකම කම්හුරු[5] යොදාගැනුම් වූයේ මුල් එක්ස්-රේ බට හා පසු වැ ඇතැම් පරමාණුක අංශු ත්වරක හා බලගැන්වුමයි.

ෆැරඩේ තැටි දනවනය

සංස්කරණය
 
ෆැරඩේ තැටිය පළමු විදිලි දනවනය වියැ. ලාඩම් හැඩැති යකතෙන් (A) තැටිය (D) හරහා කාන්දම් පිටියක් මැවිණි. තැටිය කැරැකැවුව, මෙය හරි මැදැ සිටැ දාරය දෙසට අරයැලි වැ පිටතට විදිලි දහරක් අනුදැනැවී. දහර පිටතට සැලැදි දුනු ගටනය (m)[6] හරහා ද බැහැරි සැරිය ඔස්සේ ද අක්ෂය හරහා ආපසු තැටියේ හරි මැදැට ද දැහැරී.

විදු-යකැති දනවනවලැ මෙහෙයුම් නය 1831-1832 වසරහි දී මයිකල් ෆැරඩේ විසින් නිමැවිණි. පසු වැ ෆැරඩේ නිය සේ හැඳින්වූණු මේ නය වනාහි, වෙනස් වන යකැති හැමුමක්[මැමුමක්?] වටා ඇති විදිලි පිරියවනයකැ[7] විදු-යැවි වැරක් දැනැවෙනනේ යැ යනු යි.

ජෙඩ්ලික් හා සිය-පෙබැයුම් සංසිද්ධිය

සංස්කරණය

ෆැරඩේගෙන් ස්වාධීන වැ, අන්යෝස් ජෙඩ්ලික් 1827 දී විදු-යකැති බෙමෙන අටවු සමඟ අත්හදා බැලීම් ඇරැඹූ අතර හේ එවා විදු-යකැති සිය-බමන සේ හැඳින්වී. තනි-ධ‍්‍රැව විදිලි පටනයේ මූලාකෘතියෙහි (1852 හා 1854 හා අතර නිමහම් දැකි) නිසල හා බෙමෙන හා දෙ කඩ මැ විදු-යකැති වියැ. එය නිති-යකත් නිමැවුම්හි තැනැ ගත්,  ඩයිනමෝ සිය-පෙබැයුම් නය සොයා ගැන්ම ද වියැ. හේ ඩයිනමෝ සංකල්පය ද 1861 දී (සීමන්ස් හා වීට්ස්ටෝන් ට පෙරැ) සකසා තිබුණේ වියැ හැකි නමුදු මෙය වටහා-ගත් පළමු තැනැත්තේ තමා නො වෙතී සිතූයෙන් ඒට පේටන්ට් වරයක් ලබා නො ගති.[8]

එපැති දහර දනවන

සංස්කරණය
 
ඉපොලිට් පික්සිගේ ඩයිනමෝව. කොමියුටේටරය, කැරැකෙන යකතට පහළින්, දඬුවෙහි පිහිටා ඇති.
 
මෙ පුවළ පටි-දිවැවු වැඩි-දහර ඩයිනමෝව වෝල්ත 7කැ දී ඇම්පියර 310ක් නිපැයී. අදිබල යෙදැවුම් සඳහා වුව මනා කොමියුටේටරයේ පමණ හා ගැටමුසු බව හා නිසා ඩයිනමෝ තවදුරටත් යොදා නො ගැනේ.

