ඝර්ෂණ විද්‍යුත් ආචරණය

ඝර්ෂණ විද්‍යුත් ආචරණය (ඝර්ෂණ විද්‍යුත් ආරෝපණය ලෙසින්ද හැඳින්වේ) යනු තවත් වෙනස් ද්‍රව්‍යයක් හා ස්පර්ශ වී ඉන්පසු එම ස්පර්ශයෙන් මිදුණු පසු (ඇතිල්ලීම වැනි) සමහරක් ද්‍රව්‍යයන් විද්‍යුත්මය ලෙසින් ආරෝපණය වීමේ ස්පර්ශ විද්‍යුතන ක්‍රමවේදයකි. ලොම් වලින් වීදුරු පිරිමැදීමෙන් හෝ පනාවකින් හිසකෙස් පීරීමෙන් හෝ ඝර්ෂණ විද්‍යුතය ගොඩනැගිය හැක. බොහෝ එදිනෙදා ස්ථිති විද්‍යුතය ජනිතයන් ඝර්ෂණ විද්‍යුත්මය වෙයි.භාවිතා වන ද්‍රව්‍යයන්, පෘෂ්ඨීය රළු භාවය, උෂ්ණත්වය, වික්‍රියාව හා අනෙකුත් ගුණාංග අනුව, නිපැයෙන ආරෝපණයන්ගේ ධ්‍රැවීයතාව සහ ප්‍රබලතාවය වෙනස් වෙයි.

එම නිසා මෙය ගැන කලින් අනාවැකි පලකිරීම උගහට වන අතර, පුළුල් සාධාරණීකරණයක් පමණක් සිදු කල හැකිවෙයි. නිදසුනක් වශයෙන් ලොම් වැනි ද්‍රව්‍යයක් හා සමගින් ස්පර්ශ වීම හා ස්පර්ශයෙන් ගිලිහීම (හෝ ඝර්ෂණය) අනුසාරයෙන්, ඇම්බර් විසින් විද්‍යුත් ආරෝපණය උපාර්ජණය කර ගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ඝර්ෂණ_විද්‍යුත්_ආචරණය&oldid=251506" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි