විකිපීඩියා:තෝරාගත් සංවත්සර/මාර්තු 6

මාර්තු 6: ඝානා රාජ්‍යයේ විමුක්ති දිනය (1957)

  • 1866 - මහනුවර මහනගර සභාව සඳහා පළමු මැතිවරණය පැවැත්විණි.
  • 1882 - සර්බියා රාජධානිය පිහිටුවන ලැබේ.
  • 1964 - ග්‍රීසියේ අවසන් රජු ලෙස දෙවන කොන්ස්ටන්ටයින් රජු (සේයාරුව) කිරුළු පළඳයි.
  • 2003 - ඇල්ජීරියා රාජ්‍යයේදී ගුවන්යානයක් අනතුරට ලක්වීමෙන් එහි සිටි මගීන් 103 දෙනාගෙන් 102 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
  • 2008 - ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ කේ. සිවනේසන් ඝාතනයට ලක්විය.
  • 2018 - නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් ආරම්භ විය.

    තවත් සිදුවීම්: මාර්තු 5මාර්තු 6මාර්තු 7