කාන්දම් පිටියකැ බෙමෙන තත් දරණයක් එක් එක් 180° බැමුමක් සමඟ ගලන අත (පැත්ත) මාරුවෙන දහරක් එනම් දෙපැති දහරක් (ඒ.සී.) නිපයයි. කෙසේ වතදු බොහෝ මුල්-කැලි විදිලි භාවිතයනට එපැති දහරක් (ඩී.සී.) ඕනෑ වියැ. ඩයිනමෝ සේ හැඳින්වෙන පළමු කම්හුරු විදිලි දනවනයන්හි, ආමේචර දඬුව මත බෙමෙන වහරු ගටන කට්ටලයක් වූ කොමියුටේටරයකින් දෙ.ද. (ඒ.සී.) එ.ද. (ඩී.සී.) බවට පිරිවැටිණි. කොමියුටේටරය දඬුවේ සෑම 180° බැමුමකැ දී මැ සැරියට ඇති ආමේචර එතුමේ ඇවිණිය ආපසු හැරැවූයේ ගැසි එ.ද. දහරක් මවමිනි. පළමු ඩයිනමෝ වලින් එකක් 1832 දී ඉපොලිට් පික්සි විසින් තැනිණි.

සමමුහුර්ත දනවන (දෙපැති දහර දනවන)

සංස්කරණය
 
ෆෙරන්ති දෙපැති දහර දනවනය, c. 1900.

සොයාගැනුම් නෑවැලක් හරහා ඩයිනමෝවට පසු වෙසෙසින් මැ දෙපැති දහරක් දැනැවියැ හැකි දෙ.ද. (ඒ.සී.) ප්‍රත්‍යාවර්තකය වැනි බොහෝ පසු-කැලි නිමැවුම් පැමිණියේ යි. එය පොදුවේ සමමුහුර්ත දනවන (එස්.ජී.) සේ හැඳින්වේ. සමමුහුර්ත යත් ඉඳුරා මැ කොටුමාවට ඇවිණෙන අතර ඇරැඹුමේ දී නිසි සේ සමමුහුර්ත කළ යුතුයි. [9] එ මතු නො වැ, බල සැටියේ ස්ථායීතාවය හුවනුව වෙසෙසි පාලනයකින් යුතු වැ ඒවා පෙබැයේ. [10]

 
1900 ගණන්හි මුල් 75 kVA සෘජු-දිවැයු බල පොළ දෙ.ද. (ඒ.සී.) ප්‍රත්‍යාවර්තකය, වෙන මැ පටි-දිවි පොබයු දනවනයක් හා.

1891න් පසු, බහුවිධ අදියරයන්හි දහර සපයනුව නෙ-කලා ප්‍රත්‍යාවර්තක හඳුන්වා දෙවිණි. [11] පසු-කැලි වැ ප්‍රත්‍යාවර්තක හර්ට්ස් දහසය හා සියය පමණ හා අතර වෙනස්වන දෙපැති-දහර නිතැරියා සඳහා ද සැව් එළියනය, තැවිදිළි එළියනය හා විදිලි බමවන හා සමඟ යොදාගනුව ද නිමැවිණි. [12]

සිය-පෙබැයුම

සංස්කරණය

මහ පරිමාණයේ බල දැනැවුමෙහි ඇවැසියාවන් වැඩි වත, නව ඉම්කුරක් පැනැනැඟිණි: නිති යකත් වලින් ලබාගත හැකි කාන්දම් පිටි. දනවන මගින් දැනැවි බෙලෙන් කුඩා පමණක් විදු-යකැති පිටි දරණයකට දිහැරැවීමෙන්[13] දනවනයට සැලකියැ යුතු සේ වැඩි බලයක් නිපැයියැ හැකි වී. මෙ සංකල්පය සිය-පෙබැයුම සේ නම් කෙරිණි.

වෙසෙසි දනවන පන්න

සංස්කරණය

එපැති දහර (එද)

සංස්කරණය

ඩයිනමෝවක් එපැති දහරක් නිපයනුව කොමියුටේටර ගනියි. එය සිය-පෙබැයු වේ. එනම් යතේ මැ ප්‍රතිදානයෙන් එහි පිටියුරු විදු-යකත් බලගැන්වේ. වෙනත් පන්නයන්හි එ.ද. (ඩී.සී.) දනවන එවායේ පිටි යකත් ඔදගන්වනුව වෙන මැ එපැති දහර ප්‍රභවයක් ගනියි.

