විකිපීඩියා:යෝජිත ඒකාබද්ධයන්

මෙම පිටුව විසින් ලැයිස්තුගත කෙරෙන්නේ, ඒකාබද්ධ ප්‍රවර්ගයන් සහ සැකිලි වලට අතිරේක වශයෙන්, යෝජිත ලිපි ඒකාබද්ධයන් වෙති; එය විසින් ඒකාබද්ධ ක්‍රියාවලියෙහි අනෙකුත් පියවරයන් අතුරින් කිසිවක් ප්‍රතිස්ථාපනය නොකරනු ඇත. මෙහි ලැයිස්තුගත කිරීමට පෙර, ලිපි වල සුදුසු ඒකාබද්ධ ටැගයන් බහාලීමට කාරුණික වන්න.

ප්‍රවර්ග ඒකාබද්ධයන් මෙහි යෝජනා නොකල යුතුය. කරුණාකර විකිපීඩියා: ප්‍රවර්ගයන් සංවාදය සඳහා බඳුන්වීම බලන්න.

සැකිලි ඒකාබද්ධයන් මෙහි යෝජනා නොකල යුතුය. කරුණාකර විකිපීඩියා: සැකිලි සංවාදය සඳහා බඳුන්වීම බලන්න.

ඒකාබද්ධයක් යෝජනා කරන අයුරු සංස්කරණය

ඒකාබද්ධයක් යෝජනා කිරීම පියවර තුනකින් සිදු කල හැක:

  1. සංවාදය සඳහා ස්ථානයක් තනන්න. පිටු අතරින් එකක සංවාද පිටුව (සාකච්ඡා පිටුව ලෙසද හැඳින්වේ) වෙත ගොස් ඒකාබද්ධය සාකච්ඡා කිරීමට ඡේදයක් තනන්න. ඒකාබද්ධය සාකච්ඡා කිරීම සඳහා දැනටමත් සාකච්ඡා පිටුවෙහි සංවාදයක් තිබේ නම් ඔබ හට මෙම පියවර අත්හැරිය හැක. ඡේද නාමය කුමක් හෝ විය හැක, නිදසුනක් ලෙසින් ==පිටු 1 සඳහා යෝජිත ඒකාබද්ධය==.
  2. ඒකාබද්ධ කිරීම සඳහා ඔබ රිසි ලිපි වල මස්තකයෙහි එකාබද්ධ ටැගයන් අතුරින් එකක් බහාලන්න. {{ඒකාබද්ධය}}, {{වෙතින්ඒකාබද්ධ}} සහ{{වෙතට-ඒකාබද්ධ}} යන සැකිලි මහත් ජනප්‍රිය ඒවා වෙති. එක් එක් ටැගයෙහි සංවාදය සබැඳිය, පළමු පියවරෙහි ඔබ තැනූ ඡේදය වෙතට යොමු වන පරිදී සකස් කිරීමට අමතක නොකරන්න – වෙනස් සාකච්ඡා පිටුවල වෙනස් සංවාද දෙකක් පැවතීම වැලැක්වීම මෙහි අරමුණ වෙයි.
  3. යෝජිත ඒකාබද්ධය මතභේදකාරී හෝ සිදුකිරීමට අපහසුතාවයක් දනවන එකක් වේ නම්, #උපකාර හා ප්‍රතිපෝෂණය සඳහා ආයාචනාවන් යටතේ ඇති උපදේශයන් පිළිපැදීම මගින් එම ලැයිස්තුවට එය එක් කරන්න.