හෝමෝපෝලර් දනවනය

සංස්කරණය

හෝමෝපෝලර් දනවනයක් යනු ඒකාකාරී නිසල කාන්දම් පිටියකට ලඹයුරු තලයකැ බෙමෙන විදිලි-පිරියැවුම් තැටියකින් හෝ වට කඳකින් හෝ යුතු එ-පැති දහර (ඩී.සී.) විදිලි දනවනයකි. තැටියේ හරි මැද හා දාරය (හෝ වට කඳෙහි කෙළවරයන්හි) හා අතරැ ඉඳැති වෙනසක් මැවේ. විදිලි ධ්‍රැවීයතාව බෙමෙන අත හා පිටියේ දිශානතිය හා අනුවැ වේ.

යකැති-දිය-ගතික දනවනය (මැග්නටෝහයිඩ්‍රොඩයිනමික් (එම්.එච්.ඩී.) ජෙනරේටරය)

සංස්කරණය

යකැති-දිය-ගතික (ය.දි.ග.) දනවනයක් බෙමෙන විදු-යකැති යතයුරු යොදාගැන්මකින් තොර වැ කාන්දම් පිටියක් හරහා උණුසුම් ගෑසි යැවීමෙන් කෙළින් මැ විදිලි බලය ලබා ගනී. ය.දි.ග. (එම්.එච්.ඩී.) දනවන මුලින් දිවැඩැවී ඇත්තේ, ප්ලාස්මා ය.දි.ග. දනවනකැ ප්‍රතිදානය දියදුම් බල පිළියතකැ පස්වන හොඳින් රත් කළ හැකි දල්ලක් වන බැවිනි. පළමු කම්හුරු සැකැස්ම AVCO Mk. 25, 1965 දී දිවැඩිණි. එක්සත් රජයු ආණ්ඩුව සැලැකියැ යුතු දිවැඩුමකට අරමුදල් සැපැයූ අතර, එය 1987 දී මෙගාවොත 25 ක ආදර්ශන පිළියතකින් කුළුගැන්විණි. ය.දි.ග. (එම්.එච්.ඩී.) යූ 25 පිළියත 1972 සිටැ 1980 ගණන්හි අග හරිය දක්වා සෝවියට් සංගමයෙහි මොස්කව් බල සැටියේ මෙ.වො. 25ක ශ්‍රේණිගත කිරීමකින් යුතු වැ නිති උපයෝගිතා මෙහෙයුමේ පැවති අතර එය එවකට ලොවැ පුවළතම ය.දි.ග. පිළියත් ශ්‍රේණිගත කිරීම වියැ. ටොපිං සකැලියක් සේ මෙහෙයැවුණු ය.දි.ග. දනවන දැනට (2007) සබැඳි සකැලි ගෑසි තලබමනවලට වඩා දුසුරු වේ.

දෙපැති දහර (දෙ.ද) (AC)

සංස්කරණය

අනුදැනැවි දනවනය

සංස්කරණය

ඉදි විදිලි දනවනය

සංස්කරණය

විචල්‍ය-වේ නියත-නිතැරියා දනවනය

සංස්කරණය

පොදු යොදාගැනීම්

සංස්කරණය
 
දකුණු අප්‍රිකාවේ කේප් ටවුමේ ඇත්ලෝන් බල පොළ
 
ස්ලෝවාකියාවේ ගැබිචිකෝවෝ (Gabčíkovo) වේල්ලේ දිය විදිලි බල පොළ
 
ඇරිසෝනාවේ ග්ලෙන් කැනියොන් වේල්ලේ දිය විදිලි බල පොළ

බල පොළක්, බල පිළියතයක් හෝ බලගරක් හෝ ලෙස දු ඇතැම් විටැ දැනැවුම් පොළක් හෝ දැනැවුම් පිළියතයක් හෝ ලෙස දු හැඳින්වෙනුයේ විදිලි බල දැනැවුම සඳහා වන කම්යුරු පහසුකමකි. බොහෝ බල පොළවල්, යතකුරු බලය තෙ-කලා විදිලි බලය බවට පිරිවටනා බෙමෙන යත් වන දනවන එකකින් හෝ කිහිපයකින් හෝ යුතු වේ. කාන්දම් පිටියක් හා පිරියවනයක් හා අතර බැඳි සැලුමක් (සාපේක්ෂ චලිතයක්) විදිලි දහරක් මවයි. දනවනය දිවැවීමට ගැනෙනා ඔද ප්‍රභවය පුළුල් සේ වෙනස් වේ. ලොවැ බොහෝ බලපොළ විදිලිය දනවනුව ගල් අඟුරු, තෙල්, සහදා ගෑසිපොසිලි දැවි පුලුස්සයි. පිරිසුදු ප්‍රභවයන් අතර නැබියුරු බලය හා වැඩි වැඩියෙන් රිවි, සුළං, රැළි, දිය විදිලි ඈ පුනදැනැවුම් දෑ ගැන්ම වේ.

රිය දනවන

සංස්කරණය
 
ජංගම විදිලි දනවනය

බමවන රියවලට ඒවායේ උවාරණ බලගන්වනුව ද එන්ජිම ක්‍රියාත්මක කර තබා ගනුව මැ ද ඒවායේ බඳන[?] (බැටැරි) නැවැත සුවසුරනුව ද විදිලි ඔද වුව මනා වෙයි. 1960 දසවස පමණ වන තුරු මැ බමවන රිය විදු-යතකුරු හසුරුවන සහිත එ.ද. (ඩී.සී.) දනවන (ඩයිනමෝ) යොදාගැන්මට නැඹුරු වියැ. ඉහත ඓතිහාසික ප්‍රවණතාවය අනුයමින් හා එ වන් වෙනත් බොහෝ හේතු නිසා, මේවා දැන් බිල්ට්-ඉන් සරිලු සැරි සහිත ප්‍රත්‍යාවර්තක මගින් ප්‍රතිස්ථාපනය කර ඇති.

පාපැදි

සංස්කරණය

රුවල් බෝට්ටු

සංස්කරණය

විනෝද වාහන

සංස්කරණය

විදිලි ස්කූටර්

සංස්කරණය

ජෙන්සෙට්

සංස්කරණය

එන්ජින් දනවනයක් යනු විදිලි දනවනයක් හා එන්ජිමක් (ප්‍රයිම් මුවර්) හා එකට සවිකැරැ තනි සිය-අන්තර්ගත උවාරණයක් සෑදීමයි. ගැනෙන එන්ජින් සැමැනියෙන් පිස්ටන් එන්ජින් වන නමුදු ගෑසි තලබමන ද ගත හැකි අතර දෙ-දැවි එකු ලෙස හැඳින්වෙන දෙමුහුන් දිසිතෙල්-ගෑසි එකු පවා වෙයි. ඉතා කුඩා සරහුරු පිරිතෙල්-බලගැන්වු කට්ටලවල සිටැ පුවළ තලබමන පිහිටැවුම් දක්වා නොයෙක් එන්ජින්-දනවනවලැ නන් සරූප තිබේ. එන්ජින් දනවනවලැ පළමුවැරි අදිවාසිය වන්නේ එකුවලට පිටුබල-බල-විසැඳුම් ලෙස සේවය කිරීමට ඉඩහරිමින් සියත් වැ විදිලිය සැපයීමේ හැකියාවයි.[14]

මිනිස්-බලගැන්වු විදිලි දනවන

සංස්කරණය

දනවනයක් මිනිස් මස් පිඬු බෙලෙන් ද දිවැවියැ හැකි. (නිදසුනකට, පිටියුරු රෙදෙව් පොළ උවාරණයන්හි)[15]

 
ඔක්යුපයි වෝල් ස්ට්රීට් විරුදුතාකරුවන් තම විදුරොනුවාරණ සඳහා බඳන[?] (බැටැරි) සුවසුරනුව බමවනයකට ඇවිණි පාපැදි හා එක්-මං දෙ-දොරු (දියෝඩ) හා ගනිමින්. [16]

යතකුරු මිනුම්

සංස්කරණය

සම සැරිය

සංස්කරණය
 
දනවනයේ හා බැරයේ සම සැරිය. G, දනවනය VG, දනවන ඇරි-සැරි වෝල්තතාව RG, දනවන තුළු රොදය VL, දනවන බැර-පිට වෝල්තතාව RL, බැර රොදය

දනවනයකැ හා බැරකැ හා සම සැරියක් රූ සටහනෙහි දැක්වේ. දනවනය පරමාදර්ශී වෝල්තතා ප්‍රභවයකින් හා තුළු ගැහැටකින් හා යුතු වියුක්ත දනවනයකින් දැක්වේ. දනවනයේ   සහ   පරාමිතීන් එතුම් රොදය (මෙහෙයුම් උණුයුරුවට නිවැරදි කැරුණු) මැනීමෙන් ද දෙන ලද දහර බැරක් සඳහා ඇරි-සැරිය හා බැරලු[?] (ලෝඩඩ්) වෝල්තතාව හා මැනීමෙන් ද නිනැවියැ හැකි.

  1. ^ Also called electric generator, electrical generator, and electromagnetic generator.
  2. ^ සොයුන + අනු (අනුමානයෙන් යෙදුවෙකි) > සොයුනනු - scientist
  3. ^ සුවසුරනය - charger (device), සුවැසිරිය - charge (property), සුවිසුරයි - discharges (verb) (එඩිය සඟරාව) ; [charg(verb) - store electrical energy in (a battery or battery-operated device)], සු+අසුරයි > සුවසුරයි - charges (verb)
  4. ^ Electrically charged
  5. ^ Practical
  6. ^ Sliding spring contact
  7. ^ පිරියවයි - conducts (verb), පිරියවනය - Conductor (material or device) (එඩිය සඟරාව)
  8. ^ Augustus Heller (2 April 1896), "Anianus Jedlik", Nature (Norman Lockyer) 53 (1379): 516, , , https://books.google.com/books?id=nWojdmTmch0C&q=jedlik+dynamo+1827&pg=PA516 
  9. ^ Schaefer, Richard C. (Jan–Feb 2017). "Art of Generator Synchronizing". IEEE Transactions on Industry Applications (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 53 (1): 751–757. doi:10.1109/tia.2016.2602215. ISSN 0093-9994.
  10. ^ Basler, Michael J.; Schaefer, Richard C. (2008). "Understanding Power-System Stability". IEEE Transactions on Industry Applications (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 44 (2): 463–474. doi:10.1109/tia.2008.916726. ISSN 0093-9994.
  11. ^ Thompson, Sylvanus P., Dynamo-Electric Machinery. pp. 17
  12. ^ Thompson, Sylvanus P., Dynamo-Electric Machinery. pp. 16
  13. ^ අදි + හරවයි > අදිහරවයි > (පෙර සර ලොපයෙන්) දිහරවයි (කිරිය) - Divert(verb)
  14. ^ "Hurricane Preparedness: Protection Provided by Power Generators | Power On with Mark Lum". Wpowerproducts.com. 10 May 2011. සම්ප්‍රවේශය 2012-08-24.
  15. ^ රෙදෙවනුයේ > රෙදෙව්ව - Radio (apparatus), කුමරතුඟු සමරුවක් පවත්වන්නේ ඇයි? (ඊලියන් ද සිල්වා-සිළුමිණ); අර+දෙවයි (අරය දිගේ පැතිරැවීම) > අරදෙවයි > (පෙර සර ලොපයෙන්) රදෙවයි > (පසු සර හා සැමැයීමෙන්) රෙදෙවයි (කිරිය) - Radio (verb)
  16. ^ With Generators Gone, Wall Street Protesters Try Bicycle Power, Colin Moynihan, New York Times, 30 October 2011; accessed 2 November 2011

මේකත් බලන්නැ

සංස්කරණය

යොමු කිරීම්

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=විදිලි_දනවනය&oldid=674304" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි